IMG-LOGO

බසයෙන් පැන්නූ බඩු මල්ලට නයි රිංගලා

බසයෙන් හොරෙන් ගත්ත බඩු මල්ල පැටලී නයි මල්ලක් ගෙදර රැුගෙන ගිය පුද්ගලයකු පිළිබඳව පොතුපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. ඔහු පොතුපිටියට ආසන්න ගමක ජීවත් වූ පුද්ගලයෙකි. 

ගෙදරින් රැගෙන එන මුදල්වලින් මත්පැන් පානය කරන ඔහු සතිපොළ පැවැත්වෙන දිනයේදී බසයේ සිටින කාගේ හෝ බඩු මල්ලක් අරගෙන බසයෙන් බසිති. සිද්ධිය වූ දිනයේද නගරයට පැමිණ ගෙදරින් ගෙනා මුදල් සියල්ල ඉවර වනතුරු මත්පැන් පානය කර බසයට ගොඩවී ඇති අතර නියමිත තැනින් බැසීමේදී සූර්පිට තෙලිඟු පුද්ගලයකුගේ නයි මල්ල රැගෙන බසයෙන් බැස වටපිට නොබලාම ගෙදර ගොස් ඇත.

මල්ල කුස්සියෙන් තැබූ පුද්ගලයා අන්න බඩු ගෙනාවා, පොළේ බඩු අඩු හින්දා වැඩිපුරම ගෙනාවා යැයි කීවේ මල්ලේ බර නිසා එළවළු ගොඩක් ඇති බව සිතාය.

කුස්සිය දෙසින් තම බිරිය කෑගසනු ඇසී ඒ දෙසට ගිය ඔහුට දක්නට ලැබුණේ පෙනය විදහා සිටින නාගයාය. බිරියගේ දෝස්මුර මැද්දේ නාගයා එළවා දැමූ ඔහු මින් මතුවට නොබොන බව කීවාලූ.



අදහස් (0)

බසයෙන් පැන්නූ බඩු මල්ලට නයි රිංගලා

ඉමා Tuesday, 14 July 2015 06:44 AM

හොඳ වැඩේ ‍(හේ)

:       0       0

සිරිපාල Tuesday, 14 July 2015 07:38 AM

අපි ඉස්කෝලේ යන කාලේ සිංහල අච්චු පොතේ තිබුනා තෙලිගු කවි කියලා පාඩමක් (නදී)l

:       0       0

නන්දලාල් - ප්‍රංසය Tuesday, 14 July 2015 07:48 AM

සිය බිරිඳගේ ඉල්ලීම් කණකට නොගෙන කණමදයා වගේ හැමදාම බීගෙන ගෙදර එන මේ මිනිහාට, නයෙක් හොඳ පාඩමක් ඉගැන්නුවා වගෙයි එහෙනම්. (ර)

:       0       0

ආනන්ද Tuesday, 14 July 2015 07:53 AM

නයාගේ පරණ පිනක් පලදීලා. (ස)

:       0       0

අබරන් Tuesday, 14 July 2015 08:29 AM

මඟ හිටියොත් තෝ නසී.. ගෙදර ගියොත් අඹු නසී...(ම)

:       0       0

නයනා Wednesday, 15 July 2015 12:55 AM

හයිද්‍රාබාද් කියන්නේ නගරයක්. තෙළිඟු භාෂාව අයත් වන්නේ ආන්ද්‍රා ප්‍රදේශ් කියන ප්‍රාන්තයට. දැන් එතැන ප්‍රාන්ත දෙකක්. අනෙක තමයි තෙලංගානා කියන ප්‍රාන්තය. මේ දෙකේම කතාකරන්නේ තෙළිඟු කියන භාෂාව. මේ මිනිසුන්ව හඳුන්වන්නේ තෙළිඟු මිනිසුන් ලෙසයි. කියැවෙන හැටියට ලංකාවේ ඉන්න අපි අහිකුණ්ඨික ලෙස හඳුන්වන මිනිසුන් මේ තෙළිඟු කියන ජන වර්ගයට අයිති අයයි. මේ ප්‍රාන්තය පිහිටා තියෙන්නේ තමිල්නාඩුවට උතුරින් දකුණු ඉන්දියානු කලාපය තුළයි. (නි)

:       0       1

විපුල Tuesday, 14 July 2015 09:06 AM

තෙලිඟු කියන්නේ, අපි අහිකුන්ටික කියන අය, කොහොම වුනත් දැන් හිතල බලන්න කවුද නියම අහිකුන්ටිකය කියල, නයෙක් නටවල කියක් හරි හොයා ගන්න කෙනාද , අනුන්ගේ දේ කඩාවඩා ගන්න කෙනාද ? (බ)

:       0       0

රංජිත් Tuesday, 14 July 2015 01:50 PM

තෙලිඟු කියන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ භාෂාව.(නදී)

:       0       0

විජේසුන්දර Tuesday, 14 July 2015 02:47 PM

හොඳ වැඩේ ඕනෑ නැති වැඩ කරනවට (නි)

:       0       0

ඉන්දික Thursday, 16 July 2015 03:58 AM

අන්ඩර දෙමළ කියන්නේ අන්ද්‍රා ප්‍රදේශ් වල ඉන්න අය ටැමිල් අය කතා කරන දෙමල. අපේ ලංකා වේ කතා කරන දෙමල වලට වඩා වෙනස් නිසා අපේ මිනිස්සු " මේ මොන අන්දර දෙමල යක් ද කියන්න පටන් ගත්තා (නදී)

:       0       0

බොධි Wednesday, 15 July 2015 11:44 PM

අණ්ඩර දෙමළ යැයි කියන්නේ මේ තෙළිඟු භාෂාවටය. එම භාෂාව පාවිච්චි කරන්නේ අන්ද්‍රා ප්‍රදේශයේය. (ස)

:       0       0

සපුමල් Tuesday, 14 July 2015 04:37 AM

තෙලිගු කියන්නේ කාටද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 372 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 833 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site