කොළඹ බලා ධාවනය වූ බසයකි. සෑම අසුනක්ම මගීන්ගෙන් පිරී තිබිණි. බසය බස් නැවතුමේ නැවැත් වූ විට ගැබිනි කාන්තාවක් ඇයගේ සැමියා සමඟ එයට ගොඩවූවාය. ආසනවල සිටි සමහරු ගැබිනි කාන්තාව දුටු විට නිදි කිරන්නටත්, තවත් සමහරු බසයෙන් පිටත බලන්නටත් වූහ.
තරුණියක් තම ජංගම දුරකතනයේ හෑන්ඞ්ස්ෆී (Hands Free) උපකරණය කන්දෙකෙහි රඳවාගෙන සංගීතයට සවන් දෙමින් සිටි අතර ගැබිනි කාන්තාව දුටු ඇය ද දෑස් පියා ගත්තාය. කිසිවකු අසුනක් නොදෙන බව පෙනී ගියෙන් මැදි වයසේ මහත්මයෙක් තම අසුන ගැබිනි මව වෙත දීමට කටයුතු කළේය. පසුව තම ගමන් බෑගය ද අතින් එල්ලාගත් ඔහු සිටගෙන ගමන් කරන්නට විය. පැය භාගයක් ගත විය. ගැබිනි කාන්තාව අසල වාඩි වී සිටි කාන්තාව අසුනින් නැඟිට බසයෙන් බැසීම සඳහා දොරටුව අසලට ගමන් කරන්නට වූවාය. ගැබිනි කාන්තාව වහා එම අසුනමත තම බෑගය තබාගත් අතර එතැනට අසුන පිරිනැමූ මගියා වාඩිවීමට පැමිණියත්, තම සැමියාට කතා කළ ඇය ”මෙතනට ඇවිත් වාඩි වෙන්න” යැයි පැවසුවාය. සැමියා එතැනට පැමිණි පසු අසුන දීමට ඇය කටයුතු කළාය.
දෙදෙනාම අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ප‍්‍රීතියෙන් ගමන් කරන්නට වූහ. ගැබිනි කාන්තාවට අසුන පිරිනැමූ මගියා තම බරැති ගමන් බෑගයත් අතේ රඳවාගෙන ඉතාමත් අපහසුවෙන් සිටගෙනම කොළඹට පැමිණියේය.
(ක‍්‍රිස්ටෝපර් සීපියන් - අනුරාධපුරය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් ඔය වැඩේ වෙලා තියනව කීප සැරයක්ම..මමනම් ඒව ගනන් ගන්නේ නෑ...හෙටත් අසුන ලබා දෙන්න මම සූදානම්..එයාලා කරන දේවල් එයාලාම අරන් යයි නේ. (ම)
ගැබිනි අය තමා ගැන විතරක් හිතන්නේ නැතිව අනික් මගීන් ගැනත් හිතලා, හැකි සෑම විටම බසයක් පටන් ගන්නා තැනකට ගොස් අසුනක් ලබාගෙන ගමන් කරනවා නම් එය කාට කාටත් හොඳයි. එක්තරා ගැබිනි කාන්තාවක් බසය පටන් ගන්නා තැනට ඇවිත් පෝලිමේ හිටියා. එයා නගින්න කලින් බසය මගීන්ගෙන් පිරුනා. මෙයා කලේ නැග්ගා බස් එකට. අනේ අර ඉඳගෙන යන්න හිතාගෙන සිට් අල්ලා ගත්තු එක් මගියෙකුට දෙන්න වුනා එතැනදිම. ඔහු ඉතාම අප්‍රසාදයෙන් බසයෙන් බැහැලා නැවත පෝලිමට එකතු වුනා. (ස)
ගෑනුත් එකයි මිනිස්සුත් එකයි .......රට අපායට යනවා දිනෙන් දිනම මම ලගදීම යනවා වෙනරටකට . මුනුත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද තව දුරටත් (ස)
