(බටපොල දීපාල් ද සිල්වා)
මාතර සිට කොළඹ බලා ධාවනය වූ පොද්ගලික මගී බස්රථයක ගමන් ගත් මගියකු අම්බලන්ගොඩ මාදම්පාගම උස්මුදුල්ලාව මංසන්ධියේදී බසයෙන් බැසයන විට බස්රථයේ යතුර ද උදුරාගෙන පලාගිය බව බස්රථයේ රියැදුරා පැවසීය.
බස්රථය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී උස්මුදුල්ලාව මංසන්ධිය ආසන්නයේදී සීනුව නාදවී ඇත. ඒ අනුව රියැදුරා නිසිලෙස බස්රථය මංසන්ධියේ බස්නැවතුමේ නැවැත්වීය. මගීන් කිහිප දෙනෙකු කඩිමුඩියේ ඉදිරිපස දොරටුවෙන් බැසගත් අතර බසයෙන් බැසගත් තරුණ මගියෙක් රියැදුරාට පරුෂ වචනයෙන් එකි දිගට බැණ වැදුනේය. ඒ දුටු මගීහු රියදුරාගෙන් විමසුවේ කාරණාව කිමද යන්නයි.
”මම මොනවත් කිව්වේ නෑ. ඒ මනුස්සයා බස් එකේ යතුර උදුර ගත්ත. යතුර නැතුව යන්නෙ කොහාමද දැන් බස්එකේ ඔල්ටනේටර් එක පිච්චෙන්න පුළුවන්” ඒ සමඟ රියදුරා බසයෙන් බැස පලායන මගියා පිටුපස හඹා ගියේය.
ඒ සමඟ මගීන් කිහිප දෙනෙක්ද දිව ගියහ. පලායන මගියා මාදම්පා මාවත ඔස්සේ දිවයමින් සිටියදී අල්ලාගෙන යතුර රැුගෙන රියැදුරා සමඟ මගීන් පැමිණ නැවත බස්රථය ඉදිරියට ධාවනය කරවීය. මේ හේතුවෙන් බස්රථය විනාඩි 15 ක් පමණ උස්මුදුල්ලාව මංසන්ධියේ ප‍්‍රමාද වීමට සිදුවිය.
පෙරේදා (7) රාතී‍්‍ර 8ත් 8.30ත් අතර මෙය සිදුවිය. එම මගියා සමග අසුනේ සිටි මගීන් පැවසුවේ ඔහු බීමතින් සිටි තරුණයකු බවයි. කොන්දොස්තරවරයා හා රියදුරා පැවසුවේ මෙම මගියා සමඟ කිසිදු බහින්බස්වීමක් හෝ ආරවුලක් සිදු නොවූ බවත් මෙවැනි අත්දැකීමක් මෙයට පෙර අත්නොවිඳි බවත් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න හිතවත් අරවින්ද-හැම දේම දැන් යහපාලන ලේබල යෙන්ද (අ)
අරවින්ද කියන්නේ රියදුරාගේ යහ පාලනය ගැන නේද.... හා හා හොඳයි (නදී)
බලන්න කොයිතරම් හොඳ නිහතමානී රියදුරු මහතෙක්ද කියලා. මඟියා බස් එකේ යතුර උදුරා ගන්නතුරු නිකන් හිටියා. (නි)
"කොන්දොස්තරවරයා හා රියදුරා පැවසුවේ මෙම මගියා සමඟ කිසිදු බහින්බස්වීමක් හෝ ආරවුලක් සිදු නොවූ බවත් මෙවැනි අත්දැකීමක් මෙයට පෙර අත්නොවිඳි බවත් ය." ඒ උනාට ඇත්ත කතාව දැනගන්න නම් මගියගෙනුත් අහන්න වෙනවා,මොකද බස් මහත්තුරු ගැන අපි ද්නවනේ (දිල්)
මේක තමා යහ පාලනය කියන්නේ (නදී)
අරවින්ද තමුන් මානසික රෝගියෙක්ද ? මොකා වැරදි කලත් යහපාලනය පලිද මෝඩයෝ ?(නදී)
අරවින්ද, මෝඩ කතා කියන්න එපා (නි)