IMG-LOGO

මදුරුවන්ටත් ඉන්ටනෙට්

සන්නිවේදන ආයතනයකට සම්බන්ධ ප‍්‍රචාරක නිලධාරීන් පිරිසක් පසුගියදා අගනුවර ආසන්න උපනගරයක සමීක්ෂණයකට ගියේ අදාළ උපකරණ ද රැගෙනය.

ප‍්‍රබල ඇන්ටෙනා සහිත නිවසක් දුටු ඔවුහු එහි ගොස් විමසීම් කළත් නිවසේ කිසිවකු නැති බව පෙනුණි. එහෙත් මොහොතකින් ඉදිරිපස දොර විවෘතකොට මැදිවියේ වූ කාන්තාවක් එබී බැලූවාය.

‘‘සමාවෙන්න, මෙහේ ඉන්ටර්නෙට් පාවිච්චි කරනවාද?’’ ප‍්‍රචාරක නිලධාරියෙක් ඇයගෙන් විමසීමි.

‘‘ඉන්ටර් නෙට්! කියා එයම උච්චාරණය කළ ඇය මදක් සිතා ඔව් ඔව්’’ කීවාය.

හොඳයි බලමු කියා ඔවුන් ගෙට ඒමට තැන් කළත් කාන්තාව ඊට එකඟ නොවූවාය. 

මහත්තය, නෝන දෙන්නම ගෙදර නෑ. දරුවොත් ඉස්කෝලෙ ගිහිං ’’ ඇය කීවාය.

කමක් නෑ ‘‘කියූ නිලධාරියා තම ආයතනය ගැන විස්තර කොට ‘‘ඉන්ටර් නෙට්’’ පාවිච්චි කරන්නේ කවුදැයි’’ විමසීය.

‘‘අපි ඔක්කොම, මටත් එකක් ළඟදි ගෙනත් දුන්නා. මෙහෙ නිදාගන්න බෑ. හරියට මදුරුවො. ඒකයි’’ ඇය කීමෙන් කරුණු තේරුම්ගත් නිලධාරීන්ට තරු පෙනුණලූ.



අදහස් (0)

මදුරුවන්ටත් ඉන්ටනෙට්

රූපවතී Tuesday, 17 November 2015 03:36 PM

අද ලෝකේ දියුණුවන විදියට අපි හැමෝම ඒ ගැනු කෙනා වගේ (අ)

:       0       0

සරත් Wednesday, 18 November 2015 11:00 PM

දැනට කාලයකට පෙර (1999 - 2000) මිනින්දෝරු මහත්වරු ටිකක් ගොස් තිබෙනවා පිටිසර ප්‍රදේශයක මැනුම් කටයුත්තක් සඳහා. දුරකථන සහ විදුලිය කොහොමත් නැති, ජල පහසුකම් අඩු ප්‍රදේශයක තමා මේගොල්ලෝ රෑට නවාතැන් අරගෙන තියෙන්නේ. මදුරුවොත් යහමින් ඉන්න නිසා කට්ටියම නින්දට යන්නේ ටිකක් ප්‍රමාද වෙලාලු. මෙහෙම ඉන්නකොට එක දවසක් අපේ යාලුවෙකුට ඇහෙනවලු ඈත ගෙදරකින් "ඉන්ටනෙට්එක දාන්න, ඉන්ටනෙට්එක දාන්න" කියලා තරුණ කාන්තාවකගේ කටහඩක්. මිනිහට හරි පුදුමලු විදුලිය නැති මෙහෙ මොන අන්තර්ජාලද කියලා. පස්සේ හෙමිහිට හොයලා බැලුවමලු තේරුනේ ඒ ගෙදර ඉඳලා තියෙන්නේ අලුත බැඳපු ජෝඩුවක්ලු. අර ඇහිලා තියෙන්නේ " ඉන්ට, නෙට් එක දාන්න" කියලලු. (නි)

