IMG-LOGO

භාණ්ඩාගාරික තරුණියක් බැංකුවටත් පොල්ලක් තියලා

බදුරලිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ප්‍රජා ජල සැපයුම් සේවාවකට අදාළ සමිතියේ භාණ්ඩාගාරික තනතුරට බලෙන්ම වාගේ පත් වූ තරුණ කාන්තාවකි.


සාමාජික ගාස්තු හා නඩත්තු කටයුතු සඳහා යැයි සාමාජිකයන්ගෙන් එකතු කරන ලද මුදල්වලින් විශාල ප්‍රමාණයක් ඇය සන්තකයේ තබා ගෙන රුපියල් විසි දහසක් පමණක් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන ගොස් ඇත.


මුදල් තැන්පත් කිරීමට අදාළ ආකෘති පත්‍රය සහ ජල සැපයුම් සමිතියේ බැංකු පොත ද මුදලින් රුපියල් විසිදහසක් ද බැංකු කවුන්ටරයට භාරදුන් අතර එයට අදාළ කටයුතු කොට බැංකු නිලධාරිනිය බැංකු පොත කොම්පියුටරයට ඇතුළු කර මුදල් සටහන් කොට පොත ආපසු ඉවතට ගැනීමේදී කිසියම් කාර්මික දෝෂයක් නිසා එය හිරවී ආපසු ගත නොහැකි වී ඇත.


ඒ අවස්ථාවේදී තවත් බැංකු සේවකයෙකුගේ ආධාර ලබාගෙන එය යථා තත්ත්වයට පත් කිරීමට අවධානය යොමු කිරීම නිසා එතෙක් කවුන්ටරය මත තිබූ මුදල ලාච්චුවට දැමීමට අමතක විය.


මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මුදල් තැන්පත් කළ කාන්තාව ක්‍ෂණයකින් කවුළුව තුළින් එම මුදල ආපසු රැගෙන සිය ඇඳුම තුළ සඟවා තබාගෙන ගිණුම් පොත ද රැගෙන ඉක්මන් ගමනින් බැංකුවෙන් පිටව ගියාය.


මේ බව නොදත් කවුන්ටරයේ සේවයේ යෙදී සිටි නිලධාරිනිය සිරිත් පරිදි දවස අවසානයේ ගිණුම් පියවීමේදී හරිටම රුපියල් විසිදහසක් අඩු බව පෙනී ගොස් කිහිප වරක්ම හිස ගිනිගත් අයෙකු මෙන් නැවත නැවතත් මෙම මුදලට සිදු වූ දෙය ගැන සිතීමේදී දහවල පොත හිරවීමේ සිදුවීම ඇයගේ සිහියට නැඟුණි.


ඒ අනුව එතන සවිකර තිබූ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කරන ලද අතර නැති වූ මුදලට සිදු වූ දෙය ඉතා පැහැදිලිව එහි සටහන් වී තිබුණි.


ඉහත කී කපටි කාන්තාව තමන් භාරදුන් මුදල ලහි ලහියේ කවුන්ටරයෙන් ආපසු රැගෙන ඇඳුමෙහි සඟවා ගෙන යනු පෙනුණි.


පසු දින බැංකුවේ නිලධාරීන් කිහිප දෙනෙකු අදාළ සමිතියේ සභාපති සොයාගෙන ගොස් ඔහුගේ මාර්ගයෙන් මෙම වංචාව කළ තැනැත්තිය හමුවී ඇත.


කැමරා දර්ශනවලින් මෙය හෙළිවී ඇති බව දැනගත් ඇය තමන් සිදුකළ වංචාව පිළිගෙන නියමිත මුදල ආපසු ලබා දී ඇත.



අදහස් (0)

භාණ්ඩාගාරික තරුණියක් බැංකුවටත් පොල්ලක් තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 243 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site