එකම තාප්පයෙන් වෙන් වූ ඉඩමක අඹ ගසක අත්තක් තාප්පය පැන මෙහා ඉඩමට විත් එහි හටගත් අඹ ගෙඩි කීපයක පරිහරණ ගැටලූවක් නිසා නයි වෛරයෙන් පසුවූ මේ පවුල් දෙක මතුගම පැත්තේය.
මෙහා ඉඩමේ වූ දේශපාලන බලවතා ප‍්‍රාදේශීය සභාවට දැන්වූයේ තම මිදුලට දික්වූ අත්ත කපා දැමීමට එහා ඉඩමේ අයට නියෝග කරන ලෙසටය. මහ සටනක් කොට අඹ අත්ත කැපීමට තීරණය ආවත් දැඩි වෛරයෙන් පසුවූ දේශපාලන බලවතා තර්ජනාත්මකව කීවේ තම මිදුලට එක අඹ කොළයක් හෝ නොවැටෙන සේ අත්ත කැපිය යුතු බවය.
ගිවිසුම පරිදි අසීරුවෙන් අත්ත කැපුවත් එය ඇද වැටුණේ මිදුලට නොව වහලටය. උළු කැට ද බිඳිණි. වියරු වැටුණ දේශපාලන බලවතා පොලිසියට ගියත් ”ගිවිසුම නං කැඩිල නෑ. මිදුලට මිස වහලට ගහ කපන්න එපා කියල නෑ නේ දැයි” පොලිසිය ඇසූ විට ඔහුට යකා වැහුණලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන්, මටත් මේක කියවනකොටම මතක් වුනේ වැනීසියේ වෙළෙන්දා තමයි. දේශ ගැවුනොත් ඉතින් දෝෂ තමයි. (දී)
කවුද ගහ කැපුවේ? (දී)
නූතන වැනිසියේ වෙළෙන්දා ගේ කතාව... මස් රාත්තලම ඉල්ලා සිටි ෂයිලොක් යුදෙව්වා,මස් රාත්තල මිස එකම ලේ බිදුවක් හෝ නොසලන ලෙස දෙන තීන්දුව අපුරුවට ගැලපෙනවා (දී)
වරුණ, ලේ මුත්‍රා පරීක්ෂා කරන්නයි,කොලොස්ටරෝල් ගැනයි කියවන්නෙ නැතුව මාතෘකවට අදාල දේ පමණක් ලියන්න (දී)
අපෝ මෙහෙමත් 'නසරානි' මිනිස්සු? (දී)
මෙහෙමත් පිස්සු වැඩ? (දී)
මෙහෙමත් මිනිසුන්ට පන්න පන්න ගහන්න ඕන. (අ)
නියම වැඩේ. නොමැරෙන්න ආව මිනිස්සු වගෙයිනෙ. අනික ඔය දේශපාලන බලය ලැබෙන්නෙත් අනුන්ගෙ චන්දෙන් කියලා හිතන්න බැරි මිනිස්සු. බලයට ආවම මුල මතක නැහැ. ඡන්දෙ ගන්නකොට නම් දෙකට නෙමෙයි හතරට වුනත් නැමෙයි. පොලිසියත් නියම රාජකාරිය කරලා තියෙන්නෙ. ඒකෙන්ම හිතාගන්න පුලුවන් දේශපාලඥයන්ගෙ තත්වය. (දී)
ඔය පැත්තේ ඉන්නේ හදට ගල් ගහපු කට්ටියනේ. ඉතින් ඕකත් මහදෙයක් නෙවෙයිනේ? (දී)
හු! හු!! හු!!! (දී)
මම දන්නා කන්තෝරුවකත් ඉන්නවා ඔය වගේම කෙනෙක්. ඔෆිස් එකේ කා එක්ක හරි පොඩි තරහක් ආව ගමන් කරන්නේ එක්කෝ ඒ මිනිහට යු ටියුබ් බලන්න බැරී කරනවා නැත්තම් ඊ මේල් බ්ලොක් කරනවා (දී)
ඇයි අඹ ගහ අයිති කෙනාව දන ගහල තිබ්බේ නැත්තේ? ජීවිත රක්ෂණයක් ගන්න පවුලේ අනෙත් අයගේ අනාගතය වෙනුවෙන්. (දී)
ගොඩක්ම ඔයවගේ පොඩි දේවල්වලට හේතුව මිනුස්සු අතරේ තියෙන්න ඕනේ මිත්‍ර සිලි බව නැතිකම එකට හේතුව අදික ඉර්සියාව හා අදික තණ්හාව වෙන මුකුත් නෙමේ.(අ)
ධර්මසිරි, දණගස්සවන්න නෙමෙයි අඹ ගහේ ගැටගහන්නයි තිබුනේ (නි)
ප්‍රථමයෙන් මා ප්‍රර්ථනා කරන්නේ නයි වෛරයෙන් පසුවූ මේ පවුල් දෙකට සමගියෙන් ජිවත් වෙන්න වාසනාව ලැබේවා කියා, අනිත් කාරණය නම් කොපමණ ධනය තිබුනත් අකරතැබ්බයකදී පිහිට වෙන්නෙ තම අසල් වැසියා මිසක් තම නෑදෑ මිතුරන් නොවෙයි. (අ)
දේශපාලන ප්‍රබලයෙක් කියන්නේ කවුද? මහාජනයාගේ උපකාරයෙන් ආපු පුද්ගලයෙක්නේ? පුද්ගලික ප්‍රශ්න වලට තමන්ගේ නිල බලය පෙන්වීම ඉතාමත් වැරදියි. (නි)
මරේ මරු....දේශපාලුවන්ට එයාලගේ ගෙවල් පාලු වෙද්දීවත් මොලේ පෑදුනොත් ඇති..... (නි)
මට නම් තාම එහෙම දේවල් නැහැ. නම දිහා බැලුවම නම් රූපවතිට ඔය ටික පරික්ෂා කරගත්තා නම් ටිකක් හොදා වගේ? (දී)
වරුණ, ඔෆිස් යන්නේ යු ටියුබ් බලන්නද? දියුණු රටවලත් කරන දෙයක් එවැනි දේ බ්ලොක් කරන එක. (නි)