”මත්පෙති ගත් තරුණයකු තමන් සුදු වෑන් රථයකින් පිරිසක් පැහැරගෙන යන්නේ යැයි’’ ජංගම දුරකතනයකින් තම මවුපියන්ට දැනුම් දුන් පුවතක් අවිස්සාවේල්ල පොලිසියෙන් වාර්තා වෙයි.
සිද්ධිය සැකවින් මෙසේය.
සිසුවා ඇහැළියගොඩ පදිංචිකරුවෙකි. ඔහු එම ප‍්‍රදේශයේ එක්තරා විදුහලක ඉගෙනුම ලබයි. පාසල හමාරවීමෙන් පසු සතියේ දිනවල පස්වරුවේ සහ සති අන්තයේ දිනවල අවිස්සාවේල්ල නගරයේ උපකාරක පන්තියකට පැමිණ ඉගෙනුම ලබයි. මෙදින උපකාරක පන්තියට ගිය ඔහු රැ බෝවන විටත් නිවසට පැමිණ නැත. කෙමෙන් කෙමෙන් කාලය ගතවී ඇත. රාති‍්‍ර 8.00ට පමණ විය. නිවසේ දුරකතනය නාද වෙමින් පවතී. හනික එම ස්ථානයට දුවගොස් මව රිසිවරය අතට ගැනීමේදී කියවුණේ මෙවැන්නකි.
‘‘අනේ අම්මේ මම සුදු වෑන් එකකින් පිරිසක් පැහැරගෙන යනවා බේරා ගන්න’’ අතරමග ඇමැතීම නතරවී තිබේ. බියට පත් මවුපියෝ වහාම ඥාතීන් සමග අවිස්සාවේල්ල පොලිසියට ගොස් පැමිණිලි කළහ. වහාම පොලිස් පරීක්‍ෂණ ඇරඹුණි.
මේ අවිස්සාවේල්ල පෞද්ගලික බස් නැවතුම් පොළයි. රාත‍්‍රිය බැවින් බස් රථවල අඩුවක් පැවැතී තිබිණි. බස් නැවතුම් පොළේ කානුවක් අසල අධික ලෙස මතින් පාසල් සිසුවෙකි. මොහු අන් අයෙක් නොව සුදු වෑන් රථයෙන් පැහැර ගෙන ගොස් ඇතැයි කියවෙන සිසුවා වේ. සිසුවා මත්පෙති පානය කර ඇතැයි පොලිසිය කියයි. මේවා අලෙවි කර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි. පොලිස් අත්අඩංගුවට ගත් සිසුවා අවිස්සාවේල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
සීතාවක කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්‍ෂ්මන් විජේසේකර, නියෝජ්‍ය පොලිස් අධිකාරි සරත් කුමාර මහත්වරුන් ගේ උපදෙස් මත අවිස්සාවේල්ල පොලිස් මූලස්ථානයේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක දුමුදු සේනානායක මහතා ඇතුළු පොලිස් පිරිස මේ සම්බන්ධව වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි සිරිමල්. ගිය ආණ්ඩුව මතට තිත තියනවා කියලා මොනවද කළේ? (නි)
තාමත් මේ සුදු වෑන් අවසන් නැද්ද? (නි)
සමහරු මෙතෙන්ටත් මෝඩ විදිහට ජාතිවාදය ඇදල අරගෙන... සිංහල පමණක් නොවේ උතුරේ දමිළ තරුණයිනුත් මේවාට ඇබ්බැහි වෙන අවස්ථා තියෙනවා... මත් උවදුර ලෝකයටම ප්‍රශ්නයක් (අ)
සමහර පණ්ඩිතයන් මොනදේ මොන අවස්ථාවක මොන විදියට කිව්වත් එතනින් ඉස්මතු කරලා ගන්න හදන්නේ ජාතිවාදය..අද සමාජය තුළ වෙන දේ ඇත්ත ඇතිසැටියෙන් පැවසීමත්, සමහරුන්ට දිරවන්නේ නැහැ.අනුන්ගේ දරුවෝ හදන්න ඉස්සර තමන්ගේ දරුවන්ට දඬුවම් දී හෝ තරවටුකර හෝ නිසිමඟ පෙන්වීම කර මදිනම් ජපකර හෝ නොකර ආරක්ෂාවක්ද පළඳා හෝ ඒ මඟින් එම දරුවන් රටට බරක්, සමාජයට පිළිලයක් නොවී හදාගැනීම තමන්ගේ වගකීමක්.සමහර සමාජ සේවක මහතුන් සමාජයට සේවය සපයා හැරී බලද්දී තමාගේ දරුවා වැරදි මාර්ගයේ ගොඩක් දුර ගිහින්. එවිට දෙමාපියන් ප්‍රමාද වැඩියි. සමාජය තුළ මෙම වසංගතය වියාප්ත කරනා පුද්ගලයා කවුද,තරාතිරම,ජාතිය, ආගම,කුමක්ද කියා නොසළකා දැඩි දඬුවම් නුදුන්නොත් මොන කවුරු ආවත් අන්තිමට මුදලාලිත් පරම්පරාවත් දිනුම් (නි)
