ඔහු හමුදා සෙබළෙකි. එකම සේවය කරන මිතුරකුගේ මාර්ගයෙන් ඔහුගේ නැගණිය හා පේ‍්‍රම සම්බන්ධතාවක් ඇති කරගෙන දෙපාර්ශ්වයේම ආශිර්වාද මැද චාරිත‍්‍රානුකූලව මනාලිය කැඳවාගෙන ගියේ මනාලියගේ නිවසේ පැවති මංගල්‍ය උත්සවයකින්ද අනතුරුවය.
මනාලිය කැඳවාගෙන යන දිනයේ මනාලයාගේ නිවසේද සාදයක් පැවැත්වුණු අතර උදව් පදව් කිරීම සඳහා බොහෝ ඥාතීහුද පැමිණ සිටියහ. ඒ අතර මනලයාගේ නෑනා කෙනකු වන විවාහක එක් දරු මවක් බොහෝ වෙහෙස මහන්සි වී උදව් පදව් කරමින් සිටියයා.
රාත‍්‍රි කාලයේද මංගල සාදය පැවති අතර කා බී නටා ගයා විනෝද වී සියලූ දෙනා රාත‍්‍රී 12ට පමණ පසු ඉඩ කඩ ඇති පරිදි නින්දට ගියේය.
මුලින් සඳහන් කළ නෑනාගේ ස්වාමිපුරුෂයා අඩ නින්දෙන් හදිසියේ දුටු දෙයින් ඔහුට තරු විසිිවිය. ඔහු දුටුවේ තම බිරිඳ මනමාල මස්සිනා සමග බෑගයක්ද රැුගෙන හොර රහසේ නිවසින් පිටව යන ආකාරයයි.
ඔහුගේ විලාප හඬින් අවදි වූ නිදාගෙන සිටි පිරිස නැගිට ජෝඩුව පිටුපස මාර්ගයට බැස ලූහුබඳින්නට විය. අලූත් මනාලිය මහ හඬින් හඬන්නට පටන් ගත්තේය.
ටික දුරක් ලූබු බැඳ ජෝඩුව තම ග‍්‍රහනයට ගැනීමට පිරිස සමත්වූ අතර බැන වදිමින් ගුටි බැට දෙමින් යළි නිවසට කැඳවාගෙන පැමිණියහ. එහෙත් නෑනා පැවසුවේ මස්සිනා සමග කෙසේ හෝ යන බවය.
අඩදබර මැද පැයක පමණ කාලයක් ගතවිය. එක් අයකු මහ හඬින් පැවසුවේ මෙම දෙදෙනා පෙනෙන්නට නොමැති බවයි. සියලූ දෙනා එකතුවී සොයා බැලීමේදී හෙළි වූයේ දෙවෙනි වරටත් කාටත්හොරා ජෝඩුව රහසේ පැන ගොස් ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි
නීලා ඔයා තුවක්කුවක් තියෙනවද කියල ඇහුවේ ඇයි (දිල්)
ප්‍රධානම වැරැදිකාරී නෑනා පව් මනමාලි(දිල්)
හරි අසාධාරණයිනේ. එතකොට අර කැන්දාගෙන ආ මනමාලිට මොකද වෙන්නේ. (දී)
බ්‍රාවෝ.(නදී)
ලැජ්ජයි...... (දී)
අනේ කාලේ.(නදී)
අර තනිවුන මනාලිය මට කැමතිද දන්නෙ නෑ.(නදී)
ආරියසේන බැරිද ඒ අසරණ කෙල්ලට උදව් කරන්න.(නදී)
නැනාත් එක්ක මෙයාගේ ඉස්සර ඉඳම්ම සම්බන්ධයක් තියෙන්න ඇති. මනමාලිගේ පතිවත ආරක්ෂා කිරීම ගැන ස්තුති කරන්න ඕන. එච්චරම නරක කොල්ලෙක් වෙන්න බැහැ.(නදී)
ළමයි ඉන්න අම්ම කෙනෙක් වෙලත් මගුලේ වැඩ ඔක්කොම කරලා තියෙන්නේ එයා. අපේ කොල්ලට හිත යන්න ඇති.(නදී)
කෙල්ලන්ට ඔහොම වෙලා මදි. කෙල්ලෝ දස කපටියිනේ.(නදී)
අර අසරණ කෙල්ලට මොකද වෙන්නේ (දිල්)
යනවනම් කලින් පැනල යන්න තිබුනනේ .දෙමව්පියන්ගේ සල්ලි විනාස නොකර ,දැන් අර මනමාලි සමාජයට මුණ දෙන්නේ කොහොමද ?.ලැජ්ජා නැති කම මහා මුදලි කමටත් වඩා ලොකුයි (අ)
මේවත් ප්‍රශ්නද ලෝකේ වෙන දේවල් එක්ක බලන කොට (දී)
කැන්දාගෙන ආ මනමාලිය ට වුනේ මොකද ? අනේ පවු. (අ)
කැන්දාගෙන ආ මනමාලිය පවු....(අ)
මේ මනුස්සයාට නෑනා එක්ක යන්න ඕන වුනා නම් මේ අහිංසක කෙල්ලගේ නම කැත නොකර ඉන්න තිබුනනේ.(නදී)
පරයෙක් කියලයි කියන්න වෙන්නේ. (නදී)
නිලා එහෙම ඇහුවේ පතුරමක් එවන්න ශාන්ති. සුද්දගේ නිතිය පාවිච්චි කරන්න. නරකමත් නැහැ අදහස ඇයි ශාන්ති බය උනාද..? (නදී)
කොහෙද සේවය කලා කිව්වේ? කටුස්සාගේ කරේ රත්තන් බදින්න හොද නැහැ! (දී)
තාත්ත දුවව බිරිය කරගන්න කලේ ඕවත් වැඩද ? (නදී)
මට නම් හරි සතුටුයි.(නදී)
පව් අසරණ කෙල්ල (දී)
මේවා ඉතින් ලංකාවට අලුත් දේවල් නෙමෙයිනේ.(නදී)
නියමයි! (නදී)
අබුද්දස්ස කාලේ නේ (දී)
පිස්සු හැදෙන සඳ.(නදී)
හීනෙකින්වත් හිතන්න එපා මෙහෙම දෙයක් නම් (දී)
මෝඩයෙක් අර කෙල්ල පව්.(නදී)
බය නොවී තියෙවිද නිලුවෝ (නදී)
කෙනෙකුගේ ජීවිතයක් තුට්ටුවකට මායිම් නොකරන මෙවැනි අයට ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙනවා. (නදී)
යාලුවට තුවක්කුවක් තියෙනවා නේද ? (අ)
නෑනා ලස්සනද? (ත)