IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


මැණිකකට හිත වැටී ලක්ෂයක රන්බඩු හොරෙකුට පුදලා

(අගලවත්ත එස්. මඩවල)
පොල්ගම්පොල පදිංචි කාන්තාවක් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට මතුගම නගරයට පැමිණි අවස්ථාවේ දී ඇය සමග කතාබහ කොට කුළුපගවීමෙන් පසු ව්‍යාජ රතු මැණිකක් ඇය අතට දී ලක්ෂ දහයක් වටිනා තවත් මැණිකක් ඇති බව පවසා ඇත.


එම කාන්තාවට එයට හිත ගොස් තම ගෙල බැඳි රන් මාලය හා මුදු දෙකක් ඇයට ගලවා දී මැණික් ගල ලබාගත්තේය.


එම මැණික් ගල පරික්ෂා කිරීමේදී ඉමිටේෂන් වීදුරු කැබැල්ලක් බව ස්වර්ණාභරණ අලෙවිසලකින් පවසා ඇත. ඇයව රවටා රුපියල් එක් ලක්ෂ විසිදාහක් වටිනා රන් ආභරණ පැහැරගෙන ගොස් ඇති බවට ද පොලිසියට පැමිණිලි කර ඇත.


මතුගම සහකාර පොලිස් අධිකාරි සුනිල් පියරත්න, මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්. චන්ද්‍රා පද්මලාල්, අපරාධ අංශයේ ස්ථානාධිපති රවීන්ද්‍ර පුෂ්පකුමාර යන මහත්වරු පරීක්ෂණ මෙහෙයවති.



අදහස් (0)

මැණිකකට හිත වැටී ලක්ෂයක රන්බඩු හොරෙකුට පුදලා

නිකවැරටිය Tuesday, 20 January 2015 11:46 AM

මේ වගේ දෙයක් අපේ නැන්දා කෙනෙකුටත් වුණා අවිස්සාවේල්ලදී (නි)

:       0       0

කිත්සිරි Wednesday, 21 January 2015 01:36 AM

වටිනාකමක් නැහැ කියල දැනගත්ත එකනේ ප්‍රශ්නේ. වටිනවා කියල හිතාගෙන අල්මාරියේ තියාගෙන ඉන්න. හිතේ සතුට තියෙයි. ඇත්තටම කියනවා නම් රන් බඩු වලට තියෙන්නෙත් අපි පනවා ගත්ත වටිනාකමක්. වීදුරු කෑල්ලෙයි, මැණික් ගලෙයි වෙනසත් ඒකමයි. (නදී)

:       0       0

සරත් Tuesday, 20 January 2015 12:45 PM

මොලේ හැදිමිටේ එ්කනේ ලක්ෂ 57 ක් ඡන්ද වැටුනේ. (බ)

:       0       0

නෙරංජන්. Wednesday, 21 January 2015 03:26 AM

නියම කතන්දරය (නදී)

:       0       0

ඉන්ද්‍ර Tuesday, 20 January 2015 02:17 PM

මේ සිද්ධියට මගේ මවද මුහුණ දුන්නා. රටේ ජනතාව මේ ගැන දැනුවත් කරවීම හොඳයි. (නි)

:       0       0

අශෝක -රළපනාව Tuesday, 20 January 2015 09:43 AM

හැදිමිටේ මොලේනේ.(හේ)

:       0       0

අශෝක-රළපනාව Tuesday, 20 January 2015 09:45 AM

ගැහැනු අය පිරිමි අයට වඩා සිහින ලෝක වලට යන්න ලොකවලට යන්න ගොඩක් ආසයි. කාට කාටත් හොද පාඩමක්.(හේ)

:       0       0

චතූ Tuesday, 20 January 2015 10:19 AM

ගෑනුන්ගේ නුවණ හැඳි මිටේ කියන කතාව මේ වගේ අය ස්ථිර කරනවා (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 20 January 2015 10:38 AM

ගෑනුන් මෝඩයි කියන්නේ නිකන්ද ! නිකමට හිතන්න ලක්ෂ දහයක් වටිනා දෙයක් දීලා ලක්ෂේක වටිනාකමක් ඇති දෙයක් ගනීද කියලා ? තන්හාව තන්හාව , අනේ මෙහෙම ආසාවක් .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1289 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1233 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site