වෛද්‍යවරයකු විසින් මුත‍්‍රා පරීක්ෂා කිරීම සඳහා දින තුනකින් පැමිණෙන ලෙසට දියවැඩියා රෝගියෙකු හට උපදෙස් දීමෙන් පසුව එම රෝගියා දින තුනක් තිස්සේ, මුත‍්‍රා බෝතලයකට එකතුකර වෛද්‍යවරයා හමුවට රැගෙන ඒමේ සිද්ධියක් උඩරට ප‍්‍රදේශයක පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් වාර්තා විය. සිද්ධිය සැකෙවින් මෙසේය. ඔහු දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙකි. පසුගිය දිනක ඔහු පදිංචි ස්ථානයකට ආසන්න වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කරන වෛද්‍යවරයකු මුණගැසීමට ගියේ එම රෝගයට ප‍්‍රතිකාර ලබාගැනීමේ අරමුණින් යුතුවය. රෝගියා ඒ අවස්ථාවේදී පරීක්ෂා කළ වෛද්‍යවරයා එම අවස්ථාවට උචිත බෙහෙත් පෙති වර්ග කීපයක් රෝගියාට ලබාදීමෙන් පසුව කියා සිටියේ බෝතලයකට මුත‍්‍රා සාම්පලයක්ද රැගෙන, මුත‍්‍රා පරීක්ෂණයක් සිදුකිරීම සඳහා දින තුනකට පසුව පැමිණෙන ලෙසටය. දින තුනක් ගතවිය. රෝගියා වෛද්‍යවරයාගේ උපදෙස් නිවැරැුදිව පිළිපැද, හරියටම දින තුනකින් වෛද්‍යවරයා හමුවීමට ගියේය. ඒ මුත‍්‍රා පරීක්ෂණයක් සිදු කිරීම සඳහාය. රෝගියා දුටුවිට වෛද්‍යවරයා ඒ අසල සිටි සාත්තු සේවිකාවට පවසා ඇත්තේ, රෝගියාගේ මුත‍්‍රා සාම්පලයක් ලබා ගැනීම සඳහා කුඩා කුප්පියක් ලබාදෙන ලෙසටය. එම කුඩා කුප්පිය ලබාදෙනවාත් සමගම රෝගියා ”මම මුත‍්‍රා බෝතලයක් ගෙන ආවා” යැයි පවසා කළු පැහැති ටියුලිප් බෑගයකට අත දමා, එක්තරා බීම වර්ගයක් ඇසුරුම් කිරීමට ප‍්‍රයෝජනයට ගත් මෙගා ප්ලාස්ටික් බෝතලයක් එළියට ගත්තේය. එම මෙගා බෝතලයේ මුත‍්‍රා පිරී තිබිණි. එය දුටු වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටි කාටත් සිනහ නොවී සිටීමට නොහැකි විය. පසුව ඒ පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ, වෛද්‍යවරයා විසින් දින තුනකට පසුව මුත‍්‍රා පරීක්ෂණයක් සිදුකිරීමට පැමිණෙන ලෙසට ලබා දුන් උපදේශය වැරැදි ආකාරයට අවබෝධ කරගෙන රෝගියා විසින් දින තුනක් තිස්සේ බෝතලයකට මුත‍්‍රා එකතු කර රැගෙන පැමිණ ඇති බව ය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුත්රා නිසා හොදයි අනික් එවා පරික්ෂා කරන්ඩ දින තුනකින් එන්ඩ කිවනම් දොස්තරට දුවන්ඩ වෙන්නෙ...
හොඳ වෙලාවට වෛද්‍යවරයා මළ පරීක්ෂණයක් කරන්න කිව්වේ නැත්තේ.
තවමත් මෙහෙම මෝඩ වැඩකරන මිනිස්සු ලංකාවේ ඉන්නව කියල හිතන්නත් අමාරුයි.....
අසරණයාට හිනා වෙන්න එපා වයසක ගෙනක් වෙන්න ඇති ඔබේ අම්ම තාත්තා අතිනුත් මේ දේ වෙන්න පුළුවන්
සති 3 ක් එහෙ හිටියනම් .............බවුසරයක් අරන්එයි....
හොක්කි හොක්කි හූ.............
තේරෙන සිංහලෙන් විස්තර කරල කිව්වනම් ඉවරනේ...........
දවස් 3 ටම එච්චරද????????????
විහිඵ කරන්න එපා.එයාට කියපු දේ හරියට වැටහිලා නැතුව ඇති.අපි කවුරුත් අංග සම්පූර්ණ නෑ.. හිනාත් යනව තමයි ඒත් ලෙඩෙක්නේ..............,
හපෝ දවස් 3ටම එක මෙගා බෝතලය ද ??? බොහොම මදි ... මෙයාට ඊළගට වකුගඩු අමාරුව හැදෙයි ... පරීසමින් හොදේ ...