නීතිය හරියට ක්‍රියාත්මක වුණානම් හරි. (නි)
සුදුවෑන් සම්බන්ධ පැමිණිල්ලකට මෙතරම් ඉක්මණින් පොලිසිය ක්‍රියාත්මකවීම හිතාගන්න අමාරුයි. (නි)
මේ පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කරන්න ඕනෑ. මේවාට පුරුදු වුණ අය පුනුරුත්තාපනය කර යහමඟට ගෙන ආයුතුයි. මේ සමාජයේ වගකිවයුත්තන්ට පැවරී ඇති වගකීමකි. (නි)
තවමත් සුදු වෑන් සංස්කෘතිය තිබෙනවා වගෙයි. (නි)
පිටබැද්දර ජයා,ඔබගේ අදහස් සිංහල මිනිසුන් විතරක් බලනවා කියලා හිතලා වෙන්න ඇති ලියා ඇත්තේ.ජාතිවාදය ඇදගෙන ගොඩ එන්න බලපු අයට වෙලා තියෙන දේ මා අමුතුවෙන් ලිවිය යුතු නැහැ. (නි)
මේ මන්ත්‍රය ජප කර කර තව කොපමණ කලක් බලා ඉන්නද?මතට ඇබ්බැහිවුවෝ සිංහල තරුණයෝ පමණක් නොවෙති. ඇබ්බැහිවීම් වලට ජාති බේදයක් නොමැත. නාමල් කිවුවා සේ සමහරුන් ජාති බේදයකුත් ඇද ඇති සැටියකි.එයට ඌණපුර්න සපයන්නෝද බොහොමයකි.මෙයට විසඳුමක් වශයෙන් පාසල් මට්ටමින් සිසුන් දැනුවත් කිරීමට බැරි ඇයි? (නි)
රට පුරාම විවිධ බලවේග, බලසේනා හා සංවිධාන තිබෙනවා. ඒ අය කතා කරන්නේ ත්‍රස්තවාදය හිස එසවීම් වැනි දේ විතරයි. රටම ගිලගන්න මත්ද්‍රව්‍ය ගැන හාවක් හුවක් නැහැ. (නි)
මේවා නවත්වන්න පුලුවන් කමක් නැහැ දැන් තියෙන සමාජ රටාවත් එක්ක. මේවා නවත්වන්න පුලුවන් ඉහළ බලදාරීන් පවා අපේම කොල්ලොන්ට කුඩු, ගංජා දීල වැඩ කරවගන්නවා. අපි කොච්චර කෑ ගැහුවත් මේකෙ වෙනසක් නැහැ. එත් බුද්දිමත් මිනිස්සු විදියට හිතල බලලා තමන්ට අවශ්‍ය දේ විතරක් තොරගන්නවා නම් මේ කිසිම ප්‍රශ්නයක් න. හැම තැනම බොරුව වංචාව. අනේ මන්ද ඉතින්. (අ)
මේ මත් පෙති , කුඩු එහෙම පිටින්ම කුමන්ත්‍රණ ක්‍රියාවලියක ප්‍රතිඵල. අරමුණ සිංහලයෝ ක්‍රමානුකූලව වඳ කිරීමයි. මේකට බුද්ධිමත්ව ක්‍රියා නොකළොත් අනාගත පරපුර විනාශයි. ජනපතිතුමනි, මතට තිත තැබිමට නම් මරණ දඬුවම වහාම ක්‍රියාතමක කළයුතුයි (නි)
පිටබැද්දර ජයාගේ අදහස අපි කවුරුත් අනුමත කළයුතු වෙනවා.මේවා ලංකාවට ගෙන්වන,බෙදාහරින මහා පරිමාණයේ ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන පරමාර්ථයද එයයි.ගෙන්වන කෙනෙක්වත් ඔවුන්ගේ ගෑවුන කෙනෙක්වත් බොන්නේ නැහැ.අපේ මෝඩ ඉලන්දාරි මේකට ඇබ්බැහිවෙනවා.ජාතිය වඳ කිරීමට පෙර දැඩි දඬුවම් නුදුන්නනොත් ඇටසැකිලි සහිත සිංහල තාරුණ්‍යයක් තමා ඉතිරිවෙන්නේ (නි)
කෝ අපේ බල සේනා? ඔය බල සේනා වලට පින්සිද්ධ වේවි මේ වගේ සමාජ ප්‍රශ්න වලට අත දැම්මොත්. අන්තිමට අපිට රටක් තිබේවි. නමුත් හොඳ පරපුරක් නොලැබේවි (නි)
මත් උවදුර දුරලීම නම් ඉතා ඉක්මණින් කළයුතු දෙයක් (නි)
මේවා කාට කියන්නද? දෙයියෝ සාක්කි! (නි)
මතින් තොර හෙටක් වෙනුවෙන් දැඩි පියවරක් නොගතහොත් අපට රටක්වත් ඉතුරු නොවේවි. ඉක්මන් පියවරක් ගන්න ජනපතිතුමනි.. (නි)
මරණ දඬුවම ක්‍රියාත්මක කළොත් අපේ දේශපාලකයොම කීදෙනෙක් අමාරුවේ වැටෙනවද? (නි)