IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


මිදුලට වැටෙන්න කපන්න එපැයි කියූ අඹ අත්ත වහලට කපලා

එකම තාප්පයෙන් වෙන් වූ ඉඩමක අඹ ගසක අත්තක් තාප්පය පැන මෙහා ඉඩමට විත් එහි හටගත් අඹ ගෙඩි කීපයක පරිහරණ ගැටලූවක් නිසා නයි වෛරයෙන් පසුවූ මේ පවුල් දෙක මතුගම පැත්තේය.
මෙහා ඉඩමේ වූ දේශපාලන බලවතා ප‍්‍රාදේශීය සභාවට දැන්වූයේ තම මිදුලට දික්වූ අත්ත කපා දැමීමට එහා ඉඩමේ අයට නියෝග කරන ලෙසටය. මහ සටනක් කොට අඹ අත්ත කැපීමට තීරණය ආවත් දැඩි වෛරයෙන් පසුවූ දේශපාලන බලවතා තර්ජනාත්මකව කීවේ තම මිදුලට එක අඹ කොළයක් හෝ නොවැටෙන සේ අත්ත කැපිය යුතු බවය.
ගිවිසුම පරිදි අසීරුවෙන් අත්ත කැපුවත් එය ඇද වැටුණේ මිදුලට නොව වහලටය. උළු කැට ද බිඳිණි. වියරු වැටුණ දේශපාලන බලවතා පොලිසියට ගියත් ”ගිවිසුම නං කැඩිල නෑ. මිදුලට මිස වහලට ගහ කපන්න එපා කියල නෑ නේ දැයි” පොලිසිය ඇසූ විට ඔහුට යකා වැහුණලූ.



අදහස් (0)

මිදුලට වැටෙන්න කපන්න එපැයි කියූ අඹ අත්ත වහලට කපලා

ආනන්ද ආර් Tuesday, 02 July 2013 04:59 PM

පහන්, මටත් මේක කියවනකොටම මතක් වුනේ වැනීසියේ වෙළෙන්දා තමයි. දේශ ගැවුනොත් ඉතින් දෝෂ තමයි. (දී)

:       0       0

ජයසිංහ Monday, 01 July 2013 12:28 PM

කවුද ගහ කැපුවේ? (දී)

:       0       0

පහන් Monday, 01 July 2013 12:29 PM

නූතන වැනිසියේ වෙළෙන්දා ගේ කතාව... මස් රාත්තලම ඉල්ලා සිටි ෂයිලොක් යුදෙව්වා,මස් රාත්තල මිස එකම ලේ බිදුවක් හෝ නොසලන ලෙස දෙන තීන්දුව අපුරුවට ගැලපෙනවා (දී)

:       1       3

රූපවතී Tuesday, 02 July 2013 01:54 PM

වරුණ, ලේ මුත්‍රා පරීක්ෂා කරන්නයි,කොලොස්ටරෝල් ගැනයි කියවන්නෙ නැතුව මාතෘකවට අදාල දේ පමණක් ලියන්න (දී)

:       0       0

දයා අළහකෝන් Monday, 01 July 2013 12:46 PM

අපෝ මෙහෙමත් 'නසරානි' මිනිස්සු? (දී)

:       0       0

විජේ Monday, 01 July 2013 01:43 PM

මෙහෙමත් පිස්සු වැඩ? (දී)

:       0       0

කුමාරි Tuesday, 02 July 2013 10:47 AM

මෙහෙමත් මිනිසුන්ට පන්න පන්න ගහන්න ඕන. (අ)

:       0       0

අසෝක Monday, 01 July 2013 01:59 PM

නියම වැඩේ. නොමැරෙන්න ආව මිනිස්සු වගෙයිනෙ. අනික ඔය දේශපාලන බලය ලැබෙන්නෙත් අනුන්ගෙ චන්දෙන් කියලා හිතන්න බැරි මිනිස්සු. බලයට ආවම මුල මතක නැහැ. ඡන්දෙ ගන්නකොට නම් දෙකට නෙමෙයි හතරට වුනත් නැමෙයි. පොලිසියත් නියම රාජකාරිය කරලා තියෙන්නෙ. ඒකෙන්ම හිතාගන්න​ පුලුවන් දේශපාලඥයන්ගෙ තත්වය​. (දී)

:       0       0

වරුණ Monday, 01 July 2013 02:07 PM

ඔය පැත්තේ ඉන්නේ හදට ගල් ගහපු කට්ටියනේ. ඉතින් ඕකත් මහදෙයක් නෙවෙයිනේ? (දී)

:       0       0

ශශීමාල් Monday, 01 July 2013 02:09 PM

හු! හු!! හු!!! (දී)

:       0       0

වරුණ Monday, 01 July 2013 02:11 PM

මම දන්නා කන්තෝරුවකත් ඉන්නවා ඔය වගේම කෙනෙක්. ඔෆිස් එකේ කා එක්ක හරි පොඩි තරහක් ආව ගමන් කරන්නේ එක්කෝ ඒ මිනිහට යු ටියුබ් බලන්න බැරී කරනවා නැත්තම් ඊ මේල් බ්ලොක් කරනවා (දී)