මේ සිද්ධිය සම්පුර්ණ ඇත්ත මම ඕනෑතරම් දැකල තියෙනවා මේවගේ දේවල් ශීට් එකක් දුන්න කෙනාට අාපහු දෙනකෙනෙක් ඉන්නේ කලාතුරකින් තමන්ගන විතරයි හිතන්නේ උදව් කලකෙනා දිහා බලන්නෙත් නෑ මටත් ඔහොම වෙලා තියෙනවා...(ම)
අපි කතා කරන සදාචාරය එලියට පැනපු තව තැනක්. ලංකාවේ කිසිම දෙයක් හැදෙන්නේ නැහැ. (නදී)
ඔය ටිකම තමා මහින්දටත් වුනේ (බ)
බැන බැනම ඇයි සීට් දෙන්නේ. නොදී ඉන්න එතකොට වත් හරි යයි. ගැබිණි මවක් උනාම ටිකක් කලින් ඇවිත් බස් පටන් ගන්න තැනට ගිහින් සිට් එකක් ගනී එතකොට. වැඩේ කියන්නේ සිට් නොදුන්නම බනින ඒකනේ. මම නම් සිට් නොදුන්න අයට බනින්නෙ නෑ. තමන් පෝලිම් වල ඉඳලා නගින්නේ ඉඳගෙන යන්න නේ. (ස)
ඔන්න ඕක තමයි අසුනක් නොදෙන්නේ (නදී)
දොස් කියන්නත් බැහැ ඔය දේ සිද්ධ උනේ ඒ මනුස්සයාගේ පිහිටෙන් නිසා එයාටත් අමාරු ඇති හිටගෙන යන්න. 50 හට 50 කියන්නේ ඔය වගේ වැඩ වලට තමයි. මිට පස්සෙවත් ආසනය දෙන කොට අහන්න මහත්තයත් එක්කද අාවේ නැත්නම් කියන්න හිස් වුනාම මටම ඉදගන්න දෙන්න කියල. ප්‍රශ්නේ ගොඩින් බේරෙනවා. (බ)
පියල් අය්යාට මම කිවූ දේ පැහැදිලිවිම සතුටකි.(බ)
ලොකු දුව ලැබෙන්න ඉන්නකොට බස් එකකදී එක් කඩවසම් තරුණයෙක් මට අසුන දුන්නා. එයාට කකුලක අබාධයක් ඇති බව මාත් දැක්කේ එයා බස් එකෙන් බැහැල යන විටයි. (ස)
අම්මෝ අනන්තවත් ඔය දේවල් වලට මූනදීල තියෙනවා. සමාජය අමනුස්ස කමින් පිරිලා. මොනවා කරන්නද? (ස)
64 මායමෙන් එකක් දාලද මේ බවලතා මේ වැඩේ කරේ? (නදී)
ජෙහාන් මහත්මයාණෙනි, ධර්මය ඇතිවී තිබෙන්නේ මිනිසාගේ යහපතට බව මගේ වැටහීමයි. සියලුම ආගමික නායකයින් මිනිසුන්ය.මිනිසුන් වන අපි සැවොම,එම ආගමික නායකයින් දෙසනලද ධර්මය, අප නැණ පමණින් වටහාගනිමු. (නි)
මටත් තිබෙනවා මේ අත්දැකීම (නි)
අපෝ! මටත් ඔහොම දේවල් වෙලා තියෙනවා. මම නම් සීට් දෙන්නේ නැහැ දැන්. තව ඇවිදින්න පුළුවන් කකුල් දණහිස ළඟට ගෑවෙන ළමයි අරන් එනවා සීට් ගන්න. ඔවුන්ට දෙන්නෙත් නැහැ. මම සීට් දෙන්නේ වයසක උදවිය නැග්ගොත් සහ පුජ්‍ය පක්ෂය නැග්ගොත් විතරයි. (නි)
ඒක නිසා වෙන්න ඇති මෙවැනි අයට කවුරුවත් අසුන පරිත්‍යාග නොකර අහක බලාගන්නේ. (නි)
දකින විට පන්සලක් පිළිමයක් බෝධියක් හුනස්නෙන් නැගිටිමින් වදිනවා ...හදේ නැති භක්තියක් හිතපුරා පුරවාගෙන අඩවන්ව නෙත් බරව බලනවා .. ගැබිණි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටුකලක කවුළුවෙන් අනන්තය සොයනවා ...හිතේ නැති ප්‍රශ්නයක් හදපුර පුරවාගෙන අහස බිම ගැටලන්න හදනවා ....(ම)
