බසයක අමතක වී ගිය කේක් ගෙඩියක් කපාගෙන කෑ බස් රථ රියදුරු, කොන්දොස්තර ඇතුළු පිරිසකට කේක් ගෙඩියේ හිමිකාරියට වන්දි ගෙවන්නට සිදුවීමේ පුවතක් ගම්පහ බස්පොළෙන් වාර්තාවේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.
ප‍්‍රසිද්ධ නගරයක සිට ගම්පහ බලා දිවෙන බසයකට කේක් ගෙඩියක් අතින් ගත් කාන්තාවක ගොඩවූවාය.
බසය මගීන්ගෙන් පිරී පැවති බැවින් ඇය අසුනක වාඩි වී සිටි සිසුවියකට කේක් ගෙඩිය භාර දුන්නාය.
සිසුවිය කේක් ගෙඩිය සුරක්‍ෂිතව ගෙන ගිය අතර කේක් ගෙඩියේ හිමිකාරියට කේක් ගෙඩිය අමතක වී බසයෙන් බැස ගියාය.
සිසුවිය ගම්පහදී බසයෙන් බැසීමට සැරසී වටපිට බැලූවත් කේක් ගෙඩියේ හිමිකාරිය දක්නට නොවූයෙන් ඇය එය අසුන මත තබා බසයෙන් බැස්සේ වෙන කළයුතු දෙයක් නොවූ නිසාවෙනි.
බසය බස් ගාලට ගෙන ගොස් පරීක්‍ෂා කිරීමේදී රියැදුරු සහායක දෙදෙනාට කේක් ගෙඩිය හමුවිය.
හිමිකරුවකු නොවූ කේක්ගෙඩිය බස් රථ රියැදුරු හා කොන්දොස්තර මිතුරන් සමග එක් වී කපා රස බලන්නට සැරසෙද්දීම කාන්තාවක එතැනට පැමිණියාය.
‘‘අනේ මගෙ කේක් ගෙඩිය මේ බස් එකේ බැරිවෙලා ගියා. ඔයාල කපාගෙන කනව නේද? ඔයාල නම් හරි නරකයි. කේක් ගෙඩිය නම් මට ඕනෑ”
බස් රථ රියැදුරු කොන්දොස්තර දෙපළට කිසිත් කරකියා ගත නොහැකි විය. ඔවුහු කේක් ගෙඩියේ වටිනාකම ඇයට ගෙවා දමා කේක් ගෙඩියම මිතුරන් සමග බෙදා ගෙන කෑහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොදයි.,!(නු)
අයියෝ සල්ලි! (නි)
එයා කොහොමද කියන්නේ ඒක එයාගෙම කේක් ගෙඩිය කියලා? නම ගහලා තිබුණෙ නැහැනේ. (නි)
මේ කතාව ඇත්තක්ද ????????????????(ස)
ලංකාවේ බස් වල මොනවා නැති වුණත් ඔහොම තමයි. ගොඩක් අයට ඕන සල්ලි විතරයි. (ත)
මහන්සි වෙලා ඉන්න වෙලාවක ඔහොම දේකට වෙන මොනවා කරන්නද? (නි)
මේ වගේ දේවල් වලට දෙයියොත් සාක්කි කියනවද ? (නි)
කොහොම හරි ගොඩක් කාලෙකින් කේක් කෑවනේ (ස)
කරන්න දෙයක් නැහැ බසයේ බැරිවෙලා ගිය එකක්නෙ..!
