IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මැණිකක් කියා කලු ගලක් දී කතගේ රන්මාලයට විදලා

(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)

ගැටකපන්නකුගේ මැණික් වෙළෙඳ උගුලකට හසුවූ කාන්තාවක් පවුම් දෙකක රන්මාලයක් ගලවා ගැටකපන්නාගේ අතටම දීමේ පුවතක් දකුණු පළාතේ එක්තරා නගරයකින් පසුගිය දා වාර්තා විය.

සිකුරාදා පොළට පැමිණෙන සෙනඟ අතරේ සිටි මැදිවියේ කාන්තාවක් අසළට පැමිණි පිළිවෙළකට ඇඳ පැළඳ ගත් කඩවසම් තරුණයකු ඇයට මෙසේ පැවසීය.

මම මැණික් ව්‍යාපාරිකයෙක්. කිලෝමීටර් දෙකක් දුර බස් හෝල්ට් එකක් ළඟදී මගේ වාහනය කැඩුණා. ඒක මෙහෙ ගරාජ් වල හදන්න බැහැ. අනේ මගේ පර්ස් එක ගෙදර අමතක වෙලා ඇවිත්. මම යාළුවෙකුගෙ ගෙදර යන ගමන්. මම මේ පළාතෙ කවුරුවත් අඳුනන්නෙ නැහැ. ඇන්ටිට පුළුවන් නම් මට මේ මැණික් ගල දීලා ලක්ෂයක් ගන්න කවුරු හරි හොයලා දෙන්න. මේක ලක්ෂ තුනක් විතර වටිනවා. අනේ එළවළු ගේන්න පොළට යන මම ළඟ රුපියල් ලක්ෂයක් නැහැ. ඇය එසේ පවසන විට තවත් තරුණයෙකු ඔවුන් අසළට පැමිණියේය.

ඔහු මැණික් ව්‍යාපාරිකයාට ඇය ඉදිරියේ මෙසේ කීය. “ඔයා මේ ඇන්ටිට මැණික දෙන්නද හදන්නෙ. මට දෙනව කියල පොරොන්දුවුණා නේද? මම විනාඩි දහයකින් ලක්ෂයක් හොයාගෙන එන්නම්. දැනට ඔය මැණික මේ ඇන්ටිගෙ අතට දෙන්න. මම එනකම් මේ මාලය තියාගන්න යැයි, පවසා ඔහුගේ රන්මාලය ව්‍යාපාරිකයා අතට දී ඔහු එතැනින් යන්න ගියේය.

තරුණයා මුදල් රැගෙන ඒමට ගිය අතරේ මැණික් ව්‍යාපාරිකයා ලෙස පෙනීසිටි තරුණයා කාන්තාවට මෙසේ කීවේය. ඇන්ටි මැණික අරගෙන පැනල දිව්වොත් මම නොදන්න පළාතෙ හොයාගන්න බැරිව යනවා. මට ඇන්ටි ගැන සැකයි. අරය සල්ලි අරගෙන එනකම් මට ඔය කරේ තියෙන මාලය ගලවා දෙන්න.

කාන්තාව මැණික විකුණා ලක්ෂ දෙකක ලාභය දෙකට බෙදා ගැනීමට මුදල් ගෙන ඒමට ගිය තරුණයා කතා කරගත් පරිදි මාලය ගලවා වෙළෙන්ඳා අතට දුන්නාය.

මාලය අතට ගත් මැණික් ව්‍යාපාරිකයා ක්ෂණයකින් එතැනින් ඉවත්ව ගියේය. ඔහු ආගිය අතක් සොයා ගැනීමට කාන්තාවට නොහැකිවිය. කමක් නෑ මැණික මගේ අතේනෙ යැයි සිතා වටපිට විපරමින් කාටවත් නොපෙනෙන සේ කඩදාසියේ ඔතා තිබූ මැණික දිග හැර බැලූ ඇයට දෙවියන් සිහිවූයේ කඩදාසියේ දවටා තිබූ මැණික කළු ගලක් බව දැකීමෙන්ය.



අදහස් (4)

මැණිකක් කියා කලු ගලක් දී කතගේ රන්මාලයට විදලා

rathnawali Monday, 08 May 2017 09:28 AM

ඔය සිද්ධියම වුණ ගම්පහ කිරිඳිවැල පොළේදී ....මගේ වයස 67 ක් වෙනවා, මම කිව්වා ඒ ළමයින්ට මගේ ළඟ තියන සල්ලි හොඳටම ඇති... මට අනුන්ගේ සල්ලිවලින් වැඩක් නෑ කියලා... මගේ මාලෙත් ඉල්ලුවා මම ඉක්මණට එතනින් ගියා...

:       54       46

පච ජිනේ Friday, 12 May 2017 07:12 AM

අපෝ එයා නම් කියන්නේ බොරුම තමා ...

:       63       3

nuwan Thursday, 18 May 2017 03:55 AM

ඔය වගේම සිද්දියක් වුනා මම දන්නා කෙනෙකුට මාවනැල්ල බස් හෝල්ට් එකේදී 1986 දී විතර. ඒ කියන්නේ මේ වංචාව කාලයක් තිස්සේ රටේ තැනින් තැන කෙරීගෙන යනවා. නොදන්නා මිනිසුන්ගේ ප්‍රශ්න වලට ඕනෙවට වඩා සවන් දෙන සහ උදව් කරන්න හදන උදවිය වගේම කෙටි ක්‍රම වලින් සල්ලි හොයන්න උත්සහ කරන උදවිය මේවට අහුවෙනවා. මේ වංචාව කරන තව ක්‍රම ඇති. සමාජය මේ පිළිබඳව දැනුවත් විය යුතුයි.

:       0       6

Suranga Tuesday, 23 May 2017 10:45 AM

හොරු හැමතැනම ඉන්නවා අද කාලේ හොරු අල්ලන්න හරි ලේසිනේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 489 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 544 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 643 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 885 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 489 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 869 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1271 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 326 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site