IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මත්ලෝලි තරුණයා රොටියක් සෝදා පිඟන් රාක්කයේ තබලා

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න) 
මව රාත්‍රී කෑමට පුළුස්සා තබා තිබූ රොටී දෙකෙන් එකක් කා අනෙක පිඟන් රාක්කයේ තැබූ තරුණයකු පිළිබඳව කෑගල්ල ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය. 


මොහු 24 හැවිරිදි තරුණයෙකි. මව්පියන් හා බාල සහෝදරයා සමග නිවසේ පදිංචිව සිටියි. පියා විදේශ රටක රැකියාවක් කරන අතර බාල සහෝදරයා සිසුවෙකි. 


මෙම තරුණයා කලක සිට ප්‍රදේශයේ තරුණ පිරිසක් සමග මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී ඇති අතර සෑම දිනකම සවසට මොනයම් හෝ මත් ද්‍රව්‍යයක් පානය කර නිවසට පැමිණෙන තරුණයා උයා පිහා තිබෙන යමක්  කා නිදා ගැනීම පුරුද්දක් කරගෙන තිබුණි. එදා ද මෙම තරුණයා සවස නිවසින් පිටව ගොස් මත්ද්‍රව්‍ය පානය කර නිවසට පැමිණ ඇත්තේ රාත්‍රී 11 ට පමණය. එදින රාත්‍රී මව කෑමට රොටී සහ පොළොස් වෑංජනයක් සාදා ඔහු පැමිණෙන තුරු මඟ බලා සිට ඇත. දරුවා පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් මව නින්දට ගොස් තිබුණි. 


රාත්‍රී 11 ට පමණ අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කර නිවසට පැමිණ ඇති තරුණයා කුස්සියට ගොස් එහි තිබූ රොටී දෙකෙන් එකක් කා අනෙක් රොටිය සෝදා පිඟන් රාක්කයෙන් තබා නින්දට ගොස් ඇත. පාන්දර 4 ට පමණ අවදි වූ මව කුස්සියට ගොස් බලද්දී ලොකු රොටිය පිඟන් රාක්කයේ දෙකට නැමී ඇති අයුරු දක්නට ලැබී ඇත. 



අදහස් (4)

මත්ලෝලි තරුණයා රොටියක් සෝදා පිඟන් රාක්කයේ තබලා

mahesh Wednesday, 13 November 2019 03:06 PM

පව් අහිංසක අම්මලා... හිතේ කොච්චර ගින්දරක් දරාගෙන ඉන්නවා ඇති ද? ... බොන එක නවත්තල පිරිමියෙක් වෙයල්ලා....

:       59       124

මසිරිපාල Thursday, 14 November 2019 12:03 AM

මේ රටේ දේශපාලුවෝ නූගත් තරුණ පරපුරට බත් පැකට් එකයි කසිප්පු කවරයයි දුන්නම ඕනෑම වැඩක් කරගන්න පුළුවන් කියලා දන්නවා. එනිසා මේ දිනවල මැතිවරණ පෝස්ටර් ගැසීමටත්, බැනර් ඇදීමට හා ගෙවල්වලට පත්‍රිකා බෙදීමට මොවුන් යොදාගන්නවා. අනුමානයක් නැහැ මොහුත් එවැනි අයෙක් වෙන්න පුළුවන්.මේවාට දේශපාලුවන් වගකිව යුතුයි

:       0       34

true lankan Thursday, 14 November 2019 06:07 AM

හිස් ජිවිත

:       0       8

unknown Thursday, 14 November 2019 07:49 AM

අපි ප‍ොඩි කාලෙත් ඔය කතාව අහලා තියනවා.

:       1       69

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site