IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මත් වෙළෙඳාමෙන් සිව් වසරක් ‘ළිඳේ’

(තිහගොඩ උපසේන ලියනගම)
තරුණ වියේදී විවිධ මත්ද්‍රව්‍ය වෙළෙඳාමට ඇබ්බැහි වී සිටි ඔහු යහපත් පුද්ගලයකුවූයේ හොඳ බිරිඳක් ලැබීම නිසාය. ඇගේ මග පෙන්වීම අනුව හොඳ ජීවිතයක් ගත කළත් දරුවන් තිදෙනකු ලද පසු ඔහු යළිත් මත් ව්‍යාපාරවලට සම්බන්ධවන ලකුණු පෙනිණ. මේ ගැන දොස් කී බිරිඳට ඔහු කීවේ ‘‘ළිඳට වැටුණු එකා ළිං කටින්ම ගොඩ ආ යුතු’’ බවකි.


පසුගියදා මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඔහුට උසාවියෙන් රුපියල් දස දහසක දඩයක් සමඟ සිව් වසරක සිර දඬුවමක් නියමවිය.
ඔහු බේරා ගැනීමට බිරිඳ ලොකු උත්සාහයක් දැරුවත් එය සාර්ථක නොවූ තැන ‘‘දැං ඉතිං අවුරුදු හතරක් ආයෙත් ළිඳේම ඉන්න වේවි’’ කියා ඇය උසාවි භූමියෙන් පිටතට ආවේ කඳුළු සලමින්ලූ.


දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න ගමකින් ඇසුණු පුවතකි.



අදහස් (0)

මත් වෙළෙඳාමෙන් සිව් වසරක් ‘ළිඳේ’

ලංකාසිරි Friday, 03 April 2015 07:43 PM

ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ. (නි)

:       0       0

සරත් Friday, 03 April 2015 11:29 PM

බිරිඳගේ මහන්සිය වතුරේ ගියා වගේ. මගේ මතය නම් "මත්" වෙළදාමේ යෙදෙන්නේ කය හෝ සිත වෙහෙසිය නොහැකි අයයි. ..... (නි)

:       0       0

ධම්ම Sunday, 05 April 2015 04:37 AM

කිරි ගමරාල බීමට හේතු සාධක සොයන්න, බීම සාධාරණීකරණය කරන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා වගෙයි. බොහෝ බේබද්දෝ පස්වන සිල් පදය තමන්ට වාසිවෙන අන්දමට නිර්වචනය කරන්න උත්සාහ කරනවා.(ම)

:       0       0

අරුණිකා Saturday, 04 April 2015 05:30 AM

අපරාධ ජීවිත! කල්පාන්තරයකට පසු එක වතාවක් මිනිස්ලෝකෙට ඇවිල්ල අයෙත් නිරයටම යනවා! (ස)

:       0       0

ධනුක Sunday, 05 April 2015 11:19 AM

පුවතේ කියවෙන තැනැත්තා කවුද (දිල්)

:       0       0

කිරි ගමරාල Saturday, 04 April 2015 07:01 AM

පස්වන සිල් පදයෙන් කියන්නේ සුරාව සහ මත්ද්‍රව්‍ය මත්වීමට සහ ප්‍රමාදයට හේතුවන පරිද්දෙන් පානය කිරීමෙන් වලකිමි යන්නයි. නැතුව මේ අපේ අය ලෙහෙසියට කියන විදියට මඳ පමණට ගැනීම නෙවෙයි. තවත් ගැඹුරට අර්ථකථනය කලොත් ඒ කියන්නේ ප්‍රමාණය තීරණය කල හැක්කේ වෛද්‍යවරයෙකුට පමණයි කියන එකයි මඟේ හැගීම. (ස)

:       0       0

දුමින්ද Monday, 06 April 2015 05:26 AM

අහුවෙන්නේ හාල් මැස්සන්- එතනෝල්,කුඩු කන්ටේනර ගැන නැද්ද කතාවක් දැන් (නදී)

:       0       0

මුදියන්සේ Sunday, 05 April 2015 02:44 PM

සරත් කොලුවෝ, ඔය රට රැකියාව වගේ නෙමෙයි මේ වැඩේ. මේ මන් කියන්නේ ඔලුවයී, ශරීරෙයි නැත්නම් ඔය වැඩේ මෙලෝ ජගතෙකුට කරන්න බැහැ (නදී)

:       0       0

වීකී Sunday, 05 April 2015 02:50 PM

එතනෝල් ද?. තියන්න හොඳ නෑ ඔය පෝරිසාදයා. හැබැයි ඉතින් නියම රටක් නං අර අසරණ පොඩි එවුන් ටික ගැනත් හොයල බලන්න වෙයි. මායියා ගැන ඕන වෙන එකක් නැහැ. හැබැයි එයා ගැන එයා බලා ගනියි. (නදී)

:       0       0

අරුණිකා Saturday, 04 April 2015 10:40 AM

කිරි ගමරාල මහත්තයෝ, මත්පැන් පානය කිරීම ගැන ඔබ කැමති මතයක සිටින්න නමුත් බුදුරජානන් වහන්සේ පනවපු සිල්පද ගාව ගන්න එපා. බුද්ධ දේශනයට අනුව මොහොතක් හෝ ප්‍රමාද වන්නට නොවේ, වහ වහා දුකින් (සසරින්) එතෙර වීම සඳහාම වේ. සසරේ ප්‍රමාදවන කිසිවක් අදාළ නොවේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 168 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 371 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site