හෙතෙම කුලී වැඩ කර ජීවත්වන්නෙකි. දිනක් වැඩ සොයා නගරයට ගිය විට පාරේ වැටුණු මුදල් පසුම්බියක් ඔහුට හමුවිය. එහි රුපියල් තිස් දහසක්, විවිධ බැංකුවලට අයත් ක්‍රෙඩිට් කාඞ් කිහිපයකුත් තිබිණි. රාජකාරි හැඳුනුම්පතක් ද එහි විය. හැඳුනුම්පත හිමිකරුගේ රැුකියාව වූයේ ලෝකයේ ඉතාමත් සුළු කොටසකට පමණක් හිමි වන වැදගත් රැුකියාවකි. ඒ සමගම මුද්‍රිත දුරකතන අංකයක් ද එහි විය.
දුරකතන කුටියකින් එම අංකයට ඇමතුමක් ගත් ඔහු එයට පිළිතුරු දුන් තැනැත්තාගෙන් ”සර්ගේ පර්ස් එක නැති වුණා” දැයි ඇසීය. ”ඔව්. උදේ මගේ පර්ස් එක නැති වුණා. ඒකේ සල්ලියි ක්‍රෙඩිට් කාඞ් වගයකුයි තිබුණා. ඔයාට ඒක හම්බ වුණාද?’’ අනෙක් කෙළවරින් ඇසුනි. ”මම ඒක ඇහින්දා. සර් ඉන්නේ කොහේද? ඒක මම ගෙනත් දෙන්නම්” ඔහු පැවසීය. මුදල් පසුම්බියේ හිමිකරු තම නිවෙසට පැමිණෙන මාර්ගය පැහැදිලි කළේය. බසයකින් පැමිණ මුදල් පසුම්බිය ඇහිලූ තැනැත්තා අදාළ මාවතෙන් බැස, අංකය සහිත නිවෙස සොයන්නට විය. උස තාප්පයකින් වට වූ විශාල ගේට්ටුවක් සහිත නවීන පන්නයේ නිවෙස ඔහුට දැකගත හැකි විය. ඔහු විදුලි සීනුව නාද කළ අතර, ගේට්ටුව බාගෙට ඇරී සේවකයෙක් එළියට පැමිණියේය. ”සර්ගේ පර්ස් එක ගෙනාවද?” ඔහු විමසීය. එවිට අනෙකා මුදල් පසුම්බිය භාරදී ”රුපියල් තිස්දාහක් තියෙනවා ගණන් කරලා ගන්න” යැයි පැවසීය. මුදල් ගණන් කළ සේවකයා ”හරි හරි” යැයි පවසමින් ගේට්ටුව වසා දැමීය. පසුම්බිය භාරදුන් තැනැත්තා බස් නැවතුමට පැමිණියේය.
(ක‍්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුරය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ ඒ දුප්පතා සමග වටිනා ගති පැවතුම් ඔහු සමග ජීවත් වීමෙන් ..දෙවියන් වහන්සේ නිතරම ඔහුව ආරක්ශාකරනවා..දවසක දුපතාටත් පොහොසතාටත් දෙදෙනාටම එකම තැනක සැතපෙන්න වෙනවා..එවිට දුපත් මිනිස්කම පිරිණු ජීවිතයේ අසරණයාගේ ආත්මය තමයි දෙවියන්වහන්සේ විසින් තෝරාගන්නේ..අද ඔහු කල ඒ අපුරු දෙයින්,බෝනස් සමග ප්‍රතිපල ලබාදෙන්නේ ඔහුගේ ඊ ලග ආත්මේයි ...! (අ)
අනේ මන්දා මේවා ඇහුවහම පිස්සු හැදෙනවා. හැබැයි ලෝකේ යන්නේ ඉස්සරහටලු? (නි)
"කාසි වාසි වැඩි අය ළඟ බෝම හිඟයි ගන්නත් නැහැ, මනුස්සකම" (නි)
වැදගත් රැකියාවක් කළාට වැඩක් නැහැ මනුස්සකම හඳුනන්නේ නැත්නම් (නි)
මොනතරම් වේදනාවක් ඒ මනුස්සයාගේ හිතට දැනෙන්න ඇද්ද? (නි)
පිරිසිදු, හොඳ පපුවට හැමදාම කුඩම්මාගේ සැළකිලි තමා මහත්තයෝ. (නි)
පවු අහිංසකයාගේ බස් ගාස්තුව.වනසිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.(දිල්)
සිත් දෙකෙහි වෙනස මොනවට පැහැදිලි වෙනවද... එකෙක්ගේ හිතේ විශ්වාසය පලුදුවී තිබේ අනෙකා තම විශ්වාසයේ උපරිම ගිනිපෙත්තේ ජීවත් වන්නකි. ඔහුට පාඩුවක් නොවේ ලැබුණේ සතුටකි. අනෙකාට පසුම්බිය ලැබුනත් පුදුම අවිශ්වාසයෙන් ජීවත් වෙයි. (දිල්)
තැවෙන්න එපා.ඔබට කවදාවත් වරදින්නේ නැහැ.(හේ)
මෙයට කියන්න නැවත ඇමතුමක් දෙන්න කියලා. සමහරවිට ඒ අය මෙයාව හොයනවා ඇති. (නි)