දැන් කාලේ කාටවත් උදව් කරන්න බැහැ.කන්න දීපු අත හපාකන එක පුරුද්දට ගිහිල්ලා .(ම)
අනේ කාලේ වනේ වාසේ! (නි)
ගැබිණි මව්වරුන්ට ආසනයක් වෙන් කරලා තියෙන නිසා ඒ අසුන එයාගේ අයිතිවාසිකමකුත් වෙනවා නේද ? (නදී)
චිත්‍රා, අරුනිකා කියූ දේවල් හරි. ධර්මය හරියටම දැනගන්න. ඔබගේ පරිත්‍යාගය නිරවුල් සිතින් කරන්න. ඔබ ඒ වෙනුවෙන් නැවත පරිත්‍යාගයක් බලාපොරොත්තු වෙන්න එපා (නි)
තමන්ගේ බිරියට සීට් එක දීපු මිනිහට කෙලෙහිගුනයක් පෙන්වන්නේ නැතුව අනිත් සීට් එකේ ඉඳගෙන ගියාට...(අ)
මාතෘත්වයට මෙන්ම පීතෘත්වයටත් සමතැන (ම)
මම දවසක් ගැබිනි වගේ පෙනෙන කාන්තාවකට මගේ අසුන දුන්නා. ඇය බසයේ සිටි සියළුම දෙනාට ඇසෙන සේ මට බැනගෙන බැනගෙන ගියා. තියෙන වනචර කමට අසුන දෙනවා කාන්තාවක් දැක්කම කියලා. එදා පටන් අද වෙනකම් මම කවදාවත් කාන්තාවන්ට සිට් දෙන්නේ නැහැ. සමහර කාන්තාවෝ හිතන්නේ හැම පිරිමියම තමන්ගේ පස්සේ එනවා කියලයි.(නදී)
මටත් ඔය වැඩේම වුණා දුම්රියේදී. මම හික්කඩුවේ සිට කොටුවට එනතුරු හිටගෙන. මම මොකවත් කියන්න ගියේ නැහැ. මොකද ඔය මිනිසුන්ගේ ආකල්ප කොහොමත් ඔය වයසේදී හදන්න බැහැ. කරන්න තියෙන්නේ අපේ පොඩි පැටව් ටිකට හොඳ අධ්‍යාපන ක්‍රමයක් හදන එක. නැතුව මේ රට සංවර්ධනය කරන එක හීනයක් (නි)
සමහර කාන්තාවන් බැසයද්දී අසුන දුන් කෙනාට එය ලබාදෙන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා තමන්ට අසුන දුන් තැනැත්තාටම එම අසුන ලබාදෙන්නේ නම් ඉතා වටිනවා. (මට කිහිප වරක්ම මේ සිදුවීම වෙලා තියෙනවා) (නි)
මට හිතාගන්න බැහැ මේ මිනිස්සු මෙච්චරටම කළගුණ සළකන්න දැනගත්තේ කොහොමද කියලා.අර ඉපදෙන්න ඉන්න දරුවා ගැනවත් හිතන්න ඕනෑ මේ මිනිස්සු.ඒ වගේම ඔය ස්වාමි පුරුෂයා වුණත් බබෙක් නෙමෙයිනේ (නි)
බලනකොට දෙන්නම එකයි (නි)
සැමියාටවත් මොළයක් කියලා එකක් නැද්ද? (නි)
යමක් දුන්නට පසු ආයෙත් ඒ ගැන විමසන්න හොඳ නෑ. එය නියම දානයක්, කැපකිරීමක් වෙන්නේ එතකොට. (නදී)
පියල් , වැඩේ තියෙන්නේ අපි මේ පොල් පටවපු වගේ බස් වල එල්ලිලා උදේ හවස යන වැඩට ගමන් ධර්මය මෙනෙහි කරන්න හරිම අමාරුයි. අපහසුවෙන් ඉඳගත්ත තැනත් කිසිම මනුස්ස ගතියක් නොපෙන්වන අයිතිවාසිකම විතරක් ඔලුවට ගහපු ගැබිනියකට දෙන්න වුණොත් නම් ඔන්න එයාගේ මුතුන්මිත්තන් මෙනෙහි වෙනවා. (නි)
