මුඛ වාඩම අමතකව තේ දලු කැඩීමට ගිය කාන්තාවකට සිය සැමියාගේ අමුඩ ලේන්සුවෙන් මුඛ වාඩමක් බැඳගෙන වැඩකිරීමට සිදුවූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

සිද්ධිය සැකෙවින් මෙසේය,
තම දූදරුවන් තමන්ගෙන් වෙන්ව දීග තල ගොස් ඇති බැවින් නිවසේ ජීවත්වන්නේ මෙම වයෝවෘද්ධ යුවළ පමණි. තේ වගාව තම එකම ජීවනෝපාය කර ගත් මෙම දෙන්න දෙමහල්ලන් උදේ පටන් සවස් වන තුරුම ගතකරන්නේ තම තේ ඉඩමේය.
පසුගිය දිනෙකද සිරිත් පරිදි දෙදෙනා තේ ඉඩමේ වැඩෙහි යෙදී සිටියහ. කාන්තාව දලු නෙළීමේ නිරතව සිටි අතර ස්වාමියා වල් පැළ නෙළමින් සිටියේය.
නගරයේ තරම් කොරෝනා බියක් ගම්බද ප්‍රදේශයට දැනී නොතිබුණද සෞඛ්‍ය උපදෙස් උපරිම ආකාරයෙන් අනුගමනය කිරීමට සියලු දෙනා උනන්දුවූහ.
දෙදෙනා එදින වැඩෙහි යෙදෙමින් සිටින අතර කිසියම් පිරිසක් බඩවැටිය දිගේ ගමන් කරනු දක්නට ලැබී ඇත. විපරම් කර බැලීමේදී කාකි ඇඳුමක් ඇඳගත් අයෙක්ද එහි සිටි බැව් ඇයට පැහැදිලි විය.
මේ යන්නේ පොලිස් නිලධාරි මහත්තයෙක් හෝ සෞඛ්‍ය නිලධාරි මහත්තයෙක්ම විය හැකි යැයි කල්පනා කළ ඈ මුඛවාඩමක් පැළඳ සිටීම කොහොමටත් ඇඟට ගුණ යැයි සිතා තරමක් ඈතින් වැඩෙහි යෙදී සිටි ගෙහිමියාට කතාකර කාරණාව කියා ඉක්මනින් තමාට මුඛවාඩමක් ගෙනත් දෙන ලෙස ඉල්ලා සිටියාය.
දවසේ වැඩි කාලයක් රහමෙර පානය කර සිටින ඔහුට කාකි කෝට් එකක් ගැන ඇසෙන විටත් උතුර දකුණ මාරුවිය. වහා නිවෙසට දිව ගොස් රෙදි වැල් සහ අල්මාරිය අවුස්සා බැලුවද මුඛවාඩමක් සොයා ගැනීමට ඔහු අසමත් විය.
මිදුලට පැන්න ඔහුට වැලේ වනා තිබූ තම අමුඩ ලේන්සුව දිස්විය. එය රැගත් ඔහු වහා දිවගොස් එය බිරිඳ අතට දුන්නේ” දැනට මෙන්න මේකවත් මූණෙ බැඳගනින්, ගෙදර ඇති මුඛවාඩමක් නෑ” කියමිනි.
එය අතට ගත් බිරිඳ අපෝ මේකෙ හං ගඳ ”කියා නහය හකුළා ගත්තත්” යෝදියෙ ඕකෙ ගඳ සුවඳ බලන්නෙ නැතුව ඉක්මනට බැඳගනින් මූණෙ”යැයි කියූ ඔහු තේ ගස් අතර නොපෙනී ගියේය.
(පොල්ගස්ඕවිට එස් වික්‍රමආරච්චි)
2025 ඔක්තෝබර් මස 08
1843
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1489
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
මුඛවාඩම් හදිස්සියට හං ගඳ අමුඩ ලෙන්සුවක්