අනුන්ගේ දේවල් ගන්න එපා කියල පන්සිල් පදවලින් උදේ හවස නිවෙස්වල සහ සමහර බස් රථවල උදේට පමණක් ඇසෙන වෙලාවල් අපි අනන්තවත් දැක තිබෙනවා. (නි)
මීට වඩා රසවත් දෙයක් තිබුණනම් තමයි හොඳ (ස)
වස දාලා කේක් එකක් ගෙනාවා නම්? අද එහෙනම් කාගේ කාගේ ගෙදරත් බූරුවා ගහනවා බලන්න තිබුණා. අනේ මෙහෙමත් බඩජාරි කමක්... (නි)
ෂෙරීෆ්, අද කාලේ සමාජය පිරිහිලා තියෙන්නෙ මිනිස්සු ආගමේ හරියාකාරව නොයෙදෙන නිසා. මිනිස්සු වැස්සකටවත් පන්සලකට යන්නේ නැහැ. මිනිසුන්ට පන්සිල් පදත් අමතක වෙලා. (නි)
රිය තුළ අතපසුවීමකින් දමාගිය කේක් ගෙඩිය කපා කෑ බව දැන දැනම එය යළිත් ඉල්ලීම සදාචාරාත්මක නැත. එසේම කේක් ගෙඩිය බසය තුළ අතපසුකර දමා යෑම කාන්තාවගේ වරදකි. අනික අයිතිකරුවෙකු නැතිව බසයේ දමාගිය යමක් වෙත් නම් අයිතිකරුවන් සොයා ඒවා ලැබෙන්නට සැළැස්වීම බස් රියේ රියදුරු හා කොන්දොස්තරයේ වගකීමකි. මෙහිදී ඔවුන් දෙදෙනා අදාළ දේ අයිති තැනැත්තියට ආපසු ලබාදීමට සැලකිය යුතු තරමේ වෑයමක් ගෙන නැත. සමහර විට මුදල් හෝ ස්වර්ණාභරණ වැනි යමක් වූවා නම් මේ තත්වය මීට වඩා වෙනස්වීමට ඉඩ තිබිණ. නමුත් ඒ අවස්ථාවේ කාන්තාවට කළ යුතුව තිබුනේ තමන් යළි ආ බව ප්‍රකාශ කර කේක් ගෙඩිය කෑවා නම් දැන් මොකක් කරන්නද කියා ඇයට වූ අලාභය සිදුවූයේ ඇගේ වරදින් නිසා එය විඳ දරා ගැනීමටයි. මේ අවස්ථාවේ හැටියට තමාගේ ලැජ්ජාව හා ආත්ම ගෞරවය බේරා ගැනීමට අදාළ කාන්තාවට කේක් ගෙඩියක් මිලදී ගෙන ලබා දීමට රියදුරු හා කොන්දොස්තර ක්‍රියා කිරීම පැසසිය යුතු ක්‍රියාවකි. (නි)
බස් අයිතිකරුට තමයි ඒකෙත් පාඩුව (ස)
අනුන්ගේ දේවල් ගන්නවට හොද වැඩේ (දී)
විනීතබවක් නැතිකමයි මේකට හේතුව. ලංකාවේ දැන් ඒක ඇත්තෙම නැහැ. (නි)
මම නම් කියන්නේ මේක හොඳයි (ස)
මාර කේක් ගෙඩියක්...රස කර කර කන්න ඇති (ස)
මේ වගේ දේවල්වලට දෙයියොත් සාක්කි කියනවද ? (ස)
සැක කටයුතු පාර්සලයක් වෙන්න තිබුණා . ඕක බෝම්බයක් වුණානම් කාට කියන්නද ? (ස)
කේක් ගෙඩියක් නිසා හොඳයි . ඕක බෝමබයක් උනානම් තමයි වැඩේ (ස)
අපේ මිනිස්සුන්ට දැන් අතීතය අමතක වෙලා. පරිස්සමත් දැන් ඈලියාවය ගිහින් (ස)
කේක් පාටියක් දැම්ම කියලා කට්ටිය එක්ක හිත හදා ගත්තනම් ඉවරනේ (ස)
කකා හිටපු දෙයක් ඉල්ලන එක මහ කැත වැඩක්. (නි)
කට්ටිය නිකන් රහත් වෙලා වගෙයිනේ අදහස් දාලා තියෙන්නේ. (නි)
පැයක්වත් බලන් ඉදලා එපැයි ඔය කේක් ගෙඩිය කපන් කන්න (ස)
ආපහු දෙන්න තිබුණේ සල්ලි නෙමෙයි, පාන් රාත්තල් දෙකක්. (නි)
මිනිසුනේ,අනුන්ගේ පාර්සල් නොගන්න. දැන් කාලේ විදියට ඕක ගංජා වුණා නම් මොකද කරන්නේ? (නි)
මාටියා ගහපු සල්ලි වලින් ගෙවලා දාන්න ඇති. (නි)
අදාළ තැනේ හැටියට ක්‍රියාකිරීම උගතුන්ගේ ලක්ෂණයකි. (නි)
එයාලට කියන්න තිබුණේ මේක ළමයෙක් දීලා ගියා කියලයි. ළමයාට කියන්න තිබුණේ අයිතිකාරයෙක් නැති නිසා මේක රියදුරුට දුන්නා කියලයි. (නි)
කමක් නැහැ. රියැදුරු එයාගේ යාලුවන්ට කොහොමහරි පාටියකුත් දාලනේ. (නි)
මෙහි වරද කේක් ගෙඩිය බසයේ දමා ගිය කාන්තාවගේය. අයිතිකරුවෙකු නැති කේක් ගෙඩියක් කෑවාට මොවුන් වන්දි ගෙවා ඇත. එය සදාචාරාත්මක ක්‍රියාවකි. (ස)
පසුගිය කාලෙනම් කේක් නෙමෙයි රත්තරං උනත් අල්ලන්නේ නැහැ.. බස්එකත් දාලයි දුවන්නේ..!(නු)