දිනය 2014.11.01 වේලාව පස්වරු 3.30 ට පමණ කුලියාපිටියේ සිට කුරුණෑගල දක්වා ගමන් ඇරඹූ පෞද්ගලික මගී බස් රථයක් නාරම්මල නගරයට ළඟා වෙමින් තිබූ අතර ඒ වන විට අනෝරා වැසි ඇද හැළෙමින් තිබිණි.
නාරම්මල බණ්ඩාරනායක මාවතේ බස් නැවතුමෙන් බැසීමට සූදානම් වූ මගීන් කීප දෙනෙක් සීනුව නාද කළහ.
මගී ආවරණයක් හෝ තුරු සෙවනක් හෝ නැති එම බස් නැවතුමට මෙහායින් වූ කඩ පේළිය ඉදිරියෙන් මගීන් බැස්සවීමට කාරුණික නොවූ බසයේ රියැදුරු බසය නැවැත්වූයේ කිසිදු ආවරණයක් නැති බස් නැවතුමේය.
බසයෙන් බැසගත් මගීනට සිදුවූයේ අනෝරා වැස්සේ තෙමෙමින් ආවරණයක් සොයා දිව යාමටය.
බසයේ පිටුපස අසුනක සිටි මගියෙක් කොන්දොස්තර අමතා ‘අර පහුවෙච්ච කඩ පේළිය ළඟ බස් එක නැවැත්තුවා නම් අර මගීන්ට වැස්සෙ තෙමි තෙමී දුවන්න වෙන්නෙ නෑනෙ” යි පැවසීය.
‘ඒ වුණාට කඩ පේළිය ළඟ නෙවෙයිනෙ හෝල්ට් එක තියෙන්නෙ” කොන්දොස්තර කීය.
‘හරි ඔය ගොල්ල බස් එකට මගීන් ගන්නෙත් හෝල්ට් එකේදී විතරද?” මගියා පෙරළා ඇසීය.
කොන්දොස්තර ගැටයා එය නොඇසුනාක් මෙන් බසය තුළට වැහි පිනිකඩ ඒම වළකාලීමට බසයේ විවෘතව තිබෙන කවුළුවල වීදුරු පියන්පත් වසන්නට විය.
(කුලියාපිටිය චාමර විමලරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංජු , ඔය වගේ දේවල් වලට මමත් මුහුණදී තිබෙනවා. අපේ අකමැත්තෙන් අපේ ශරීරය අල්ලන්න බස් කොන්දොස්තරලාට තිබෙන අයිතිය මොකද්ද? (නි)
මට හිතෙන්නේ සංජුටත් හොඳ හොඳ අත්දැකීම් තිබෙනවා වගේ බස් වල ගිහින්. (නි)
ඔන්න ඔය වගේ කෙලින් කතා කරානම් නියමයි.ඒ අයට උත්තරත් නෑ.(හේ)
පුද්ගලික බස් වල ගමනේදී වැඩියෙන්ම තැලෙන්නේ කාන්තාව.(දිල්)
පසු ගිය සතියේ රෝහලේ සිටි බිරිඳ බලන්න ගිය අපේ අසල්වැසියෙකු බස් එකෙන් බහින්න කලින් අද්දලා බස් එකට යට නොවී වළලුකර අස්ථි බිඳීමෙන් පමණක් ජීවිතේ බේරුනා. ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්න වගේ තමයි මේවා.(හේ)
එහෙම තමයි බස් කොන්දන්ගේ සදාචාරය. බස් එකට නගිනකොට කරට අත දාලා නැග්ග ගන්න මගියා බහිනකොට බහින්නත් කලින් හරි යන් කියනවා,සමහර විට බහින මගීන් ඇද වැටෙනවා..(දිල්)
අන්න හොද වැඩක්.කට වහන් හිටියම ඒ අය කරේ නගින්න එනවා.(හේ)
