(කරුවලගස්වැව - ජයරත්න වික‍්‍රමාරච්චි)
ඥාතියකුගේ නිවෙසක පැවැති උත්සවයකට සහභාගි වී ආපසු යන පිරිසකට අතරමගදී කෑමට කැවුම්, කෙසෙල් සමඟ පපඩම් ද අඩංගු පාර්සලයක් දී ඇත.
එය ලැබී ඇත්තේ පුත්තලම ආණමඩුව ප‍්‍රදේශයේ තම ඥාති නිවසේ පැවැති උත්සවයකට ආරාධනා ලැබ පැමිණ ආපසු සිය ගමට යමින් සිටි එකම පවුලේ මව, පියා, පුතා සහ දියණිය ඇතුළු සිවු දෙනකුටය.
ආරාධනාවට අනුව තමන්ට අයත් ත‍්‍රිරෝද රථයෙන් ආණමඩුවේ සිය ඥාතියාගේ නිවසට නියමිත දින පෙරවරු කාලයේම පැමිණි මෙම පිරිස තමන් ආ කාරණයට අදාළව සිය යුතුකම් ද මැනවින් ඉටු කර අනතුරුව දිවා භෝජන සංග‍්‍රහය ද භුක්ති විඳ ටික වේලාවකින් ආපසු යාමට සූදානම් වන අවස්ථාවේ දී නිවැසි කාන්තාවක විසින් ”මේක මගදි කෑමට” යැයි පවසා ත‍්‍රිරෝද රථයේ පිටුපස අසුන මත මෙම පාර්සලය තැබීය.
ඒ අනුව සිව් දෙනාගේ එකඟතාව මත අතරමග දී ලිහා බැලූ එම පාර්සලය තුළ කැවුම්, කෙසෙල් ඇතුළු කැවිලිවලට අමතරව බදින ලද පපඩම් කැබලි තොගයක් ද තිබී ඇත. මෙය අමතක වීමකින් සිදුවූවක් ද නොඑසේ නම් විහිළුවට කළ එකක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. නමුත් ඔවුන් පාර්සලයේ තිබූ පපඩම් ද ඉවත දමා නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමකෙනාම පපඩම් කන්න කැමතියි ක්‍රන්චි පිට.සරත් පපඩම් හංවෙලා කන්න කැමති මොකද දන්නේ නැහැ.සුළං නොවදින ෂොපින් බෑග් එකකට දමා ගැටගසා තිබ්බොත් බොහෝ වේලාවක් පපඩම් හං නොවී තබාගන්නට පුළුවන්.පසුදිනත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. (නි)
පපඩම් දුන්නේ මගදී බයිට් එකට ඒකවත් තේරුම් ගන්න බැරිද.? (ර)
මම ලංකාවට ගියාම මගේ හොදම යාළුවගේ නිවසට අවුරුදු කෑමට ආරාධනා ලැබෙනවා. පසුව ගෙදරට එනවිටත් බත් මාලුපිනි කැවුම් කොකිස් අරවද මේවද බරටම මගේ යාළුවගේ අම්ම පාර්සල් කරලා දෙන්නේ රෑට කෑමටයි. ගෙදර ගියාම මුල් පාර්සල් ඇරලා කෑම කනවිට පපඩම් හරිම රසයි ඒත් ඒ පපඩම් හරි කෙලින් අතට ඇති නිසා මගේ පුතා අහනවා අම්මා කොහොමද මේ පපඩම් එයාල කෙලින් තියෙන්න බදින්නේ ඒක අපිටද ප්‍රහෙල්කිකාවකි. ඒත් මගේ යාළුවගේ අම්ම දෙන බත් මුලේ රස තාමත් දැනෙනවා. (ර)
