අලව්ව නගරයේ බස් නැවතුමේ නවතා තිබූ ගිරිඋල්ල බලා යන ලංගම බස් රියේ ආසන සියල්ලම මගීන්ගෙන් පිරී තිබිණි. බස් නැවතුමේ අසුන්ගෙන සිට හිඟමන් යදින පුද්ගලයකු බසයේ ඉදිරි දොරටුවෙන් ගොඩවී මෙසේ ආයාචනා කරන්නට විය. ‘‘අනේ නෝනා! මහත්තයා!! මට දවල්ට පාන් කෑල්ලක් කන්න කීයක් හරි දෙන්න!!! ඊයෙත් හරියට කෑමක් බඩට වැටුණේ නෑ....’’ යි පවසමින් ඉදිරිපස සිට බස් රියේ පසු පසට එමින් සිටියේය. ඉදිරිපස අසුන් වල සිටි මගීන් ගෙන් ඊට ප‍්‍රතිචාරයක් නොවුයෙන් හෙඬ් ස්වරය තවත් වැඩි කර කාගෙත් අවධානය යොමුකර ගැනීමට මෙසේ යළිත් පවසන්නට විය. ‘‘අපි සල්ලි පොදි ගහගෙන මැරෙන කොට අරන් යන්නෙ නෑ...... බඩගින්න කාටත් පොදුයි. මට පාන් කෑල්ලක් කන්න කීයක් හරි දෙන්න......’’ බස්රියේ මැද කොටසේ වම් පස ආසනයේ සිටි කාන්තාවක් තම බෑගය විවර කර රුපියල් දහයක නෝට්ටුවක් ගෙන ඔහුගේ අත තැබීය. ඇයට දකුණු පසින් තවත් පුද්ගලයකු වාඩි වී සිටියේය. ඔහු ඇයගේ ස්වාමි පුරුෂයා නොව බසයේ සිටි වෙනත් මගියෙකි. ඒ වගක් නොදත් හිඟන්නා මෙසේ පැවැසීය. ‘‘ඒ නෝනට විතරයි මගෙ බඩ ගින්න තේරුනේ, ඔය ජෝඩුවගෙ සියළුම පැතුම් ඉටුවෙලා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ.....’’යි පැවැසීය. ඉන් කුපිත වූ ඇය හිගන්නා දෙසද ඇය අසල අසුනේ වාඩි වී සිටි පුද්ගලයා දෙසද බලා ‘‘මදැයි මම සල්ලි දීලා අහගත්තු දේ’’ යි පවසමින් මගීන්ගේ සිනා හඬ මැද බසයෙන් බැස ගියාය.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟමන් යන පුද්ගයනට දෙනනේ කොහොමද?
මෝඩයි..
දැන් අපේ මේකෙන් ගන්න ඕන උපදේශය මොකක්ද?