
පලතුරු කඩය පිහිටියේ කොළඹට කිලෝ මීටර කිහිපයක දුරකිනි. කඬේ මුදලාලි සරම අඳින අයෙකු වූ අතර ඔහුගේ බිරිඳ රෙද්ද හැට්ට අඳින්නියකි. ඔවුනගේ පලතුරු කඩයේ සේවයට සිටියේ එක් සේවකයෙකි. මුදලාලිට අයියා ද හාමිනේට අක්කා ද යනුවෙන් ඇමතීම ඔහුගේ සිරිතය. පලතුරු කඩය දිනෙන් දින දියුණු වන්නට විය. මුදලාලි සරම අතහැර දිග කලිසම අඳින්නටත් බිරිඳ ටී ෂර්ටය සහ කෙටි සාය අඳින්නටත් පටන් ගත්හ. දිනක් මුදලාලි සේවකයාට කතාකර “අපේ කඬේ දැන් බිස්නස් හොඳයි. ලොකු ලොකු උදවියත් එනවා. දැන්නම් කොල්ලෝ අපිට අයියා අක්කා කියන්න එපා. මට සර් කියලා කතා කරපන්. නෝනට මැඩම් කියපන්.’ යැයි පැවසුවේ මුදලාලි බිරිඳත් ළඟ සිටියදීය. සේවකයා එකඟ විය. දිනක් මුදලාලිගේ බිරිඳට වැරදීමකින් අක්කේ යනුවෙන් ඇමතීම නිසා සේවකයාට අස්වීමට සිදුවිය. මුදලාලි දැන්වීමක් පුවත්පතක පළ කළේය.
පලතුරු කඬේ වැඩට තරුණයකු උවමනාය. කෑම බීම සමග ඉහළ වැටුප්. සම්මුඛ පරීක්ෂණයට පැමිණි අයෙකුගේ සහතික පරික්ෂා කළ මුදලාලි “ඔයාව තෝරා ගන්නවා. හැබැයි මට සර් කියලත්, නෝනට මැඩම් කියලත් කතා කරන්න ඕනේ.” යැයි කීය. “අයියෝ ඕක මොකක්ද. මම සර්ට ලොකු සර් කියන්නම්, මැඩම්ට ලොකු මැඩම් කියන්නම්කෝ.” නවක ගෝලයා ඇඟට පතට නොදැනී පැවසුවේ මුදලාලි සහ බිරිඳ සතුටින් බලා සිටියදීය.
ක්‍රිස්ටෝපර් සීපියන්
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බිස්නස් සරු කරන සර් මැඩම් මන්තරේ