IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


බසයේ නින්ද ගියාට අපූරු පාඩමක්

දකුණු පළාතේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකින් අලුත්ගම සංචාරක හෝටලයක රාජකාරියට පැමිණි තරුණ මගියකුට වූ අපූරු සිදුවීමකි මේ. අලුත්ගම නගරයේදී බසයෙන් බැසීමට නියමිතව සිටි මගියාට බසයෙන් බැසීමට නොහැකි වූයේ අලුයම සිට පැමිණි නිසා නින්ද යාම හේතුවෙනි.

නින්දෙන් අවදිවී කලබලයට පත් තරුණයා මේ වන විට අලුත්ගම නගරය පසුකර කිලෝමීටරයක් පමණ බසය ධාවනය වී ඇති නිසා රථයේ රියැදුරාට තමන් පත් වූ ඇබැද්ධිය පවසා ඇති අතර කොන්දොස්තරවරයා පවසා ඇත්තේ මේ බස් රථය අතරමග නවත්තන්නෙ නැති නිසා බේරුවල නගරයෙන් බසින ලෙසය. තම අදහස් අත නොහැරි තරුණයා රියැදුරා ළඟට ගොස් එම ඉල්ලීම කර ඇති අතර ඔහු පවසා ඇත්තේ මේක ඕන ඕන තැන්වල නවත්වන්න බෑ යනුවෙනි. පසුව තරුණ මගියා දෙස බැලූ රියැදුරා පවසා ඇත්තේ වේගය බාලවූ ස්ථානයකදී බසයෙන් පැන ගන්නා ලෙසය. මේ වන විට රාජකාරි ස්ථානයට විනාඩි කිහිපයක් ප්‍රමාද වූ මගියා මොරගල්ල ප්‍රදේශයේ පාසල අසල මගීන් මාරුවන ස්ථානයේදී බසය වේගය බාල වූ විට පැන ඇති අතර ඔහුට අනතුරක් සිදුවී නැත.

(අලුත්ගම විශේෂ තුසිත කුමාර ද සිල්වා) 



අදහස් (0)

බසයේ නින්ද ගියාට අපූරු පාඩමක්

ඉමේෂ් Wednesday, 01 February 2017 04:34 PM

එ්ක අතරමැද නවතින්නේ කව්රුහරි නගින්න හිටියොත් විතරයි. අනේ මෙහෙමත් පොදු ප්‍රවාහන සේවාවක්. සල්ලිත් ගන්නවනේ තව. සේවාවක් නෙමෙයි. පොදු ප්‍රවාහන ව්‍යාපාරයක්. (නි)

:       0       0

රාධා Friday, 03 February 2017 12:24 AM

පුද්ගලික බස් රථවල කොන්දොස්තරවරුන් නැහැනේ දැන්. ඉන්නේ කොණ්ඩය වවාගත් කරාබු දැමූ විලාසිතාකාරයන්. ඔවුන් බස් රථයට නගිනතුරු පමණයි කරුණාව. ඊටපස්සේ යමපල්ලන්ගේ කන්දොස්කිරියාව (නි)

:       0       0

හිමාල් Wednesday, 01 February 2017 05:36 PM

මේක මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අවදානයට දාමුද? නැත්නම් පොලිස්පතිතුමාට දාමුද? (නි)

:       0       0

අබය Wednesday, 01 February 2017 10:17 PM

මම නම් රියැදුරාට දෙකක් ඇනලා බස් එක නවත්වා ගන්නවා. (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 01 February 2017 11:30 PM

කිසිම හිතක් පපුවක් නැති කොන්දොස්තරවරයෙක් (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 02 February 2017 02:14 AM

නමුත් පාරේ සිට කෙනෙක් අත ඉස්සුවා නම් ඔය රියැදුරු හරි කොන්දොස්තර හරි අගේට බස් එක නවත්වනවා ඇත. (නි)

:       0       0

අජිත් Thursday, 02 February 2017 09:30 AM

ඔන්න පුද්ගලීකරණය කිරීමේ රග, තව ලංගම වහන්නයි කල්පනාව... (ර)

:       0       0

සුජීව Wednesday, 01 February 2017 11:31 AM

පව් මටත් ඔය වගේ සිදුවීම් වෙලා තියෙනවා. (ර)

:       0       0

රේඛා Thursday, 02 February 2017 06:36 PM

නැන්දම්මා වගේ තමයි ප්‍රයිවට් බස්කාරයිනුත්. ඇතුළට ගන්නකම් තමයි හැම කරුණාවක්ම. (නි)

:       0       0

රන්ජිත් Friday, 03 February 2017 02:40 PM

මේ රට හදන්න බැහැ කවදාවත් (නි)

:       0       0

දිමුත් Monday, 06 February 2017 10:21 AM

කවුරුහරි මග නගින්න හිටියානම් බස් එක අපූරුවට නවත්වයි. (බ)

:       0       0

වික්‍රම Monday, 06 February 2017 11:50 AM

මේක කොහොමද හොඳ පාඩමක් වෙන්නේ? මේක මහා අමනුස්ස වැඩක් ඩ්‍රයිවර්ගෙයි කොන්දොස්තරගෙයි! (බ)

:       0       0

ජනහිත Thursday, 02 February 2017 05:49 AM

මෙවැනි දේවල් අඩුම තරමින් දුර බැහැර රැකියාවල නියුතු හැම කෙනෙකුටම වගේ ජිවිතේ එක වතාවක් හරි වෙලා තියෙන්න පුළුවන්. ඒ වෙලාවට කෙනෙකුට කරන්න පුළුවන් උදවුවක් තියනවා නම් කිරීම මනුෂ්‍ය ගතියක්. හැබැයි මඟදී ගැහැණු ළමයෙක් අත ඉස්සුවා නම් කොන්දොස්තර උත්තමයා කෑගහලා කියයි, "මචන් මචන්, දාගෙන යමු" කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1502 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1337 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site