ගනේමුල්ල කොස්සින්නේ තරුණයෙක් යතුරුපැදියෙන් ගනේමුල්ල නගරයට යමින් සිටියේය. ගනේමුල්ලේ බස් නැවතුම්පොළට මීටර් 500ක් පමණ දුරින් කඩවත පාරේ කිසියම් දෙයක් වැටී තිබෙනු ඔහු දුටුවේය. එය මුදල් පසුම්බියකි. ඔහු එය ගන්දෝ නොගන්දෝ කියා මඳක් කල්පනා කළේය.
මුදල් පසුම්බිය එම ස්ථානයේම දමා ගියහොත් වෙනත් කවුරුන් හෝ ගනීවි යැයි කල්පනා කර එය අයිතිකරුට සොයාදෙමියි සිතා අහුලා ගත්තේය.
ඉන්දික ප‍්‍රසාද් (25) නම් මේ තරුණයා පෞද්ගලික අධ්‍යාපන ආයතනයක සේවය කරන්නෙකි. තමා සේවය කරන ස්ථානයට ගොස් මුදල් පසුම්බිය පරීක්ෂා කිරීමේදී එහි රුපියල් 3000ක් මෙන්ම ජාතික හැඳුනුම්පත් සහ තවත් වැදගත් දෑ තිබූ බව දුටුවේය. හැඳුනුම්පතේ ඡුායාරූපය මතකයේ තබාගත් තරුණයා අයිතිකරුට කෙසේ හෝ එය ලැබීමට සලස්වන අදහසින් ලාච්චුවේ දැමීය.
ඊට පැය ගණනකට පසු තමන් සේවය කරන පෞද්ගලික අධ්‍යාපන ආයතනයට සිසුවකු ද සමග පුද්ගලයෙක් පැමිණියේය. ඔහු දුටු විගස තරුණයාට මතක් වුණේ තමා පාරේ වැටී තිබූ අහුලාගත් මුදල් පසුම්බියේ තිබූ ජාතික හැඳුනුම්පතේ ඡායාරූපයයි. එය නැවත එළියට ගෙන බැලූ විට දරුවකු සමග පැමිණි පුද්ගලයා හැඳුනුම්පතේ සිටි පුද්ගලයාම බව හඳුනාගෙන ”ඔබගේ මොනවා හරි නැතිවුණා දැයි” විමසා මුදල් පසුම්බිය පෙන්වීය.
එතැන සිටි සියල්ලන්ම පුදුමයට පත්වූයේ රුපියල් තුන් දහසක්, ජාතික හැඳුනුම්පත සහ තවත් ලියවිලි කිහිපයක් සහිත මුදල් පසුම්බිය බාරදුන් විට ස්තූතියි කියාවත් නොකියා ”මේක මගේ තමයි” කියමින් හිමිකරු බුරුස්ගා එය ඩැහැගෙන යෑම ගැනයි. හොඳ වැඩ කරන අයට මේවා හොඳ පාඩම් යැයි එහි සිටි හැමෝම කීවේ අයිතිකරුගෙන් නොලැබුණු ස්තූතිය ඔවුන්ගෙන දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියසතියේ මමත් එකක් ඇහින්දා. ඉන්පස්සේ අයිතිකරුට දුන්නා. ඔහු මට හවස ඩොලර් කොළයක් දුන්නා. (නි)
කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්..!(නු)
වෙන පැත්තක කෙනෙක් කරපු දෙයක් දකුණෙ කෙනෙක් කළා කියලා හරි අදහස් දාලා හිත හදාගන්න. (නි)
දුන් දේ සුවදයි කියලා හිත හදාගන්න. (නි)
මේ සැවොම සුදනන් වාගේ තමයි අදහස් පළකරලා තියෙන්නේ. නමුත් තමුන්ගේ දුදනගති ඇතිවෙන්න වැඩි වේලාවක් යන්නෙ නැහැ. (නි)
පිරිහුණු මිනිස් සාරදම් අතින් බහුල රටක ඉන්දික ප්‍රසාද් මහත්මයා සැබවින්ම මහත්මයෙකි. ඔබට ලැබිය යුතු ගුණ සැලකිලි නොඅඩුව ලැබෙයි. ජය වේවා. (ත)
මම ගමනක් යද්දි පර්ස් එකක් ඇහින්දා . කැඩිච්ච ඒ පර්ස් එක ඇතුලේ පොඩි කොල කෑල්ලක් තිබුණා. ඒකේ ලියලා තිබුණෙ මීට වඩා හෙඳයි හිඟාකෑවනම් කියලයි (ස)
කලබල වෙන්න එපා. හිත නරක් කරගන්නත් එපා. වදින්න ගිය දේවාලයත් හිසේ කඩාවැටෙන කාලයක්නේ මේක. (නි)
කමල් ඔබ හරි. කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්... (නි)
පසුම්බිය දුන්න නිසානේ මේ ඔක්කොම. පසුම්බිය නොදී සල්ලි ටික තියාගත්තා නම් ඉවරයි. (නි)
දුදනන් හට උදවු නොකරමු. (නි)
හැබැයි මේ විදියේ ගතිගුණ තියෙන්නේ ලංකාවේ පුද්ගලයින් ළග විතරයි. (නි)
