IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මදුරුවන් හොයන්න ඇවිල්ලා රා මදින්නා මට්ටු වෙලා

ගමේ ඩෙංගු බෝවන ස්ථාන පරීක්‍ෂා කර ජනතාව දැණුම්වත් කිරීමට පැමිණෙමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පිරිසක් දුර තියා දුටු රා මදින්නකු රා මුට්ටුයක් පොළවේ ගසා පණ එපා කියමින් දිව යාමේ පුවතක්  හද්දා පිටිසර ගම්මානයකින් ලංකාදීපයට වාර්තාවේ.


 සිද්ධිය මෙසේය.


 එය ඌව පළාතේ හද්දා පිටිසර ගම්මානයකි. අමතර රස්සාවක් ලෙස මේ ගමේ බොහෝ දෙනෙකු කිතුල්මැදීම සිදුකළහ. එය සිදුකළේ බොහෝ පරෙස්සමින් හා විමසිල්ලෙනි. 


පසුගිය දිනෙක ගමේ නම ගිය කිතුල් මදින්නෙකු වට පිට බලා ගසට ගොඩ වූයේ පෙරේදා රාත්‍රියේ ගසට බැඳි තෙළිදිය මුට්ටිය  බාගෙන මලත් මැද හනික බිමට බැසීමේ අටියෙනි.


 ගසට ගොඩවී සිය කාර්ය නිමාකර තෙලිදිය මුට්ටියත් රැගෙන ඔහුට ගසින් බිමට බැසීමට හැකිවූයේ අඩි කීපයක් පමණි.


 කිතුල් ගසේ අතු අතරින් ඔහුට දැක ගන්නට ලැබුණේ තමන් සිටින දෙසට පැමිණෙමින් සිටින කාකි ඇඳුම් ඇදගත් කීපදෙනෙකි.


 දුටු දසුනෙන් දැඩි භීතියට පත් හෙතෙම කොතරම් වේගයෙන් ගසින්  බිමට බැස්සේද යත් අතේ තිබූ මුට්ටිය ද බිමට වැටී කුඩුවි ගිය අතර ඔහු කැලෑවට වැදී පැන දිව්වේ කැලෑවේ තිබූ කටු අකුල්ද අමතක කරමිනි. 


තම ගමේ උදවිය ඩෙංගු උණ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පැමිණි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පිරිසකට තමන් බිය වී ඇති බව පැය කීපයකට පසුව කැලෑවෙන් එළියට පැමිණි ඔහුට අසන්නට ලැබුණි. 

(වියලුව වාර්තාකරු)



අදහස් (0)

මදුරුවන් හොයන්න ඇවිල්ලා රා මදින්නා මට්ටු වෙලා

දිල් Saturday, 01 October 2016 12:42 AM

හෝව්, හෝව්, රා වීදුරුවක් ඉල්ලාගන්න අාවේ අනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site