:       0       0

චන්දි Thursday, 19 November 2015 05:59 AM

මැදපෙරදිග ඉන්න අපිට නුවරඑළිය ගැන කියනකොට ඇඟම කූල්වෙලා යනවා (නි)

:       0       0

නිමල් Tuesday, 17 November 2015 12:01 PM

මට පේන හැටියට අනුකම්පා කරන්න ඕනේ රුපවතීටයි. ඇයි. ඉතින් රුපවතී කට ඇරියොත් දෝස් මුරයමනේ. (බ)

:       0       0

අජිත් Wednesday, 18 November 2015 01:17 PM

අර කිව්වත් වගේ, බවලතියක් තනිපංගලමේ ගෙදරක ඉන්න වෙලාවේ ගෙවල් ඇතුලට බලන්න අහන එක හොදද? කොහොම උනත් රට තොටේ ගැන දැනුමක් තියෙන ගැහැණු කෙනෙක් නිසා හොදයි. (ර)

:       0       0

අජිත් Wednesday, 18 November 2015 01:24 PM

සරත්, ලියන්නකෝ ඒ පරණ කතාව. අද රූපවතී නෝනා බයිට් වෙනවා වගේ, පොඩි ගතියකුත් තියෙන්න ඕනේ නේ. (ර)

:       0       0

රූපවතී Tuesday, 17 November 2015 07:32 AM

කමක් නැහැ. ඉන්ටර්නෙට් කෙසේවෙතත් මදුරු දැල ගැන පමණක්වත් දැනුවත් වෙලා සිටියනේ ඒ කාන්තාව. අපි ඇයට අනුකම්පා කරමු ..! (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 17 November 2015 08:07 AM

රූපවතී නගා සමඟ මාත් එකඟයි. මේ නවීන ලෝකයේ අප නොදත් දේ කොපමණද? (නි)

:       0       0

සුභාෂ් Tuesday, 17 November 2015 12:38 PM

ඒක නම් ඇත්ත නිමල්. රූපවතී හිතාගෙන ඉන්නේ එයා තමයි සියල්ලදත් කියලා (නි)

:       0       0

චන්දි Thursday, 19 November 2015 07:14 AM

මැදපෙරදිග ඉන්න අයට නුවරඑළිය මතක් වෙන්න කිසිම වුවමනාවක් නැහැ මොකද.., දැන් මේ රටෙත් ඔන්න සිතල පටන් ගත්ත.(බ)

:       0       0

ජෙහාන් Tuesday, 17 November 2015 01:04 PM

ගෙදරට ආවේ හොරු කට්ටියක් නම් නියමෙටම තියෙයි (නි)

:       0       0

තිලක් Tuesday, 17 November 2015 08:38 AM

මේක හරි කතාවක්නේ ලෝකෙ හැමෝම හැම දේම දැනගන්න ඕනෙමද? ඒ කාන්තාව ප්‍රායෝගික නුතන සමාජයේ සීමාවන් හඳුනාගෙන ජීවත් වෙන්න දන්නවා. (ස)

:       0       0

ඉනෝකා-එංගලන්තය Tuesday, 17 November 2015 08:52 AM

නවීන තාක්ෂනය ගැන මේ කාන්තාවට දැනුමක් නොතිබුනත් දැන් කාලයේ වෙන දේවල් වල හැටියට නන්නාදුන අය ගෙට නොවද්ද ගත්ත එකෙන් මට නම් පෙනෙන්නේ කාන්තාවට යමක් කමක් තේරෙන බවක්. (ස)

:       0       0

සරත් Tuesday, 17 November 2015 10:46 PM

මටත් පරණ කතාවක් මතක්වුණා.‍ පස්සේ ලියන්නම්. (නි)

:       0       0

හේමන්ත Tuesday, 17 November 2015 09:38 AM

එම කාන්තාව ඉන්ටර්නෙට් ගැන නොදන්නා එකමයි හොඳ. දැන ගත්තානම් එයාගේ කාලයත්, මුදලත් නැති වෙනවා. (ස)

