IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බසයේදී යාචකයාට මුදල් දුන් කතට ‘‘අපූරු පරිප්පුවක්’’ ලැබිලා

අලව්ව නගරයේ බස් නැවතුමේ නවතා තිබූ ගිරිඋල්ල බලා යන ලංගම බස් රියේ ආසන සියල්ලම මගීන්ගෙන් පිරී තිබිණි. බස් නැවතුමේ අසුන්ගෙන සිට හිඟමන් යදින පුද්ගලයකු බසයේ ඉදිරි දොරටුවෙන් ගොඩවී මෙසේ ආයාචනා කරන්නට විය. ‘‘අනේ නෝනා! මහත්තයා!! මට දවල්ට පාන් කෑල්ලක් කන්න කීයක් හරි දෙන්න!!! ඊයෙත් හරියට කෑමක් බඩට වැටුණේ නෑ....’’ යි පවසමින් ඉදිරිපස සිට බස් රියේ පසු පසට එමින් සිටියේය. ඉදිරිපස අසුන් වල සිටි මගීන් ගෙන් ඊට ප‍්‍රතිචාරයක් නොවුයෙන් හෙඬ් ස්වරය තවත් වැඩි කර කාගෙත් අවධානය යොමුකර ගැනීමට මෙසේ යළිත් පවසන්නට විය. ‘‘අපි සල්ලි පොදි ගහගෙන මැරෙන කොට අරන් යන්නෙ නෑ...... බඩගින්න කාටත් පොදුයි. මට පාන් කෑල්ලක් කන්න කීයක් හරි දෙන්න......’’ බස්රියේ මැද කොටසේ වම් පස ආසනයේ සිටි කාන්තාවක් තම බෑගය විවර කර රුපියල් දහයක නෝට්ටුවක් ගෙන ඔහුගේ අත තැබීය. ඇයට දකුණු පසින් තවත් පුද්ගලයකු වාඩි වී සිටියේය. ඔහු ඇයගේ ස්වාමි පුරුෂයා නොව බසයේ සිටි වෙනත් මගියෙකි. ඒ වගක් නොදත් හිඟන්නා මෙසේ පැවැසීය. ‘‘ඒ නෝනට විතරයි මගෙ බඩ ගින්න තේරුනේ, ඔය ජෝඩුවගෙ සියළුම පැතුම් ඉටුවෙලා වැඩි වැඩියෙන් ලැබෙන්න  ඕනෑ.....’’යි පැවැසීය. ඉන් කුපිත වූ ඇය හිගන්නා දෙසද ඇය අසල අසුනේ වාඩි වී සිටි පුද්ගලයා දෙසද බලා ‘‘මදැයි මම සල්ලි දීලා අහගත්තු දේ’’ යි පවසමින් මගීන්ගේ සිනා හඬ මැද බසයෙන් බැස ගියාය.



අදහස් (0)

බසයේදී යාචකයාට මුදල් දුන් කතට ‘‘අපූරු පරිප්පුවක්’’ ලැබිලා

mdfhu Monday, 16 January 2012 07:33 PM

හිඟමන් යන පුද්ගයනට දෙනනේ කොහොමද?

:       0       0

HPW Saturday, 14 January 2012 09:27 AM

මෝඩයි..

:       0       0

Sam Wednesday, 11 January 2012 07:49 PM

දැන් අපේ මේකෙන් ගන්න ඕන උපදේශය මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site