මම මේ මනුස්සයට රුපියල් 5000ක් යවනවා. කරුණාකර මට තොරතුරු දන්වන්න. අපි ඒ සමඟ පොඩි නෝට් එකකුත් යවමු මේ පොහොසත් හිඟන්නාට ඒ මනුස්සයා අතේම. (නි)
මිනිහෙක් යැයි කිව හැකි මිනිහෙක්. මිනිසාගේ අනන්‍යතාවය පසුම්බිය හිමිකරු පෙන්වා දී ඇත. මිනිස්සු ඔහොම තමයි.(හේ)
බුද්ධි කිවුවා වගේ ගෙදර සේවකයා කළ හොරකමක් කියා හිතන්නට ගොඩක් දුරට හැකියි. මේ තරම් අපිරිසිදු හිතක් තිබෙන කෙනෙක් ලංකාවේ ඉන්න බැහැ. අනික ඔහුගේ වටිනා සියලු දේ නැවත ඔහු ළඟටම ලැබීමත් ආශ්චර්යයක්. (නි)
සමහර වෙලාවට සර්වන්ට ට කියන්න ඇති සල්ලි ගෙනත් දෙන එක්කෙනාට කතා කරන්න කියලා. මිනිහ එ්ක අමතක කරලා දොර වහන්න ඇති. ලොක්කගේ නොම්මරේට අාපු ඇමතුමත් නැතුව ඇති. නැවත අමතන්න (නදී)
දුප්පත් මිනිසා අවංකය.මුදල් තිබෙන මිනිසා ලෝබය. ඒකයි පොහොසතා තව පොහොසත් වෙන්නෙත් , දුප්පතා සැමදා එකතැන පල්වෙන්නෙත්. (ස)
කමක් නෑ..ඔබේ උතුම් කාරියාවට අපේ උපහාරය (අ)
කෝල් එක ගත්තේ සර් මද? (අ)
කොහොමත් ඒ මනුස්සය බස් ගාස්තුවත් ගෙවාගෙන ගියේ අවංක කම නිසා. අයිතිකරු මුදලක් දුන්නනම් සමහර විට ඔහු එය ප්‍රතික්ෂේප කරන්නත් තිබුණා. (දිල්)
වැදගත් රැකියාවක් කළාට වැඩක් නැහැ මනුස්සකම හඳුනන්නේ නැත්නම්. ඔයා දුක්වෙන්න එපා ඔයාගේ හොද හිතට දෙය්යෝ ඔයිට වඩා හොද දෙයක් ලබදෙයි. (අ)
අර දුර්ලභ රැකියාවත් මොකද්ද කියල පල වුණා නම් අගෙයි. (අ)
මුකුත්ම දුන්නෙ නැති වුනත් අඩු තරමින් එ් මනුස්සයට බස් ගාස්තුවවත් දුන්නනම් මොකද? මුන්ට ඉරවත් පායන්නේ නැහැ. අපිට පායන එක තමයි මුන්ටත්..............(අ)
සමහරවිට ඔය ගේට්ටුව ඇරියේ ඒ ගෙදර සේවකයෙක් වෙන්න බැරිද? (නි)
ගෙදර සේවකයා ටිප් එක මාටිය ගහල ෂුවර් එකටම! (අ)
මිනිහෙක් යැයි කිව හැකි මිනිහෙක්. මිනිසාගේ අනන්‍යතාවය පසුම්බිය හිමිකරු පෙන්වා දී ඇත. මිනිස්සු ඔහොම තමයි. (අ)
ඔහුගේ සල්ලි ඔහුටම ලැබුනා.(හේ)
මුදල් පසුම්බිය අයිති කරු භයානක රෝගයකින් පෙළෙනවා විය යුතුය. අහුලාගත් තැනැත්තා වහා විෂබීජ නාශක යොදා අත් සෝදා ගත යුතුය. (අ)
මනුස්ස කමක් නෑ.(හේ)
මිනිසත්කමින් පිරිපුන්, දුප්පත් අවංක නියම මහත්මයාට මාගේ ප්‍රණාමය(අ)
මෙවන් ක්‍රියා නිසා තමයි මිනිස්සු මොනදෙයක් අහුලා ගත්තත් නියම හිමිකරු නොසොයා එහි ඇති දේ ගෙන අනවශ්‍ය දේ විසිකර දැමීමට පුරුදුවෙලා තියෙන්නේ අඩු තරමේ එම පුද්ගලයට ස්තුති කරන්නවත් අපේ අය පුරුදුවෙලා නෑ. (දිල්)
අසේල මහතා කියන දේ කරන , කරන දේ කියන ඉතා වැදගත් මහත්මයෙක්. කරුණාකර ක්‍රිස්ටෝපර් සීපියන් මහතා ලංකාදීප කතෘ මණ්ඩලය ඔස්සේ හමු වන්න. (නදී)
කළ උදව්වට ස්තුති කරන්නවත් තිබුන. (බ)
දුප්පත් මිනිසා අවංකය.මුදල් තිබෙන මිනිසා ලෝබය. ඒකයි පොහොසතා තව පොහොසත් වෙන්නෙත් , දුප්පතා සැමදා එකතැන පල්වෙන්නෙත්. (නි)
මේ පළවෙලා තිබෙන කොමෙන්ට්ස් දැකලවත් අර අහිංසකයට සලකන්න හිතුණොත් (බ)
මෙම පසුම්බිය අයිතිකරුට නැවත කතාකර ඔහුට හදවතක් තිබේදැයි විමසීම හොඳයි (නි)
ඔය වගේ නරක මිනිස්සු ඉන්නවා ඕනෑතරම් (නි)
සල්ලි ටික අරගෙන කාඩ් සමඟ මුදල් පසුම්බිය ඇළකට විසිකළා නම් ඉවරයි. අනේ මෙහෙම මිනිස්සු! (නි)