:       0       0

චන්න බුවනක Wednesday, 18 November 2015 04:23 PM

අන්තර් ජාලය කියලා සිංහල වචනයක් තියනවනේ. (ර)

:       0       0

රුකී Tuesday, 17 November 2015 09:40 AM

රුපවති සියල්ල දත් එක්කෙනෙක් ! එයා ගේ අනුකම්පාවට මේ ලෝකේ ඔක්කොම පාත්‍ර වෙනවා. (ස)

:       0       0

සුනිල් ගිකියනගේ Thursday, 19 November 2015 10:24 PM

"ඉන්ට, නෙට් එක දාන්න" (නි)

:       0       0

කිඹුලාපිටිය Tuesday, 17 November 2015 02:12 PM

නියම කතාවක්! (නි)

:       0       0

අජිත් Thursday, 19 November 2015 12:59 PM

නියම කතාව.(හේ)

:       0       0

සලනි Tuesday, 17 November 2015 10:11 AM

පව් මේ කාන්තාවගේ කතා විලාසයෙන් පෙනී යන්නේ ගෙදර වැඩපළවලට උදව්වට ඉන්න කෙනෙක් වාගේ. තමන්ට තේරෙන නෙට් එක ගැන තමයි එම කාන්තාව කියලා තියෙන්නේ. ටෙනිසන්ටයි රුපවතීටයි මැජික් වුනාට. (බ)

:       0       0

බෙන්තර මහේෂ් Thursday, 19 November 2015 04:10 AM

සරත් ඔයාගේ කොමෙන්ට් එක නියමයි, නුවරඑලිය වගේ පැතිවල ගියාම ඉන්ට, කන්ට, බොන්ට, වගේ වචන තමයි ඇහෙන්නේ (රේ)

:       0       0

චන්දි Wednesday, 18 November 2015 06:01 PM

සරත් මල්ලි කියන්නකෝ අනේ පරණ කතාව.., දෙයියෝ සාක්කි කියන්නේ සතුටු වෙන්න තීරුවක්නේ (රේ)

:       0       0

ජනක Friday, 20 November 2015 02:49 AM

ඔව් ඔව් බෙන්තර මහේෂ්, ඔයා හරි. (නි)

:       0       0

සමන් Thursday, 19 November 2015 08:31 AM

මෙතන චන්දිලා දෙතුන් දෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා,තමන්ගේ නමට ගමක හෝ රටක හෝ වෙන අකුරක් අමුනගෙන තමන්ගේ අදහස් දමන්න මෙතන කෝලම් මඩුවක් නොකර. (ස)

:       0       0

රුකී Tuesday, 17 November 2015 10:52 AM

කොහොමත් ඉතින් රුපවති තමයි , සභාවේ සියල්ල දත් බවලති. ! අනෙක් උදවිය මෝඩ පහේ කියලා හිතා ගෙන ඉන්නවා ඇත්තේ. (ස)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 17 November 2015 11:08 AM

කාරණේ මොක උනත් මෙහෙම ගෙවල් ඇතුලට යන්න හදන එක හරිද ? අද කාලේ සිද්ධ වෙන අභාග්‍යන් දිහා බලද්දී. (ර)

:       0       0

උදයසිරි‍ Friday, 20 November 2015 03:33 AM

ඇති ඔයින් ගියා... (නි)

:       0       0

සුභාෂ් වික්‍රමසිංහ Tuesday, 17 November 2015 11:16 AM

අනේ රුපවති නෝනේ, ඔයාගේ අනුකම්පාව ඒ අම්මට ඕනි නෑ. අනික බොරු සෝබනේට ජීවත් වෙන අයට වඩා අපේ ආච්චිලා සීයලා සමාජේ ගැන මොන තරම් දේවල් දන්නවද? ඒවාට අපහාස කරන්න එපා රුපවති නෝනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site