IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මඟුල්ගෙදරකට ඉල්ලා ගෙනගිය මාලය අපාසු එද්දී ඉමිටේෂන් වෙලා

මඟුල් ගෙදරක යාමට ඉල්ලාගෙන ගිය රුපියල් ලක්‍ෂයක් පමණ වටිනා රන්මාලය ආපසු දුන් පසු ඉමිටේෂන් මාලයක් වූ පුවතක් වාර්තාවන්නේ වාරියපොල ප‍්‍රදේශයෙනි. පෞද්ගලික ආයතන දෙකක සේවය කරන විවාහක කතුන් දෙදෙනා ඉතා සමීප යෙහෙළියෝය. විවිධ ගමන් අවශ්‍යතාවලදී ඇඳුම් පැළඳුම් මුදල් හදල් පවා හුවමාරු කර ගනිති. දිනක් එක් මිතුරියක් පැමිණ අනෙක් මිතුරියගේ රුපියල් ලක්‍ෂයක් පමණ වටිනා රන් මාලය ඉල්ලාගන ගියේ මංගල උත්සවයකට පැළඳගන යාම පිණිසය. මිතුරියද ඉල්ලූ සැණින් රන්මාලය බහාලූ මංජුසාව ගෙනැවිත් ඇය අත තැබුවාය. දින දෙකකට පසු රන්මාලය රැගෙන ගිය කාන්තාවගේ පුත‍්‍රයා පාපැදියකින් විත් ”ඇන්ටි මේක අම්මා ඔයාට දෙන්න කිව්වා” කියා මංජුසාව ඇය අත තබා ඉගිල ගියේය. හිතවත්කම වැඩි නිසාම ඇය එය රැගෙන ගොස් අල්මාරියේ තැබුවේ පරීක්‍ෂාවක් නොකරමය. මාලය අයිතිකාරියගේ මව සිද්ධිය බලා සිටියාය. දුවේ ඒ දුව මාලය ගෙනියන්න ආවා ගෙනැත් දෙන්න බෑ. කොල්ලො බල්ලො අතේ එව්වා. ඈතක නම් ඒත් කමක් නෑ. මෙහෙ ගනින් මාලෙ බලන්න” කීවාය. දුවද අම්මාගේ අණට කීකරු වී මාලය ගෙනැවිත් මවට දුන්නාය. ”දෙයියෝ සාක්කි දුවේ මේක ඉමිටේෂන් එකක්. රුපියල් සීයක්වත් වටින්නෑ. මෙහෙ වරෙන් යන්න කියා මාලය රැගෙන ගිය කතගේ නිවසට ගොස් මාලය දී ”මේක අපේ මාලෙ නෙවෙයි මේක ඒක වාගෙ දෙතුන් ගුණයක් වටින එකක් කීහ. ”අනේ එස්කියුස් මී මෙයා මේ අපේ ළමයා කරලා තියන වැඩක්. මාලෙ මාරු කරල ඉන්නකෝ ආවම අල්ලගන්නම්” කියා රත්රන් මාලය ආපසු දුන්නාලූ. ”දුවේ උඹලට තවම හරියට මේ ගෙන්දගම් පොළොව පෑගිල නෑ. එකට කෑවත් බොක්ක වෙනස් කියල කියමනක් තියනවා. ඒකවත් අහල නැද්ද?” ඇසුවාලූ.



අදහස් (0)

මඟුල්ගෙදරකට ඉල්ලා ගෙනගිය මාලය අපාසු එද්දී ඉමිටේෂන් වෙලා

ගිරිගෝරිස් අප්පුහාමී Tuesday, 17 July 2012 01:39 PM

අම්මපා වරුණ මේක මාර කතාවක්නේ.....

:       0       0

රිපෝටර් ළමයා Tuesday, 17 July 2012 02:22 PM

පොඩි අත් වැරදීමක්, ගණන්ගන්න එපා...

:       0       0

තරිදු Wednesday, 18 July 2012 10:18 AM

ඉමිටේෂන් එකක්ම දුන්නනම් ඉවරනේ....

:       0       0

කැකුළී Wednesday, 18 July 2012 10:59 AM

විශ්වාශ පරමා ඥාතී නිබ්බාන පරමං සුභං

:       0       0

සහන් Friday, 20 July 2012 12:03 AM

අනේ මෙහෙමත් යාළුවෝ? අද කාලේ විශ්වාශ කරන්න පුලුවන් කාවද?

:       0       0

සහන් දසනායක Friday, 20 July 2012 12:03 AM

අනේ මෙහෙමත් යාලුවෝ . කොල්ල පිට දාලා වැඩේ ශේප් කරගන්න හදනවා . අද කාලේ කවද විස්වාස කරන්න පුළුවන් .

