මඟුල් ගෙදරක යාමට ඉල්ලාගෙන ගිය රුපියල් ලක්‍ෂයක් පමණ වටිනා රන්මාලය ආපසු දුන් පසු ඉමිටේෂන් මාලයක් වූ පුවතක් වාර්තාවන්නේ වාරියපොල ප‍්‍රදේශයෙනි. පෞද්ගලික ආයතන දෙකක සේවය කරන විවාහක කතුන් දෙදෙනා ඉතා සමීප යෙහෙළියෝය. විවිධ ගමන් අවශ්‍යතාවලදී ඇඳුම් පැළඳුම් මුදල් හදල් පවා හුවමාරු කර ගනිති. දිනක් එක් මිතුරියක් පැමිණ අනෙක් මිතුරියගේ රුපියල් ලක්‍ෂයක් පමණ වටිනා රන් මාලය ඉල්ලාගන ගියේ මංගල උත්සවයකට පැළඳගන යාම පිණිසය. මිතුරියද ඉල්ලූ සැණින් රන්මාලය බහාලූ මංජුසාව ගෙනැවිත් ඇය අත තැබුවාය. දින දෙකකට පසු රන්මාලය රැගෙන ගිය කාන්තාවගේ පුත‍්‍රයා පාපැදියකින් විත් ”ඇන්ටි මේක අම්මා ඔයාට දෙන්න කිව්වා” කියා මංජුසාව ඇය අත තබා ඉගිල ගියේය. හිතවත්කම වැඩි නිසාම ඇය එය රැගෙන ගොස් අල්මාරියේ තැබුවේ පරීක්‍ෂාවක් නොකරමය. මාලය අයිතිකාරියගේ මව සිද්ධිය බලා සිටියාය. දුවේ ඒ දුව මාලය ගෙනියන්න ආවා ගෙනැත් දෙන්න බෑ. කොල්ලො බල්ලො අතේ එව්වා. ඈතක නම් ඒත් කමක් නෑ. මෙහෙ ගනින් මාලෙ බලන්න” කීවාය. දුවද අම්මාගේ අණට කීකරු වී මාලය ගෙනැවිත් මවට දුන්නාය. ”දෙයියෝ සාක්කි දුවේ මේක ඉමිටේෂන් එකක්. රුපියල් සීයක්වත් වටින්නෑ. මෙහෙ වරෙන් යන්න කියා මාලය රැගෙන ගිය කතගේ නිවසට ගොස් මාලය දී ”මේක අපේ මාලෙ නෙවෙයි මේක ඒක වාගෙ දෙතුන් ගුණයක් වටින එකක් කීහ. ”අනේ එස්කියුස් මී මෙයා මේ අපේ ළමයා කරලා තියන වැඩක්. මාලෙ මාරු කරල ඉන්නකෝ ආවම අල්ලගන්නම්” කියා රත්රන් මාලය ආපසු දුන්නාලූ. ”දුවේ උඹලට තවම හරියට මේ ගෙන්දගම් පොළොව පෑගිල නෑ. එකට කෑවත් බොක්ක වෙනස් කියල කියමනක් තියනවා. ඒකවත් අහල නැද්ද?” ඇසුවාලූ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා වරුණ මේක මාර කතාවක්නේ.....
පොඩි අත් වැරදීමක්, ගණන්ගන්න එපා...
ඉමිටේෂන් එකක්ම දුන්නනම් ඉවරනේ....
විශ්වාශ පරමා ඥාතී නිබ්බාන පරමං සුභං
අනේ මෙහෙමත් යාළුවෝ? අද කාලේ විශ්වාශ කරන්න පුලුවන් කාවද?
අනේ මෙහෙමත් යාලුවෝ . කොල්ල පිට දාලා වැඩේ ශේප් කරගන්න හදනවා . අද කාලේ කවද විස්වාස කරන්න පුළුවන් .
දැන් හැදෙන අයට වඩා පරණ මිනිස්සුන්ට මොලේ තියෙනවා.. අනික ඉහ නිකට පැහුණෙ නිකං නෙමෙයිනෙ...
දැන් හැදෙන මෝඩ අම්මණ්ඩිලාට වැඩිය පරණ මිනිස්සුන්ට මොළේ තියෙනවා
”දෙයියෝ සාක්කි දුවේ මේක ඉමිටේෂන් එකක්. රුපියල් සීයක්වත් වටින්නෑ. ..මාලය රැගෙන ගිය කතගේ නිවසට ගොස් මාලය දී ”මේක අපේ මාලෙ නෙවෙයි. මේක ඒක වාගෙ දෙතුන් ගුණයක් වටින එකක්" කීහ.
සවුත්තු වැඩ
දැක්කොත් බුවා.නොදැක්කොත් එබුවා
ඕවා අද සමාජයේ බහුලයි. කිසිම කෙනෙක් විශ්වාශ කරන්න බැහැ අද කාලේ.තමන්ගේ වැඩේ කෙරුණොත් ඇති.අනික් අයට හෙණ ගැහුවත් කමක් නැහැ
ඔවු.ඔවු. අද කාලේ තරුණ ගෑණු අන්දන්න පුලුවන් වුණාට නාකි අය එහෙම අන්දනවා බොරු
කටුගෙයි තිබුණු යකඩ කඩු උණු කළාම රත්තරං වෙච්චි රටේ මේවා මොනවද අනේ?
මේ වගේ පහත් වැඩ කරපුවහම ආයිත් මූණ බලන්න පුළුවන්ද මන්දා?
මේ දෙයියෝ සාක්කි කථාවට එච්චර හිනා යන්නේ නැ..ඒත් පාඩමක් ඉගෙන ගන්න පුලුවන්
මේක හරියට නිකන් මොපසන් ගේ මාලයේ කතාවේ කණපිට වගේ නේ ...
"කෑමෙන් හොඳ කෑම කෙඅම ඉල්ලාගෙන කෑම " වෙලා දැන් .
අම්මට තියන මොලේ දුවට නැහැ.අද කලේ මිනිස්සුන්ව විශ්වාස කරන්න අමාරුයි.
මෙය කාටත් විශ්වාශය ගැන දෙපාරක් හිතන්න කියාදෙන පාඩමක්
එකට කෑවත් බොක්ක වෙනස් කියල අපේ සීයල ආච්චිල තමයිනේ කියල තියෙන්නේ......
නියමයි
මමත් ඕනම කරලා අහු වුණානේ
ඒ.බී.සී. බරගම ලිපිය කියවලා.
අනේ මගේ ඉමිටෂන් එක අරගෙන රත්හරන් එක්කක් දෙන්නකෝ