බසයකදී තමා ළඟ අසුන් ගෙන සිටි පාසල් සිසුවියක සමඟ ජංගම දුරකතනයකින් සෙල්ෆි ගැසූ තරුණයකුට තවත් සිසුවියන් පිරිසකගෙන් දෝස්මුරයක් එල්ල වීමෙන් තරුණයාට තම ගමන පසෙකලා අතර මගින් බසයෙන් බැසීමට සිදුවීමේ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබිණි.
පාසල නිම වී බසයෙන් ගමන් කරමින් සිටි සිසුවිය ළඟින්ම වාඩි වී සිටි තරුණයා වරින් වර සිසුවියගේ සිරුරට ගෑවෙමින් ඇය දෙස හොරෙන් බලමින් සිටියේය.
සිසුවිය නිදි මතෙන් සිටි නිසා ඒ ගැන ඇයට එතරම් දැනීමක් නොවීය. ඒ අසල ආසන අල්ලාගෙන සිටගෙන සිටි තවත් සිසුවියෝ කීප දෙනෙක් ද මෙය දැක අවධානයෙන් සිටියහ. තරුණයා තමන් අත තිබූ ජංගම දුරකතනය ඉදිරියට අල්ලා හෙමින් සීරුවේ එය ක‍්‍රියාත්මක කර තමන්ගේ හා සිසුවියගේ මුහුණ වදින සේ සේයා රූ ගත්තේය.
එය දුටු ඒ අසල සිටි අනෙකුත් පාසල් සිසුවියන් කිහිප දෙනා වහාම ඉදිරිපත් වී චිකේ ලැජ්ජා නැද්ද අයියේ, කැතයි අයියේ, යනාදී වශයෙන් පවසන්නට වූහ. නිදිමතේ සිටි සිසුවිය ද අන්ද මන්ද වී බලන විට අනෙක් සිසුවියෝ ඇයට සිද්ධිය පැවසූහ. බසයේ සිටි තවත් අය ද සිසුවියන්ට සහයෝගයට ඉදිරිපත් වූහ.
එන පොට හොඳ නැති බව දැනගත් තරුණයා වහාම අසුනින් නැගිට බසයෙන් බැසයාමට තැත් කළත් සිසුවියෝ ඔහුට බාධා කරමින් ගන්නා ලද සෙල්ෆි මකන ලෙස ඔහුට බල කළහ. අසල සිටි තරුණයෙක් ද සේයා රූ ගත් තරුණයාට පහරක් ද එල්ල කර සිසුවියන් කී දේ කරන ලෙස තරුණයාට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලනකොට ගෑනු ළමයෙකුට බස් එකේ නිදා ගන්න එකත් හරිම ප්‍රශ්නයක්නේ. අපේ කාලෙනම් අපි ඉස්කෝලේ ඇරිලා නිදාගෙන තමයි ගියේ. කවුරුත් අපේ පොටෝ ගත්තෙත් නෑ. කරදර කලෙත් නෑ.(හේ)
වනචර වානර යුගයේ උන් සේ හැසිරෙන්නේ , තමන්ට ගැහැනු සහෝදරයින් සිටිනවා කියාවත් සිතන්නේ නැහැ , රටකට ගිය කලක් (අ)
අභීත දියණියන්ට උපහාර (ම)
මනෝරි,පාසල් ගිය කාලයේ ඔහොම කරදර මොනවත් සිදුවුණේ නැත්නම් දැන් ඔබතුමිය අඩුගානේ අවුරුදු 70 වකවත් ලලනාවක් වෙන්න ඕනෑ. (නි)
ඇත්තට පුදුමාකාර සමාජ රටාවක් නේ ලංකාවේ තියෙන්නේ.., බසයේ සිටි අනෙක් සිසුවියන් හා සියලු දෙනා නිසා අර පාසල් යුවතියට වෙන්න ගිය කරදරයකින් බේරුනා. නැත්නම් ඔය පොටෝ එක පෙන්න පෙන්න මොන කරදරයක් කරන්න පුළුවන් වෙයිද. (ම)
ඕක ඉතින් ගණන් ගන්න්න දෙයක්ද පිරිමි ළමයෙක් හින්ද වයසේ වරද්දවත් කිව්වා හැකි දැන් වයසක පොරවලුත් ඔහොම වැඩ කරනවා උන්ටනම් සමාවක් දෙන්න එපා (කෞ)
ගන්න කලින් ඒ ගෑනු ළමයට ඇහැරෙව්වා නම් ඕක වෙන්නේ නෑනේ. ඕක මැකුවට ආයි ගන්න පුළුවන් මෘදුකාංග තියෙනවා. (අ)
අද කාලයේ ලංකාවේ වෙන දේවල්වල හැටියට තරුණියන් ගමන් බිමන් යද්දී නිදා වැටිලා හරි යනවද? උස්සගෙන කොහෙට හරිඅරන් ගියා නම් ඊළඟට මුළු බස් එකේම පිරිමි උදවියව කුදලාගෙන යාවි ඩී එන් ඒ පරීක්ෂණයකට. (අ)
මේ ගැහැණු ළමයාට මීට වැඩිය සිහි කල්පනාවෙන් ඉන්න ඕන කාලයක් බව දන්නේ නැද්ද ? මිට වැඩිය දෙයක් ඔය බස් එකේ මර නින්ද අතරේ වුණත් ඔච්චර තමයි. අන්තිමට බස් එකේ ගිය පිරිමි ටික විතරක් නෙවෙයි අහලින් පහලින් පාරේ ගිය පිරිමි ටිකත් ජාන පරික්ෂාවට එක්ක ගෙන යාවී. (අ)
ගැහැණු ළමයි මීටවැඩිය සිහිකල්පනාවෙන් ඉන්න ඕනෑ
මනෝරි කිසිම කරදරයක් නැතුව සැපට බස් එකේ නිදාගත්තා නම් ඔබතුමිය අනිවාර්යෙන්ම දැනට වයස 70 විතර බවලතියක් වෙන්න ඕනෑ. අපේ අම්මලා පාසල් ගිය කාලේ තමයි අපි අහලා තිබෙන විදියට ලංකාවේ දැරිවියකට යහතින් මඟතොට යන්න පුළුවන්වුණ අන්තිම කාල වකවානුව. (නි)
මේක අපි පාසල් ගිය කාලය වගේ ආරක්ෂාකාරී කාලයක් නෙමෙයි. දැන් ඉතින් බස් එකේ නිදාගන්න ආච්චි කෙනෙකුටවත් ආරක්ෂාවක් නැති කාලයක්. (නි)
ගැහැණු දරුවන් ගෙවල් වල ඉන්න සමහර බවලතුන්ට රෑට ගෙදර දොරවල් ජනෙල් වහන්න මතක් වෙන්නේත් නැහැ. ඉතින් කොහෙද ? (නි)
සමහර තරුණියන් බස්එකේ ඔහොම නිදි කිර කිර ඇවිල්ලා ඊළඟට ළඟින් ඉන්න අහිංසක තරුණයෙකුගේ ඇඟට නිදිමතේම බෙල්ල මුලින් කඩාගෙන වැටෙනවා. ඊළඟට ඒ තරුණයා තමන්ගේ ඇඟට හේත්තු වුණා කියලා මුළු බස් එකේම මිනිස්සු ලවා සංග්‍රහ කරවනවා. (නි)
වෙන මොකුත් නෙමෙයි, තරුණ අසහනය! (නි)