මමත් දෙවන පන්තියේ ටිකට් එකක් අරගෙන කොටුවේ ඉඳලා කඩුගන්නාවට හිටගෙන ගියා (නි)
සැමියාත් බිරියට දෙවැනි නැත (නි)
පියල් මහතා, මම ඔබේ අදහසට ගරුකරනවා. නමුත් මම නම් දැනට උපරිමයෙන් පංච ශීලය ඇරෙන්න වෙනත් ශීලයක් ගැන හිතන්නේ නැහැ. ඒ මොකද අද ලංකාවේ මඟී ජනයාගේ තිබෙන්නේ තමන්ගේ අයිතිවාසිකම මිසක් සිරිතක් විරිතක් ගැනවත් සිතන තත්වයක් නෙමෙයි. පෝළිම පැන ආසන ගැනීමේ සිට ආසනය පිරිනැමූ කෙනාට ස්තුතියි කියන්නවත් දිව නොනැමෙන සමාජයක්. (නි)
ගැහුණු බව මාතෘත්වය ඉස්සරහට දාලා අනුකම්පාව ගත්තාට අද බොහෝ කාන්තාවන්ගෙ වැඩ මහා අශීලාචාරයි. තොත්ත බබෙක් නෙමෙයිනේ තමන්ට සීට් එක දුන්න මනුස්සයාට ඒක නැවත දෙන්න ඕනෑ කියන එක නොතේරෙන. අද උසාවියකට ගියත් කාන්තාව බලන්නෙ ගැහැණුකම ඉස්සරහට දාලා අනුකම්පාව ගන්න. සමහරවිට අපි බැන්නට ස්වාමි පුරුෂයා හරි. (නි)
සීට් එක දුන් මහතාට තිබුනේ කාන්තාව කළ වැරදි වැඩේ ඒ වෙලාවේම පැහැදිලි කරලා දෙන්න. (නි)
නීතියක් චාරයක් නැති සමහර ගැහැණු නිසා සමස්ත කාන්තාවොම බැණුම් අහනවා. (නි)
දන් දෙන එකයි බලෙන් ගන්න එකයි දෙකක් අරුණිකා. හීනෙන් බයවෙලා වගේ අදහස් දක්වන්නේ නැතුව සම්පූර්ණයෙන් කියවලා බලලා අදහස් දක්වන්නකෝ කරුණාකරලා. (ස)
සමහරු ඔය වගේ දේවල් කරන නිසා තමයි මිනිස්සු බස් වල ආසන දෙන්නේ නැත්තේ. අඩුගානේ ලැබුන අසුනට ස්තුතියි කියන්න තරම් ආචාරශීලි කාන්තාවෝ ඉන්නවද අද කාලේ ? හරියට රජතුමා සිංහාසනේ වාඩිවෙනවා වගේ අසුන ලැබුන ගමන් ජබෝග් ගාලා වාඩිවෙනවා. අසුන දුන් කෙනාට මුහුණ බලලා ස්තුතියි තියා සිනාවකින්වත් සංග්‍රහ කරන්නේ නැහැ. සමහරවිට ඒ අසුන දුන්න කෙනා ගැබිණි නොවුණත් තමන්ටත් වැඩිය ශාරීරික අපහසුතාවකින් පෙළමින් ඒ අසුන දුන්නා වෙන්න පුළුවන්. ආසන දෙන්නේ නැහැ කියලා මිනිසුන්ට දොස් කිව්වාට අඩුගානේ මාතෘ සායන වලදීවත් ගැබිණි කතගේ ඇවතුම් පවතුම් සමාජ කටයුතු ගැන දැනුවත් කළයුතු වෙනවා. කුසේ ඉන්න දරුවා වුණත් ආචාරශීලි මවකගෙන් හුඟක් දේවල් මව්කුසේදි ඉගෙනගන්නවා. (නි)
අපි අමාරුවෙන් හරි බසය පටන්ගන්න තැනට ගිහින් නගිනවා අසුනක් ඕනෑ නිසා. සමහර කාන්තාවො ඕනෑකමින්ම මගින් නැඟලා තමන්ගේ අයිතිවාසිකමක් කියලා හිතාගෙන සිට් එක අරගෙන සැපට යනවා. අපි බෑග් මලු එල්ලාගෙන පැය ගානක් හිටගෙන යනවා. (නි)
