මඟුල් ගෙදරකට සහභාගි වී බීමතින් මඟුල් ගෙදර කාන්තා යට ඇඳුම් සොරකම් කර ගුටි කෑ අයකු පිළිබඳ පුවතක් සබරගමු පළාතෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය. ඔහු මිතුරෙකුගේ ඥාති ගෙදරක පැවැති මඟුල් ගෙදරකට රාත‍්‍රී කාලයේදී සහභාගි වී ඇත. මොහු පුරුද්දක් ලෙස කාන්තා යට ඇඳුම් හොරකමේ යෙදෙන්නෙකි.
මෙදින ද මොහු මඟුල් ගෙදරදී අධික ලෙස බීමත්ව මුත‍්‍රා කිරීම සඳහා නිවෙස පිටුපසට ගොස් ඇති අතර අසල වැලක තමා ප‍්‍රියකරන යට ඇඳුම් දැක අසල තිබූ පෝර කවරයකට දමාගෙන ඇත. සිද්ධිය දුටු නිවෙසේ වයසක කාන්තාවක් මොහු පිළිබඳව දැන අනේ පුතේ මගේ ඇඳුම් ටික දීලා යන්න, මට අරගන්න සල්ලි නෑ යනුවෙන් කියා ඇත.
යන්න ආච්චි යන්න මට කාගේ ඒවාත් එකයි යනුවෙන් පැවසූ මොහු ඇඳුම් සියල්ල බෑගයේ දමාගෙන ඇත. වයස්ගත කාන්තාව ගෙහිමියන්ට මේ බව පවසා ඔහුගේ මල්ල පරීක්ෂා කර බැලීමේදී කාන්තා යට ඇඳුම් ටික හමුවී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මඟුල් ගෙදරක ගිහින් යට ඇඳුම් සොරාගෙන
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 21 July 2015 07:43 AM
සරසි, බැලුවේ නැද්ද එහි සටහන්වෙලා තිබුනා නිවෙස පිටුපසට ගොස් තිබුනා කියලා. ගම්වල තවමත් රෙදි වැලක් තියෙන්නේ ගෙවල් පිටුපස තමා. ඔයාල සිටින පරිසරයේ නම් එහෙන් මෙහෙන් වැල් ඇදලා. ක්ලිප් ගහල හැමදේම අල්ලපු ගෙදරට පෙනෙන්න එල්ලුවට ගමේ තවම එහෙම නෑ. (නදී)
ඉමාෂි Wednesday, 22 July 2015 02:36 AM
සරසි කිව්ව දේ හරියට හරි.මඟුල් උත්සවයක් නිවසක පවත්වනවිට පිරිසිදුකම පිළිවෙළ ගැන මීට වඩා හිතන්න ඕනෑ. (නි)
සරසි Tuesday, 21 July 2015 12:49 PM
මහින්ද සීෂෙල්ස් , ගෙදර පිටුපස වුනත් ගමේ මගුල් ගෙවල් වල උයන පිහන කටයුතු කෙරෙන බව නොදන්නා ඔබට සීෂෙල්ස් සිට අපේ ගෙදර රෙදි වැල පෙනුනේ කොහොමද. මට පේන්නේ ඔබට පිටරට පනින්න වුනෙත් කාන්තාවන්ගේ ඇඳුම් වනපු රෙදි වැලවල් අස්සේ රිංගන්න ගිහින්ද කොහෙද. (බ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 21 July 2015 07:15 PM
කෑ ගහන්න එපා සරසිලා ඉතින්....නගරබද වැසියොනේ. ගමේ ඉඩ තිබෙන නිසා ගෙදර පිටුපසට වෙන්න වැල් බැන්ඳට නගරබද ඒකටවත් ඉඩක් නැහැනේ. (නි)
සමන්ති Tuesday, 21 July 2015 01:15 PM
මෙම මානසික රෝගය මත්පැන් පාවිච්චි කිරීමෙන් පසු මතුවෙනවා. මෙවැනි අය මත්පැන් පානය නොකර සිටීමෙන් ගැටළු පාලනය කරගත හැක. (අ)
සරසි Tuesday, 21 July 2015 06:12 AM
මේ වගේ ලෙඩක් සමහර අයට තිබෙනවා. හැබැයි මට විශ්වාස කරන්න බැරි මේ මගුලක් වගේ ගෙදර සෙනග එක් රැස් වෙන වෙලාවක කාන්තාවක් තමන්ගේ යට ඇඳුම් හැමෝටම පේන්න වැලක වැනුවාද කියලා. (නදී)
සිරි Thursday, 23 July 2015 06:41 PM
මෙයා එංගලන්තයේ 4 වන ජෝර්ජ් රජ පරම්පරාවේ නෑයෙක් වෙන්න ඇති. (නි)
ධනුක Wednesday, 22 July 2015 04:10 AM
ගුටි කාලා බේරුණා හොදටම ඇති.(හේ)
ජෙහාන් Tuesday, 21 July 2015 01:37 PM
මහින්ද කොහොමද දන්නේ සරසිගේ ගෙදර රෙදි වල තිබෙන ලොකේෂන් එක හරියටම ? ඔන්න සරසි බලාගෙන ඔයාලගෙත් ඇඳුම් මොනවා හරි නැති වුනොත් හිතා ගන්න පුළුවන් නේ කවුද වග කියන්න ඕන කියලා. (බ)
චාරුකා Wednesday, 22 July 2015 04:12 AM
අපෝ මෙහෙමත් මිනිස්සු.(හේ)
දිලාන් Tuesday, 21 July 2015 01:40 PM
මහින්ද සරසිලාගේ රෙදි එළියේ වනන හැටි කොහොමද ඔච්චර හොඳට දන්නේ ? මහින්දගේ රෙදි හෝදන්නේ සරසිද ? (බ)
ගිහාන් Tuesday, 21 July 2015 11:49 PM
අනේ පවු ඒ ආච්චි! (නි)