IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


මඟුල් ගෙදර ගිහින් තෑගි 2 ක්ම දීලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
එකම උත්සව ශාලාවේ මංගල උත්සව දෙකක් පැවතීම හේතුවෙන් තමන්ට ආරාධනා කළ මංගල උත්සවයැයි සිතා වෙනත් මංගල උත්සවයකට ගොඩවැදී තමන් ගෙනා ත්‍යාගය නාඳුනන යුවළකට පිරිනමා සුභ පතා තමන්ට වැරදීමක් සිදුවූ බව තේරුම්ගත් පසු හීන් සීරුවේ මගහැර තවත් ත්‍යාගයක් සොයන්නට නගරයට ගිය පුවතක් කොරෝනා වසංගතය මැද්දේ මීරිගමට නුදුරු ගම්මානයකින් වාර්තාවිය.


ඉහළ තනතුරක් දැරූ නමගිය පුද්ගලයෙකි. තම ගමේ හිතවතකු ගේ දියණියගේ මංගල උළෙලට ඇරයුමක් ලැබිණි. මංගල උත්සවය පැවැතියේද ගමේම පිහිටි උත්සව ශාලාවකය. කොරෝනා නිසා සීමිත පිරිසකට පමණක් ආරාධනා කරන බව සැල කළ නිසා ඔහු එහි ගියේ විශේෂ ත්‍යාගයක්ද සූදානම් කරගෙනය. 


ඔහු ගෙන ගිය ත්‍යාගය මංගල උත්සව ශාලාවේ ඒ සඳහා සූදානම්කර තිබූ මේසය මතින් තබා මනාල යුවළට සුබාසිරි පැතීමට ගියේය. අවට විමසිල්ලෙන් බැලුවත් දන්නා අඳුනන මුහුණු එකක්වත් පෙනෙන්නට සිටියේද නැත. මංගල උත්සවයට එක්ව සිටි පිරිසද තමන් දෙස විමසිල්ලෙන් බලන බව ඔහුට පෙනී ගියේය.


මනාළ යුවළට සුබ පැතූ ඔහු ඔවුන් දෙස මදක් බලා සිටියත් මනාලිය තම හිතවතාගේ දියණිය නොවන බව ඔහුට තේරුම් ගියේය. දුරකතනය අතට ගත් ඔහු හිතවතකුට ඇමතුමක් ගෙන තමන්ට සිදුවූ දේ පැවසුවේ රහසෙනි. 
අනේ වෙඩින් එක තියෙන්නේ උඩහ ශාලාවේ එතනට එන්න මිතුරා පැවසීමත් සමඟ දුරකතනය කනේ තිබියදීම කතාවක නිරත වෙන බව පිරිසට පෙනෙන සේ උත්සව ශාලාවෙන් එළියට ආවේ මේසය මත තැබූ ත්‍යාගය එසේම තිබියදීය.


ඔහු යළි පියමං කළේ කලින් ත්‍යාගය මිලදී ගත් වෙළෙඳසල කරාය.  තමන්ට සිදුවූ වින්නැහිය සැල කර යළිත් පෙර සේම තෑග්ගක් පාර්සල් කර දෙන ලෙස ඉල්ලා සිටියේය. ත්‍යාගය සූදානම් කරදුන් පසු ඔහු කිසිත් නොවූ ලෙසට නියමිත මංගල උළෙලට සහභාගි වුවත් වෙළෙඳසලේ කතාව අසා සිටියෙකු මේ රහස හෙළි කළ හෙයින් ඔහු දැන් පත්ව සිටින්නේ තවත් අකරතැබ්බයකටය.



අදහස් (0)

මඟුල් ගෙදර ගිහින් තෑගි 2 ක්ම දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1845 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site