IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


මීටරේ දුර ඔච්චමට අරන් නීතියෙන් රිංගලා

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
රථ වාහන බලපත්‍රය ලබා ගැනීමට දිගු වේලාවක් පෝලිමේ රැඳී සිටීම මහත් හිරිහැරයක් මෙන් සිතූ තරුණියක් තමාට ඉදිරියෙන් සිටි මැදිවියේ කාන්තාවකගේද ඇස් වසා සෞඛ්‍ය උපදෙස් තඹේකට නොතකා පෝලිම පැනගොස් තම කටයුත්ත ඉටුකරගෙන යන අයුරු පසුගිය දිනෙක  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය භූමියේදී දැකගත හැකිවිය.


දිගු කලකට පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රාජකාරි කටයුතු සඳහා විවෘත වීමත් සමඟ රථවාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට එදින ජනතාව විශාල ප්‍රමාණයක් පැමිණ සිටියහ.


කාර්යාල පරිශ්‍රයෙන් ඔබ්බට විහිදී ගිය පෝලිම, ඉදිරිපිට මහා මාර්ගයේද මීටර හැට හැත්තෑවක් පමණ ඈතට විහිදී තිබුණේ සියලු‍ දෙනා මීටරයේ දුර තබා ගැනීමට වගබලාගෙන තිබූ නිසාය.


මේ අතර ජැන්ඩියට හැඳ පැළඳ ගත් තරුණියක් කඩිමුඩියේ පැමිණ පෝලිමේ කෙළවර හිට ගත්තාය. හෑන්ඞ් බෑගයකට අමතරව තවත් බෑග් දෙක තුනක් අතින් කටින් එල්ලාගෙන සිටි ඈ මුඛ ආවරණයක්ද සිය නිකටට යටින් එල්ලාගෙන සිටියාය.


වැඩි වේලාවක් පෝලි⁣මේ තමාට නියමිත ස්ථානයේ රැඳී නොසිටි ඈ  තමාට ඉදිරියෙන් සිටි අයට කිසියම් හේතුවක් කියමින් පෝලිමේ ඉදිරියටම පැමිණියාය.


කෙසේ වෙතත් කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට පෙර පෝලිමේ රැඳී  සිටි මැදි වියේ කාන්තාවකගෙන් එම තරුණියට අනුග්‍රහයක් නොලැබිණි. ‘අපටත් හදිස්සියි. කවුරු උනත් මේ කාලෙ පෝලිමක ගත කරන්න පුරුදු වෙන්න ඕන.’ යැයි පැවසූ කාන්තාව තරුණියගේ ගමන අවහිර කළාය.


මේ අතර ප්‍රධාන ගේට්ටුවෙන් කාර්යාල භූමියට ඇතුළුවන තැනම අත් සෝදා ගැනීමට සකස් කර තිබූ කරාමය වෙත මැදිවියේ කාන්තාව ගියේ සෞඛ්‍ය උපදෙස් අකුරටම අනුගමනය කිරීමටය. ඇය අත් සෝදන අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් තරුණිය හනිකට පෝලිමේ ඉදිරියට පැන ගත්තාය.


මැදිවියේ කාන්තාව අත්සෝදා හිස ඔසවනවිට පෙර කී තරුණිය බලපත්‍ර කවුන්ටරය අ⁣සලම සිටිනු දක්නට ලැබිණි.


ටික වෙලාවකින් බලපත්‍රය ලබාගත් තරුණිය ඒ වන විටත් පෝලිමේ රැඳී සිටි කාන්තාව වෙත ඔච්චම් බැල්මක් ද හෙලා මහත් උජාරුවෙන් කාර්යාල භූමියෙන් පිටව යනු දක්නට ලැබුණි.



අදහස් (0)

මීටරේ දුර ඔච්චමට අරන් නීතියෙන් රිංගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1843 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site