”අනේ මම අත්සන් කරන්න කලිනුත් කෝල් එකක් ගත්තානේ. බලන්නකෝ ඔයාගේ මල් එක අස්සේ.....”
තම අත්බනනය (ජංගම දුරකථනය) තැබූ තැන සොයා ගත නොහැකිවූ මනාලයා සෝ සුසුම් හෙළමින් එසේ කියද්දී මනාලිය පුරුද්දට වගේ තම දෑත් දෙසද බැලූවාය. ටිකක් ඉන්න අපි රිං කරලා බලමු.... මොහොතකින් තවත් ජංගම දුරකථනයකින් ඇමතුමක් ලබා ගත්තේය.
අනේ රිංග්ස් යනවා උස්සන්නේ නෑ.
තම අහිමිවූ දුරකථනය ගැන ශෝකයෙන් මනලයා මංගල රියට ගොඩවූයේය. අපරාදේ. යාලූවෝ විෂ් කරන්නත් බලාගෙන ඉන්න ඇති. අතර මගදී ද ඔහු සිතුවේය.
රැය උදාවිය
උදේ පටන් තිබූ කලබලකාරීත්වයෙන් මිදුණායැයි සිතමින් දෙදෙනාම තමා වෙනුවෙන් සූදානම් කළ නවාතැනට පිවිසුනහ.
හැඳපැළඳ ගෙන සිටි ඇඳුම් ආයිත්තම් වලින් මිදී විවේකය උපරිමයෙන් ගෙවීමට සැහැල්ලූ ඇඳුමෙන් සැරසුණු මනාලියට එක්වරම තවත් කවුරුන් හෝ තරුණියකගේ කටහඬ සිය කාමරයෙන් ඇසෙන්නට විය.
එය හිනා හඬක් පමණි.
මදක් තිගැස්සුණු ඇය වහා සිය සැමියාට කතා කළාය. ඒ වන විටත් බැල්කනියේ මධු බඳුනක් අතේ තබා සිටි ඔහුද වහා එතැනට පැමිණියේය. මොකද? අනේ කවුද හිනාවෙනවා වගේ ඇහුණා... මට බයයි. සිය බිරිය කියූ දෙයින් ඔහුට මද සිනාවක් නැගුණි. ඔයාට විකාර.. නිකං වෙන්න ඇති. උදේ ඉඳන් උත්සවයේ හිටිය හින්ද ඒවා ඇහෙන්න ඇති. සැමියා එසේ කියා ගතවූයේ මොහොතකි. නැවතත් මොහොතකින් හිනා හඬ කාමරයේ මුල්ලකින් ඇසුණේය.
සැමියාගේ දෑස් සතුටින් ඉපිල ගියේය. අනේ... මේ කොහේ හරි තියෙනවා... හොයන්න... හොයන්න.... සැමියා එසේ කියමින් සිය මංගල රාත‍්‍රිය වෙනුවෙන් කාමරයට රැගෙන ආ ගමන් මල්ල පරීක්ෂාවට එළියට ඇද්දේය. එක්වරම සුදුපිරුවටය අතරින් ජංගම දුරකථනය බිමට වැටුනේය.
මංගල අෂ්ඨක අතරතුර මනාලයාගේ අතින් මනාලිය ඉණවට ඔතන පිරුවටයද සමග යමකුට දීමෙන් ඔහු විසින් දැන හෝ නොදැන ජංගම දුරකථනයත් ගමන් මල්ලට කිසිවකු විසින් ඔබා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ලි වෙන සිහියකින් ඉදල තියෙන්නේ ...(නදී)
ඔයාලට පිස්සු ..එහෙනම් දවසක් දිසා මට කීවේ මම දීග ගියේ බඩකුත් උස්සගෙන කියලා ..කෝ මම එදා තරහ උනාද ..මමත් හොඳට විහිළුවක් කීවා, අපි එදා හැමෝම හිනා උනා සතුටින් ...ඒකෙන් අපේ යාළුකම ලොකු සහෝදර බැදීමක් උණා....? අනේ ..මේ ..අපි කවුරුවත් මෙතන මොන්ටි සොරි යන උන් නැහැ ...? අනික දිසා මාමා කවදාවත් චන්දි කියන දේ අහන් නැහැ ..මම කීවොත් මිසක ...?දිසා මාමා තමයි මෙතන ඉන්න වැඩිහිටියා ..ඒ කියන්නේ නාකිම නාකි මිනිහා ..එහෙම අයට අපි ගරු කරන්න ඕන ..? (ස)
මේවා තමයි ශිරෝ වැදගත්ම ප්‍රවෘත්ති සභ්‍යත්වය සංස්කෘතිය තමා ශ්‍රී ලංකික ජීවනාලිය. බලන්න ඔයා වගේ තවත් වැදගත් කෙනෙකුට මෙතන කියල තියන අශෝබන වදන්. අපි පුළුවන් හැටියට ඔවදනක් දීල ඒවටත් යමු. (ස)
මම පොඩි කතාවක් කියන්නද,ඔන්න මගේ යාලුවෙකුගේ විවාහ මංගල උත්සවයට මට සහ තවත් බොහෝ යාළුවන්ට ආරාදනා ලැබුනා. අපිත් හොදට ටයි කෝට් දාගෙ එදින උත්සවයට සහභාගී වුනා. එය ඉතා අනර්ග ලෙස පැවති උත්සවයක්. අවසානයේදී මංගල යුවල මදුසමය සදහා වෙන්කර තිබු තරු පන්තියේ හෝටලයකට ගිය මුත් කවුරුත් මේ හෝටලය තියෙන්නේ කොහෙද කියා දැන සිටියේ නැහැ. කෙසේ හෝ මද දුරක් අපි ඔහුගේ රිය පසු පස ගිය මුත් අප හට ඔවුන් මග හැරුනි. එම ප්‍රදේශයේ බොහෝ හෝටල් ඇති බැවින් කුමන එකට ගියාද අපි නොදත්තෙමු. කෙසේ හෝ අපි එක හෝටලයකට ගොස් පිලිගැනීමේ නිලදාරියෙකුගෙන් මනමාලයාගේ නම කියා මනමාල යුවල තවම ආවේ නැතිද කියලා ඇහුවා අපේ පොඩි පිලිගැනීමක් තියනවා කියා. ඉන්පසු මෙයාලා නම් පරීක්ෂාවෙන් පසු ඔව් එයාලා දැන් තමා කාමරයට ගියේ කියලා පැවසුවා. ඉන් පසු අප එම හෝටලයේ බාර් එකට ගොස් මනමාලයා මම ලෙස එහි සිටින අයට රගපා ඔවුන්ට කිව්වේ,බලන්න මුන්ට බොන්න දුන්න මදිවට මෙතනටත් ඇවිත් බොන්න ඉල්ලනවා කියාය, මම ඉන්පසු එහි සිටි සේවකයෙකුට කීවේ මෙන්න මෙයාල ඉල්ලන ඕන දෙයක් දෙන්න කියාය. ඉන්පසු එහි සිටි මගේ මිතුරෙක් පිටරට සැර පැන් වර්ගයක නමක් කියා ඉන් එක බෝතලයක් සහ කෑමට සහ තව සාමාන්‍ය බීම වර්ග ගත්හ. ඉන්පසු මම බිල ඉල්ලා එහි අත්සන් කර,ස්තුති කියා අපි යන්න ගියෙමු. නමුත් මේ වන තුරු මනමාලයා අපෙන් ඒ පිලිබද ඇසුවේ නැත. ඔහු දන්නවද නැතිනම් බිල පරික්ෂා කරේ නැතිදැයි නොදනිමි. මෙය සිදුවී වසර 10කටත් වැඩිය.(නදී)
අනේ නිලූ ඇදලා ඇඟේ ගාගන්න එපා අනේ...මම නම් කෝප්ප විතරක් නෙවෙයි රෙදිත් හෝදනවා. ඒ විතරක් නෙවේ නාන කොට ඇඟත් හොඳට හෝදනවා. ටිශිව් වලට වඩා වතුරට කැමතියි මන්..ටේක් ඉට් ඊ සී .(නදී)
