(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
ගැටකපන්නකුගේ මැණික් වෙළෙඳ උගුලකට හසුවූ කාන්තාවක් පවුම් දෙකක රන්මාලයක් ගලවා ගැටකපන්නාගේ අතටම දීමේ පුවතක් දකුණු පළාතේ එක්තරා නගරයකින් පසුගිය දා වාර්තා විය.
සිකුරාදා පොළට පැමිණෙන සෙනඟ අතරේ සිටි මැදිවියේ කාන්තාවක් අසළට පැමිණි පිළිවෙළකට ඇඳ පැළඳ ගත් කඩවසම් තරුණයකු ඇයට මෙසේ පැවසීය.
මම මැණික් ව්‍යාපාරිකයෙක්. කිලෝමීටර් දෙකක් දුර බස් හෝල්ට් එකක් ළඟදී මගේ වාහනය කැඩුණා. ඒක මෙහෙ ගරාජ් වල හදන්න බැහැ. අනේ මගේ පර්ස් එක ගෙදර අමතක වෙලා ඇවිත්. මම යාළුවෙකුගෙ ගෙදර යන ගමන්. මම මේ පළාතෙ කවුරුවත් අඳුනන්නෙ නැහැ. ඇන්ටිට පුළුවන් නම් මට මේ මැණික් ගල දීලා ලක්ෂයක් ගන්න කවුරු හරි හොයලා දෙන්න. මේක ලක්ෂ තුනක් විතර වටිනවා. අනේ එළවළු ගේන්න පොළට යන මම ළඟ රුපියල් ලක්ෂයක් නැහැ. ඇය එසේ පවසන විට තවත් තරුණයෙකු ඔවුන් අසළට පැමිණියේය.
ඔහු මැණික් ව්‍යාපාරිකයාට ඇය ඉදිරියේ මෙසේ කීය. “ඔයා මේ ඇන්ටිට මැණික දෙන්නද හදන්නෙ. මට දෙනව කියල පොරොන්දුවුණා නේද? මම විනාඩි දහයකින් ලක්ෂයක් හොයාගෙන එන්නම්. දැනට ඔය මැණික මේ ඇන්ටිගෙ අතට දෙන්න. මම එනකම් මේ මාලය තියාගන්න යැයි, පවසා ඔහුගේ රන්මාලය ව්‍යාපාරිකයා අතට දී ඔහු එතැනින් යන්න ගියේය.
තරුණයා මුදල් රැගෙන ඒමට ගිය අතරේ මැණික් ව්‍යාපාරිකයා ලෙස පෙනීසිටි තරුණයා කාන්තාවට මෙසේ කීවේය. ඇන්ටි මැණික අරගෙන පැනල දිව්වොත් මම නොදන්න පළාතෙ හොයාගන්න බැරිව යනවා. මට ඇන්ටි ගැන සැකයි. අරය සල්ලි අරගෙන එනකම් මට ඔය කරේ තියෙන මාලය ගලවා දෙන්න.
කාන්තාව මැණික විකුණා ලක්ෂ දෙකක ලාභය දෙකට බෙදා ගැනීමට මුදල් ගෙන ඒමට ගිය තරුණයා කතා කරගත් පරිදි මාලය ගලවා වෙළෙන්ඳා අතට දුන්නාය.
මාලය අතට ගත් මැණික් ව්‍යාපාරිකයා ක්ෂණයකින් එතැනින් ඉවත්ව ගියේය. ඔහු ආගිය අතක් සොයා ගැනීමට කාන්තාවට නොහැකිවිය. කමක් නෑ මැණික මගේ අතේනෙ යැයි සිතා වටපිට විපරමින් කාටවත් නොපෙනෙන සේ කඩදාසියේ ඔතා තිබූ මැණික දිග හැර බැලූ ඇයට දෙවියන් සිහිවූයේ කඩදාසියේ දවටා තිබූ මැණික කළු ගලක් බව දැකීමෙන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සිද්ධියම වුණ ගම්පහ කිරිඳිවැල පොළේදී ....මගේ වයස 67 ක් වෙනවා, මම කිව්වා ඒ ළමයින්ට මගේ ළඟ තියන සල්ලි හොඳටම ඇති... මට අනුන්ගේ සල්ලිවලින් වැඩක් නෑ කියලා... මගේ මාලෙත් ඉල්ලුවා මම ඉක්මණට එතනින් ගියා...
අපෝ එයා නම් කියන්නේ බොරුම තමා ...
ඔය වගේම සිද්දියක් වුනා මම දන්නා කෙනෙකුට මාවනැල්ල බස් හෝල්ට් එකේදී 1986 දී විතර. ඒ කියන්නේ මේ වංචාව කාලයක් තිස්සේ රටේ තැනින් තැන කෙරීගෙන යනවා. නොදන්නා මිනිසුන්ගේ ප්‍රශ්න වලට ඕනෙවට වඩා සවන් දෙන සහ උදව් කරන්න හදන උදවිය වගේම කෙටි ක්‍රම වලින් සල්ලි හොයන්න උත්සහ කරන උදවිය මේවට අහුවෙනවා. මේ වංචාව කරන තව ක්‍රම ඇති. සමාජය මේ පිළිබඳව දැනුවත් විය යුතුයි.
හොරු හැමතැනම ඉන්නවා අද කාලේ හොරු අල්ලන්න හරි ලේසිනේ