අපේ රටේ වත්මන් බොහෝ ගැහැණු තමන්ගෙ අයිතිවාසිකම් විතරයි හිතන්නේ. ඒක නිසා තමයි දික්කසාද පවා වැඩිවෙලා තියෙන්නේ. හිතන්න එපා හැම තිස්සෙම කාන්තාව හරි කියලා. කරන්න ඕනෑ සෙල්ලම් ඔක්කොම දාලා අන්තිමේ සැමියගේ පිටට වරදත් පටවලා ලක්ෂ ගණන් වන්දිත් ගන්න අක්කලා තමයි වැඩිපුර ඉන්නේ. (නි)
මේවා ඇහුවහම අසුනක් දෙන්නම හිතෙන්නෙ නැහැ (නි)
අම්මා මෙහෙම නම් දරුවො හදාගන්නෙ කොහොමද? ඔය වගේ අය තමන්ගේ දරුවන්ටත් උගන්වන්නේ කොහොමහරි තමන්ගෙ වැඩේ කරගන්න විතරයි. රට පිරිහෙන එක අහන්නත් දෙයක්ද? (නි)
කතාවහරි.අපි දීලා සීට් එකේ අත හරිමු . එවිට බැඳීම සමග එන ප්‍රශ්න නැත. (ම)
මේක තමයි ඇත්ත හේතුව. මම නම් අසුන දෙන්නෙම නැහැ. දැන් මොකද දුර යනකොට පෝලිම් වල ඉඳලා අසුනක් අල්ලාගන්නේ? තමන්ගේ ගැබිනි බව ඇපයට තියන්න බලාගෙන මඟීන් බස් වලට නඟිනවා (නි)
අද සමාජයේ ගුණදහම් පිරිහිලා. ඒකට අද අධ්‍යාපන ක්‍රමයත් වගකිවයුතුයි කියලා හිතෙනවා. පොතපතේ දැනුම පමණක් ලබාදීලා මදි. යහගුණ ගැනත් ළමයින්ට කියාදිය යුතුයි. බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමුවිය යුතුයි. (නි)
දුර ගමන් බස් පෝලිම් වල ගැබිණි කතුන් පෝලිම පාස් කරගෙන ඇවිත් පවුල් පිටින් ඇවිල්ල පෝලිමේ මුලින්ම හිට ගන්නවා. ඊළඟට අර කාන්තාව ඉස්සර කරගෙන මුළු පවුලම බස් එකට නගිනවා. පෝලිමේ හිටිය මිනිස්සුන්ට සීට් නැහැ. අපිට මේ වැඩේ සිද්ධ වෙලා තිබෙනවා. (ම)
අනිත් එක තමයි බොහෝ බවලත්තු කිසිම අනුකම්පාවක් ඇති වෙන විදියට හැසිරෙන්නේ නැහැනේ. හිනාවක් මූනෙ ගෑවිලාවත් නැහැ. ස්තුතියි කියන වචනය දන්නෙ නැහැ. අයිතිවාසිකම් විතරනේ දන්නේ . ගුණයහපතක් කම් දන්නෙ නැහැ. දෙන්නම හිතෙන්නෙ නැහැ සිට් එකක්.(බ)
අපේ රට දැන් අන්තයටම පිරිහිලා. ගැහැණු පිරිමි, තරුණ තරුණියො කියලා වෙනසක් නැහැ.හැමෝම බලන්නේ තමන්ගෙ පහසුව වාසිය විතරයි. ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි හොඳ කෙනෙක් හම්බ වෙන්නේ. මේවා අහලා දැකලා හිත හදාගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (නි)
තමන්ගෙ වාසිය ලේසිය තමයි කවුරුත් බලන්නේ. හැදියාව බල්ලට ගිහින් තියෙන්නේ. මේ විතරක් නෙමෙයි දැන් අළුත් සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා පොඩි මෝටර් සයිකල් වල යන මැදිවියේ කාන්තාවන්ගේ. කිසිම චාරයක් නැහැ වාහන පදවන ආකාරය. මහා චන්ඩි අක්කලා කියලා හිතාගෙන තමයි වාහන පදවන්නේ. වැරැද්ද තමන්ගෙ වුනත් අසැබි වචනත් කියාගෙන තමයි බයිසිකලයෙන් බහින්නේ. (ස)