දිල්රුක්ෂි අක්කේ ඔයා ගැන ආඩම්බරයි. නින්දා ප්‍රශංසා ලාබෝ -අලාබෝ කියන්නේ අට ලෝ දහම. මේවට කම්පා වෙන්ට එපා. හිත් රිදව ගන්ට එපා. අර බලන්න පුර හඳ අහසේ පායලා...ඒකටත් "අම්මල අක්කල නංගිලා නන්දල නැති " මොක්කුද සත්තු වගයක් හු කියනවා. හඳට ගානක් වත් නෑ.(නදී)
වෙනත් සිරිපාල මහතෙකු ඉන්න නිසා මම සිරිපාල2 වෙනවා. ගොතන්න හැකිමුත් කවි සැනෙකින් රස සේ. රසික තීරුවේ හදරුක නොම එලි බැස්සේ. දුර්මුක පිරිසක් සිතුවයි උන් කිවිදුන් සේ. පිලිකුල මිස දුජන නරුම හා වාදය නිරසේ. (ස)
ඔයා වෙලාවේ මොන ජංගම දුරකථන හෙවිල්ලක්ද මල්ලියේ. (ස)
මම කිරි බණ්ඩා - බණ්ඩා මල්ලියේ "මල්ලි වෙන සිහියකින් ඉදල තියෙන්නේ ..." ඔය ලෙඩේ මටත් තිබුනා. අත්බනනය තිබුන නම් කතා කරලා කියල දෙන්න තිබුන.කරුමෙට එකත් රෙද්දේ පැටලිලා ද කොහෙද සද්දේ නෑ..උණුවතුර වැටුනම සිහිය ඒවි.(නදී)
පෙත්තා...!!! ඔයාගේ අදහස් හරිම විනෝදකාමියි...,ස්තුතියි චුට්ටක් හිනැස්සුවට මේ හිමිදිරි උදෑසන ...!!! ඔය උගත් උදවිය අදහස් දාන විට ටිකක් ලිහිල් භාෂාවෙන් දැම්මා නම් අගේ කොට සලකන්න තිබුනා. (ස)
"සෑම කාන්තාවක්ම තමුන්ගේ මවගේ අක්කගේ නංගිගේ රූපයෙන් දකින්න. එතකොට ඔබ හැම කාන්තාවකටම ගෞරව කරාවි"(නදී)
බණ්ඩාට ගහනකොට ඇයි චන්දිට රිදෙන්නේ? (නි)
චන්දි අක්කේ, නිලූ අක්කේ, ඉන්දු අක්කේ, කාන්තාවන් විදිහට දිසා අයියාට ඕගොල්ලන්ට දෙන්න තිබෙන අවවාදය මොකක්ද? (නි)
චන්දි අහනවා "මොකද මේ මනාලයා ෆෝන් එක නැති කරගෙන? " කියලා.මනමාලිත් දෙවැනි වුණේ නැහැ. තව මොකක්ද එකක් නැති කරගෙන හොයනවලු? මේවා කියවලා අපි හිනා වෙනවාලු (නි)
වෙලාවට පිරුවටය අස්සේ තිබිලා කලින් හමුවුණේ... (නි)
ස්ත්‍රිකට විවාහය උතුම්ය. ස්ත්‍රියකට ආරක්ෂාව වැදගත්ය. ස්ත්‍රියක විවාහය තුළින් ආදරයත් ආරක්ෂාවත් නීතිමය සුරක්ෂාවත් බලාපොරොත්තු වන්නීය. නමුත් වර්තමාන සමාජයේ දී ඇයට නොලැබෙන එකම දෙයත් එය මැයි. බහුතර පිරිමි අතින් අතට මාරු වන කාන්තාවට කොයින්ද රැකවරණයක් ආරක්ෂාවක්? කාන්තාවගේ සුරක්ෂිත බව රැකිය යුතු යැයි සම්මතව තිබෙන අය අතින් පවා කාන්තාවගේ ආත්ම ගෞරවය විනාශයට පත් වන කාල වකවානුවක දී ඇයට හිමි කිසිදු සරණක් නැත. ජංගම දුරකථනය නාද වීම නිසා කිසියම් සිත් ගන්නා සුළු කාර්යයක අඛණ්ඩ සිදු වීම එම කාර්යය අඩාල වීමට තුඩුදිය හැකිය. (නි)
මේ ඔන්න ඕව අමතක කරලා මෙහාට හැරියනිල්ල සේරම ..මමත් අයියා වගේ , බය නැහැ ..බය නැහැ ..? කීවට කුඩා කාලේ ඔය කෙලි වැඩ කලාට ..මෙහෙ රැකියාවට අදාළ ..සෑම මාසයකටම සැරයක් පැය 24 සතියක වැඩ මුරයක් හැමෝටම අදාලයි ...? බෙහෙත් ආවාම පාන්දර උනත් අපේ කෑම්ප් එකට එන ප්ලේන් වලින් එන පාර්සල් ගැනීම සහ ඒවා සීතකරණයේ තැබීම ,ප්‍රිජ් වල උෂ්ණත් වය අඩු උනාම ඒවා චේක් කිරීම , ඔක්සිජන් ඉවර උනාම නැවත ,සවි කිරීම, වගේම .මිනී කාමරේ තියන ප්‍රිජ් වලද උෂ්ණත්වය ඉස්ටෑන්ඩ් බයි,මිනී තිබුනත් නැතත් ..? මේ වගේ උෂ්ණත්ව අඩු ඌ විට එලාම් එක වදිනවා.. ඒක අපේ ඩියුටි ෆෝන් ඒකට රින් වෙනවා නැවත සකසනකම් ම ... මීට වසරකට දෙකකට පෙර .. මම තනියෙන් ගෙදර එදා මම වැඩ දිනක්..? මට එලාම් ඒක වැදිලා ගිහින් බැලුවාම මිනී කාමරේ උෂ්ණත්වය අඩු වෙලා ..? මිනී නැහැ ඒත් මට ඇතුල යන්න බයයි ..අපි අත්සන් කරන්න ඕන චෙක් කලා කියල ඇතුලේ තියන පොතේ ..මම මෝචරිය ලගටම දෙතුන් පාරක් ගිහින් ..නැවත වාහනය ලගට යනවා ගෙදර එන්නත් බයයි ..එහෙම දමල පස්සේ එලාම් එකේ ස්වීච් එක ඕෆ් කරලා ගෙදර ආවා ...මොකෙක් වත් දකීදෝ කියන බයට එළිවෙනකම් නිදි නැහැ උදේ කාටත් කලින් වැඩට ගිහින් ස්විච් ඒක ඔන් කළා අද වෙනතුරුත් කවුරුත් දැන් නැහැ ..? හොල්මන් වලට බය නැති මම තමයි ඒ ..එදා ..? (ස)
කේ.එච්.ආර්.කේ. දිසානායක ඕගොල්ලන්ගේ කවුරුත් අදහස් දාල නැහැ. ඉතින් මාතෘකාවට අනුව වැඩේ යනවා. (ස)
කල්ලියේ සාමාජිකයෙකුට මෙහෙම දෙයක් කිව්වා නම් අද කොටු මස් කරලා පතුරු ගහලා. අහිංසක දිල්රුක්ෂිට කියපු නිසා කවුරුත් සද්ද නැහැ. (ස)
සුජීව මල්ලි ඔබ කියන දේ ඇත්ත. මම කැමතිත් නැහැ අපි නිදා ගන්න ගියාම ටෙලිපෝන් කෝල් එනවට.මල වදේ. (ස)
වික්‍රම සිරි ..අපේ ගමේ මල්ලි කෙනෙක් හිටිය එයා හොල්මන් වලට හරීම බයයි ..මෑත කාලයකදී එයා වස පානය කරලා මිය ගියා..ඒ ඔයා නෙවේ නේද ..? එයාගේ නමත් වික්‍රම සිරි ...? (ස)
දිසානායක අයියේ අද ඔබ හදුනා ගතිමි (නදී)
මට නම් හිතෙන්නේ ..දැන් තමයි ලංකාදීපේ ..ලස්සනම ..ලස්සන ..? මම කුඩා කාලේ ..අපේ ගමෙත් හරියට ..මාමල ..නැන්දලා සණ්ඩු වෙනවා..අපේ ගෙදර කවුරුවත් සණ්ඩු වලට පැටලෙන අය නැහැ ..ඉතින් අපිට හරි ජොලි ...ඔය රන්ඩු දිහා බලන් ඉඳලා ..අදටත් ඒවා මතක් වෙනවා ...සමහර දාට අපේ අම්මා අපිට ඒ වචන ඇහෙනවට රේඩියෝ එක ගම පැලෙන්න දමනවා. අපේ ගෙදරටම තිබුනෙත් රේඩියෝ එක විතරමයි .. එතකොට ඒ රන්ඩු වෙන මාමල අපේ ගෙදරට බනිනවා ...? (ස)
