IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


මිටි පුද්ගලයෙක් පොල් ලී හයක් ඉනේ ගහගෙන ගිහින්

(උනවටුන ඞී.ජී. සුගතපාල)

දකුණේ ගම්බද ප‍්‍රදේශයක පුද්ගලයකු පොල්ලී මඩුවක් පටන් ගත්තේය. පිට ප‍්‍රදේශවලට ගොස් පොල් ගස් කපා ගෙනැවිත් ඒවා පරාල යටලී බාල්කවලට ඉරා විකිණීම කළේය.

ඔහු තරමක් නාහෙට නාහන අයකු වුවද ලී මඩුව සාර්ථකව කරගෙන ගියේය.

මේ අතර දිනක් රාත‍්‍රී කාලයේ ඔහුගේ ලී මඩුවේ තිබූ හයරියන් පරාල පහක් කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබිණි. පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන ලෙස අසල්වැසියන් කීවත් ඔහු කල්පනා කළේ එය නිශ්ඵල ක‍්‍රියාවක් බවය.

එහෙත් ලී සොරකම් කළේ කවුද යන්න දැනගැනීමට ඔහුට ලොකු  ඕනෑකමක් තිබිණි. මෙය තනි පුද්ගලයකුට එක්වර ගෙන යාමට බැරිය. එක්කෝ වාහනයක පටවාගෙන යා යුතුය. නැතිනම් දෙතුන් දෙනෙකු පැමිණ කර තබාගෙන යා යුතුය.

සිදුවූ අලාභයට වඩා මෙය තමාට සිදුවු මදි පුංචිකමක් ලෙස කල්පනා කරමින් සිටියදී මිතුරකු අපූරු යෝජනාවක් කළේය. ”අපි යමු පේනයක් අහන්න” පොලිසියට යනවාට වඩා ඔහු මිතුරාගේ යෝජනාවට එකඟ විය.

ගමේ සිට කිලෝ මීටර් පහක් හයක් දුරින් සිටි පේනකරුවා සොයා ඔවුහු ගියහ. බුලත් අතක් සමඟ රුපියල් තුන්සිය දහයක් මල්බුලත්තටුව මත තැබීමෙන් පසු රතු රෙද්දක් ඉණවටා දමාගත් පේනකරු කුඩා සීනුවක් නාද කරමින් ස්ත්‍රෝත‍්‍ර ගායනා කරමින් පරල වන්නට විය.

”හ්ම් හ්ම් මේ දරුවා ඇවිල්ලා තියෙන්නේ නැතිවූ දෙයක් ගැන අහන්නයි. හරිද හරිද?” පේනකරුවා හති දමමින් ඇසුවේය.

ඔහුගේ ඉහේ මලක් පිපුණා සේ විය. ”එහෙමයි සාමි එහෙමයි”

”මේක සොරකම් කරල තියෙන්නෙ ගෙදරකට නිතර යන එන පුද්ගලයෙක් හරිද හරිද තේරුණාද දරුවා”

”එහෙමයි සාමි මොනවගේ කෙනෙක්ද? කොහොමද අරගෙන ගිහිල්ලා තියෙන්නේ”

”දරුවා මිටි පුද්ගලයෙක් මේක ඉනේ ගහගෙන සඟවාගෙන ගිහිල්ලා තේරුණාද?”

පොල්ලී පහක් ඉනේ ගසාගෙන යන්නේ කොහොමදැයි ඇසූ ඔහු මල් බුලත්තටුව වෙත තැබූ රුපියල් තුන්සිය දහයද ආපසු රැුගෙන මිතුරා සමඟ යතුරුපැදියට නැග ගියේ මහ හඬින් සිනා සෙමිනි.



අදහස් (0)

මිටි පුද්ගලයෙක් පොල් ලී හයක් ඉනේ ගහගෙන ගිහින්

පිටබැද්දර ජයා Monday, 01 June 2015 10:11 PM

සීසීටීවී දාගන්නකෝ. එතකොට තමුන්ටම බලාගන්න පුළුවන් (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 01 June 2015 05:35 AM

මිනිස්සු රවටලා බඩ ගොස්තරය රැකගන්න පේනකරුට හොඳ පාඩමක්. මින් මනතට පේන නොකියන්න. ඔයවාගේ මිනිසුන්ට හුඟක් අසුවන්නේ අපේ කාන්තා පක්ෂය කියලයි මට හිතෙන්නේ. (ස)

:       0       0

ගුණසේකර Wednesday, 03 June 2015 09:39 AM

රටක්කට ගිය කලක්. (ර)

:       0       0

පැතුම් Monday, 01 June 2015 06:07 AM

හැබැයි බෙන්තර ගඟෙන් එහා පැත්තේ ඔය වගේ කට්ටිය සුලභයි (බ)

:       0       0

සඳුන් Monday, 01 June 2015 07:56 AM

රෙජි, කාන්තා පක්ෂය අහුවෙලා තව ගොඩක් දේවල් කරගෙන තමයි නවතින්නේ.(ම)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 01 June 2015 03:31 PM

පැතුම් හරියට බැලුවේ නැද්ද පේන.... බලන්න ගිහින් තියෙන්නෙත් එහේම කෙනෙක් තමා.....ඔයාලගේ පැත්තේ කෙනෙක් අාවනම් ?ගෙදර ගිහින් පැත්තේම ඉන්න මිටි මිනිස්සුත් එක්ක යකා නටාගන්නවා.....මොලේ තියන කෙනෙක් නිසා තමා සල්ලිත් අරගෙන හිනා වෙලා ගියේ.......දරුවා කට පරිස්සම් කරගන්න...රාහුල හාමුදුරුවොත් ඔය පැත්තේම තමා හරිද?..හරිද? (බ)

:       0       0

දයා නන්දසිරි Monday, 01 June 2015 03:45 PM

දකුණේ අය මේ වගේ මෝඩ වැඩ කරයි (බ)

:       0       0

අනුෂ්ක.... Wednesday, 03 June 2015 05:10 AM

දකුෙණනේ, ඔහොම තමයි ඉතින් ගනන් ගන්න එපා (නදී)

:       0       0

චන්න බුවනක Monday, 01 June 2015 03:57 PM

පේන කියන මිනිහා තමන් ළඟට එන මිනිහගේ කටින්ම තොරතුරු දැනගෙන තමයි කියන දේ කියන්නේ. (නි)

:       0       0

නිහාල් Monday, 01 June 2015 04:00 PM

අංජනම්කාරයෝ ඒ පැත්තේ සුලබයි. වශී ,වශී උග්‍ර වශී, කැවීමක් පෙවීමක් නැත වරු තුනෙන් දෙපා මුලට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 598 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 507 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site