අද ඉන්න කාන්තාවෝ බොහොමයක් දන්නේ රුපලාවන්‍ය කරගන්නයි, ෂොපින් යන්නයි විතරයි. කිසිම දැනුමක් ලබන්න උත්සාහයක් නැහැ. හැදියාවක් නැහැ. කලිසමක් ඇඳගන්නවා. පාට ටිකක් තවර ගන්නවා. දවසෙම පාරෙ තමයි. (ස)
වැඩිය විස්තර ඕන නැහැ. ගර්භණි මාතාවට අයිති අසුන ඕනෑම බස් රථයක වම්පස දෙවන හෝ තෙවන අසුන් පේලියේ තියනවා .තමන්ට අසුනේ දිගටම වාඩිවී යාමට අවශ්‍යනම් ඒ අසුනේ වාඩි නොවී යන්න පුලුවන් හැබැයි ගැභිණි මවක් නැගපු ගමන් එම අසුනේ හිමිකරුවා අනිවාර්යෙන්ම අසුන එම මවට පිරිනමන්න ඕන.(බ)
කාන්තා සංවිධාන කියලා ටිකක් හදාගෙන එන්ජීඕ හරහා සල්ලි ගන්න කණ්ඩායම් තමයි මෙ විනය රටට කළේ. සැමියක් එක්ක රණ්ඩුවුණ ගමන් යනවා කාන්තා පිහිට සොයාගෙන. නිකන් නීතිඥ සහය දෙනවා. ඉතින් නඩත්තු නඩුයි. දික්කසාද නඩුයි උසාවි වල ගොඩගැහෙනවා. ඇත්තටම මේවා කාටවත් නොපෙනෙන සමාජ ප්‍රශ්න. අද ඉන්න කාන්තාවන්ගෙ ඉවසීම බින්දුවයි. (නි)
සීට් එක දෙද්දීම කිව්වා නම් හරිනේ, ආපහු මටම සීට් එක දෙන්න ඕනෑ කියලා (නි)
ආත්මාර්ථකාමි කම ප්‍රශ්න බොහොමයකට මුලයි. ගෙදරක වුනත් වැඩකරන ස්ථානයක වුනත් රටක වුනත් දියුණුව වලකන එකක් තමයි ඔය ආත්මාර්ථය කියන එක. (ස)
අනේ සමන්, මේ කාන්තාව තොත්ත බබෙක්නේ. තමන්ට අසුන දුන් මනුස්සයාට ආපසු එය දියයුතු බව නොතේරෙනවා නම් මන්දබුද්ධික කෙනෙක් වෙන්න ඕනෑ. (නි)
ඇය දකුණේ කාන්තාවක්ද දන්නෙ නැහැ (නි)
චේතන හරියටම හරි. සල්ලි තියෙන මිනිස්සු බැඳගත්තු කාන්තාවෝ දික්කසාද වෙන එක අද බිස්නස් එකක් කරගෙන තියෙන්නේ ලංකාවේ. හොඳට ප්ලෑන් කරලා කල් යල් බලලා නඩුවක් දානවා හත්මුතු පරම්පරාවම ගොඩයන්න තරම් වන්දියක් ඉල්ලලා. (නදී)
නැහැ ඉතින්, තමන්ගේ මනුස්සයට සළකන්න එපැයි. (නි)
දවසක් ආච්චි කෙනෙක් ගැබිණි මාතාවන්ගේ ආසනයේ වාඩි වෙලා හිටිය .ඔන්න ටික වෙලාවකින් ගැබිණි මාතාවක් බස් එකට නැග්ග. අාසන ඔක්කොම පිරිලා. ගැබිණි මාතාවට ආසනයක් නැහැ. කොන්දොස්තර ළමය ආච්චිට කිව්වා ආච්චියෙ ඔය ආසනය තියෙන්නේ ගැබිණි මාතාවන්ට ඒ නිසා සීට් එක දෙන්න කියල. මෙන්න ආච්චිට හොදටම කේන්ති ගිහින් කියනවා මටත් ළමයෙක් හම්බවෙන්න තමයි ඉන්නේ කියල . (ස)
ඔය සිද්ධිය ඔය විදියටම මටත් වුණා කල්පිටියට යනකොට (නි)