කලබල වුණාම ඔය වගේ දේවල් වෙනවා.ඉවසන්න කියන්නේ ඒක තමා. (නි)
මේකේ දාන්නේ විහිලු කතා. ඇත්ත කතා දාන්නේ කලාතුරකින් . (නදී)
වන්නි තිලක් ..මෙතන ඉන්න ඔලුව ටිකක් හොඳම කෙනා..? මොන්ටි සොරි යන්න හදන්න එපා ..? (ස)
දිල්රුක්ෂි අක්කේ මම එච්චර හොඳට ලියන්න දන්නේ නැහැ. හැබැයි පුළුවන් විදිහට ඔයා වෙනුවෙන් සටන් කරන්නම්. මේ කල්ලියට විරුද්ධව. (ස)
සෑම පිරිමියෙක්ම තමුන් පියෙක්, අයියා කෙනෙක්, මල්ලි කෙනෙක්, සීයා කෙනෙක්, මාමා කෙනෙක්, ගුරුවරයෙක් ලෙස වගකීමන් හැසිරෙන්න. එතකොට හැම කාන්තාවක්ම ඔබට ගෞරව කරාවි. (නි)
දිසා හිත හොඳ මිනිහෙක්.සමහර වෙලාවට බුලත් විටක් කනවා.හුණු දුම්කොල වැඩි වුණාම ටිකක් .... නැත්නම් හිත හොඳ මිතුරෙක්. වැඩ ඇති කටක්. (නි)
මට දැන් සියුම් ආඩම්බරයක් දැනෙනවා. කාරනා දෙකක් නිසා. පළමුවැන්න මම එසැණ පාඨක තිරයේ ජනප්‍රිය වී හමාරය. දෙවැන්න නම් අතළොස්සක් පමණක් අදහස් ප්‍රකාශ කළ මෙම ලිපියට වැඩි දෙනෙකු සහභාගි වුණේ මගේ අදහස් නිසාය.ඉතින් මා පැරදී නැත (නි)
දුමින්ද මල්ලියේ...මාර ප්‍රශ්නයක් නේ අහන්නේ..."බණ්ඩාට ගහන කොට ඇයි චන්දිට රිදෙන්නේ" ඔයා කාටද ගැහුවේ..? (ස)
දිසානායක මහතාගේ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. (ස)
ඔය දවසට ගෙනි යන්න නරකම උපකරණය තමයි ඕක. දෙන්නගේ සතුට නිදහස ඔක්කොම නැති කරනවා. මල ඉලව්ව වහල දාල තියන්න තිබුනේ. මම නම් මීළඟට මම බඳින දාට ෆෝන් එක ගෙනියන්නේ නෑ ඔන්න. අපේ යාලුවෝ තරහ වෙන්න එපා විෂ් කරන්න බැරි වුනාට. (ස)
චන්දි අක්කේ, ඔයා දකුණේ කිව්වා නේද? මම කොළඹ. (නි)
අනේ නැහැ සමන් ., මන් මොකටද රුපගේ නමින් අදහස් ලියන්නේ ඔය දෙකේ පන්තියේ වැඩ මා ලග නැහැ හොදේ ....!! (අ)
රුවන් ලන්ඩන් ,, අපේ මහත්තයා පොලියත් එක්ක ගෙවන්නේ ඔයාගේ පොකට් එකෙන්ද .......? දැන් ඔයා අදහස් ලියල තියෙන්නේ නිව්ස් එකට අදාලවද....? (ස)
මෙතන වෙනත් අයෙකු රුපවති නමින් අදහස් පල කිරීම ගැන කණගාටුයි. මා පැවසු පරිදි යලි මම මෙහි යලි නොලියමි. (ස)
පිළිතුර හැටියට මේ ටික ප්‍රමාණවත් "සෑම කාන්තාවක්ම තමුන්ගේ මවගේ අක්කගේ නංගිගේ රූපයෙන් දකින්න. එතකොට ඔබ හැම කාන්තාවකටම ගෞරව කරාවි" (ස)
ඔය රණඩුව නතරකරල සුහදව් ඉදිරියට් යමු (අ)
එතකොට අර ඇහුණ "කාන්තා හිනා හඬ" රිගින් ටෝන් එකද? (ස)
ජංගම දුරකථන ඇතුවත් බැහැ නැතුවත් බැහැ.අසනීපයෙන් නිවාඩු දාලා ගෙදර හිටියත් එදාට තමයි වැඩියෙන්ම කෝල් එන්නේ. (නි)
කවුද එතකොට මේ බොරු රුපවති, දිසානායක අයියද?? (ස)
ලංකාවේ දැන් ගැහැණුන්ට ගරහන සමාජයක් බිහිවෙලා..කසාද බැන්දම ගැහැනියක් හැම අතින්ම පරිහානියට පත් වෙනවා...ඒත් පිරිමියා එදා වගේම ජීවත් වෙන්න උත්සහ කරනවා ...ගැහැණියකගේ වටිනාකමක් නැති කෙනා තමා ගැහැනුන්ට ..කසාදෙට ඔය වගේ කියන්නේ...තේරුම් ගත්ත මිනිස්සු ඉන්නේ 2%ක් විතරයි. ඒකයි අවාසනාව. (ස)
අනේ දිල්රුක්ෂි නංගි..දිසා කියන්නේ හැබෑම හිත හොඳ මිනිහෙක් ..විහිළුවක් කරනවා මිස ..කුහක කමට අදහස් දමන එකෙක් නෙමේ දිසා..? දිසා කටකාරයි මම නම් හරි කැමතියි ඒ කටකාර කොළුකමට. දිසා හොඳ එකා...?කී පාරක් නම් ?කනත්තට යන්න අඩ ගැහුවද මට මිනී ඔලු අහුලන්න ..? ඒත් මමඑ නෙමෙයි ගියේ ..? (ස)
දුරකතනය බලන්ඩ යන වෙලාවේ මොන විකාරද? (ස)
අපි මෙතැන හතර පස් දෙනෙක් එකතු වෙලා කාටත් හිනා වෙලා සතුටු වෙන්න සැලැස්සුවා. අපිත් ලොකු සතුටක් වින්ඳා. පාළුව, කාන්සිය, මහන්සිය දැනුනෙත් නැහැ වගේ. විනෝදයක් ලබා ලබා ගත්ත මිසක් අපි එසැන බදු ගත්තේ නැහැ. දැන් ඉන්න කට්ටිය අපි ලියපු කවියටත් අපහාස කරනවා. දැන් මෙතනත් රතු පස්වල වගේ වෙලා. එකක් යනකොට එකක්, කාට හරි දොස් කියලයි අදහස් දමන්නේ දැන් එසැනට ලියල හෝ කියවලා හිත රිදවා ගන්නවා., තනි කමෙන් පාලුවෙන් හිටි අපිට සහනයක් , සතුටක් ලබාදුන් එසැනට ගොඩක් පින් .., අපේ සතුටට මිසක් වලියට අදහස් ඕන නැහැ ..!! (ස)
චන්දි, ඔයා කැමති නම් රුවන් එයාගේ පොකට් එකෙන් උනත් ගෙවාවී. (ස)
චන්දි නැන්දේ...මොකද ඒ බහු වචනේ? ඒක, ඒක වචනයක් අපේ නෙවෙයි, අනේ ...මගේ රත්තරන් මහත්තයා..නේද? (ස)
මදු සමයට යන්නේ ජීවිතේටම එක පාරනේ...!!!ඔය වෙලාවට මොන ෆෝන් ගැන මතකයක්ද මනමාලයට.ඊට වඩා දහසක් පැතුම් බලාපොරොත්තුනේ ඔලුවට එන්නේ ඒ වෙලාවට. (ස)
රූපවති,චන්දි අක්කලාගෙ මහත්තුරු නම් ගෙවනවා ඇති පොලියත් එක්ක තවමත්.. (නි)
දිසා, හොඳ නැද්ද මාසයක් විතර නිවාඩුවක් දාල ලංකාවට ගිහින් ඇලෙන් දොලෙන් නාල දරු පවුලත් එක්ක ඉඳලා ආවා නම්... (ස)