:       0       0

ගාල්ලෙ කොලුවා Tuesday, 17 July 2012 04:03 PM

දැන් හැදෙන අයට වඩා පරණ මිනිස්සුන්ට මොලේ තියෙනවා.. අනික ඉහ නිකට පැහුණෙ නිකං නෙමෙයිනෙ...

:       0       0

ගාලු කොල්ලා Tuesday, 17 July 2012 04:43 PM

දැන් හැදෙන මෝඩ අම්මණ්ඩිලාට වැඩිය පරණ මිනිස්සුන්ට මොළේ තියෙනවා

:       0       0

ABC Tuesday, 17 July 2012 04:16 PM

”දෙයියෝ සාක්කි දුවේ මේක ඉමිටේෂන් එකක්. රුපියල් සීයක්වත් වටින්නෑ. ..මාලය රැගෙන ගිය කතගේ නිවසට ගොස් මාලය දී ”මේක අපේ මාලෙ නෙවෙයි. මේක ඒක වාගෙ දෙතුන් ගුණයක් වටින එකක්" කීහ.

:       0       0

සංජීව Tuesday, 17 July 2012 04:19 PM

සවුත්තු වැඩ

:       0       0

රසිකා Tuesday, 17 July 2012 05:11 PM

දැක්කොත් බුවා.නොදැක්කොත් එබුවා

:       0       0

වරුණ Tuesday, 17 July 2012 09:49 AM

ඕවා අද සමාජයේ බහුලයි. කිසිම කෙනෙක් විශ්වාශ කරන්න බැහැ අද කාලේ.තමන්ගේ වැඩේ කෙරුණොත් ඇති.අනික් අයට හෙණ ගැහුවත් කමක් නැහැ

:       0       0

පිලිපීනෝ Tuesday, 17 July 2012 09:52 AM

ඔවු.ඔවු. අද කාලේ තරුණ ගෑණු අන්දන්න පුලුවන් වුණාට නාකි අය එහෙම අන්දනවා බොරු

:       0       0

කැප්පෙටිපොළ Tuesday, 17 July 2012 10:34 AM

කටුගෙයි තිබුණු යකඩ කඩු උණු කළාම රත්තරං වෙච්චි රටේ මේවා මොනවද අනේ?

:       0       0

සජී Tuesday, 17 July 2012 10:38 AM

මේ වගේ පහත් වැඩ කරපුවහම ආයිත් මූණ බලන්න පුළුවන්ද මන්දා?

:       0       0

ලාංකිකයා Tuesday, 17 July 2012 05:02 PM

මේ දෙයියෝ සාක්කි කථාවට එච්චර හිනා යන්නේ නැ..ඒත් පාඩමක් ඉගෙන ගන්න පුලුවන්

:       0       0

එස්.එල්.ටී.කේ.2004 Tuesday, 17 July 2012 10:18 AM

මේක හරියට නිකන් මොපසන් ගේ මාලයේ කතාවේ කණපිට වගේ නේ ...

:       0       0

පොතේගුරා Tuesday, 17 July 2012 11:23 PM

"කෑමෙන් හොඳ කෑම කෙඅම ඉල්ලාගෙන කෑම " වෙලා දැන් .

:       0       0

රට වැසියෙක් Tuesday, 17 July 2012 10:19 AM

අම්මට තියන මොලේ දුවට නැහැ.අද කලේ මිනිස්සුන්ව විශ්වාස කරන්න අමාරුයි.

:       0       0

තිලක් Tuesday, 17 July 2012 05:49 PM

මෙය කාටත් විශ්වාශය ගැන දෙපාරක් හිතන්න කියාදෙන පාඩමක්

:       0       0

තරුෂ Tuesday, 17 July 2012 11:22 AM

එකට කෑවත් බොක්ක වෙනස් කියල අපේ සීයල ආච්චිල තමයිනේ කියල තියෙන්නේ......

:       0       0

ජගත් Tuesday, 17 July 2012 11:50 AM

නියමයි

:       0       0

උදිත Tuesday, 17 July 2012 11:39 AM

මමත් ඕනම කරලා අහු වුණානේ

:       0       0

PUNCHA Tuesday, 17 July 2012 06:19 PM

ඒ.බී.සී. බරගම ලිපිය කියවලා.

:       0       0

හිත හොඳ හිගන්නා Wednesday, 18 July 2012 03:47 AM

අනේ මගේ ඉමිටෂන් එක අරගෙන රත්හරන් එක්කක් දෙන්නකෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 8 0

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 390 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 509 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1178 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 688 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 724 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 384 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site