IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මගියා නගින්න පෙර රියදුරු ගමන ගිහින්

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වේයන්ගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ ගාලකි. මද වැහි වැටෙද්දී යුරෝපීය ඇඳුමැති පුද්ගලයකු ආවේ අතේ හා කරේද බෑගය බැගින් ඇතිවය.


මගේ ගෙවල් තියෙන්නේ නයිවලට ටිකක් එහායින් යමු කීයක් ගන්නවාද මගියා ඇසුවේය. රුපියල් එකසිය පනහක් දෙන්න ත්‍රිරෝද රියැදුරු කීය. මගියා ඊට එකඟ විය. ඔහු අත තිබූ විශාල බෑගය ත්‍රිරෝද රියෙහි තබන්නට සැරසෙමින් එහෙනම් අපි යමු කියා අතේ තිබූ බෑගය ද එහි තැබීමට සූදානම් වෙද්දී රියදුරා ගමන පිටත්වූයේය.


ටිකදුරක් ගිය රියදුරා මගියාගේ හැල හොල්මනක් නැති නිසා පසුපසට කර පොවා බැලීය. විශාල බෑගය පමණක් පිටුපස අසුණේ ඇත. මගියා හෝ අනෙක් බෑගය නැත. ගමන නැවතූ රියදුරා ආපසු හැරුණේ කුමක් සිදුවුණේ දැයි බලන්නටය.


ආපසු රිය ගාලට එද්දී මගියා වෙනත් රියකට ගොඩවෙමින් සිටිනු දුටුවේය. ඇයි මහත්තයානේ අපි යමු කියලා කිව්වේ. ඇයි නැග්ගේ නැත්තේ. රියදුරා ප්‍රශ්න කළේය.


මට වැරදීමක් වුණා. මම අපි යමු කියලා කිව්වේ බිම ඉඳලා බෑගය දාන්න හදද්දී ඔය මහත්තයා ගිනි කසයා වගේ පිටත්වුණානේ. මම මේ වෙන එකකින් එන්න හැදුවේ මගදී අල්ල ගන්න හිතාගෙන කී මගියා ත්‍රිරෝද රියේ වාඩිවුණේය. මහත්තයෝ දැන් අපි යමු මම වාඩි වුණා ඔහු කීය.


පසු පසට කරපොවා බැලු රියදුරු ගමන පිටත්වූයේ ඉන් අනතුරුවය. මේ රියදුරා දැන් සෑම ගමනකදීම පිටත්වීමට පෙර පිටුපස මගියා ගැන විමසිලිමත්වීමට කටයුතු කරන බව රථගාලේ සෙසු සාමාජිකයෝ කියති.

 



අදහස් (0)

මගියා නගින්න පෙර රියදුරු ගමන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site