මෝදක කා ඉහළ මාලේ සිට පහළ මාලයට ඒමට සවස් වෙනතුරු තරප්පුව සෙවූ පුද්ගලයකු පිළිබඳව මොරපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය.
ඔහු පෞද්ගලික වෙළෙඳ ආයතනයක සේවය කරන පුද්ගලයෙකි. මෙදින සේවයට පැමිණි ඔහු මුදලාලිට හොරෙන් ඉහළ මාලයට නැග මෝදක දෙකක් කා ඇත.
පසුව ටික වේලාවක් වාඩි වී තුන්වැනි මහලේ සිට පහළ මාලයට ඒමට තරප්පුව සෙව්වත් මොහුට තරප්පුව හමුවී නැත. බලන බලන හැම තැනම තරප්පු පෙනී යාම හේතුවෙන් අන්දමන්ද වූ මෙම පුද්ගලයා ඉහළ මාලයේ බිම නිදාගෙන ඇත.
සවස් වී නැගිට බැලූවිට මුදලාලි කඬේ වසා ගොස් තිබූ අතර පසුව මුදලාලිගේ ජංගම දුරකතනයට කථාකර සිද්ධිය පවසා කඩයෙන් එළියට පැමිණ ඇත. කෙසේ වෙතත් පසුදා සිට මොහු රැුකියාවෙන් අස්කර ඇති බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහස් දාන පරණ වැඩකාරයෝ දැන් කොහේද කියලා බණ්ඩාරයි,අජිතුයි අහපු නිසා මෙය ලියන්නට හිතුනා.ගලන ගඟකි ජීවිතේ වාගේ නැතුව ඉස්සර මෙහි පොඩි,පොඩි වලි එහෙම තිබ්බානේ.ඒ නිසා අදහස් ගොන්නයි.දැන් ඉතින් ලුලා නැති වළේ කණයා පණ්ඩිතයා කිවුවා වාගේ පණ්ඩිතයෝ ගොඩයි. ඉතින් ඉස්සර හොඳ අදහස් දාපු කට්ටිය තම තමන්ගේ වැඩපළ එක්ක කාර්යබහුල වෙලා ඇති.ඒකයි පෙනෙන්න නැත්තේ. (නි)
නියමයි. කොහොමට ඉන්න ඇද්ද? (නි)
කොමෙන්ට් කරලා තියන අය පොඩි බබාලා වෙන්න ඇති. (ර)
මතේ-සුරාවේ ආදීනව (බ)
එච්චර දෙයක් වෙනවද ඒවට. (ර)
ඕකනේ කියන්නේ කරන දෙයක් ගානකට මිම්මකට පිළිවෙලකට කළා නම් විඳින්නත් තිබුනා ජාම බේරගන්නත් තිබුනා. (ර)
දැන් මෝදක පොඩි ළමයි පවා පාවිච්චි කරනවා. අනේ මන්දා මෙහෙම ගියොත් රට කොහෙන් නතරවෙයිද කියලා (නි)
මොනවට කනවද මන්දා මේ ජරාව? (නි)
මේ තීරයේ කලින් ලියපු බොහොමයක් පිටරට ඉන්න ලාංකිකයන් නැවතුනේ, කට හොඳ නැති දේශපාලන අන්තේවාසිකයෙක් නිසා. (නි)
බණ්ඩාර, වරුණ විතරක් නෙමෙයි ඇයි පහන් ඔහුත් දැන් පේන්න නැහැ. (ර)
අසූවේ දහකයේ මමත් මෝදකය අත්හදා බැලුවා. එකක් කාලා වැඩි සීනි ප්ලේන්ටියක් බීලා බැලුවා. මටත් මගේ යහළුවාටත් මුකුත් උනේ නැහැ. ඊළඟ දවසේ දෙකක් කාලා බැලුවා. රෑට කාලා නිදාගන්නකම් මුකුත් වෙනසක් දැනුනේ නැහැ. නමුත් නින්දෙන් නොයෙකුත් "මනෝවිකාර" පෙනුනා . දැන් ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයක උසස් තනතුරක් දරන මගේ මිතුරාවත් මමවත් එදායින් පසු කවදාවත් මෝදකය කෑවේ නැහැ. (ර)
මේක මහා ව්‍යසනයක් වෙලා තිබුන මම ඉස්කෝලේ යන කාලේ. මට හොදට මතකයි ගෑණු ළමයා තරහා වෙලා මම මේවා කාලා සතියක් විතර කාමරෙටම වෙලා හිටියා. ඒ කාලේ තේරුනේ නෑ මෝඩකම දැන්නං හොදටම තේරෙනවා. (ර)
