දිනය මාරු වී මංගල සාදයකට ගිය අරණායක ප‍්‍රදේශයේ තරුණයකුට තමා රැගෙන ගිය වටිනා ත්‍යාගයත්, දවල් කෑමත් නොමැතිව ආපසු එන්නට සිදු වූ පුවතක් කඳුරටින් වාර්තා වේ. තම ඥාති මංගල සාදයකට වටිනා ත්‍යාගයකුත් රැගෙන ජැන්ඩියට ඇඳ පැළඳගත් අදාල තරුණයා මංගල සාදය පැවති සාද නිකේතනයට ගොස් එහි සිටි ත්‍යාග භාර ගැනීමේ ආරක්‍ෂක නිලධාරියාට ත්‍යාග පාර්සලය බාර කර සාදය පැවති ශාලාව වෙත ගියද තමන් දන්නා හඳුනන කිසිවකු එහි නොසිටි නිසා පිළිගැනීමේ බීම වීදුරුවක් පානය කරන ගමන් තම ඥාති හිතවතකුට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ සාදයේ කොතැනක හෝ ඔහු හා තම ඥාතීන් සිටිත්දැයි දැන ගැනීමටය. සිදු වී තිබෙන්නේ සුළුපටු අකරතැබ්බයක් නොවන බව ඔහුට වැටහුණේ තම හිතවතා දුන් උත්තරයත් සමගය. ඔහු ඒ වන විටත් තම රැුකියාවේ නිරත වී සිටියේය. ඔහු එදින සවස නිවෙසට එන බව පැවසූවේ මංගල සාදය හෙට තිබෙන නිසාය. කිසිවක් කර කියා ගත නොහැකි තරුණයාට හීන් දාදිය දැම්මේය. ත්‍යාගය ආපසු ගැනීමටද නොහැකිය. හෙට මංගල සාදයට ද ත්‍යාගයක් අතැතිව පැමිණිය යුතුව ඇත. හෙමින් සීරුවේ දහවල් ආහාරයද නොගෙන එතැනින් ඉවත් වූ තරුණයා කිසිවක් නොදන්නා අයකුමෙන් නිවෙසට ආවේය. පුදුමයකි. ඉඳහිට එන දුරකථන ඇමතුම් කීපයක් නිසා ඔහු තක්කු මුක්කු විය. එම දුරකථන ඇමතුම්වලින් ඇසුණේ මගුල්ගෙයක් තියනවා යමුද කියාය. කෙසේ හෝ කනින් කොනින් ප‍්‍රදේශය පුරාම මේ සිදුවීම ආරංචි වී ඇති බව ඔහු දැනගත්තේ මේ දුරකථන ඇමතුම්වලිනි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සයකුත් වැරදෙනකන්නේ ඉතින් අපේ එවුන් බලන ඉන්නේ හිනාවෙන්න
අපරාදේ මමනම් දවල්ට කල තමයි ඉන්නේ .
දවල්ට කාල එන්නයි තිබ්බෙ අපරාදෙ...
අපරාදෙ මමනම් දවල්ට කාලමයි එන්නෙ ගෙනිච්ච තෑග්ගටවත් හරියන්න..
කාල එන්නත් බයයිනෙ පහුගිය දවස්වල මේකෙම දාල තිබුණනෙ එහෙම කන්න ගිහිං ගුට කාපු අවස්ථාවක් ඉතිං කෝකට්ත් හොදයි කියල මෙය ගෙදර එන්න ඇති...
මෙහෙම වෙලාවකදි ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕන.. තෑගි බාරදුන්නෙ නිලධාරියකුටනම් එයාට පොඩි වැරදිමක් උනේ කියල ඒක ඉල්ලගන්න තිබුණා.. ඇති ගුටි නොකා බේරැණා..
මේවා අවුරුදු 50 කටත් එහා පරණ කතා අනේ . හන් කිචි කිචි කිචි කිචි .....
මේ වගේ අමතකවීම් වගේ දේවල් ඕන තරම් වෙනවා අද සමාජයේ .තෑග්ග දුන්න නිලදරියට ඇත්ත කතාව කියල තෑග්ග ආපසු ඉල්ලගන්න තිබ්බ.ඕක මහා ලොකු වරදක් නෙවේ.
අපරාදෙ අනේ. කොහොම උනත් හැම මනුස්සයකුටම වරදිනවානෙ.. හිනා වෙන්න දෙයක් නැහැ.
දිල්ශාන් ඔයාටත් ඒ වගේ දෙයක් උනා නේද?
අනේ පවු අසරණයා.කාටත් වැරදි වෙනවා.ඒවට හිනා වෙන්න එපා.
අනේ මන් දන්නේ නෑ ඕවා
පිස්සු කතාවක්.. ඇයි ඉතිං දැනගත්තසනම් යන්න ඉස්සරවෙලා ආරක්ෂක අංශයට කිව්වනම් තෑග්ග ආපහු ගන්න පුළුවංනෙ.. මොනවද කරල තියෙන්නෙ..? මේකද ලෝකය..?
ඉතිං මෝඩයෝ ශාලාවට ඇතුල්වෙන්න ඉස්සල්ලා කෝල් කරන්න එපායැ
හෙට කල යුතු වැඩ ගැන අද බලා ලෑස්ති විය යුතුයි
ඕක හිනා වෙන්නත් දෙයක්ද?
අයියෝ සල්ලි
මිනිස්සුන්ට වරදින එක ස්වාභාවය.. නමුත් ගම කියල හිනාවෙන එක හරි නෑ නේද?