බහුතර වත්මන් කාන්තාවන්ගේ කාන්තා ලාලිත්‍යයක් ඇත්තේම නැහැ. කතාව හරි රළුයි. අහිංසකකම ගෑවිලාවත් නැහැ. වැඩ කිසිකමකට නැහැ. පිරිමි වගේ ඉන්නයි උත්සාහ කරන්නේ. හොස්ස ළඟින් මැස්ස යන්න බැහැ රණ්ඩුවටමයි එන්නේ. මේවා කියන්නේ තරහට නෙමෙයි වැරදි තියෙන අයට හදාගන්නයි. පිරිමියෙක් කැමති ගැහැනුකම තියෙන ගැහැණියකට මිසක් තවත් පිරිමියෙක් වගේ කෙනෙකුට නොවන බව කියන්නයි මට උවමනා. (නි)
මම ගිහිල්ලා තිබෙනවා මෙල්බර්න් නගරයට ඕස්ට්‍රේලියාවේ. එහෙ බස් කොච්චි ට්‍රෑම් වල වෙනම අසුනක් වෙන්කරලා තියනවා විශේෂ අවශ්‍යතා තියන අයට. ඒක එහෙම කෙනෙක් ආවහම දෙන්න ඕනෑ. නමුත් අනිත් සීට් දෙන්න ඕනෑ නැහැ එහෙම කෙනෙක් ආවට. හැබැයි අර වෙන්කළ අසුන දුන්නේ නැත්නම් දඩ ගහන්න පුළුවන් ලොකු ගානක්. (නි)
අපේ අම්මාත් බෙහෙත් ගන්න යන්නේ බස් එකේ. උදේ පාන්දර රෝහලට ගිහින් කකුල් කෙඩෙත්තුව හැදෙනතුරු බෙහෙත් පෝළිමේ ඉඳලා අරගෙන බස් එකට නැඟලා සිට් එකක් ලැබුනම ඒක ගැබිනි කෙනෙකුට දෙන්න කිව්වලු කොන්දොස්තර. (නි)
ගැබිනි කාන්තාවක් ඔය කාලයට කොහොමත් සතුටින් ඉන්න එපැයි. (බ)
එම සීට් එක ගැබිණි මව් වරුන්ට වෙන්කරපු එකක් වෙන්න ඇති ...එත් අර ඉදගත්ත ....ගැබ්බර මිනිසාට හිතන්න තිබුනා ...ආසනය පුදකරපු මිනිසා ගැනත් .... (අ)
අපේ රටේ සිදුවෙන දේවල් අනුව ඕව සුළු දේවල් (බ)
මේ නිසා තමයි මෙයාලට අසුනක් දෙන්න මිනිස්සු අකමැති (නි)
මිනිසුන් ඇයි මේ තරම් කුහක? දැන් ඉන්න හුඟක් මිනිසු ඔහොමයි. කෙළෙහිගුණ දන්නේ නැහැ. පුදුම ලෝකයක්. තමන් ගැන විතරක් හිතන කාලයක් මේක. තිරිසන් වෙලා.මිනිසා කියන වචනයේ තේරුමවත් නොදන්නා අය දැන් ඉන්නෙ (නි)
ගුණමකු ගැහැණියෙක් හා ඊටම ගැළපෙන සැමියෙක් නිසා මේ දෙන්නගේ පවුල් ප්‍රශ්න නම් ඇතිවෙන එකක් නැහැ. හොඳට කැපෙන ජෝඩුවක් වගෙයි. ඇයි දෙයියනේ සැමියට තිබුනනෙ ඒ ආසනය අර මඟියටම දෙන්න. (නි)
ඉතින් කොහොමද ළමයා හොඳට හැදෙන්නේ? (නි)
බිරියට හපන් සැමියා! (නි)
මටත් මේ දෙයම වෙලා තියනවා. කිලෝමීටර් 12 ක් හිටගෙන ගියා ආබාධිත වෙලා ඉන්න මම. කිලෝමීටර් 2 කින් ළඟ හිටපු කෙනා බැස්ස. අර ගෑනු කෙනා මනුස්සය වාඩි කරගත්ත මම දිහා බලන්නේවත් නැතුව. මමත් ඇවිදිනකොට තමයි මගේ අමාරුව පේන්නේ. එහෙම ඉඳගෙනත් නිරෝගී අය අහක බලා ඉඳිද්දී මම ඕන තරම් සීට් එක දීල තියනවා. (බ)