" අබින් කියල කියන්නේ මේවාටද? අපේ බවලතුන් තවම මොකුත් කීවේ නැත්තේ මොකද ? (ර)
වජිර ස්තුති ඔබට. මට නම් නිකමට වගේ හිතුන එහෙම වෙන්ට ඇති කියල. එ්ත් මම ඇහුවේ ටිකක් සහසුද්දෙන්ම දැනගන්න. ඒ දවස්වල පහන් ලියන කවි හරිම සුන්දරයි. ඒවා බලල මම ගොඩක් සතුටු වුනා. ඔබලාට, ඒවගේම ලංකාදීප එසැණ කර්තෘතුමාටත් බොහොමත්ම ස්තුති. (බ)
ඕකෙන් වෙන දේ දන්නේ කාපු අයම තමයි (බ)
වජිර,ඒ ඉස්සර ලියපු හැමෝම මෙහි අදහස් දමනවා ඇති වෙන නම් වලින්. ඒ නිසා නොපෙනුනාට මෙහෙ ඒ හැමෝම ඉන්නවා කියලයි මම නම් හිතන්නේ. මම නම් කවදාවත් වෙන නමකින් ලියන්න නොගියේ මගේ නමට මම ආස නිසා.ඒ වගේම දෙමාපියෝ මට දීපු නමට මම ගරුකරන නිසා.ඒ කොහොම වුණත් මෙහි ලියන අදහස් හැමෝගෙම ගොඩාක් වටිනා අදහස්, විවිධයි. ඒ තුළින් අතීත සිදුවීම් මෙනෙහිකර සතුටුවූවා සේම ගොඩාක් දේ ඉගෙනගත් බව සතුටින් ලියමි. (නි)
මතකද අපි පරණ දෙවියෝසාක්කි එකෙන් කියෙව්වුවා..? මේ ගුලියක් කාපු කෙනෙක් කඩ මන්ඩියේ ඉදන් ගෙදරට පයින් ගමන් කරද්දී පාරේ වැහැලා එකතු උණු දිය කඩිත්තකට ගංවතුර ගලලා කියා වට රවුමෙන් බසයක ගිහින් ආපසු ගෙදරට ඇවිත්, මුළු රැයම ගෙවාගෙන මීටර් 100ක් පමණ දුරකින් ගෙදරට යන්න තියෙන මිනිහා. වතුර කඩිත්ත දැකල තියෙන්නේ ගමම යට වෙලා වගේ ..? ඒ දෙවියෝ සාක්කියෙන් අපි ගොඩාක් සතුටු උනා එදා. (ර)
මෙතන පුරුෂ පක්ෂය සමහරු ලියන දේවල් දැක්කාම කොහොමත් බවලතුන්ට හිතෙන්නේ ඒ මහත්වරු මොනවා හරි " පාවිච්චි " කරලා තමයි පරිගනකයට යොමු වෙන්නේ කියලා. නිමලරාජ් කියවන්නේ නැද්ද පිවිතුරු යහපාලගේ අදහස් එහෙම ? (ර)
නිකන් හරිම සුන්දර සිතුවිලි තමයි හිතට එන්නේ. අපි ඒවා නැවත නැවත කලේ නම් නැහැ. අපි ඒකාලේ ගෙදරට බොහොම බයෙන් තමයි හිටියේ. (ර)
ජයානි, ඔයාට අමතක උනාද ඩුබායි තිලක්ව. (ර)
ඔව් ඔව් ඩුබායි තිලක් සහ පිවිතුරු යහපාල එකතු වෙලා ඉදිරිපත් කරන එකම පුවතකට ලියවෙන අදහස් ගොන්න දැක්කාම අපිටත් මෝදකය නෙවෙයි මෝහනය වුනා වගේ දැනෙනවා. (බ)
මේවා කාලා අපේ ඉස්කෝල වල යන පැටව් මොනවා කරනවා ඇද්ද ? ඉස්කෝල ළඟ තමයි මේවා විකුනන්නේ. (බ)
මිනිස්සු මෝදක කන්නේ මනස විකෘති කරගන්න නම් වියදම් කර කර ඕවා ගන්නේ නැතුව හොඳ මිටි පාරක් ඔලුවට ගහගත්තා නම් කිසිම වියදමකින් තොරව හැමදාම විකෘති වෙලා ඉන්න පුළුවන්. (නි)
වරුණ කියලා කෙනෙක් හැමදාම හොඳ අදහස් දැම්මා. ඔබ අද නිහඩ ඇයි? (නි)
