මැද පෙරදිග සේවය කළ අයෙකුට ලංකාවට පැමිණි පසු පෞද්ගලික බස් රථ රියැදුරු රැකියාවක් ලැබිණි. බස් රථයේ හිමිකරු ඔහුගේ ඥාතියෙක් විය. හිමිකරුගේ මස්සිනා එහි කොන්දොස්තරය. මෙය දුර ගමන් බස් රථයක් වූ අතර රියැදුරාට වැටුප් වශයෙන් දිනකට රුපියල් දෙදහසක් ලැබිණි. ආහාර පාන නොමිලේ ලැබුණේ තේ බීමට නවත්වන හෝටලයෙනි.
උදෑසනම කොළඹ බලා යන බසය ආපසු පැමිණෙන්නේ රාත්‍රියටය. වෙහෙස මහන්සි වී ගමනාන්තයට පැමිණෙන රියැදුරුටත් කොන්දොස්තරවරුන්ගේ අනුග්‍රහයෙන් හීන් අඩියක් ලැබීම සාමාන්‍ය සිරිතය.
අප රියැදුරාට ද දිනපතා නොමිලේ මත්පැන් ලැබීම නිසා රෑ බෝවී නිවසට පැමිණෙන විට බිරියගෙන් නිතරම බැනුම් ඇසීමට සිදුවිය.
“මොනාද මනුස්සයෝ වෙලා තියෙන්නේ. හැමදාම එන්නේ රෑ දහය පහුවෙලා. අරක්කු ගඳේ බැහැ. ඔය විදියට බීලා ආවාම මං ළමයින් හදා ගන්නේ කොහොමද?” ඇය දිනපතා ගෝරනාඩු කළාය. එය “බීරි අලියනට වීනා වැයුවාක්” මෙන් විය. “මම චුට්ටක් බිව්වාට කකුල් හතරෙන් ආවේ නැහැනේ. අනෙක ගෙදරට අඩු පාඩුවක් කරන්නෙත් නැහැ” ඔහු එවිට දෙන පිළිතුරය. දිනක් සුපුරුදු පරිදි රියැදුරා කොන්දොස්තරවරුන්ගෙන් ලද මත්පැනින් සංතර්පණය වී රාත්‍රියේ නිවසට පැමිණියේය. වසා තිබූ දොරෙහි කොළයක් අලවා තිබිණි. එහි වූයේ බිරියගේ අත්අකුරුය.
“කොට්ට පැදුරු කොස්ගහ යට රෑ කෑම කුස්සියේ” එහි සඳහන් විය. දින කිහිපයක්ම රියැදුරාට කොස්ගහ යට නිදාගැනීමට සිදුවිය. අවසානයේදී රැකියාවට ආයුබෝවන් කී ඔහු නව රැකියාවකට අගනුවරට පැමිණියේය.
ක්‍රිස්ටෝපර් සීපියන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම සැමියෙකුම කසාද බඳින්න ඉස්සර වෙලා සූරා සූදූවෙන් තොර උපාසක මහත්තුරු නමුත් කසාද බැන්දට පස්සේ නම් යම පල්ලන්ටත් අන්තයි තනිකරම බේබද්දෝ වෙලා ගෙදර ජවුසන් නටනවා මොකද මෙහෙම වෙන්නේ ලංකාවේ ගැහැනු මේ තරමට අවුල් ද හැබෑටම? (හේ)
සුරාවට ගිජුවී සිය දරු පවුල සහ ගෙදර ගැනවත් සිතන්නේ නැති සැමියෙකුට, යහපත් බිරිඳක් විසින් මුළු ජීවිතේටම මතක තියෙන්න ඉගැන්නු පාඩමක්. (නි)
එතකොට බිරිඳ නිදාගත්තේ බිමද? (නි)
බලාගෙන පරිස්සමින්! වැරදිලා වෙන ගෙදරක නිදාගන්න යයි. (නි)
කසාඳ බඳින්න කලින් පුවත්පත්වල මංගල දැන්වීම් වලයි, කපු මහත්වරු ගේන මංගල යෝජනා වලදීයි මනාල මහත්වරු සියලු දෙනාම වාගේ අහිංසක සීදේවී සුරා සූදුවෙන් තොර, හතර පෝයට සිල් ගන්න උපාසක මහත්වරු කියලා සඳහන් වුණාට කසාද බැන්ඳට පසුව එක මාසෙන් දෙකෙන් බේබද්දෝ සුරා සොඬුන් ගානට වැටෙනවා. (නි)
නියම කතාවක්. සුපිරියි! (නි)
බීමත් සැමියන් නිසා දුක්ගැහැට විඳින කාන්තාවන් කොපමණ සිටිනවාද? (නි)
මුළු දවසක් බස් එකක් එක්ක ඔට්ටු වුනාම ගතට සිතට දැනෙන්නේ ලොකු වෙහෙසක් (බ)
ඒ කරපු දේ නම් හොදයි.(හේ)
බීමත්ව පැමිණෙන ගොඩක් ස්වාමි පුරුෂයන්ට බිරින්දෑවරු දඩුවම් දෙනවා අඩුයි.(හේ)
මෙයාට තිබ්බේ වැඩ කරලා නොබි ගෙදර යන එකනේ.(හේ)
කොළඹ විශ්වවිද්‍යාලය මාධ්‍ය අංශය මඟින් විවාහය පිළිබඳව කරන ලද සමීක්‍ෂණ වාර්තාවක් පසුගියදා එළිදැක්විණ. එයින් කියැවුණේ ලංකාවේ සිදුවන මත්පැන් භාවිතය නිසා විවාහ සියයකින් විසිපහක් දික්කසාදයෙන් කෙළවර වන බවයි. මෙම තත්ත්වය බරපතළ තත්ත්වයකි. මෙයින් කියවෙන්නේ සමාජය බරපතළ ලෙස බිඳවැටී ඇති බවයි. සමාජය ඒක රාශී කරන ප්‍රධාන සාධකය පවුලයි. පවුල් සංස්ථාවේ දෙදරා යෑම සුළු කොට තැකිය නොහැක. (බ)
පවුල තුළ පමණක් නොව ඉන් පිටත සමාජය සමඟ බැලු විට බීමත් පුද්ගලයින් අතින් සිදුවන අපරාධ ද බොහෝය. පැළ ඉනි වැටට මරා ගන්නේ ද, වෙනත් අයථා වැඩවලට යොමුවන්නේ ද බීමත්කමේ තවත් ප්‍රතිඵල ලෙසය. බීමත් පුද්ගලයා පවුලට සමාජයට පමණක් නොව ඔහුට ද කරගන්නේ අයහපතකි.(බ)
ඇයි මනෝරි අත්දැකීමක් වත් වෙලා තියෙනවාද ඔය විදහට අදහස් දක්වලා තියෙන්නේ. (බ)