:       0       0

ධර්මසිරි Monday, 01 July 2013 02:21 PM

ඇයි අඹ ගහ අයිති කෙනාව දන ගහල තිබ්බේ නැත්තේ? ජීවිත රක්ෂණයක් ගන්න පවුලේ අනෙත් අයගේ අනාගතය වෙනුවෙන්. (දී)

:       0       0

චන්දු Monday, 01 July 2013 09:50 PM

ගොඩක්ම ඔයවගේ පොඩි දේවල්වලට හේතුව මිනුස්සු අතරේ තියෙන්න ඕනේ මිත්‍ර සිලි බව නැතිකම එකට හේතුව අදික ඉර්සියාව හා අදික තණ්හාව වෙන මුකුත් නෙමේ.(අ)

:       0       0

චතූ Wednesday, 03 July 2013 10:25 AM

ධර්මසිරි, දණගස්සවන්න නෙමෙයි අඹ ගහේ ගැටගහන්නයි තිබුනේ (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 02 July 2013 12:14 AM

ප්‍රථමයෙන් මා ප්‍රර්ථනා කරන්නේ නයි වෛරයෙන් පසුවූ මේ පවුල් දෙකට සමගියෙන් ජිවත් වෙන්න වාසනාව ලැබේවා කියා, අනිත් කාරණය නම් කොපමණ ධනය තිබුනත් අකරතැබ්බයකදී පිහිට වෙන්නෙ තම අසල් වැසියා මිසක් තම නෑදෑ මිතුරන් නොවෙයි. (අ)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 03 July 2013 05:27 AM

දේශපාලන ප්‍රබලයෙක් කියන්නේ කවුද? මහාජනයාගේ උපකාරයෙන් ආපු පුද්ගලයෙක්නේ? පුද්ගලික ප්‍රශ්න වලට තමන්ගේ නිල බලය පෙන්වීම ඉතාමත් වැරදියි. (නි)

:       0       0

දිල්කා Wednesday, 03 July 2013 02:02 PM

මරේ මරු....දේශපාලුවන්ට එයාලගේ ගෙවල් පාලු වෙද්දීවත් මොලේ පෑදුනොත් ඇති..... (නි)

:       0       0

වරුණ Tuesday, 02 July 2013 04:29 PM

මට නම් තාම එහෙම දේවල් නැහැ. නම දිහා බැලුවම නම් රූපවතිට ඔය ටික පරික්ෂා කරගත්තා නම් ටිකක් හොදා වගේ? (දී)

:       0       0

ඉන්දු Tuesday, 02 July 2013 06:16 AM

වරුණ, ඔෆිස් යන්නේ යු ටියුබ් බලන්නද? දියුණු රටවලත් කරන දෙයක් එවැනි දේ බ්ලොක් කරන එක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

නංගි පෙන්වා අඹ යාළුවාගෙන් සල්ලි ඇදලා
2024 මැයි මස 17 1029 0

පෙම්වතියක යැයි නංගි පෙන්වා හොඳම මිතුරා ගෙන් ලක්ෂ පහ හමාරක මුදලක් ලබාගෙන ඇතැයි කියන අපූරු තරුණයෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙ


අඩුවට පොල් කඩා බඩට ගහලා
2024 මැයි මස 16 1055 0

පොල් කැඩීම සඳහා එක් ගසකට පියා අයකරන කුලියට වඩා අඩු කුලියකට පුතා පොල් කඩන්නට වීමෙන් වසර ගාණක් තිස්සේ පියාට හිමිව තිබූ පොල් මුරයක් පමණක් නොව පියාගේ රැකි


කෑම වට්ටෝරුවෙන් දොස්තර අන්ද මන්ද වෙලා
2024 මැයි මස 15 3976 2

අගනුවර කාර්යාලයක සේවය කරන තරුණියක උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය පසු වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා දිවා ආහාරයට ගත්තේ මොනවා ද කියා


කේවල් කරගත් කුකුළු මස් පන්සීය යළි ගෙනත් සල්ලි ඉල්ලලා
2024 මැයි මස 14 1479 0

අම්මා මාළු ගෙනාවා කියා ගමේ කඩෙන් තමන් රැගෙන ගිය කුකුළු මස් පන්සීය ආපසු ගෙනැවිත් මුදල් ඉල්ලාගෙන ගිය පුතකු පිළිබඳව සියනෑවේ ගස් ගල් ඇති ගම්මානයකින් වාර


මඟුල් ගෙදරදී පැරැණි පෙම්වතිය දැක ඉහ මොළ රත්වෙලා
2024 මැයි මස 13 11915 0

තමා කලින් ඇසුරු කළ පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට ගොස් අපහසුතාවට පත්වීමට පෙර උපක්‍රමයකින් යාමය බේරා ගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් මාතර දිසාවෙන් වා


අක්කා දැඩි සත්කාරයේ : මල්ලී අවමඟුලේ කතාව කටපාඩමේ
2024 මැයි මස 11 995 0

උපන් ගමෙන් සැතැපුම් 25ක පමණ දුරක පදිංචිව සිටින සිය වැඩිමහලු‍ සොයුරිය රෝගාතුරව අසාධ්‍ය තත්වයේ රෝහල්ගතව සිටියදී ඇයගේ අවමඟු‍ල් දිනයේ දී ගුණකථනයක් කිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 800 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2354 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2018 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site