සමහර වෙලාවට ප්‍රශ්නයක් වෙන්නේ ගැබිනියට අමතරව එයා සමග යන උදවියත් බසයේ අසුනක්, වාඩිවී සිටි කට්ටියව නැගිටුවා හෝ බලාපොරොත්තුවීමයි. (නි)
සමහර ගැහැණු අය වඩාගන්න බැරි තරම් ලොකු ළමවයින්ව වඩාගන්නවා බස් එක ඈත එනවා පේනකොට. ළමයටත් පොඩිකාලේ ඉඳලම ක්‍රියාවෙන්ම පෙන්වනවා වංචා කරලා රවට්ටලා තමන්ගේ පහසුව සළසා ගන්නා හැටි. ඒවා අත්දැකලා ලොකු වෙන ළමයිනුත් කරන්නේ ඒකම තමයි. (නි)
දුප්පත් මිනිස්සු අහිංසකයි කියලා අපි හිතුවට ඒ අය දුප්පත් වෙලා උපදින්නත් හේතුව මේ වගේ කුඩුකේඩු ගතිගුණ නිසා බවයි මට නම් හිතෙන්නේ. (නදී)
අපේ ගමේ එක ළඟ මොන්ටිසෝරි දෙකක් තියෙනවා. ඒකේ ටිචර්ලා දෙන්නා රන්ඩු කරගන්න නිසා හැමදාම වගේ ඉන්නෙ පොලිසියේ. අපි දරුවො ගන්න ගියාම කතා කරන්නේ අනිත් ටීචරගෙ වැරදි. මම කළේ ඈත තියෙන මොන්ටිසෝරියට මගේ දරුවා දාපු එකයි. මට අපහසු වුනත් දරුවා පොඩි කාලේ ඉඳන්ම හැදෙන්න ඕනෙ හොඳ තැනක කියලයි මම හිතුවේ. (බ)
මේකෙන් වෙන්නේ දෙන අසුනත් නැති වෙන එක (දී)
කට්ටිය නොදැක්කට මහත්තයටත් බබෙක් හම්බ වෙන්න හිටියද දන්නේ නැනේ (බ)
අපේ යෙහෙලියක් දුව පන්ති එක්ක ගිහින් ගිහින් එනකොට එක ගැබිනියක් බස් එකේ අසුන දුන්නම බැන්නලු. උදේ ඉඳල වැඩට ගිහින් එතන මහන්සි වෙලා හවස ලමයවත් ඇදගෙන එළවලු මල්ලකුත් එල්ලාගෙන ආපු මේ කාන්තාව ටිකක් ඉතින් මුණේ නොසතුටු ගතියකින් තමයි අසුන දීල තියෙන්නේ. මෙන්න අර කාන්තාව කිව්වලු ඔයත් මේ ළමය හම්බු වෙන්න මෙහෙම බස් එකේ යන්න ඇතිනේ කියලා. අපේ යෙහෙළිය කියල, "ගියා තමයි එත් සිට් එක්ක දුන්න කෙනාට බැනලා ඒකේ වාඩි වුනේ නම් නැහැ" කියලා.(නදී)
ඒක නිසා වෙන්න ඇති මෙවැනි අයට කවුරුවත් අසුන පරිත්‍යාග නොකර අහක බලාගන්නේ. ජනතාව මෙලෙස කිරීමේ කිසිම වරදක් නැත. අද ගොඩක් දෙනා එන්නේ වැඩ කරන්නේ තමන්ගේ වාසියට. එ්ක නිසා අනාගතයේ අසාද්‍ය රෝගියෙකුටවත් ආසනයක් පිරි නොනමන තැනට ජනතාව පත්වනු නොඅනුමානය. (ස)
මෙය නිතරම සිදුවන දෙයක්. (දී)
කාන්තාවක් උන මමත් දැකල තියෙනවා මෙහෙම දේවල් . අඩුම තරමින් අසුන දීපු කෙනාට ස්තුති කරන පුරුද්දක් වත් අපේ ගැබිණි අම්මලා ලඟ නැහැ . (ම)
ඇත්තටම මම නම් දකින විදියට මේකට වගකියන්න ඕනේ ජේ ආර් උන්නැහේ. එතුමනේ කිව්වේ තමන්ගේ ආරක්ෂාව තමන් සපයාගත යුතුයි කියල. එතන තමයි මුල. (දී)
මටත් ඔය වැඩේ වෙලා තියනවා. කිසිම හැගීමක් නෑ අපි උදව්වක් කලාට. යනකොට ඔරවගෙනත් යන්නේ සමහරු. (ම)