IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


භූතයන්ට දුන් පිදේනි තටුවේ අරක්කු කාල අතුරුදන්

(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
නිවසේ අයට කරදර කරන භූතයකු  ඉවත් කිරීමට කට්ටඬියකු දුන් උපදෙස් අනුව තොවිලයකින් පසු හංදියක තැබූ පිදේනි තට්ටුවක තිබූ කාලේ අරක්කු බෝතලය සුළු වේලාවකින් අතුරුදන්වූ පුවතක් තදාසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


මෙකී නිවසේ අයට නිතර ලෙඩ හා කරදර පැමිණි තිබේ. 


මෙයට හේතුව කුමක්දැයි විමසීමට නිවැසියන් කට්ටඬි මහතකු හමුවූ පසු කියා ඇත්තේ පෙරේත බැල්මක් නිවසට වැටී තිබෙන නිසා එය ඉවත් කිරීමට නම් තොවිලයක් කර පෙරේතයා සැනසීමට ආහාර පාන ඇතුළත් පිදේනි තටුවක් දිය යුතු බවය.


ඔහු දුන් උපදෙස් අනුව  සියල්ල කළ නිවැසියන් පෙරේතයා සැනසීමට පිදේනි  තටුවක් සකසා තිබෙන අතර එහි කුඩා ප්‍රමාණයේ අරක්කු බෝතලයක් ද කට්ටඬියාගේ උපදෙස් මත තබා ඇත.


තොවිලය අවසානයේ නගරයේ ප්‍රධාන මන්සන්ධියක් අසල මෙම පිදේනි තටුව ප්‍රදර්ශනයට තබා සුළු වේලාවකින්  පසු එහි තිබූ කුඩා අරක්කු බෝතලය අතුරුදන් වී ඇත. එහෙත් අනෙකුත් ආහාර පාන තිබූ ආකාරයටම තිබී ඇත.


 මෙය දුටු නිවැසියන් කියා ඇත්තේ ‘දැන් ඉතිං කරදරය ඉවර වෙයි. පෙරේතයා අරක්කුවලට තමයි වැඩි කැමති වෙලා ඉන්න  ඇත්තේ’ කියා සිත  සනසාගෙන ඇත. 



අදහස් (1)

භූතයන්ට දුන් පිදේනි තටුවේ අරක්කු කාල අතුරුදන්

sampath Wednesday, 20 February 2019 11:13 AM

මෙහෙමත් තක්කඩියෙක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site