අනේ තිලක් මල්ලියේ, ඒක නම් හරියට හරි (නි)
නිතර ගුවන් ගමන් වල යෙදෙමින් රැකියාව කරන රූමත් තරුණියක් විවාහ කර ගැනීමට අදහස් කල තරුණයෙක් තම විවාහයට පියාගෙන් අවසර පැතීය . එහෙත් පියා එකහෙලාම එම විවාහයට විරුද්ධ විය .තරුණ පුතා පියාගේ විරුද්ධත්වයට හේතුව විමසූ විට පියාගෙන් ලැබුනේ මෙවැනි පිළිතුරකි " ඔයාගේ අම්මා පැය 24 ම ඉන්නේ බිම ඒත් මට පාලනය කරගන්න බැහැ. ඉතින් නිතර ගුවනේ ඉන්න කෙනෙක් බිම ඉදගෙන ඔයා කොහොමද පාලනය කරන්නේ .... (ස)
ඔන්න පටන් ගත්තා ...ඔයාලා හදන්නේ පොකෙට්ටුව ඉරා ගන්ඩද කොහෙද? දැන් මාතෘකාව පොකට් එක ඉරා ගැනීම නේද? (ස)
වසන්ත මං ඔය කාගෙවත් පොකට් එකෙන් ජිවත් වෙන ගැහැණියෙක් නෙවෙයි .. කනගාටුයි ඔබේ අදහසට .. ගැහැනුන්ට අපහාස කරන්න එපා. ඔයා ඉහලින් කියලා තියෙන විදියට, තමන්ගේ අම්මා, අක්කා, නංගි කියලා හිතන්න පුරුදු වෙන්න (දිසා ඔයා හිත රිදවා ගන්න එපා. අපි බලමු අපිට දොස් කියන හැමෝම අදහස් දමන හැටි හොඳේ. ) දැන්නම් හිත රිදෙනවා ගොඩක් අදහස් බලලා කවියක රසය දැනෙන්නේ කළා හිතකට විතරයි. (ස)
නැහැ සමන් ..ඕක ලියන කෙනා පමණයි දන්නේ ..ඒත් අපිට ඕව ගානක් නැහැ ..මම තමයි නියම රුපවතී කියල අදහස් දමල තියෙන්නේ ..ඔන්න අපේ ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වය ..ලියපු කෙනාම ලැජ්ජ වෙන්න ඕන ..මල්ලියේ ...? (ස)
ඔව් සමන්, මං දකුණේ අම්බලන්ගොඩ., ඔයා කොළඹ කීවානේ සතුටුයි.!! හදුනා ගත්තට...!!!! (ස)
සමන්, දිසානායක කියන්නේ හැබෑ පිරිමියෙක්. හැංගිලා ඉඳලා මඩ ගහන එකෙක් නෙවේ .. දිසා දිසා විදියටමයි අදහස් දමන්නේ ... (ස)
දිසා අයියේ වෙනෙකෙකු වෙස් නොගන්නකෝ. කල වරදට සැඟවීලා නො එන්නකෝ. මවක් දුවක් ලෙස ගැහැණුන් සිතන්න කෝ. චන්දි නගේ හරි පැත්තෙන් සිටින්නකෝ. (ස)
මම අයින් වුනේ මේ ප්‍රශ්නවලට වැරදිකාරි මමයි කියලා හිතලා. කෝ ඕගොල්ලෝ ඕගොල්ලෝ ඇර ගන්නවනේ. සතුටින්, සමාදානයෙන් ඉන්න ළමයි. (ස)
අපි දන්නා විදිහට රූපවතිත් යනවා කිව්වොත් යන කෙනෙක් එතකොට මේ චන්දි අක්කද?? (ස)
අර හිනා හඬ රිගින් ටෝන් එක නම්, මනමාලයට තියෙන්නේ ඒක වහාම වෙනස් කරගන්න. මොකද අලුත් බිරිඳගේ සිනා හඬ නිතර දෙවේලේ අහන්න පුලුවන්නේ. ඔය හිනා හඬ නිසා බිරිඳගේ සිනාව නතර වෙයිද කියන්නත් බෑ. (ස)
කෝ මේ අපේ චන්දි, ඉන්දු, ඉක්මනින් ඇවිල්ලා ලියන්න කවියක්.අපේ කතෘ තුමා සුහදශීලීව පල කරන නිසා. (ස)
රූපා නංගි, තරහා වෙන්න එපා. මගේ ප්‍රකාශය නැවත කියවා බලන්නකෝ. තේරුනේ නැත්නම් තවත් වතාවක් කියවන්න. මම කියලා තියෙන්නේ පෙරපාසල් කතාවක්ද කියලා එතකොට තේරෙයි. (නි)
කලා හිත් රිදවීම - රිලා හිත් ඇති අයගේ සිරිතයි. ඒක ජන්මයේ වරදක්. (නි)
ජෝඩුවක් හනිමූන් ගිහිල්ල ආවලු දෙන්නට දෙන්න කතා නැහැල්ලු .හොදම යාළුවා ඇහුවලු මොකද මචන් උනේ කියල .මනමලයා කිව්වලු මචන් අපි දෙන්නම වයින් බීල හිටියේ මට පුරුද්දට ඩොලර් සීයක් කෝට්ටේ උඩින් තිබ්බනේ .අපෝ ඕක ගනන්ගන්න එපා වයිෆ් හිතයි වැරදීමකින් තිබ්බා කියලා යාළුවා කිව්වා ඒ පාර මාමලය කියනවා නෑ මචන් එයා මට ඩොලර් විස්සක් ඉතුරු දුන්නනේ එකයි ප්‍රස්නේ කියලා.(නදී)
ඒ අපේ කාලේ නිලූ. අද කාලේ අයට සමහර විට ඔය කියන දවසත් තවත් එක දවසක් විතරයි. (ස)
මමත් මධු බදුනක් තියන් ඉන්න හැදුවෙත් මේ වගේ දවසක, අපේ වෙන්ඩ හාමිනේ මාව උස්සලා දාපි බැල්කනියෙන් පහලට. කවුරු මොනා කිව්වත් තාම තියෙනවා නේද සුදු පිරුවටේ චාරිත්‍රය. හොදා හොදා.... සිංහල සංස්කෘතික චාරිත්‍රයක්නේ......(නදී)
තීක්ෂණ මහත්තයෝ, ඔයත් එක්ක ඕන විදිහකට හැප්පෙන්න මම ලැහැස්ති, මගේ කට වහන්න ඔයාට බැහැ...ඔයා දිල්රුක්ෂිගේ මහත්තයද?? (ස)
දිල්රුක්ෂි සොයුරියේ ඔබගේ අදහස් වලට ම කෝප ගත්තේ නැත ඔබ මට කාන්තාවක් කියා අපහස කලයේය.නමුත් තුන් හිතකින්වත් තරහක් වෛරයක් හිතේ තියාගෙන ඔබටවත් අන් සහෝදරයන්ටවත් මම වෛරය පතුරුවේද නැත ඔබ ලියන දෙයට මම උත්තර දුනිමි .අවසානයේ නොදැනුවත්වම ඔබේ සිත රිදුණි නම් මාද කම්පා වෙමි ..අපට සටන් කර දිනාගැනීමට යම් දෙයක් මෙතන නැත .සියලු දෙනා මට පහර ගහන විට මම තව තවත් විරුද්ද අදහස් පලකලා විනා මගේ දයාබර සොයුර සොයුරියන් කෙරෙහි වෛරයකින් අපහසයකින් නොලිඋවෙමි .දැන හෝ නොදැන ම අතින් වරදක් සිදු වී ඇත්නම් මම සියලු දෙනාගෙන් සමාව අයදිමි .(ස)
දිල්රුක්ෂි නගා ඔන්න අපි ආවා...නිලූ නංගි එහෙම කියන්න එපා. මදුසමයට දෙපාරක් ගියපු දිල්රුක්ෂිව අමතක කරන්න එපා ..හරි වාතයක් නේද එයා හදන්නේ රුපගේ තැන ගන්න ඒත් අපි දෙන්නේ නැහැ ...පව්.. නේද එයා. (ස)
