පෞද්ගලික බස්රථයක යමින් සිටි තරුණ පෙම්වතෙකු තම පෙම්වතිය සමග පවසන ආදර බස් වීඩියෝ කිරීමට ගිය කැමරා ශිල්පියකු බලාපොරොත්තු නොවූ අකරතැබ්බයකට මුහුණ දුන් පුවතක් සත් කෝරළයට අයත් ප්‍රදේශයකින් වාර්තා විය.

පෞද්ගලික බස්රථය මගීන්ගෙන් පිරී තිබුණි. එහි පිටුපස අසුනේ තරුණ පෙම්වතියක් සහ තරුණ පෙම්වතෙක් ආදර බස් දොඩමින් එකිනෙකාට තුරුළුව සිටියහ. මේ දෙදෙනා වරෙක හයියෙන් සිනාසෙමින්ද තවත් වරෙක උසුළු විසුළු කරමින්ද ගමන් කරන ආකාරය සෙසු මගීන්ගේ නිදහසට බාධාවක් විය.
මෙම බස් රථය තුළ වීඩියෝ කැමරා ශිල්පියෙකුද සිටියේය. ඔහුට මේ දසුන මහත් හිසරදයක් විය. වහා ඔහු තම බැගය විවර කොට කුඩා වීඩියෝ කැමරාවක් එළියට ගත්තේය.
එම කැමරාව ක්‍රියාත්මක කරමින් මොහු බස් රථය තුළ එහාට මෙහාට ඇවිදිමින් පෙම්වතාගේ හා පෙම්වතියගේ දසුන් වීඩියෝ ගතකළේය. ටික දුරක් යනවිට පෙම්වතාට යකා නැංගේය. ඔහු කැමරා ශිල්පියාට සැරෙන් කතා කළේය. පසුව කැමරාව උදුරා ගෙන බස්රථයේ කවුළුවෙන් එළියට විසි කළේය.
කැමරා ශිල්පියාගේ වීඩියෝ ගත කිරීමේ වැඩසටහන ඒ අනුව නිමාවට පත්විය. පසුව කැමරා ශිල්පියාට තමන් අතින් සිදුවුන අසාධාරණය ගැන සංවේදී වී අලුතෙන්ම කැමරාවක් පෙම්වතා විසින් ලබාදී ඇති බව ආරංචි විය.
(බිංගිරිය වික්ටර් සෝමවීර)
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
891
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බසයේ ලව් සීන් වීඩියෝ කළ කැමරාව කුඩු