IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මිතුරාගේ මවගේ මළ ගෙදරට ගෙනගිය බඩුමල්ල අල්ලපු මළගෙදර බාලා

තම නගරයේ සේවය කළ ආයතන ප්‍රධානියකුගේ මවගේ මළගෙදරකටට දීමට රැගෙන ගිය රුපියල් පනස්දහසක් පමණ වටිනා වියළි ආහාර තොගයක් වෙනත් මළගෙදරකට දී යා යුතු මළගෙදරට හිස් අතින් ගිය ව්‍යාපාරිකයෙකු පිළිබඳව දකුණේ එක්තරා නගරයකින් වාර්තා වේ.


 වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


නගරයේ සිටි මේ ආයතන ප්‍රධානියා තමන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා බෙහෙවින්ම උදව් උපකාර කළ තැනැත්තෙකි.


 ඉකුත් දිනෙක මේ ආයතන ප්‍රධානියාගේ මව මිය ගියාය. මේ පුවත ආරංචි වූ වහාම ව්‍යාපාරිකයා කල්පනා කළේ තමන්ට කළ ඒ උදව් උපකාර වෙනුවෙන් ඔහුට ප්‍රති උපකාර දැක්වීමට මෙය හොඳ අවස්ථාවක් බවය. එම නිසා ව්‍යාපාරිකයා කළේ මේ ආයතන ප්‍රධානියාගේ මවගේ මළගෙදරට යන එන අයට කෑම බීම ලබා දීම සඳහා අවශ්‍ය වෙතැයි හිතෙන වියළි ආහාර තොගයක් ගෙන ඒවා සුදුසු පරිදි පාර්සල් කරගැනීමයි.


ඉන්පසු සිය සේවකයකු ලවා භාණ්ඩ තොගය තමන්ගේ වාහනයට පටවා ගත්තේය. එහි රුපියල් පනස් දහසක් පමණ වටිනා සහල් පරිප්පු සීනි, කිරිපිටි කරවල, සැමන්, මුංඇට, තේකොළ කෝපි හා කුළුබඩු පැකට් ද විය. 


ඔහු මේ මළ ගෙදර යාමට නගරයේ වූ තමාගේ හිතවතුන් කිහිප දෙනෙකු ද එක්කර ගත්තේය. ඉන්පසු ඔවුහු ඈත ප්‍රදේශයක පිහිටි මළගෙදර බලා පිටත් වූහ.


මළගෙදර තිබෙන ඉසව්ව දැන සිටිය ද හරියටම ඉසව්ව කොහිදැයි මේ එක් අයෙකුවත් දැන සිටියේ නැත.


කෙසේ හෝ යන එන මග සිටි අයගෙන් අසා දැනගෙන අවසානයේ ඔවුහු මළගෙදරට ගොඩ වූහ.


මළ ගෙදරට ගිය ඔවුහු ගෙතුළට ගොස් මෘත දේහයට ගෞරව දක්වා පැමිණ එළියේ වූ අසුන්වල හිඳගත්තහ.


 මේ ව්‍යාපරිකයාට තමන් රැගෙන ගිය බඩු ටික මළගෙදරට දෙනතුරු ඉස්පාසුවක් නැත. එහි සිටි කාටත් පෙනෙන්නට ඒවා දීම ව්‍යාපාරිකයාගේ වුවමනාව විය. පසුව ඔහු එම නිවසේ සිටි කෙනකු තම වාහනය ළඟට කැඳවාගෙන ගොස් එහි පිටුපස දොර හැර මේ බඩු ටික මළගෙදරට රැගෙන යන්නයි පැමිණි පුද්ගලයාට කීය.


 එම පුද්ගලයා තවත් කිහිප දෙනෙකු ද වාහනය වෙත කැඳවා ගෙන ගොස් බඩු මලු ගෙතුළට රැගෙන ගියේ ද ඉතා අපහසුවෙනි.


 ඉන්පසු ටික වේලාවක් ගත වුව ද ආයතන ප්‍රධානියා තමන් හමුවට ආවේ නැත. මේ නිසා බැරිම තැන ව්‍යාපාරිකයා සමග ගිය හිතවතෙකු නිවසේ සිටි අයෙකුට කතාකොට ආයතන ප්‍රධානියාගේ නම කියා ඔහු කොහිදැයි විමසීය.


 “මහත්තයා ඒ... මහත්තයලාගේ මළගෙදර තියෙන්නේ නම් තව ටිකක් එහායින්. මහත්තයලාට එහේටත් යන්න ඕනෑද ඔහොම කිලෝ මීටර් භාගයක් විතර ඉස්සරහට ගියහම පාරේ වම් පැත්තෙ තියෙන්නේ.’


මේ කතාව ඇසූ ව්‍යාපාරිකයාට තරු පෙනුණි. එහෙත් ගෙතුළට ගෙන ගිය බඩු ආපසු ගත නොහැකිය. ඒ වෙලාවට කඩ වසා තිබුණ නිසා එම බඩු ගතහැකි තැනක් ද නොවීය.


 ඉක්මන් වී කළ මෝඩකම ගැන පසුතැවෙමින් ටික වේලාවකින් ඔවුහු ආයතන ප්‍රධානියාගේ මළගෙදරට ගියේ හිස් අතින්මය.


මේ ගැන මතක් කරද්දී දැන් ව්‍යාපාරිකයාට කේන්ති යනවලු.

(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)



අදහස් (0)

මිතුරාගේ මවගේ මළ ගෙදරට ගෙනගිය බඩුමල්ල අල්ලපු මළගෙදර බාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site