වරුණ, දිසා අයියා ඇත්තෙන්ම ගොඩක් හිත හොඳ අවංක සාධාරණ කෙනෙක්.රූපා අක්කා කියනවා වගේ කටකාර විහිලුව වගේම අවශ්‍ය තැනට දෙන්න ඕනේ පිළිතුර එයා සතුයි.දිල්රුක්ෂි කල විහිලුවට දිසා අයියාත් විහිලුවෙන්ම පිළිතුරු දුන්නා මං හිතන විදිහට.දිසා අයියා නරක කෙනෙක් නම් එයා පිරිමියෙක් නෙමේ කියලා ලියපු වෙලේ දිල්රුක්ෂිට නරක දෙයක් ලියන්න තිබුනා.එහෙත් හිත රිදුනා නම් සමාවෙන්න කියා දිල්රුක්ෂිට දිසා අයියා ලියා තිබුනා.සොයුරිය දිල්රුක්ෂි නොදැන හෝ වරදක් උනා නම් සමාවී සතුටින් අප හා එක්වී ලියන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (ස)
මල්ලිට පිස්සුද මල්ලිග(නදී)
දිසානායක අර පද්මිණි කියනවා වගේ ගිහිල්ලා අම්මා, තාත්තා, අක්කලා, නංගිලා, නැන්දලා බලලා එන්න. රූපවති චන්දී කට්ටි කණ්ඩායම් හදන්නේ නැතුව වැරැද්ද නිර්දය ලෙස විවේචනය කරන්න. මිනි ඔලු අහුලන්න යන්න එකෙයි මේ වගේ පිළිකුල් විහිලු වලයි වෙනස ඕගොල්ලෝ හොඳට දන්නවා. (ස)
ගැහැනියක සහ මිනිසෙකු (දෙදෙනෙකු )එක අයකු වීම විවාහය නම් වේ. එහෙත් ඒ එක්කෙනා කවුද කියා තීරණය කරන්න ගියවිට තමයි ප්‍රශ්නය ඇතිවන්නේ (නි)
චන්දී අක්කේ වල් පල කියවන්නේ නැතුව දිසා අයියාට මීට පස්සෙවත් ඔහොම අසභ්‍ය දේ නොකියා ඉන්න කියන්න. ඔයා කිව්වොත් අහයි. (ස)
ඒ පාර දිසානායකට මොකද මේ වෙලා තියෙන්නේ. දිසානායකට ටිකක් ප්‍රශ්න කාලයක්ද කොහෙද පොඩි විවේකයක් ගන්න. (ස)
මගුලට සුබ පතන්න ඉස්සෙල්ල ..මීට පෙර නිව්ස් වල මල වදයක් උන විසබීජ අදහස් දාපු නෝනා මහත්තුරු මේ නිව්ස් එක නොබලත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. (ස)
මල විකාර, පිස්සු නැත්තම් ෂෝක් . මොන මිනිහද මදුසමය ගත කරන්න යනකොට ෆෝන් අරන් යන්නේ. මට නම් ඔය වගේ අවස්ථාවල ෆෝන් එක පේන්න බෑ. සත්තයි මම කියන්නේ. (ස)
"ජංගම දුරකථනය නාද වීම නිසාමංගල රාත‍්‍රිය දවසේ කිසියම් සිත් ගන්නා සුළු කාර්යයක අඛණ්ඩ සිදු වීම වළක්වමින් එම කාර්යය අඩාල වීමට තුඩුදිය හැකි බව පර්යේෂණයකින් හෙළිවී ඇති නිසා මංගල දිනයේදී ඒවා පාවිචිය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමේ නීතිය අකුරට ක්‍රියා කිරීමට සමස්ත ලංකා නැන්දම්මාවරුන්ගේ සංගමය සුදානම් වේ. (නි)
දිසා අයියේ,කට්ටිය දවල් හීන මවනවා වෙන්න ඇති එක දවසෙන් රජ වෙන්න.දුකේ බැහැ එයා ගැන. (නි)
චන්දි අක්කේ ඔයා එක පාරක් කියන්න දිසා අයියට ආයෙත් කාන්තාවන්ට මේ වගේ දේවල් කියන්න එපා කියලා. ඔයා කිව්වොත් එයා අහයි. ඔයාගේ යාලුවනේ. (ස)
දිල්රුක්ෂි කෙල්ලට මාත් ආදරෙයි මගේම සහෝදරියකට වගේ. (නි)
දිල්රුක්ෂි ඉන්නේ අදහස් දාන්න නෙමෙයි, මෙතන වැඩේ හරියට සිද්ධ වෙනවද බලන්න. හරියට පන්ති නායිකාව වගේ. (නි)
කට්ටියටම රතු පස් වලින් වතුර පොඩ්ඩ පොඩ්ඩ දෙන්න ඔනේ.(නදී)
අනුරුද්ද මල්ලියේ මේ වචන ටික නම් මසුරන්. මේකෙන් කියන්න ඕන දේ බොහොම සරලව කියල තියනවා "සෑම කාන්තාවක්ම තමුන්ගේ අම්මගේ අක්කගේ නංගිගේ රූපයෙන් දකින්න" (ස)
පහන් ,"විවාහය" යන අකුරු හතරේ ගැබ් වෙලා තියෙන්නේ ,"විශ්වාසය,වාසනාව,හරි මග ,යසඉසුරු "යන්නයි. (ස)
චන්දී අක්කටයි, රූපවති අක්කටයි මේ දිසානායක අයියා කරපු චෝදනාව බොහොම සුළු දෙයක් වගේ. (ස)
මොකද මේ මනාලයා ෆෝන් එක නැති කරගෙන? අනේ මලයෝ, ජිවිතේට එක පාරයි මධුසමයට යන්නේ. මොනවා නැති වුණත් කමක් නැහැ.සතුටින් ඉන්න.හැබැයි ගැහැණු හඩකින් හිනාවෙනවා ඇහුණාම මනමාලි හිතන්න ඇති හොල්මනක් කියලා (නි)
මෙන්න මොබයිල් කතාවක්...(උපුටා ගැනීම ඊ මේල් ඇසුරින්) ගමනක් යන ගමන් හදිසි අවශ්‍යතාවයක් නිසා මම පොදු වැසිකිලියකට ඇතුල් වුනා. මගේ වැඩේ කරගෙන යද්දිම එහා පැත්තෙ පාටිෂන් එකේ මනුස්සයා කියනවා, "ආ.. කොහොමද?" සාමාන්‍යයෙන් මෙතන කතාබහක් නොකෙරෙන තැනක් වුනත් ටිකක් ලැජ්ජාවෙන් මං උත්තර දුන්නා, "වරදක් නෑ" මගේ වැඩේට ආයෙමත් බාධා කරමින් මෙයා අහනවා, "ඉතිං, මොනවද කරන්නෙ?" (යකෝ මේකෙ ඇතුලෙ වෙන මොනව කරන්නද) කොහොම හරි කේන්තිය යට ගහගෙන මං කිව්වා, "ඔයා වගේම තමයි, ගමනක් යන ගමන්" මට නිකම් මොකක්ද වගේ මේ මනුස්සයා මාත් එක්ක කතා කරපු හැටි. කොහොම හරි මගේ කාර්යය ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මේ යෝධය අහපි, "මං ඔහෙට එන්නද?" හෑඃ!!! ඔන්න මගෙ රතුකට්ට පනිනවා ඕං. කමක් නෑ. එළියට යන්න හදන ගමන් මං උත්තර දුන්නා, "බෑ...මං මෙතන ලොකු වැඩක්!" ආයෙත් එහා පැත්තෙ පොර කියනවා ඇහෙනවා, "මේ, මං ඔයාට තව ටිකකින් ගන්නම්, මේ එහා පැත්තෙ ඉන්න පිස්සා මං කියන හැම එකටම උත්තර දෙනවා!" ෆෝන් එකත් අරන් වැසිකිලි යද්දි ඔහොම දේවල් වෙනවා ඈ! (ස)
