IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බෙහෙත් ගන්න ගියාම මඩුවලිගය මතක් වෙලා

(පී.ජේ. සුබසිංහ ආරච්චි - සූරියවැව)
කායික රෝග විශේෂඥ වෛද්‍ය වරයකු හමුවීමට පෞද්ගලික වෛද්‍ය ආයතනයකට පැමිණි වයසක මවකට, වැට් බදු හේතුවෙන් රෝහල් ගාස්තු වැඩිවී ඇති නිසා ගෙනෙන ලද මුදල් මදිවීමෙන් වෛද්‍යවරයා හමුවීමට නොහැකිවී ‘‘වැට් එකෙන් නොව මඩුවලිගෙන් අපට ගහන්න  ඕනෑ’’ යි කියමින් පිටව ගියාය.


මෙම පෞද්ගලික වෛද්‍ය ආයතනයට පැමිණි වයසක මව මුදල් කවුළුව වෙත ගොස් අදාළ වෛද්‍යවරයාගේ නම කියා රිසිට්පත ගෙන රුපියල් 900 ක් දුන්නාය.
රුපියල් නමසීයට බැහැ අම්මා. දැන් රුපියල් එක්දහස් පනහක්  ඕනෑ.


ගිය වාරෙ පෙන්නුවෙ රුපියල් නවසීයට දැන් අම්මෙ වැට් එක නැගලනේ. මොකක් වැට් එක වැට් එකෙන් නෙවෙයි අපට ගහන්න  ඕන මඩුවලිගෙන් යයි කියූ මව වෛද්‍යවරයා හමු නොවී පිටව ගියාය.



අදහස් (0)

බෙහෙත් ගන්න ගියාම මඩුවලිගය මතක් වෙලා

ටෙෂාන් Tuesday, 28 June 2016 07:05 AM

රජිත්, මම ඔබ සමඟයි (නි)

:       0       0

උපාලි Monday, 27 June 2016 05:48 PM

පුද්ගලික වෛද්‍ය ආයතන වල වෛද්‍යවරුන් අසාධාරණ අයුරින් මුදල් ඉපැයීම රජය මැදිහත් වී වළක්වන්න (නි)

:       0       0

පූජී Monday, 27 June 2016 06:55 PM

මෙය කියවද්දී මගේ ඇහැට කඳුලක් නැඟුනා. මේ අසරණ මව රුපියල් නවසීයත් හොයාගන්න ඇත්තේ බොහොම අමාරුවෙන් වෙන්න ඇති. ඇති හැකි අය මෙම අසරණයින්ගේ ඡන්ද වලින් කෝටී ගණන් වල සුඛෝපභෝගී වාහන වල යද්දී මෙයාලට වෙලා තියෙන්නේ හුළං බොන්න. නුඹේ කෝපය සාධාරණයි අම්මේ..! (නි)

:       0       0

රජිත් Monday, 27 June 2016 09:19 PM

මෙන්න මේකට තමයි දොස්තරලා දත කන්නේ. දොස්තරට කුට්ටිය, මහලු මවට වැට් එක. ප්‍රමිතිගත ගුණාත්මක හොඳ අධ්‍යාපනයක් ඇති සිසුන්ට පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් උපාධි පිරිනමලා ඔය එ්කාධිකාරය බිඳින්නම වෙනවා (නි)

:       0       0

අශෝක Tuesday, 28 June 2016 09:15 AM

මම නම් හිතන්නේ රජය මැදිහත්වෙලා රජයේ සහ පුද්ගලික වෛයිද්‍යවරුන්ට ස්ථිර ගණනක් නියම කළයුතුයි. (නි)

:       0       0

කෝනාර Monday, 27 June 2016 11:52 PM

බෙහෙත් වලට වැට් නැහැ කියලා ඇමති කිව්වා නේද? වෛද්‍ය සේවයට වැට් නැති කළයුතුයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 28 June 2016 09:33 AM

සිගප්පුරු අගමැති තුමා වරෙක කියල තිබුන රට හුස්ම ගන්නවටත් බදු ගහන්න පුලුවන්නම් කරනවා කියලා, දෙවන ලෝක යුද්ධේන් පස්සේ ජපානේ මිනිස්සු පඩි රහිතව වැඩ කළා රට වෙනුවෙන්, අපි ඉතින් හැමදාම නිකන් කන්න බලන් ඉන්නේ... (ර)

:       0       0

ඉන්දික Tuesday, 28 June 2016 01:50 AM

ඔබට සතුටුයිද දැන්? (නි)

:       0       0

දුමින්ද Tuesday, 28 June 2016 10:07 AM

හැමෝට මඩුවලිග මදිවේවි... (ර)

:       0       0

ටිකිරි Tuesday, 28 June 2016 10:20 PM

මේ පිටබැද්දර ජයා, නිකන් බොරු මවන්න එපා. මමත් ඔය කියන රටවල් 2කේම ජීවත්වුණා. කවුරුත් නිකන් වැඩ කළේ නැහැ. දේශපාලුවන්ට කඩේ යන්න එපා. (නි)

:       0       0

සංජීව Tuesday, 28 June 2016 04:40 AM

පාලන මිලක් යොදා පාරිභෝගික අධිකාරියෙන් පාලනය කළ හැකිනම් වඩා සුදුසුයි (නි)

:       0       0

ජනක Tuesday, 28 June 2016 04:39 AM

වැට් එක ගන්නේ දොස්තරද? (නි)

:       0       0

කිත්සිරි Wednesday, 29 June 2016 02:20 AM

වැට් බදු වැඩිකිරීමෙන් පස්සේ විවිධ රෝහල් විවිධ ගණනින් රෝහල් ගාස්තු වැඩිකර තිබෙනවා. වෙනදා රු. 500/- වූ කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක දැන් ගාස්තුව රු.875/- වෙලා. (නි)

:       0       0

රිෂාඩ් Tuesday, 28 June 2016 12:24 PM

බෙහෙත් වලට නෑ කිව්වා . එ්ත් දොස්තර මහත්තුරු ගන්නවා. ඒ අය‍ට මොන වැට් එක්කක්ද? ඔක්කොම ගෙවන්න වෙලා තියෙන්නේ දුප්පත් අපිට. අනේ මෙහෙමත් රටක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site