ඔයාලා කාලා නැද්ද පපඩම් සමඟ කෙසෙල්? නියම රසයිනේ. ආ... හොඳයි කාලා බලන්නකෝ ඔයාලත්. (නි)
මේකයි කාරණය. කැවුම් එක්ක දෙන්න ඕනෑ කොකිස්. මොනවා කරන්නද? කොකිස් ඉවරනේ. ඉතින් කොකිස් වගේම සද්දෙට කන්න පපඩම් දුන්නා. (නි)
පුදුම විහිළුවක්නේ. හරි හිනා. (ර)
අජිත්,ඔය කෙහෙල් මල් කෙසෙල් ගෙඩිය විසික්කොරලා පරිප්පු එක්ක පපඩම් කාලා බලන්න බතුත් එක්ක.මේවාත් එක්ක බත් දුන්නාම "හබුන් කටයි,බත් දෙකටයි ,මගේ පුතා ඔක්කොම කයි".(අ)
පපඩම් දීලා තියෙන්නේ කොකිස් පාර්සලයක් කියලා හිතලා මාරුවීමක් නිසා වෙන්න ඇති. (නි)
කරුණාවෙන් දුන් දේ ඒ විදියට ගන්න. (නි)
පපඩම් වලට මාත් ආසයි. (ර)
මඟට කන්න පපඩම් හොඳ කෑමක්නේ. ත‍්‍රිරෝද රථය එළවන ගමන් කන්නත් පුළුවන්. (නි)
රූපවති අක්කා වගේ, අක්කා කෙනෙක් තමයි ඒ.මොකද මිනිස්සු හිතන පතන විදිහ තේරෙනවා.මඟදි මදුවිතෙනුත් සප්පායම් වෙන බව එයා දැනගෙන ඉන්න ඇති.ඒකයි බයිට් එකට පපඩම් දාලා තියෙන්නෙ (නි)
විහිලුවට කරත්, අමතක වීමකින් කලත් පපඩම් කියන්නේ රසවත් කෑමක්නේ. මගදී කන්නට කියලා කැවුම්, කෙසෙල් පර්සලයකුත් දීලා තියෙන්නේ එම කාන්තාවගේ කරුණාවන්ත කම නිසා. ගෙදර පාටියකට පස්සේ මාත් මෙහෙම කරනවා. හැබැයි පපඩම් නම් දෙන්නේ නැහැ. (ර)
පපඩම් ටික බයිට් එකට ගන්න ඇති. සප්පායම් වෙනකොට කියපු කෙනා (අ)
පපඩම් ටික බයිට් එකට ගන්න ඇති. (ස)
දැන් දැන් දාන සමහර දෙයියෝ සාක්කි අනේ මන්දා (බ)
අයියෝ ඔය දේද?(හේ)
සමහරු පපඩම් වෙනුවට බත් සමග කොකිස් කනවා. බත් සමග කෙසෙල් ගෙඩිත් කෑමට ගන්නවා .(හේ)
ලංකාවේ පපඩම් නිපදවනේ තොටළග වහලවල් උඩ. ඒ නිසා මම ලංකාවේදී පපඩම් කෑවේ නෑ. මම ජිවත් වෙන රටේ තියෙන්නේ ඉන්දියාවේ පපඩම්. ඒ නිසා මම හිතන්නේ ලංකාවේ පපඩම් ඊට වැඩ හොද ඇති .(අ)
රුවනුත් හොදට බයිට් ගැන දන්නවා වගේ.., හ්ම් හ්ම් හොදයි හොදයි.., හොදට ආගන්තුක සත්කාර දන්නා පවුලක් එකනේ මගට කන්නත් පාර්සල් කරලා දුන්නේ. (ර)
පපඩම් කන්න මං හරි ආසයි. (ර)
පපඩම් හොඳ බයිට් එකක් (නි)
මේ වගේ විහිළු කිරීම සාමාන්‍ය දෙයක් (ම)
පපඩම් කියන්නේ බැද්ද ගමන් කන්නත් පුළුවන්, පස්සේ හං වෙලා කන්නත් පුළුවන්. මම නම් කන්නේ එහෙම. (බ)