මධුසමයට ගිය අස්සේ කලබලයක් වී තිබුණයි.... ඒකට අදහස් දැමුමට හැමදෙන මෙතැනට පිරුණයි... අපි හරියට ලියනවාද බලන්න සමහරු ආවයි..... ඒක බලන්නට කතුවරු ඇතිබව අමතක ගානයි..... (නි)
දිසා අයියේ, මේ ළමයි තාම නින්දේ වගේ. ලියන්න කවියක් තීරුව එළිය වෙන්න (නි)
දිසානායකට තවත් බනින්න එපා. දැන් ඇති. වැරැද්දක් කළත් අපේම ලාංකික සහෝදරයෙක්නේ. එයාට දැන් ටිකක් තෙහෙට්ටුයි වගේ. මේ ලෝකයේ හැමෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදි කරනවා. වැරැද්ද නැවතත් නොකරයි නම් ඔහු උතුම් මිනිසෙක් (නි)
අපේ සිංහල කමට හැදිච්ච අයට මේවට හිත රිදෙනවා. පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. (ස)
රස්නේ කාලේ නුවරඑළියේ ගියා වගේ සිසිලක් දැනුනා දිසෝ. මේ වැඩේ මීට කලින් කළා නම් බොහොම අගෙයි.ලියන වචන වලින් හදවත් සුවපත් කරන්න පුළුවන් වගේම දහස් වරක් තුවාල කරන්නත් පුළුවන්. අසිපතට වඩා වචනය බලවත්.මේ ටික අද තේරුම් ගත්ත එක හෙට කළාට වඩා මම අගය කරනවා. (නි)
පහන් ඔයාට තාම ගෙවලා ඉවර කරන්න බැරි උනාද?? (ස)
තීක්ෂණ බුද්දියෙන් අඩුම සතා හා වැඩිම සතා නම්කොරන්න පුළුවන් කාටද.? (අ)
මම හිතුවේ පැංචි හොද කෙනෙක් කියලා. මට සතා කිව්වා නේද? (නි)
නිලූ අක්කේ, රස්සාවෙන් නෙමෙයි අක්කේ කෙනෙක් වැදගත් කෙනෙක් වෙන්නේ (නි)
දිසානායක අයියේ, හොරුත් ප්‍රසිද්ධ වෙනවා. ඒක දිනුමක් නොවේ (නි)
හැමෝම දැන් අදහස් දාන්නේ තරහවල් පිරිමහ ගන්න විතරයි. මොනාද මේ ඔයාලා නුගත් මිනිස්සු වගේ හැසිරෙන්නේ. ලැජ්ජා නැද්ද?? මේ අදහස් කී දෙනෙක් බලනවද?නිව්ස් එකට අදාලව ලීවා නම් ඉවරනේ. අනම් මනම් ලියල හිත රිදවගන්නෙ ඇයි?? (ස)
දෙකේ පන්තියේ වැඩ කරන්නේ නැහැ කියන්නේ ගොඩක්ම දෙකේ පන්තියේ වැඩ කරන අය (අ)
පෙරේරා, ඔබ හරි.එහෙත් දිසා අයියා කළ විහිලුවට විහිලුවෙන්ම උත්තර දුන්නා.එතන වරදක් වුණා නම් සමාවත් ඉල්ලුවා.තවත් මොනවද පස්සෙන් පන්න පන්නා වචන කියන්නේ?ගිය දේ ගියා.ඔය සෙල්ලම නතර කරන්න. (නි)
අනේ සමදරා ඔයා ආයි ආපු එක කොච්චර හොඳද ?? (ස)
පද්මේගේ කතාව නියමයි. (නි)
නිලූ ඔයා අපේ දිල්රුක්ෂි අක්කට කෝප්ප හෝදන අය කිව්වා නේද (නදී)
දුමින්ද , අපි මුලින් මෙතන ලස්සනට අදහස් ලිවුවා , කවි ලිවුවා, විනෝද වුණා,අනවශ්‍ය දේ කවදාවත් ලිවුවේ නැහැ. නමුත් දැන් මෙතන පොර පිටියක්, ලියන්නත් අාසා නැහැ ( ඒත් මං නොලියා ඉන්නේ නැහැ )වික්‍රමසිරි, දිසානායක කියන්නේ හොද කෙනෙක්. එයාට දිසා අක්කා කියලා ලිවුවේ ඇයි? අපි මෙච්චර දවසක් අදහස් ලිවුවා, කිසිම රණ්ඩුවක් තිබුනේ නැහැ. දැන් තිබෙන තත්ත්වය ගැන ගොඩක් කණගාටුයි (නි)
දැන් මෙතනත් රතුපස්වල වගේ වෙලා....!!! (නි)
යමක් කරන්න පෙර හොඳට හොයලා බලලා කරන්න එපායැ. අනික විවාහ මංගල දිනයකදී. වෙනත් දිනයකට වඩා සිහිකල්පනාවන් වැඩ කරන්න ඕනෑ නේද? සමහරක් පිරිමි විවාහ මංගල දිනයේදී විවාහ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කර මධු සමයට පැමිණි පසුව මනමාලිව හුදකලාව හෝටල් කාමරයේ තනිකර මිතුරන් පිරිස සමඟ මධු විත සප්පායම් වීමට සැරසෙති. මම නම් ආසම නැති පිරිමින්ගේ ක්‍රියාව ඔන්න ඕක තමයි. ගැහැණිකගේ වේදනාව දුක කදුල සුසුම වැටහෙන්නේ තවත් එබඳුම ගැහැණියකටම පමණකි. (නි)
නෙලුම්, අම්මපා! හැබෑව තමයි ඒකත් (නි)
දිසා අයියේ, ඔයාගේ ප්‍රාර්ථනාවට මමත් එකතු වෙනවා.ඔයාලා කියන ඒවා අසාවෙන් කියවන්න බැහැ දැන්.සමහර අය කියන ඒවාට ඔලුව අවුල් වෙන නිසා. (නි)
නොලියා ඉන්නම හිතලා අන්තිම එක ලියන්න හිතුවා. දිසානායක අයියා බොහොම ආදරෙන් ලියන්නේ, සෑම කාන්තාවක්ම තමුන්ගේ මවගේ අක්කගේ නංගිගේ රූපයෙන් දකින්න. එතකොට ඔබ හැම කාන්තාවකටම ගෞරව කරාවි (නි)
දුමින්ද, සුමුදු,දිසා එයා මගේ කව්රුත් නෙමෙයි. එයා කළ වැරැද්දට සමාව ඉල්ලා තිබෙනවා නේද? ඉතින් ඇයි මේ තවත් කියවන්නේ? (නි)
කේ.එච්.ආර්.කේ. දිසානායක දා ඇති ප්‍රාර්ථනාව පිළිකුලින් යුතුව හෙළා දකිමි. උදාර සිතුවිල්ලක් වන ප්‍රාර්ථනාව කුහක ලෙස යොදා ගැනීම මිනිසත්කමට තරම් නොවේ. කාටත් පොදු තැනක් එක කල්ලියකගේ කෝලම් මඩුවක් කර ගන්න හදන රිසියක් දැන් දැන් මතුවේ. (නි)
දැන් මේ මාතෘකාවට අදාළව කතා කරනවා කියූ අය වෙන දේවල්නේ කතා කරන්නේ. (නි)
නියමයි සමදරා ඇන්ටි, නියමයි (නි)
මං දිල්රුක්ෂිගෙන් සමාව ඉල්ලනවා දිසා වෙනුවෙන් (නි)
සුදු පිරුවටයකින් ගැහැණුන්ගේ පිරිසිදුකම පරීක්ෂා කරන්න යන්නේ පිරිමින්ගේ කෝ ඒ වගේ පරීක්ෂාවක්? පිරිමින්ට හොඳයි ඕනෑම දෙයක් කරලා බොරුවට සුදනෝ වගේ පෙනී සිටින ගමන් ගාහැණුන්ගේ පිරිසිදුකම පරීක්ෂා කරන්න. අපේ අයිතිවාසිකම් භුක්ති විඳීම වෙනුවෙන් පනවන කවරම වර්ගයේ කොන්දේසියකට හෝ කොන්දේසි විරහිතව විරුද්ධත්වය පෑම මගේ ස්වභාවයයි. (නි)