නිතර කොමන්ට් කරපු අයවලුන් පෙන්න නැති වුනාම හිතට දුකක් අැතිවෙනව තමයි.මම නම් හරිම කැමතියි ප්‍රතිචාර කියවන්න. (බ)
දෙවියෝ සාක්කියෙන් අපි ගොඩාක් සතුටු වෙනවා. (ර)
සරසි කියනවා වගේම .මට කලාතුරකින් තමයි අපේ අම්ම කීයක් හරි දෙන්නේ පාසල් ගියාම කැන්ටිමෙන් ගන්න, අප්පච්ච්චි එළවලු විකුනුවාම අපිත් මහන්සි වෙන නිසා .. කුඹුරේ එළවලු කොටුවේ වැඩට ..නැතිනම් අපේ අම්ම රෑට කාල ඉතුරු බත්මුට්ටියට වතුර දමලයි නිදියන්නේ .උදේට දිය බත් කාල හැමදාම පාසල් ගියේ ?දැන් ළමයින්ව නාස්තිකලේ වැඩිහිටි නොසැලකිල්ල කියන ඉස්ටයිල් එක නිසයි ...? (බ)
අපි ඉස්කෝලේ යන කාලේ දැන් වාගේ ඔය කියන ජරාවල් තිබුනෙත් නැහැ,අපි දන්නෙත් නැහැ. හැබැයි මායිම් වැටට එහායින් වෙරළු ආච්චි අම්මා නම් හිටියා හිනාවෙවී.අම්මාට දාහක් වැඳුම් වැඳලා ඉල්ලගන්න සල්ලි අරගෙන දුවලා ගිහින් නැවතෙන්නේ වෙරළු අච්චාරු ගන්න. (නි)
අජිත්, ඒ දවස්වල පහන් ලිවේ කවි නෙවෙයි හොද රසවත් විහිළු කතා මා ඒ දවස්වල පොතක එම කවි, විරිදු, විහිළු කතා ලියාගෙන තියෙන නිසා අදටත් එහි රසය විදිනවා, තේරවිලි ලියපුවත් ඒවාට උත්තරත්, හරිම සුන්දර අතීතයක්. (ර)
බලන්න අපි පියවරුන්ගේ සෙනෙහස ඇතුලතින් බලනවා අඩුයි ඒ පිටතින් අපිට දිලිසී පෙනෙන පාටක් වගේ නොවන නිසා ..සෙනෙහස ආදරය රැකවරණය කියන දේ ..! දයාබර පියෙක් දියණියට ඇති ආදරය කොතෙක්ද කියල පරක් තෙරක් නැති සෙනෙහසේ බර ජෙහාන්... නමැති පාඨක ආදරණීය පියා ලියල ඇති වචන ටික කියවද්දී මගේ හදවතේ..පියාගේ ..සෙනෙහස මා ලැබූ හැටි මතක් වී දයාබර කදුලක් නෙතින් ගලගියා..ඇයි අපේ සෑම පිරිමියෙකුටම හැකිනම් ..මගේ පියා මෙන්... ජෙහාන් මෙන් ..?දයාබර පියවරු වෙන්න..එහෙනම් දරුවන් බිරින්දෑවරු කොපමණ වාසනා වන්තද අපේ මේ පුංචි රටේ ..! ඔබට තෙරුවන් සරණයි ජෙහාන් ..!!! (බ)
ඔව් රූපා, ඒ දවස්වල දෙයියෝ සාක්කි තීරුවට අදහස් එකසිය ගණන්, ඒ අතර අපි ලියන පුංචි කවියක්, විරිදුවක් පලවෙනවා. එයින් මොන තරම් සතුටු උනාද. මට මතකයි දවසක් අපේ සහෝදරයන් ටිකක් ඔයාටයි මටයි විහිළු කලා. පිට්ටනියක ව්‍යායාම කරපු නිව්ස් එකකට මතක් වෙද්දී තාමත් හිනා සරත් මල්ලි ලියලා තිබුන දේවල් වලට දැන් එයාලා කොහෙද දන්නේ නැහැ නේද..? (ර)
අපි ඉතින් මොනවා කියන්නද නිශාන්ත (නි)