අපි දකින සමාජයේ මෙහෙම අයත් ඉන්නවා. එහෙත් ඒවාට දුක් වෙන්න එපා. අපේ යුතුකම ඉටු කරන්න අපි දැනගන්න ඕනෑ. (නි)
හොඳ අයට තැනක් නැ . ගණන් ගන්න එපා මල්ලී (ස)
මට ලැබුණා නම් මම ආපහු දෙන්න හිතන්නෙවත් නැහැ. (නි)
දුක්වෙන්න එපා. කාගේ නැතත් අල්ලා දෙවිදුගේ ආශිර්වාදය තිබෙනවා. (නි)
මම හිතන්නේ ඒ ඇත්ත අයිතිකරු නෙමෙයි (ස)
දැන්ම ඉදලාම පොඩි ළමයින්ටත් ස්තූති කරන්න පුරුදු කළ යුතුයි. (නි)
වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටෙනවා කියන්නේ ඕකට තමයි (ස)
දුන්නා කියලා හොඳක් අහන්න ලැබෙන්නේ නෑනේ. කරන්න තිබුණේ සල්ලි අරගෙන ජාතික හැදුනුම්පත තැපැල් කරානම් හරි (ස)
ඔය වගේ ගති පැවතුම් සමහරුන්ට තියෙනවා (ස)
සමහරවිට ඒ පුද්ගලයා හොයාගෙනම ආපු නිසා දෙන්න වුණාද දන්නෙ නැහැනේ. (නි)
මෙයාලට දකුණ ගැන පුදුම කැක්කුමක්නේ තියෙන්නේ (ස)
මිනිස් සතුන්ගෙ හැටි ඔහොම තමයි. උදව්වක් කරලා ස්තුතිය බලපොරොත්තු වෙන්න එපා. ඒ නොලැබුනාම හිතට දුකයි. ඒ නිසා ඒ කරපු දෙයින් තමන්ගෙම හිතට ලැබෙන සතුට බුක්තිවිදින්න. (ස)
හොඳ වැඩේ (ස)
තමන් කළේ හොද වැඩක් කියලා තමන් දන්නවා නම්, ඒ ඇති. (නි)
ස්තුති කළත් නැතත් ඔය වගේ වැඩ දිගටම කරන්න අමතක කරන්න එපා..!(නු)
ඔබ කල ගුණ ඔබට කවදාහරි ලැබේවි. ඔහු කල දේ ඔහුට කවදා හෝ තේරේවි (ස)
ෂුවර් එකටම දකුණින් එහා පදිංචියට ගිය කෙනෙක් වෙන්න ඇති. (නි)
නුවනැති අයට කළ උදව් ගලේ කෙටූ සේ මතක තිබේ. එහෙත් දුදනන්ට කළ උදව් දියේ ඇදි ඉරි සේ මේක යයි..!(නු)
පුදුම මිනිස්සුනේ ................ (ස)
මිනිසුන් හා නොමිසුන් අතර වෙනස (ස)
නාඩා ඉදින් පුංචි පුතේ, ඕවා ඔහොම තමයි අනේ. (නි)
ඕවා හොඳ පාඩම් අපිට (ස)
දකුණට කිසිම සම්බන්දයක් නැති ප්‍රවෘත්ති ගාවගන්න එපා පෞද්ගලික ඉරිසියාවන් තිබුණා කියලා (ස)
හොද දේවල් කරන්න ඕනෑ ස්තූතියක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. (නි)
අපි යම්කිසි උදව්වක් කරනවානම් ආපසු උදව්වක් හෝ ස්තුතියක් බලාගෙන නොකළ යුතුයි..!(නු)
ඕවා ඔහොම තමයි හැමෝම එක වගේ නැහැනේ..!(නු)
සීනි පැනි රසයි.. අබින් තිත්තයි.. ලුණු ලුණු රසයි.. දෙහි ඇඹුල් රසයි.. ආරේ ගති නෑරේ... (නු)
මුදල් පසුම්බිය නැතිවුණා කියලා රක්ෂණයෙන් වන්දියක් ගන්න හිතාගෙන හිටියද දන්නෙ නැහැනේ. (නි)
බොහොම හොඳ වැඩක් කරලා තියෙන්නේ. නමුත් කිසිම දවසක අපහු දෙයක් බලපොරොත්තු වෙන්න එපා . තමන් හොඳ වුණාට අනිත් මිනිස්සු හැමෝම හොඳ මිනිස්සු නෙමෙයි. (නි)
සොයුර, ඔබ කළ කුසලය ගැන සිතා සතුටු වන්න. (නි)
කලගුණ නොදන්න මිනිස්සු (ස)
මම නම් ස්තූතිය බලාපොරොත්තු නොවෙමි. මටත් මෙවැනිම දෙයක් සිදුවී ඇත. (නි)
කුකුල් කේන්තිකාරයෙක් වෙන්න ඇති. (නි)
අපි යම කෙනෙකුට කරන උදවු අපි විසින් අමතක කළ යුතුයි. නමුත් යම් කෙනෙක් අපිට උදවුවක් කළොත් අපි එය මතක තබා ගත යුතුයි. (නි)
මේ වගේ චාන්ස් එකක් මට ලැබුණා නම් අනෙක් සියල්ල ආපසු දුන්නත් මුදල් නම් මම ගන්නවා. පස්සේ පිනක් කරනවා පවු යන්න. (නි)
රොෂාන් කිවුවා වගේ මේ නම් ඇත්ත අයිතිකරු වෙන්න බැහැ. (නි)