IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බසය බදු ගත්තාට අපූරු පාඩමක්

එය ආසන  60 ඉක්ම වූ බස්රථයකි. ගමෙන් නගරයට ඇදෙන්නේ හිමිදිරියේය. සෑම බස් නැවතුම්පොළකින්ම හත්අට දෙනකු ගොඩවන අතර ඇතැමෙක් මෙහි අසුන් ‘සමාගම්’ වශයෙන් බෙදාගෙන සිටියහ. ඉදිරි අසුන්වල මෑතකදී දැන හඳුනාගත් ගැහැනුන් හා පිරිමින්ද  මැද අසුන්වල නව යොවුන් තරුණියන් ද පිටුපස අසුන්වල මේ සියලූ දෙනා මුසුවූ අට දෙනෙක් පමණ වූ කණ්ඩායමකින්ද සෑදී සිටියහ. සැමදා බස්රියේ යන්නන්  හැරුණු කොට අලූතින් ගොඩවන්නන්ට  ඔවුන්ගේ කිට්ටුවන්ත කමක් නොවීය. විවිධ වර්ණවලින් යුත් සාරිවලින් තරුණියන් සැරසී සිටි අතර තරුණයෝද ඊට ගැළපෙන වැදගත් කමක් ආරෝපණය කොටගෙන සිටියහ. බස්රථය ඉදිරි ප‍්‍රධාන නැවතුම් පොළකට ළඟා විය. පිරිසක් බැසීමට සිටි අතර මගීන් විශාල පිරිසක් බස්රථයට ගොඩවීමට ද සිටියේය. පිටුපස අසුනේ එක් අයකු නැගිට්ටේය. එම ස්ථානයෙහි වාඩිවීමට මැදිවියේ කාන්තාවක් සුදානම් වූවාය. නමුත් පසුපස කල්ලිය ඊට ඉඩ නොදුන්නේය. තරුණියන් පිරිස ඒ තැනට කල්ලියට ගැළපෙන තරුණයකු වාඩිකරවා ගත්තේය. සිද්ධිය දුටුවේ පසෙක වෙනත් අසුනක වාඩි වී සිටි  සරමක් බැනියමක් හැඳ සිටි මැදවියේ පුද්ගලයෙකි. සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි කාන්තාව දෙස ඔහු   ඕනෑ කමින් බැලූවේය. ”එන්න නෝනා මෙතැනින් වාඩිවෙන්න. මම දැනුයි දැක්කේ. නෝනාට පින් සිද්ධ වෙන්න මට දැන් ඇවිදින්න පුළුවන්. හිටගෙන ඉන්නත් පුළුවන්. නෝනා මොකද අද බසයේ.” ඔහු හුන් තැනින් නැගිට ආසනය දුන්නත් ඇය ඔහු නැවතත් වාඩි කරවූයේය. ”නෑ නෑ ඔයා වාඩි වෙන්න මට තව දුරයි නේ. අද  වාහනයේ  පොඩි ලෙඩක් වුණා. ඒ නිසයි බසයේ ආවේ.” බස්රථය ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ රෝහලක් අසල නැවැත්වීය. ඇය එතැනින් බැස ගියාය. ”ඔය ළමයි දන්නවාද? ඒ නෝනා මේ ඉස්පිරිතාලේ අහවල් වාට්ටුව භාර දොස්තර නෝනා. ඇය  හින්දයි මම අද දෙපයින් ඇවිදල යන්නේ.” වැඩිහිටියා එසේ කියද්දී පසුපස අසුනේ තරුණයෝ කිහිප දෙනෙක් ලජ්ජාවෙන් ඇඹුරුණහ.



අදහස් (0)

බසය බදු ගත්තාට අපූරු පාඩමක්

කෝලිත Thursday, 23 February 2012 08:31 PM

මිනිස්සුන්ගේ මනුස්සකම් ටිකටික අති වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site