මම බොහොම සාමාන්‍ය පවුලක කෙනෙක්. ඉගෙනගන්න ගොඩක් මහන්සි වුණ දෙමාපියන්ට කරදරයක් නොවුන කෙනෙක්.එදා පන්ති යන්න ඉල්ලා ගත්තේ රුපියල් 10යි. රුපියල් 6ක් යන්නයි එන්නයි ගියා. ඉතුරු රුපියල් 4 ඊළඟ සතියේ යන්න ඉතුරු කරගෙන අම්මාගෙන් ඉල්ලා ගත්තේ රුපියල් 6 විතරයි. මම උපාධියක් අරගෙන අද ජීවත්වෙන්නේ කැනඩාවේ. අම්මා තාත්තා ළඟ ඉන්න බැරිවුණාට මගේ හිත හැමදාම තියෙන්නේ මගේ දෙමාපියෝ එක්ක. හැදෙන කෙනා කොහේ හිටියත් හැදෙනවා. මුල මතක නොකර කෙළෙහිගුණ ඇත්නම් කවදාවත් වරදින්නේ නැහැ (නි)
ඉස්සර අපේ අම්මා රැකියාවේ කාර්යබහුල වුණත් අපිට පාසලට යනවිට කන්න බොන්න අවශ්‍ය දේ ගෙදර සකස්කර දුන්නා. පොකට් මනි කියලා සල්ලි අතමිට මෙලෙව්වේ නැහැ. ඒ නිසා පාසල් යනඑන අතරතුර පිටින් කිසිම දෙයක් සල්ලි වලට ගන්න අපේ මල්ලිටයි මටයි අවස්ථාවක් තිබුනෙම නැහැ. ඒකට දැන් ළමයින්ට ඕනෑ ජරාවක් කන්න බොන්න අම්මලා සල්ලි දෙනවා. උදේ නැගිටලා ළමයින්ට කන්න දෙයක් හදලා දෙන්න කම්මැලි පොෂ් අම්මලාගේ ළමයි තමයි මේවාට ලේසියෙන් ඇබ්බැහි වෙන්නේ. ඇයි අතේ සල්ලි තියනවානේ කැන්ටිමෙන් කන්න කියලා අම්මලා දුන්න. (නි)
ජෙහාන්, ඔයානම් හොද තාත්ත කෙනෙක් . ලෝකේ හැම තාත්ත කෙනෙක්ම ඔයා වගේ හිතන සහ හැම ගැහැණු ළමයෙක්ම තමන්ගේ දරුවා වගේ කියල හිතනවානම් මේලෝකේ ගොඩක් ලස්සන තැනක් වෙයි (අ)
ඕවා කරන්න ඕනෑ, කලාවකට තමා පිටබැද්දර ජයා. (නි)
කරනකොට හැම දෙයක්ම හොදට හිතල බලල කරනවානම් මොකුත් ප්‍රස්නයක් නෑනේ මල්ලි. (ස)
නිශාන්ත, මේකට ලියන බවලතුන් වැඩිදෙනෙක් මේවා කාලා ලියනවා කියලයි මට නම් හිතෙන්නේ, මේ අදහස් දැක්කහම (නි)
ජයානි, මම නිශාන්තට විහිළුවක් කලේ. යහපාලගේ කතා මෝදක කෑවාට අන්තයිනේ. ඒනිසා මම දැන් ඒවා කියවන්නෙම නෑ. (ස)
මම උසස් පෙළ පන්තියේදී පටන්ගත් ඉඳහිට දුම් පානයත් පසුකලක ලැබුන දුව නිසා නැවැත්තුවා. මගේ කොල්ලෝ දෙන්නා වගේ නොවේ දෝණි. දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් . නෝනටත් නතර කරන්න බැරිවුණ මගේ පොඩි පොඩි වැරදි නතරකළේ මගේ එකම දුව. අනේ මන්දා ඒ දරුවා බන්දලා ගෙදරින් ගිය දවසට මම හිතේ අමාරුවටම ආයෙත් වැඩ පටන්ගනීද කියලා. (නි)
මගේ දුම් පානය නැවතුනේ මගේ එකම අක්කාගෙන් ලැබුන ටොක්කක් නිසා. වත්ත පහළට ගිහින් සිගරට් බිලා ගඳ යන්න නාරං කොළ හප හපා ගෙදර ආ මගේ කණෙන්ම අල්ලා ගත්තා. ඒත් එයා හිටියේ නැත්නම් මම අද අම්මාගේ වැඩි හුරතලේ නිසා නරක්වුණ, බෝක්කුවක් උඩ බීඩි උරමින් ඉන්න රස්තියාදුකාරයෙක්. (නි)
සමහරු මේ ඖෂධය අරගෙන ප්‍රතිචාර ලියනවා කියලා මට හිතුනේ පසුගිය කාලයේ පිවිතුරු යහපාල අනෝමා කියන පාඨක මහත්මියක් පසුපස දොඩවමින් ගිය හැටි දැකලා. (නි)
ඉස්සර මෙහි අදහස් දාපු අය දැන් පෙනෙන්න නැති හේතුව කවුරුත් දන්නවා. අලුතෙන් ආ අයට පහුවෙනකොට තේරෙයි. (නි)