දන්න සිංහලෙන් කිව්වනම් නේද හොඳ...
සිංහලවත් කතාකර ගන්න බැරි ටෙලි නිළියෝ වැඩිම මනාපයෙන් තේරීපත්වෙන රටක්නේ මේක.....
මේකට හිනා වෙන්නේ ඊට වඩා මෝඩයෝ....
ඔය විදියෙම මළ පරීක්ෂණයක් ගැනත් මම අහලා තියෙනවා. එදා ලෙඩා මල පාර්සලයක් ගෙනාවලු.
පවු අප්පා.හිනා වෙන්න එපා
පෙනෙන විදියට රෝගියා වැරදි විදියට උපදෙස් තේරුම් කරගෙන ඇති බවයි පෙනෙන්නේ. නමුත් දියවැඩියා රෝගයෙන් පෙලෙන රෝගියෙකුට වෛද්‍යවරයා විසින් පැය 24 දී රැස් කල මුත්‍රා රැගෙන එන ලෙස උපදෙස් දියහැක. මා ද මෙම රෝගයෙන් පෙලෙන අයෙකි. පැය 24 ක් තුල දී රැස් කල මුත්‍ර වලින් පර්යේෂණා ගාරය ගන්නේ සාම්පලයක් පමණි. මෙම රෝගියා සමහර විට කාගෙන් හෝ අසා දැනගෙන වැරදි විදියට කලදෙයක් වන්නට පුළුවන්.
ප්‍රිමාල්, ඇත්ත එක මෝඩකම නොවෙයි නොදැනුවත්කම ඒ මිනිසුන්ගේ,
මනුෂ්‍යයකු රෝගීවු අවස්ථාවකදී ඒ රෝගය නීසාත් යමියමි පුශ්න නිසාත් මානසිකවද රෝගී වන අවස්ථාවල් එමටයි. එවැනි තත්වයකට පත්වන මනුෂ්‍යයාට කියන්නේකුමක්ද? කරන්නේකුමක්දැයි? නොදැනන තත්වයක සිටින නිසා මෙවැනි දේවල් සාමාන්‍යයෙන් සිදුවිම නොවැලැකිවිය හැකියි. අද මුදල්ගෙවා වෛද්‍යයවරයෙකු මුණගැසුනත් එම රෝගීයාව ඉක්මනින් යවා අනික් රෝගීන්ව පරික්ෂා කිරීමට තිබෙන්නවු තදියම නිසා දුන් උපදෙසක් නැවත නැවතත් වෛද්‍යවරයාගේ ඇසීමට අසරණ රෝගී මැලිබවක් දක්වයි. මන්දයත් දෙවන වරටත් එකම පුශ්ණය ඇසීමේදී ඇයි අමිමේ එකපාරක් කිවුවාහම තේරෙන්නේ නැද්ද යනුවෙන් පුශ්ණයට පිළිතුර නොව බැනුමක් ඇසීමට සිදුවේදෝයි යන සැකයක් සමහරක් තුල පවතින බැවිනි. මෙවැනි සුදුවීමි මත මුත්‍රා බෝතලයක් නොව අසුචි කප්පරයක් අරන් ගියන් ඒ අය බාරගතයුතුයි. මෙය විවෘත ආර්ථිකයේ ස්වභාවයයි.
මේ වගෙ මිනිස්‌සුන්ට අපි සිනා නොවි උපකාර කරමු.
මේකට නම් නොදැනුවත් කම කියලා කියන්න බෑ.මොකද මුත්‍රා සාම්පලයක් කියන එක පොඩි ළමයෙක් වුණත් දන්නවා
සමහර ඇමතිලා රතු වයින් ගැන කැප්පෙටිපොළ පිළිරුව ඉදිරියේ කතා කරන එක ගමේ ඉන්න අපිට මොන දැනුමක්ද අනේ
ගමේ හතර ලියැද්දද ?
මානව හිමිකම් බිදීමට විරුද්ධව නීති මගින් ක්‍රියා කළ යුතු වෙනවා
මෙයින් පෙනෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ සාමාන්‍ය දැනුමේ තරම නොවේද? රටේ පරිහානියට මූලිකම හේතුව මේක තමයි
අලිබබාගේ ප්‍රතිචාරයට මම එකගයි.අපේ දොස්තරලට අවශ්‍ය උපදෙස් දෙන්න සමහර වෙලාවට වෙලාව මදි.ඒත් විවිධ ප්‍රමාණ වලින් මුත්‍රා ගන්න පරීක්ෂනත් තියෙනවා.පැය 24ක් මුත්‍රා එකතු කරලා කරන පරීක්ෂණත් තියෙනවානේ.
අනේ පවු අහිංසක මිනිස්සු.අවබෝධ උණානම් හරියට එහෙම කරන්නේ නෑ
මේ වගේ අයට හිනා වෙන එක හොඳ නෑ....