කසාදය අර්ථ දක්වන්නේ කෙසේද ?නොමිලේ රෙදි සෝදා ගැනීමට ඇති ඉතාම වියදම් අධික මාර්ගයක් .2.රින්ග් වර්ග තුනකි. එන්ගේජ්මන්ට් රින්ග් , වෙඩින් රින්ග් සහ ඊට පසුව එන සෆ -රින්ග් 3.කාන්තාවක් වැරදි ඇගිල්ලේ මුදුව දමාගෙන සිටියාය තවත් කාන්තාවක් ඒ ඇයි කියා ඇසුවාය. ඒ මම වැරදි කෙනා බැදපු නිසා යැයි කාන්තාව පිළිතුරු දුන්නාය . (ස)
ඔන්න යුවලක් මධුසමය ගත කරන්න ප්‍රසිද්ධ විශ්‍රාම ශාලාවකට ගියා. මේක ප්‍රසිද්ධ නිසා තව ජෝඩු කිහිපයක්ම ඇවිත් තිබුනා. ජෝඩුව කාමරේ ඉන්දි මනමාලිට ඇහෙනවා අල්ලපු කාමරෙකින් වගේ කව්දෝ වේදනාවෙන් කෙදිරිගානවා වගේ. මනමාලි හොඳටම බයවුනා. 'අනේ මට බයයි ! ' බයවෙන්නේ මොකටද අනේ මම ඉන්නවනේ කියලා මනමාලයා කිව්වා. ඒක තමා මට බය ඔය ඇහෙන්නේ නැද්ද අල්ලපු කාමරේ මනමාලි කෙදිරිගානවා . මනමාලයා මේක ටිකක් විපරම් කළා. හොයලා බලනකොට ජනෙල් කවුළුවක ඉඳන් පරෙයියෙක් හුම් හුම් ගානවා. (ස)
"ජංගම දුරකථනය නාද වීම නිසා කිසියම් සිත් ගන්නා සුළු කාර්යයක අඛණ්ඩ සිදු වීම එම කාර්යය අඩාල වීමට තුඩුදිය හැකිය." මංගල රාත‍්‍රිය දවසේ.- කාර්යය අඩාල වීමට --- අනේ අක්කේ....බොරු කීන්න්න එපා...දෙයියෝ සාක්කි.... (නදී)
තුන් හිතකවත් නැත මගේ හිත වෛරේ ගිලී.... කරනා චෝදනාවන් මම ගනිමි පිළි..... දැන්වත් නතර කර දිසාට එවන ගිනි... දිල්රුක්ෂී නංගියේ එනු මැන විගස මිදී... 2)පහරට පහර ගහනා හෙළයගේ ගතිය ........ රුදු බල බිදින විට පස්සට නොගනී අඩිය ..... පානා විටදී සෙනෙහසේ හදවත් පොකුර ...... වී කරලක් ලෙසට මගේ හද බිම වැටුන... 3)දැන හෝ නොදැන කළ වරදට සමාවෙයන් ...... එසැණට ලියපු වැකියට යලි මුවාවෙයන්... දෙවියන් බබුන් සැම ඔබ දැක සිනහ වෙයන්.... අදවත් එසැණ තීරෙන් යළි සිනහ වෙයන් ..... (නි)
තීක්ෂණ මල්ලියෝ ..."මම හිතුවේ පැංචි හොඳ කෙනෙක්" ඔව් අනේ මම හරී හොඳයි නිදා ගත්තම. ගොරවනවලු වැහි නැතිලු. ඒක නෙවියි මලේ මම සතා කිව්වා තමා...ගහන්නද හදන්නේ?..පෝ සතා .ගෑනුසතා/පිරිමි සතා. ඔයා හරි නරකයි..එන්නෙම එල්ලෙන්න..දැන් කියන්නකෝ ඔයා මේ තොප්පි තුනෙන් මොන තොප්පියද දා ගත්තේ කියලා.ඔට්ටුයි බෑ. මම හිතුවේ පැංචි හොඳ කෙනෙක් කියලා. මට සතා කිව්වා නේද? (ස)
මම නම් මධ්‍යම පන්තියේ ....ඉහල..පහළ වැටෙනවා ..නැගිටිනවා...ටෙක්ෂාන් අයියා මොන පන්තියේද? (ස)
අනේ දිසානායක, ඔයා කියන ඒවා හින්දා අපිටත් කටඋත්තර නැතිවෙනවා (නි)
අනේ ඔව් අපි එක රටේ මිනිස්සුනේ කවදාවත් දැකලා නැති. එත් සාමයෙන් ඉන්න ඒක බාධාවක් නෙවෙයිනේ. අපි 30 වසරක් තිබූණු යුද්දෙත් නැති කළේ සමගි සම්පන්න වූ නිසානේ. අපිට තියෙන ප්‍රශ්ණ මේවා නෙවෙයිනේ. අපි බේද වුනොත් රටත් නැසෙයි.. දැන් අපි සුහදව ඉඳිමු නේද?(අ)
පුතා - "තාත්තා විවාහ වෙන්න කීයක් විතර යනවද ?" තාත්තා - "මම හරියටම දන්නේ නැහැ පුතේ. ඒත් මම තාම ගෙවනවා." (ස)
අලි මදිවට කොටි...පොලිසිය අස්සේ මෙන්න නගර සභාවෙනුත් පැනලා. පි.ඇච්.අයි. මහත්තයත් පැනල..දැන් අපිරිසිදු..පරණ..කොත්තු..ඔක්කොම අහුවෙනවා..(දිල්)
ජානි,"විවාහය" යන අකුරු හතරේ ගැබ් වෙලා තිබෙන අරුතින් පසුව තමයි නියම නාඩගම පටන් ගන්නේ (නි)
මෙන්න මට මතක් වුණු කතාව..... ඔන්න ගමක වදුරෝ වගයක් හිටියලු. විටින් විට ගමට කඩා වැදිලා කරදර කරනවලු.මේක නවත්වන්නේ කොහොමද කියලා ගෑනු කෙනෙක් කල්පනා කළවිට නුවණක් ඇවිල්ලා. කුස්සියට ගිහින් හොඳ කොච්චි ගුලියක් ඇඹරුවාලු.හෙමින් ගිහින් මේ මිරිස් ගුලිය ළඟ තිබුණ කළුගල් තලාවේ හැමතැනම ගෑවලු.අතනින් මෙතනින් කුරුදුපොලු කීපයකුත් තැබුවලු...ඒ ළගින්ම තැඹිලි ගෙඩි කීපයකුත් කපලා බාගෙට කට ඇරලා තියලා ගෙදර ආවලු. වඳුරෝ හිතලා අද අපිට ගස් යන්න ඕනෑ නැහැ, තැඹිලි තියෙන්නේ අර ගලේ කියලා එතැනට පැනලා තැඹිලි බොන්න පටන් ගත්තලු.වඳුරෝ තැඹිලි බොනකොට දන්නවා නේ ...වතුර ඉහිරවාගෙන. අනේ දෙයියනේ, කළුගලේ තිබුණු මිරිස් දියවෙලා වඳුරන්ගේ පසුපස දැවිල්ල අරන්. උන් ගත්තලු කුරුඳු පොලු අතට.ගැහුවලු අනික් එකාට. වඳුරෝ එක එකා දැවිල්ලේ ඔලුපලා ගෙන විනාශ වුණාලු. (නි)
හොඳ මහතෙක් ලෙසට සොව සඟවා පේවී.... ගත් යූ ටර්න් එක ඇත්තයි හරි වාසී... පිනවයි දිසෝ හද දිග හැර ලිවු පේළි... සත්තයි අනේ සතුටුයි බොමු කිරි කෝපී... (නි)
පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා (නි)
වන්නි තිලක් සොයුර ..මගේ නමින් ඔබගේ නම යොදා 2013.10.23..19:42:58 දින සටහන් කිරීම ගැන මට ගොඩාක් දුකයි. ඔයාලව අපිව බේද කරන්න බලන මිනිසුන් ඒ කෙමෙන්ට් එක කෙසේවත් මට අදාළ නැහැ ..?කතෘ තුමා පමණයි දන්නේ ඒ කව්ද කියල ..මම කිසිවෙකුට හිතරිද්දන කෙනෙක් නෙවේ ..ලියාපු කෙනාගේ සිත දන්නවා ..එයාට පාර පනින කොට ටිකක් පරක්කුවෙලා පාර පැන්නොත් තමයි හොද ..හැදියාවේ විපාක තමයි අපේ ලංකාවේ මිනිසුන්ගේ .කොටවන්න බලාගෙන ජීවත් වීම ...? (නදී)
