IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


මගියා බස්රියේ යතුරත් අරගෙන පැන ගිහින්

(බටපොල දීපාල් ද සිල්වා)
 මාතර සිට කොළඹ බලා ධාවනය වූ පොද්ගලික මගී බස්රථයක ගමන් ගත් මගියකු අම්බලන්ගොඩ මාදම්පාගම උස්මුදුල්ලාව මංසන්ධියේදී බසයෙන් බැසයන විට බස්රථයේ යතුර ද උදුරාගෙන පලාගිය බව බස්රථයේ රියැදුරා පැවසීය.


 බස්රථය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී උස්මුදුල්ලාව මංසන්ධිය ආසන්නයේදී සීනුව නාදවී ඇත. ඒ අනුව රියැදුරා නිසිලෙස බස්රථය මංසන්ධියේ බස්නැවතුමේ නැවැත්වීය. මගීන් කිහිප දෙනෙකු කඩිමුඩියේ ඉදිරිපස දොරටුවෙන් බැසගත් අතර බසයෙන් බැසගත් තරුණ මගියෙක් රියැදුරාට පරුෂ වචනයෙන් එකි දිගට බැණ වැදුනේය. ඒ දුටු මගීහු රියදුරාගෙන් විමසුවේ කාරණාව කිමද යන්නයි.


”මම මොනවත් කිව්වේ නෑ. ඒ මනුස්සයා බස් එකේ යතුර උදුර ගත්ත. යතුර නැතුව යන්නෙ කොහාමද දැන් බස්එකේ ඔල්ටනේටර් එක පිච්චෙන්න පුළුවන්” ඒ සමඟ රියදුරා බසයෙන් බැස පලායන මගියා පිටුපස හඹා ගියේය.


ඒ සමඟ මගීන් කිහිප දෙනෙක්ද දිව ගියහ. පලායන මගියා මාදම්පා මාවත ඔස්සේ දිවයමින් සිටියදී අල්ලාගෙන යතුර රැුගෙන රියැදුරා සමඟ මගීන් පැමිණ නැවත බස්රථය ඉදිරියට ධාවනය කරවීය. මේ හේතුවෙන් බස්රථය විනාඩි 15 ක් පමණ උස්මුදුල්ලාව මංසන්ධියේ ප‍්‍රමාද වීමට සිදුවිය.


 පෙරේදා (7) රාතී‍්‍ර 8ත් 8.30ත් අතර මෙය සිදුවිය. එම මගියා සමග අසුනේ සිටි මගීන් පැවසුවේ ඔහු බීමතින් සිටි තරුණයකු බවයි. කොන්දොස්තරවරයා හා රියදුරා පැවසුවේ මෙම මගියා සමඟ කිසිදු බහින්බස්වීමක් හෝ ආරවුලක් සිදු නොවූ බවත් මෙවැනි අත්දැකීමක් මෙයට පෙර අත්නොවිඳි බවත් ය.
 

 



අදහස් (0)

මගියා බස්රියේ යතුරත් අරගෙන පැන ගිහින්

දුමින්ද Monday, 09 March 2015 09:43 AM

කියන්න හිතවත් අරවින්ද-හැම දේම දැන් යහපාලන ලේබල යෙන්ද (අ)

:       0       0

පියුමික Tuesday, 10 March 2015 04:09 AM

අරවින්ද කියන්නේ රියදුරාගේ යහ පාලනය ගැන නේද.... හා හා හොඳයි (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 09 March 2015 02:07 AM

බලන්න කොයිතරම් හොඳ නිහතමානී රියදුරු මහතෙක්ද කියලා. මඟියා බස් එකේ යතුර උදුරා ගන්නතුරු නිකන් හිටියා. (නි)

:       0       0

චතුර Wednesday, 11 March 2015 03:36 AM

"කොන්දොස්තරවරයා හා රියදුරා පැවසුවේ මෙම මගියා සමඟ කිසිදු බහින්බස්වීමක් හෝ ආරවුලක් සිදු නොවූ බවත් මෙවැනි අත්දැකීමක් මෙයට පෙර අත්නොවිඳි බවත් ය." ඒ උනාට ඇත්ත කතාව දැනගන්න නම් මගියගෙනුත් අහන්න වෙනවා,මොකද බස් මහත්තුරු ගැන අපි ද්නවනේ (දිල්)

:       0       0

අරවින්ද Monday, 09 March 2015 04:25 AM

මේක තමා යහ පාලනය කියන්නේ (නදී)

:       0       0

ගමගේ Monday, 09 March 2015 03:07 PM

අරවින්ද තමුන් මානසික රෝගියෙක්ද ? මොකා වැරදි කලත් යහපාලනය පලිද මෝඩයෝ ?(නදී)

:       0       0

ජයන්ත Monday, 09 March 2015 05:33 PM

අරවින්ද, මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 602 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 514 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site