ෆේස්බුක් (මුහුණු පොත) අද වනවිට තරුණ පිරිසට නැතුවම බැරි මෙවලමකි.
සමහරු දවස අරඹන්නේ ද, දවස නිමකරන්නේ ෆේස්බුක් එකෙනි.
බොහෝ වැඩිහිටියන් ඒ පිළිබඳ වැඩියමක් නොදන්නවා වුණාට අලුත් මිතුරු මිතුරියන් බුරුතු පිටින් සොයා ගන්නට මුහුණු පොත හොඳම මෙවලම බවට පත් වී හමාරය.
මෙකී තරුණයාට ද ඇය මුණගැසෙන්නේ මුහුණුපොත (ෆේස් බුක්) හරහාය.
වැඩිකල් නොගොස් දෙදෙනා පෙම්වතුන් බවට පත්වන්නේ ෆේස්බුක් හරහා දුරකතන අංක ද හුවමාරුවක් සමගිනි.
ඇය රාජ්‍ය ආයතනයක ලිපිකාරිනියකි. ධනවත් පවුලක උපන් ඇය සුරූපීය.
කිසිකලක පෙම්වතෙක් ඇසුරු නොකළ ඇයට මුහුණුපොත හරහා මුණ ගැසුණු තරුණයා සිහිනෙන් දුටු කුමරු සේ දැනුණේ ඒ තරමටම කඩවසම් තරුණයකුට සතුවිය යුතු සියල්ල ඔහුට උපතින්ම හිමි වී තිබීම නිසාය.
දෙදෙනා කිහිපවිටක් මුණ ගැසුණේ ඇති වූ ප්‍රේමයේ මල් පූදින්නට ඉඩ සලමිනි.
“මම කරන්නේ බිස්නස්. ඉවරයක් නෑ. අදත් මීටින් ගොඩක් තියෙනවා.” අලුත් පෙම්වතා නිතරම පෙම්වතියට කීවේ බිස්නස්වලට මුළු කාලයම ගතකරන්නට සිදු වී ඇති බව අඟවමිනි.
මේ අතර ඔහු ගැන ඇයට නරක ආරංචියක් ලැබිණි.
ඇය මවත් සමඟ බසයකට ගොඩ වූයේ ඒ ආරංචිය තහවුරු කරගන්නටය.
ඇය දුටු ඔහුට දොලොව රත් විය.
“අද අපේ බස් එකේ කොන්දොස්තර ආවේ නෑ. ඌ වැඩ කරන්න බෑ කියලා පැනලා ගිහින්” ඔහු කීවේ තමාගේ ඇත්ත රක්ෂාව තවදුරටත් සඟවමිනි.
“කොල්ලා පැනලා ගියා වගේ තමුන්ගේ කෙල්ලත් පැනලා ගියා කියලා හිතා ගන්නවා.” එසේ කියූ සුරූපී තරුණිය සිය මවත් සමඟ බසයෙන් බැස යද්දී ඔහු ඇය දෙස බලා සිටියේ අතේ තිබූ සල්ලි පොදිය එක මිටකට ගුලි කර ගනිමිනි.
(තිහගොඩ - උපසේන ලියනගම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සේ ඒ කොන්දොස්තර සල්ලි එකතු කරලා එකතු කරලා ලීස් එකක් දාලා බස් එකක් ගත්තලු. ඒකෙන් දියුණු වුනාලු. අන්තිමට කොන්දොස්තර බස් මුදලාලි කෙනෙක් වෙලා වෙන හොඳ කෙල්ලෙක් බැන්දලු.
ඉස්සර ඔහොම වැඩක් ඕනා මටත්. ලස්සන ගැණු ළමයෙක් හිටියා ලොකු ඉස්කෝලෙක පොඩි ඉකොලේ අපි ඉගන ගත්තේ. ඒ ලොකු ඉස්ස්කොලේ ළමයාගේ අම්ම අපේ ඉස්කෝලේ අපට ඉගැන්නුවා ඒකාලේ මිස් ට මාට්ටු උනා ලවු එක. එවලේම අකමැති උනා. කොහොම හරි ඩිග්රි එක අරගෙන එලියට එනකොටට් අර මිස් ගේ දුගෙයි අම්මගෙයි හෙන ලොකු සින්, කාලයක් යද්දී මිස් කැමති උනා ඒත් ඒකට මග ඇරලා මන් දැන් වෙන රටක. පොඩි බබෙකුත් ඉන්නවා.
ලොකු පොඩි, උගත් නුගත් ලස්සන කැත දුප්පත් පෝසත් මේ ඔක්කොම 3 වෙනි ලෝකේ රටවල සීමාවල්.
පව් වැඩේ... අැත්තම කියලා තිබුණා නම් සමහර විට ලැජ්ජාවට පත්වෙන්නේ නැහැ.
කෙල්ල ගිය එකමයි කාරිය... මොකද කෙල්ල ආදරය කරල තියෙන්නේ කොල්ල කියපු පෝසත්කමට... ෆේස් බුක් වැඩ ඔහොම තමයි.. ලොකුකම් සහ ඕපා දූප..