හරිම අකරතැබ්බයක් නේද වෙලා තියෙන්නේ මේ දෙන්නට. මම නම් හිතුවේ හොල්මනක් කියලායි. (නදී)
මම ආයෙමත් ලංකාදීපයට අදහස් දාන්න තීරණය කලා. මම ඇත්තම රූපවතී. මම ඉස්සෙල්ලා ටිකක් හිත රිදිලා හිටියේ. මට පෙත්තා වගේ අය කීප දෙනෙක් පන්න පන්නා ගැහුවා ඒක නිසා මට එපා වුනා ඒත් දැන් සේරම හරි. එන්න අපි ආයෙමත් එකට හිනා වෙමු අදහස් දාලා (නදී)
ගියේ එකවරයි මධුසමයක දිසා අයියේ... මා හිමි මිසක් වෙනෙකෙකු හා නෑ සිටියේ.... සමුගමි නොයෙන්නෙමි මම මෙහි ආයේ.... ගැහැණිය නිසයි අද මට අවමන් වූයේ... (නි)
චන්දි නංගි ඔයා ඕව ගණන් ගන්න එපා ..මගේ නමින් ඉන්නේ මේ තීරේ රුපවතීට මා පමණයි ..! ඒත් මේ ටික දිනක ඉඑඳලා අපේ සතුට දකින්න බැරි මිනිසුන් ..අපි නමින් වෙනත් පුද්ගලයෙක්ට බනිනවා ..ඉන් ඒ මිනිසුන් සතුටක් ලබනවා ...ඒ මිනිසුන්ගේ ජීවිත වලට සදාකාලික සැනසීමක් ලැබෙන් නැහැ ..ජීවිත පිච්චෙමින් ජීවත් වෙන්න වෙනවා. එහෙම මිනිසුන්ට ...මම කිසිවෙකුට දොසක් කියන් නැහැ. මේ තීරෙන්, විහිළුවක් මිස හිනාවෙන්න ..ඔය මිනිසුන් අපිව කොටවන්නයි හදන්නේ ..ඒත් අසරණයෙක් දුටුවිට පිහිටට ඉන්නේ මේ විදේශයන්වල ඉන්න දුක දන්නා මිනිසුන් පමණක් වීම මම නැවතත් කියනවා ....? (ස)
උදේම කට්ටියගේ ප්‍රතිචාර බලල නිකම් පිස්සු වගේ. මොකද මේ වෙලා තියෙන්නේ? වන්නි තිලක් ලියමුකො හොද කවියක්. පහන් ලියන්නකෝ හොද කතාවක්. ෂෙරිෆ් බිත්තර නානා නිවාඩුද?.(නදී)
කව්ද මෝඩයා? ගහන්න ...ගහන්න වඳින මිනිහත් ...වඳින්න වදින්න ගහන මිනිහත් මොඩයෝලු...අපේ පරණ සියලාත් කියනවා. දිසා ගරු මහත්තයෙක් හැටියට හිතරිදුන නම් සමාවෙන්න කිව්වට පස්සෙත් පන්නන්නේ මොන කැසිල්ලකටද? මේක නයි පොලොන් ගුහාවක් නෙවෙයි.(අ)
දෙන්නටම සුබ මංගලම්. මට ඒකත් අමතක වුණානේ. (නි)
ජානි, ඔයා කියන එක හරි.පහනුත් ඕක දන්නවා ඇති.හැබැයි පහන් ඒ තුලින් දකින උපහාසය ඔයා දකින්නේ නැහැ (නි)
ඇත්තයි ලියන්නේ අදරින් පිලි ගන්න - සුන්දර ලෙසට මුදු ලෙස බස යොදවන්න - කිසි විට එපා තවකෙකු "බයිටට "ගන්න - මහතුන් වගේ කව්රුත් අනෙ හැසිරෙන්න. //(නදී)
ළදරුවෙක්ගේ හිනා හඩ ඇසෙන නාදය වෙන්න ඇති (නි)
තීක්ෂණ මල්ලි ඔයා මට කියන්න කොතනද මං දිරුක්ෂිගේ නමින් කෝප්ප හෝදනවා කියා ලියලා තියෙන්නේ කියා.අනික කිසිම කෙනෙක්ගේ රක්ෂාවක් ගැන මම මෙතෙක් වෙනකම් ලියා නෑ.හොඳට කියවන්න මොකක්ද ලියා තියෙන්නේ කියා.නැති ප්‍රශ්න ඇති නොකරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. (ස)
දිසානායක මහත්මයාගේ ඉහත කී ප්‍රකාශය මමත් පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඒ සමගම අනෙක් සමහර අය අනුන්ව කතා වචන වලින් හෙලා දැකපු ප්‍රකාශත් ඒ සමානවම හෙලා දකිනවා. අර රුපට යන්න කියල ලියපුවා අපට වෙන බ්ලොග්ස් හොයාගෙන යන්න කියපුවා ඒවත් වැරදියි. සැම සතුටෙන් ලියන්න බලන අය බලයි. (ස)
පිස්සුද බන් රුපෝ...තැලෙන යකඩේ නැමෙනවා දැක්කම ආචාරිය උඩ පැන තලනවාලු. තලන්න බැරි වෙනකොට පැත්තකට දාල යනවලු. ඒ නිසා යකඩය වගේ ඉන්දපන්කෝ..නුරු නුරු ගාන්නේ නැතුව. (ස)
අනේ චන්දි අක්කේ ඔයා කියන ඒවා දිසා අයියා අහනවනේ. හැමෝම කරන අහිංසක ඉල්ලීමක්නේ. ඔයා දිසා අයියාට කියන්න අයෙත් කාන්තාවන්ට මෙහෙම ලියන්න එපා කියලා. ඔයා කිව්වොත් එයා අහයි. (ස)
දෙයියෝ සාක්කි .මම බෝම බය උනා මගේ පන එපා උනා..ගෑනියෙකුගේ කට හඬකට මාව රැවටුනා//(නදී)
ආපහු යනතුරුත් ඒක සුදු පිරුවටය මැදම තිබුනා නම් මනාලයාගේ අම්මටයි නැන්දටයි තරු විසිවෙයි. කටුනායකින් රත්තරන් ගෙනියනවා වගේ කියල හිතෙයි . (නදී)
මෙවැනි ප්‍රවෘත්තියට අදහස් කොයි තරම්ද? රටට මිනිස්සුන්ට වැදගත් ප්‍රවෘත්ති කවුරුත් දකින්නේ නෑ වගේ . දෙයියෝ සාක්කිම තමා. (ස)
ගොන් ජෝක්. හිනා යන්න වෙන දේවල් ලියන්න නැද්ද?. (නදී)
ඒක තමා පහන් පුතා, මමත් තාම ගෙවනවා. (නි)
අනුරුද්ද මල්ලි කලබල වෙන්න එපා. ඔයා හරියටම "හරි. සෑම කාන්තාවක්ම තමුන්ගේ අම්මගේ ගේ අක්කගේ නංගිගේ රූපයෙන් දකින්න" - මේ අපරාද වලක්වන්න පුළුවන් අපි කව්රුත් එකතු වෙලා ආදරයෙන් මෙහම හිතුවම. ඔයා ලියන්න. පෙත්තා ඔබ සමගයි.,(නදී)
සමන්, මට බොරු නම් වලින් අදහස් ලියන්න ඕනෑ නැහැ. මං නිහඩව ඉන්නේ මෙතන රණ්ඩු වෙන්න බැරි නිසයි (නි)
අනෙක තමයි දැන් දෙපාරක් ''දිසා'' සමාව ඉල්ලලත් ඒ ගැනම ලියන අයට කියන්න දේකුත් නැහැ. කාගේ කව්දැයි නොදන්නා අපි මොකටද රණ්ඩු වෙන්නේ? අපි නොලියාම ඉන්නම් (නි)