ගොඩක් කොන්දොස්තරලා ඔහොම තමයි ඉතින් (නි)
අපි යන බස්වල ගාස්තුව රු 13 නම් 14 ක් දුන්නොත් කවදාවත්ම ඉතුරු රුපියල දෙන්නේ නෑ.ගාස්තුව 9 නම් 10 ක් දුන්නොත් ඒත් එහෙමයි කොන්දොස්තොර අයියා කිසිම ගානක් නැතුව ඒ වෙලාවට අහක බලා ගන්නවා.ඒ වුනාට මොකද 13 ගානට බැරිවෙලා හරි රුපියලක් මාරු නැතුව 12 ක් හෙම දුන්නොත් බස් එකේ ඉඳලා ඉවරයි රුපියලක් අඩුයි කියලා මැරෙන්න හදනවා. මෙයාලව මුදල් අමාත්‍යාංශයට එක සතියකට අනුයුක්ත කරානම් අපේ රට මීට වඩා තැනකට ගන්න තිබුණා.(හේ)
සමහර වෙලාවට පුද්ගලික බස් රථ වල කොන්දොස්තර රියැදුර බලපත්‍ර නැතිව බස් එක එලවනවා. අපේ ප්‍රදේශයේ බස් රියදුරා නිවාඩු ගිය දවසක එවන් දෙයක් සිද්ධ වෙලා මහා අනතුරක් නොවී බේරුනේ අනු නාමයෙන්. ගෙදරක තාප්පයක් කඩා ගෙන ගිහින් නැවතුනේ, (හේ)
හොද බස් සේවකයන් ඉන්නවා නුවර කොළඹ බස් රථ වල.(හේ)
"මට හිතෙන්නේ සංජුටත් හොඳ හොඳ අත්දැකීම් තිබෙනවා වගේ බස් වල ගිහින්." ඇයි ඔබ යන්නේ කාර් එකේද? බස් වල යන කාටත් අත්දැකීම් තිබෙනවා. (නි)
නියම ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. හොඳ වැඩේ (නි)
සමහර කොන්දොස්තරලාට සල්ලි දකිනකොට නීතිය ,මනුස්සකම , ඉතුරු සල්ලි අමතකවෙන එක සාමාන්‍යයයි. (නි)
සමහර කොන්දොස්තරලා බොහොම කරුණාවෙන් තමයි තරුණ කාන්තාවන් එහෙම බසයට නංවාගන්නේ. මම පන්ති යන කාලයේ බොරැල්ල කොට්ටාව බස් මාර්ගයේ අසංවර කොන්දොස්තර කෙනෙක් හිටියා. පාපුවරුවට අඩිය තියනකොටම කාන්තාවන්ගේ පිටට අත තියනවා. එක දවසක් මට ඔය දේ වෙන්න යනකොටම, මම මට පසුව නැඟි මහත දෙහෙත මැදිවියේ කාන්තාව පෙන්නලා හයියෙන් කිව්වා "අයියේ, මට අත තියන්න ඕනෑ නැහැ. මේ ඇන්ටි මගේ පිටිපස්සෙන් ඉන්න නිසා මාව වැටෙන්නේ නැහැ" කියලා. අර කාන්තාවත් ඇතුළුව බස් එකම හිනාවුණා. ඊට පස්සෙත් මම ඒ බස් එකේ ගියා. හැබැයි කිසිම කරදයක් වුනේ නැහැ. (නි)
කව්රු මොනවා කිව්වත් මාව නම් හැමදාම ඉදිරියටම යන්න දිරිමත් කළේ 170 අතුරුගිරිය, පිටකොටුව බස් කොන්දොස්තරම තමයි. කව්රු මොනවා කිව්වත් මම ඒ අයට ආදරෙයි (නදී)
හොද වැඩේ.(හේ)
ඇත්තටම හොද වැඩේ.(හේ)
අනේ නෙලුම් පිටට අත තිබ්බ කියල ලැබෙන සතුට මොකක්ද? ඇරත් ඔය වගේ කෙනේගේ? බොරු කියන්න එපා ඔහොම (බ)