IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


බසයට රිංගු ගැරඬියාගෙන් ප‍්‍රවේශපත් මුදල් ඉල්ලලා

මඩකළපුවේදී ”ලංගම” බසයකට රිංගාගත් ගැරඬියකු කලවංචිකුඩියේදී බසය තුළ මහත් කලබැගෑනියක් සිදුකොට එයින් බැස යන්නට දැරූ උත්සාහයක් නිසා එම බසය විනාඩි විස්සක් පමණ පාර මැද නතර කර තැබූ සිද්ධියක් මඩකළපුව-කල්මුණ ප‍්‍රධාන මාර්ගයෙන් වාර්තා වේ.
පෙරේදා 19 මඩකළපුව-කල්මුණ නගරාන්තර ලංගම බසයක් සවස 2.45ට පමණ කල්මුණ බලා ගමන් අරඹා තිබිණි. එය කලවංචිකුඩි ප‍්‍රදේශයේදී එක්වරම පාර මැද නතර කළ රියදුරා කෑගසා රියැදුරු අසුනෙන් ඉවත්ව පැන ගියේය.
මගීහු අන්දුන්කුන්න් වෙමින් වටපිට බැලූ අතර කීපදෙනෙක් දෙමළ භාෂාවෙන් ”පාම්බු... පාම්බු” යැයි කෑගැසූහ.
එහෙත් ”පාම්බු” ඇසුරු සැණකින් ඇන්ජිම කොටසට රිංගා අතුරුදන් විය. බොහෝ වේලාවක් කෝටුවලින් ඇන අහුමුළුවල බැලූ පසු ඌ එළියට දැමීමට හැකිවිය. එහෙත් බැස ගියේ ”පාම්බු” කෙනෙකු නොව ගැරඬියෙකි.
ගැරඬියා තණ නිල්ලට පැන කැලෑවට ඇදෙනු දුටු මගියකු ” ඕයි... සල්ලි දීලා යනවා” යැයි කියා කෑගසද්දී මගීහු උස් හඬින් සිනාසුණහ.



අදහස් (0)

බසයට රිංගු ගැරඬියාගෙන් ප‍්‍රවේශපත් මුදල් ඉල්ලලා

ෂෙරිෆ් Tuesday, 25 December 2012 09:45 PM

කතාවනම් ‍හොදයි.. හොද වෙලාවට බස් එකේ ඇතුලේ පොලිසියෙන් කෙනෙක් හිටියෙ නැත්තෙ..?(නු)

:       0       0

ලලිත් කටාර් Tuesday, 25 December 2012 01:09 PM

හොද කතාවක්.. මේ අවුරුද්දටම ඇති..!(නු)

:       0       0

ප්‍රසාද් Friday, 28 December 2012 04:24 AM

මේ ගරඩි කතාව අහලා මට පන යනකල් හිනා. (නි)

:       0       0

හිරු Thursday, 27 December 2012 04:13 PM

රසවත් ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 26 December 2012 12:48 AM

එහෙනම් රියදුරත් බයවුන පාර භූමිතෙල් ගහපු ගැරඩියා වගේ දුවලා තියෙනවා. හහ්..හහ්. හා..!(නු)

:       0       0

නිර්මාණ Thursday, 27 December 2012 05:26 PM

පාම්බු කියන්නේ නයාට. (නි)

:       0       0

නිර්මාණ Thursday, 27 December 2012 05:22 PM

පාම්බු කියන්නේ නයාට(නු)

:       0       0

ප්‍රභෝද Thursday, 27 December 2012 05:22 PM

නයාට දෙමළ බසින් කියන්නේ පාම්බු(නු)

:       0       0

එදීම් Tuesday, 25 December 2012 03:47 PM

අනිත් පුවත් වල හැටියට හිනා වෙන්නත් හොද කතාවක් තියෙන්න ඕන..!(නු)

:       0       0

අඩීම් Tuesday, 25 December 2012 03:51 PM

පිස්සු විකාර වගේ මට නම්. (නි)

:       0       0

අදීම් Tuesday, 25 December 2012 03:51 PM

මොනවාද මේ කතා..!(නු)

:       0       0

සමන් Thursday, 27 December 2012 10:29 AM

පාම්බු කියන්නේ මොකක්ද? (නි)

:       0       0

සචින්ද Tuesday, 25 December 2012 05:05 PM

ඉතාම හොද පුවත්පතක්..!(නු)

:       0       0

ඉන්දි Tuesday, 25 December 2012 09:45 AM

කාලෙකට පස්සේ හොද කතාවක්. (නි)

:       0       0

අචිකි පතිරණ රන්දෙනිය Tuesday, 25 December 2012 10:22 AM

:-D(නු)

:       0       0

අමිල කටුනායක Tuesday, 25 December 2012 10:26 AM

සල්ලි නම් ඉල්ලුවට කමක් නැහැ ගැරඩි මරලා පව් පුරෝගන්නෙ නැතිව..!(නු)

:       0       0

සරත් Tuesday, 25 December 2012 10:40 AM

හහ්... හහ්.. ඇත්තටම හොද කතාවක්...!(නු)

:       0       0

කණිෂ්ක Tuesday, 25 December 2012 10:45 AM

හක හක හක...(නු)

:       0       0

චන්ද්‍රා සිඩ්නි Tuesday, 25 December 2012 11:32 AM

සල්ලි නොදී බස් වල ගොස් ගැරඩි වගේ බැහැලා යන අයත් නැතිවම නොවෙයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1107 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1130 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site