IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘මී පදමට’ සූර්වුණාම ලෙඬේ කම්මුතුයි

කලක් තිස්සේ පැවති මුත්‍රා ගල් අමාරුව සුව කර ගැනීම සඳහා සොයාගත් අපුරු ප්‍රතිකාරයක් පිළිබඳ  පුවතකි.


 සිද්ධිය මෙසේය


කිතුල් මල් මැදීමේ නිරත  මැදිවියේ පුද්ගලයෙකි. ඔහු මුත්‍රාශයේ  හටගෙන තිබූ ගල් කිහිපයක් නිසා දැඩි ලෙස පීඩා විඳිමින් සිටියේය. 


 වේදනාව ඉවසාගත නොහැකි වූ හෙතෙම වෛද්‍ය ප්‍රතිකාර පැතුවේ යම් සුවයක් ලැබීමේ  අරමුණෙනි. දරුවන්ගේ ද උදව් ඇතිව අගනුවර ප්‍රදේශයේ ප්‍රධාන රෝහලකට ඇතුළු වී ප්‍රතිකාර ගත් ඔහුට මුත්‍රාශයේ තිබූ ගල් ඉවත් කිරීම සඳහා වෛද්‍යවරයා විසින් දිනයක් නියම කෙරිණි.


 රෝහලේ පොරොත්තු ලේඛනය දිගුවීම නිසා ශල්‍ය කර්මයේ දිනය යෙදී තිබුණේ මාස හයක පමණ විරාමයකට පසුව ය.


ශල්‍ය  කර්මය ඉක්මන් කළ යුතු යැයි ඔහු කියා සිටිය ද වෛද්‍යවරයාට කරන්නට ද අන් යමක් නොවිණි.


 පසුව ඔහු අගනුවරින් බැහැර තවත් ප්‍රධාන රෝහලකට ඇතුළු වූයේ එතැනින් හෝ යම් සහනයක් ලබා ගැනීමේ අටියෙනි. එහි තිබූ පොරොත්තු ලේඛනය ද දිගු වූයෙන් ඔහුට මාසයක විරාමයකට පසුව දිනයක් ලබාදීමට එහිදී ඔහු පරීක්ෂා කළ  වෛද්‍යවරයා විසින්  පියවර ගෙන තිබිණි.


 දරාගත නොහැකි වේදනාව පිටම නිවසට පැමිණි හෙතෙම   අත් බෙහෙත් කීපයක් කළද ඉන් තාවකාලික හෝ  සුවයක් නොලැබිණි. වේදනාව ඉවසිය නොහැකි  තැන ඔහු තීරණයක් ගත්තේ කරන්නට අන් යමක් නැතැයි සිතමිනි.


හෙතෙම නගරයට ගොස් වස බෝතලයක්  මිලදී ගත්තේ එහි පළමු පියවර වශයෙනි.


 අනතුරුව   තමන් විසින්ම මදිනු ලබන  කිතුල්    ගසකට ගොඩවී එහි තිබූ බෝතල් හත අටකින් යුත් රා කළගෙඩියක්ම  පානය කළේ ඉන් අනතුරුව ඉනේ ගසාගෙන තිබූ වස බෝතලයද පානය කිරීමේ අරමුණෙනි.


  වෙනදා මෙන් තුන් හතර ගුණයක් රා පානය කිරීම නිසාදෝ  සිහිය විකල්වූ හෙතෙම වස බෝතලය කිතුල් ගස මුලට විසිකර   බමන මතින්ම  නිවස වෙත පියමං  කළේ වෙරිවූ මීයෙකු පරිද්දෙනි.


  ඇඳේ වැතිරුණූ  ඔහුට රෑ මැදියමේ පියවි සිහිය ලැබුණේ අධික ලෙස මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවක්  දැනීම හේතුවෙනි.


 දැඩි වේදනාවකින් යුතුව මුත්‍රා පහ කරමින් සිටි ඔහුට      මුත්‍රාද  සමඟ   ගල් කැබැලි කීපයක්ම පිටවනු දැක ගන්නට ලැබිණි.


පසුදින අවදි වූ ඔහුට අපූරු සුවයක් දැනුණි.  පිටතට ආ ගල් ටිකද රැගෙන ඔහු ගමේ රෝහලට ගියේ සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමටය.


   “රා බෝතල් හත අටක්  බිව්වට පස්සේ ඒ මුත්‍රාත් එක්ක ගල් ටික එළියට එන්න ඇති” යැයි ගමේ රෝහලේ දොස්තර මහතා ඔහුට කාරුණීකව පහදා දුන්නේ වැඩිපුර ජලය පානය කිරීමත් මුත්‍රා ගල් ඉවත්කර ගැනීමට යම් උපකාරයක් වන බව ඔහුට පැහැදිලි කරමිනි.
(වියලුව වාර්තාකරු)

 



අදහස් (0)

‘මී පදමට’ සූර්වුණාම ලෙඬේ කම්මුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site