ත‍්‍රිකුණාමලේ සිට මුතූර් බලා ධාවනය වෙන පෞද්ගලික බස් රථයකට අතරමගදී පැහැපත් පෙනුමක් ඇති තරුණ කෙනෙක් ගොඩ විය.
බසය ධාවනය වෙයි. මගියා තම ඔඩොක්කුව මත තබාගෙන සිටි කළුපාට බෑගයෙන් සිගරට් පැකට්ටුව සහ ගිනි පෙට්ටියක් අතට ගත්තේය. අසල සිටින මගීහු මේ දෙස බලා සිටිති. බස් රිය තුළ දුම්බීම තහනම් දැන්වීමද මගියාගේ හිසට ඉහළින් දැකගත හැකිවිය.
සිදුවන්නේ කුමක්දැයි මගීහු කටු කුටු ගෑහ. ඔවුහු එකිනෙකාගේ මුහුණු බලාගත්හ.
මගියා ඒ කිසිත් ගණන් ගත්තේ නැත. තැන්පත් ඉරියව්වෙන්ම සෙමෙන් සෙමෙන් සිගරට් පැකට්ටුව විවෘත කළේය. එහි තිබූ බුලත්විටක් අතට ගත්තේය. බුලත් පුවක් සහ හුණු අවශ්‍ය පරිදි සකසා ගත්තේය. විට මුවෙහි රුවා ගත්තේය. පසුව ගිනිපෙට්ටියද ඇරියේය. එයින් ගත් දුම්කොළ කැබැල්ලක් කටේ දාගත්තේය. පසුව සිගරට් පැකට්ටුවත් ගිනි පෙට්ටියත් බෑගයේ දමා ගත්තේය. මගීනට කටඋත්තර නැතිවිය. අර මගියා කට කොනකින් සිනාසුනේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹදී නම් බුලත් කෙළ පාරට දැම්මොත් දඩ (නි)
ගොන් තඩියෙක් ! (නදී)
එතකොට බුලත් කෙල ගහන්නේ කොතනටද? (ස)
දවසක් සීය කෙනෙක් බුලත් කාල බස් එකේ ඉදල කෙල ගැහැව්වා. එයා හිතුවේ වීදුරුව ඇරලා කියල. කීපදෙනෙක්ම නෑවිලා ගියා (අවුරුදු 10 ට විතර ඉස්සර සිද්දවුණු දෙයක්. (නදී)
අළුත් විධියට හිතන තරුණයෙක්. (ස)
වැඩේ විනෝදයි වුණාට පාරේ යන මඟීන්ට බුදු සරණයි! (නි)
පහන් ඔය සිදුවීම උනේ කොටහේන පැත්තේ නම් මමත් ඔය බස් එකේම ගියා. මමත් ඔය සිද්දිය දැක්කා. (නදී)
විනෝදයට බර කෙනෙක් වගේ. ශ්‍රී කියනවා වගේ අලුත් විදියට හිතන කෙනෙක්. නියමයි, ලස්සන වැඩක් (නි)
නියම විිහිලුකාරයෙක් (නි)