කොළඹ සිට කතරගම බලා ධාවනය වෙමින් තිබුණු බසයක් මගීන්ගෙන් පිරී පැවැති අතර, එම බසයේ ඉදිරිපස අසුනක, වයස අවුරුදු 60ක පමණ වන ගුරු මාතාවක් අසුන්ගෙන සිටියාය.
එම බසය ටික දුරක් යනවිට අවුරුදු 25-30 අතර තරුණ කාන්තාවක් කුඩා දරුවකුද සමඟ ගොඩවූ අතර, ඇය දරුවා වඩාගෙන බසයේ හිටගෙන යනු දුටු ගුරු මාතාව තම අසුනෙන් නැගිට තම ආසනය ඇයට පිරිනමා තම අත වූ බෑගයද ආරක්‍ෂා කිරීමට ඇයට දුන්නාය. එම බසය කිලෝමීටර් කීපයක් දුර ගිය පසු තරුණ කාන්තාව ගුරු මවට ආසනය සමඟ බෑගය ආපසු දී බසයෙන් බැස ගියාය.
බසය ටික දුරක් ගිය පසු ගුරුතුමියට හදිසි දුරකථන ඇමතුමක් දීම සඳහා බෑගය ඇර බලන විට බෑගය තුළවූ තම ජංගම දුරකථනය සහ රුපියල් හයදහසක මුදල් අතුරුදන්වී තිබෙනු දැක ඇය සෙසු මගීන්ට කියා සිටියේ බෑගය තියාගත් කාන්තාව බෑගයේ තිබුණු මුදල් සහ දුරකථනයද රැුගෙන බැස ගොස් තිබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ සමහර අය නිදාගෙන වගේ යන්නේ (නි)
අම්ම කෙනෙක් ඔහොම දෙයක් කරයි කියල හිතන්නවත් බැහැ. මොනව කරන්නද, අහිංසක ටීචර් (බ)
ගුණධර්ම පිරිහීම තමයි මේ කතා තුළින් අපිට පසක් වෙන්නේ (නි)
මෙහෙමත් හොරු! (නි)
මම නම් ළමයින් වඩාගෙන බස් වලට නඟින අයට සීට් එක දෙනවාට එහා ගනුදෙනුවක් නැහැ. (නි)
සිංහලයාගේ හැටි දැන් කාලේ. (ස)
මේ උදවිය හිතන්නේ ළමයි වඩාගෙන ඉන්නකොට සමාජවිරෝධී වැඩක් කරන්නේ නැහැ කියලා මහජනයා සාමාන්‍යයෙන් විශ්වාස කරන නිසා ඒකෙන් ප්‍රයෝජන ගන්න. (නි)
ඔය කාන්තාව සමහරවිට දවසේ කුලියටගත් ළමයෙක් යොදාගෙන කරන රස්සාවක් වෙන්න ඕනෑ. (නි)
ඔච්චර දෙයක් වෙනතුරු බෑගය දුන් කෙනා මොනවද කළේ? (නි)
මේ කාලේ ඔය වගේ දේවල්ද වෙන්නේ? (නි)
අදිකාරිගේ සටහන බැලුවිට මට මතක් උනේ මට ගුවන් යානයකදී මුහුණ දෙන්න උන අප්‍රසන්න සිදුවීමක්. මගේ අසුනට යාබදව අසුන් ගෙන සිටියේ සුන්දර චීන යුවතියන් දෙදෙනෙක්. විටින් විට එම දෙදෙනා අතරින් පිටවෙන කිසියම් දුගදක් ඉවසාගන්නම බැරි තැන වෙන අසුනකට හෝ යන්නට බැරි උනේ යානය පිරෙන්නම මගීන් සිටි බැවින්. එම යුවතියන් යාබද සිටි මා ගැන නොසලකාම ගමන අවසාන වෙන තුරුම සිටියේ බොරුවට නිදාගෙන.ගමන පිටත් උනේ හිමිදිරියේම නිසා වැසිකිලි,කැසිකිලි යන්න වෙලාවක් නැතුව ඇති.මතක් වෙනකොටත් ඔක්කාරෙට එනවා.මේ වාගේ දේවල් වලටත් සමහරු නින්දට යනවා. (ස)
ළමයින් වඩා ගෙන ඇවිත් කඩ සාප්පු වලින් භාණ්ඩ , ඇඳුම් හොරකම් කල අවස්ථාත් ඔය පසුලිය කාලයේ ආරංචි වුනේ. ඔය වඩාගෙන හිටපු ළමයාත් සමහරවිට වෙන කෙනෙකුගේ වෙන්න පුළුවන්. (ස)
විජේ මෙතන චීන යුවතියන් කියලා කිවුවේ නැත්නම් අපේ කට්ටිය සුපුරුදු විදිහට මේ පාටක සභාවේ බවලතියන් තමයි ඔය වැඩේ කරලා තියෙන්නේ කියලා කියනවා සිකුරුයි. (නි)
අපේ සමහර අය ගුවන් යානාවල යනකොට හැසිරෙන විදිය නම් හරිම අප්‍රසන්නයි. විශේෂයෙන් ඉන්දියන් අය. (නි)
ඔන්න ඕකයි තත්ත්වේ.(හේ)
මම නම් ඉස්සර බෝම්බ පිපිරුණ කාලේ සිටම බස් වල යනකොට කාටවත් මගේ බෑග් එක දෙන්නෙත් නැහැ, අනුන්ගේ බෑග් ගන්නෙත් නැහැ. (නි)