(අගලවත්ත එස්. මඩවල)
පොල්ගම්පොල පදිංචි කාන්තාවක් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට මතුගම නගරයට පැමිණි අවස්ථාවේ දී ඇය සමග කතාබහ කොට කුළුපගවීමෙන් පසු ව්‍යාජ රතු මැණිකක් ඇය අතට දී ලක්ෂ දහයක් වටිනා තවත් මැණිකක් ඇති බව පවසා ඇත.
එම කාන්තාවට එයට හිත ගොස් තම ගෙල බැඳි රන් මාලය හා මුදු දෙකක් ඇයට ගලවා දී මැණික් ගල ලබාගත්තේය.
එම මැණික් ගල පරික්ෂා කිරීමේදී ඉමිටේෂන් වීදුරු කැබැල්ලක් බව ස්වර්ණාභරණ අලෙවිසලකින් පවසා ඇත. ඇයව රවටා රුපියල් එක් ලක්ෂ විසිදාහක් වටිනා රන් ආභරණ පැහැරගෙන ගොස් ඇති බවට ද පොලිසියට පැමිණිලි කර ඇත.
මතුගම සහකාර පොලිස් අධිකාරි සුනිල් පියරත්න, මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්. චන්ද්‍රා පද්මලාල්, අපරාධ අංශයේ ස්ථානාධිපති රවීන්ද්‍ර පුෂ්පකුමාර යන මහත්වරු පරීක්ෂණ මෙහෙයවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දෙයක් අපේ නැන්දා කෙනෙකුටත් වුණා අවිස්සාවේල්ලදී (නි)
වටිනාකමක් නැහැ කියල දැනගත්ත එකනේ ප්‍රශ්නේ. වටිනවා කියල හිතාගෙන අල්මාරියේ තියාගෙන ඉන්න. හිතේ සතුට තියෙයි. ඇත්තටම කියනවා නම් රන් බඩු වලට තියෙන්නෙත් අපි පනවා ගත්ත වටිනාකමක්. වීදුරු කෑල්ලෙයි, මැණික් ගලෙයි වෙනසත් ඒකමයි. (නදී)
මොලේ හැදිමිටේ එ්කනේ ලක්ෂ 57 ක් ඡන්ද වැටුනේ. (බ)
නියම කතන්දරය (නදී)
මේ සිද්ධියට මගේ මවද මුහුණ දුන්නා. රටේ ජනතාව මේ ගැන දැනුවත් කරවීම හොඳයි. (නි)
හැදිමිටේ මොලේනේ.(හේ)
ගැහැනු අය පිරිමි අයට වඩා සිහින ලෝක වලට යන්න ලොකවලට යන්න ගොඩක් ආසයි. කාට කාටත් හොද පාඩමක්.(හේ)
ගෑනුන්ගේ නුවණ හැඳි මිටේ කියන කතාව මේ වගේ අය ස්ථිර කරනවා (නදී)
ගෑනුන් මෝඩයි කියන්නේ නිකන්ද ! නිකමට හිතන්න ලක්ෂ දහයක් වටිනා දෙයක් දීලා ලක්ෂේක වටිනාකමක් ඇති දෙයක් ගනීද කියලා ? තන්හාව තන්හාව , අනේ මෙහෙම ආසාවක් .(හේ)