IMG-LOGO

බාසුන්නැහේගේ අත් උදව්වට අනියම් බිරිය කැඳවාගෙන ඇවිත්

ඔහු ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ආගමික ස්ථානයක පැවති අඩුපාඩුවක්  දුටු හෙතෙම තම පෞද්ගලික ධනයෙන් එම කටයුත්ත ඉටුකර දීමට පොරොන්දු විය. ඒ සඳහා පෙදරේරුවකු කර්මිකයකු ඔහුට හමුවිය. අත්උදව් කරු තමා විසින්ම සොයාගන්නා බව ව්‍යාපාරිකයාට පැවසු අතර වැඩය පටන් ගත්තේය. ව්‍යාපාරිකයා වැඩ පරික්‍ෂා කර බැලීමට එම ස්ථානයට යනවිට බාසුන්නැහේ කඩියකු මෙන් වැඩපළ කරමින් සිටියේය.  බදාම අනාගැනීම පවා ඔහුම කරගත්තේය. ඒ අසල තරමක් හැඩ කාන්තාවක් සිටිනු දුටු මුදලාලි ”කෝ බාසුන්නැහේ. ඔහේගේ ගෝලයා..”? යි  ඇසීය. ඔහුද ”අර  ඉන්නේ එයා තමයි” කියා කාන්තාවක් පෙන්නුවේය. එවිට ඇය ඔමරි පාමින් මුදාලාලිට සිනාසුණාය. ගෝලයා වැඩකළ යුතු වුවද එහි සිදුවුණේ බාසුන්නැහේම අනාගන්නා බදාම ටික ඇය ළඟට ගෙනැවිත් දීම පමණකි. මේ අතර තව දිනක වැඩ පරික්‍ෂා කිරීමට මුදලාලි එහි යනවිට ”එම කාන්තාව” අතරමගදී මුණ ගැසිණි. මුදලාලි  ඇයගෙන් ඒ ගැන විමසද්දී  තම වැඩ කොටස් නිමකළ බැවින් නිවසට යන බව කීවාය. මුදලාලි වැඩපොළට ගොස් ”කෝ බාස්සුන්නැහේ ගෝලයා” විමසනවිට වතුර ටිකක් බීලා එන්නට ගිය බව පෙදරේරුවා කීය. මෙතන පයිප්පයක් තියෙද්දී අහවල් දේකටද වෙන කොහේවත් වතුර බොන්න යන්නේ?  යැයි මුදලාලි ප‍්‍රශ්න කරනවිට බාසුන්නැහේ කට උත්තර  නැතිව කඩියකු මෙන් යළි  වැඩෙහි නිරතවෙමින් මෙසේ කීය. ”මුදලාලි මම එයාගේ වැඩ ටිකත් කරනවානේ.? කීය”. ”එතකොට මම එක මිනිහට  විසි දෙකක් ගෙවන එකේ තේරුමක් නැහැනේ”  මුදලාලි  කීය. ”නෑ.. මුදලාලි මම එයත් එක්ක පොඩි සම්බන්ධයක් තියෙනවා” එවිට පෙදරේරුවා කීය. ඔය බළලා එළියට පැන්නේ.! එහෙම කියන්න එපායැ. කී  මුදලාලි එතැනින් නික්ම  යද්දී පෙදරේරුවා පිංසෙන්ඩුවෙමින් රහස කිසිවකුට හෝ  එළි නොකරන ලෙස බැගෑපැත් වූයේ තමා වෙනත් කාන්තාවක සමග විවාහවී සිටින බවද පවසමිනි. එහෙත් දැන් අත්උදව්වට අනියම් බිරිය ගෝලයකු ලෙස යොදාගත් පුවත හෙළිවෙමින් පවතී.



අදහස් (0)

බාසුන්නැහේගේ අත් උදව්වට අනියම් බිරිය කැඳවාගෙන ඇවිත්

ප්‍රවීන් - මැනිලා Monday, 13 August 2012 09:45 AM

ඔහොම යන්කෝ. (නි)

:       0       0

ගයා Thursday, 16 August 2012 08:27 AM

අපරාදේ මේ ඉඩ ටික. (නි)

:       0       0

හසන්ති Monday, 13 August 2012 04:19 PM

අපිට මොකද අනේ

:       0       0

සුරාජ් මධුසංක Monday, 13 August 2012 10:53 AM

පිස්සු විකාර (වි)

:       0       0

ප්‍රියදර්සන Monday, 13 August 2012 12:00 PM

මේ බාසෙක් නෙමේ ගෙම්බෙක් (දී)

:       0       0

ලලිත් Tuesday, 14 August 2012 07:30 AM

මොකක්ද මේ? කිසිම රසයක් නැහැනේ. (නි)

:       0       0

දිල් Monday, 13 August 2012 12:20 PM

මල සමයන් (දී)

:       0       0

ටෝනි Saturday, 22 September 2012 07:07 AM

මුස්ලිම් වෙන්න. ලංකාවේ මුස්ලිම් අයට බහු භාර්යා සේවනය නීත්‍යානූකූලයි. (නි)

:       0       0

වනසිංහ Tuesday, 14 August 2012 07:52 AM

අද කාලේ ගෑණුද හරි? නැත්නම් පිරිමිද? (නි)

:       0       0

විජය Tuesday, 14 August 2012 07:54 AM

බාස් උන්නැහේ කියපු කතාව ඇත්ත. ඇය අත් උදව්වක් කරන කතාවත් ඇත්ත. නැත්නම් බාස් උන්නැහේම තනියෙන් වැඩ කර ගන්න එපැයි . (නි)

:       0       0

ජනක Tuesday, 14 August 2012 10:29 PM

දෙයියෝ සාක්කි! (නි)

:       0       0

වරුණ Monday, 13 August 2012 12:37 PM

මේකට දෙයියෝ සාක්කි කියයිද? (නි)

:       0       0

සේනක Monday, 13 August 2012 06:31 PM

මේයා බාස්කෙනෙක් නෙමෙ . (අ)

:       0       0

වජී Tuesday, 14 August 2012 08:53 AM

මම නම් මේක අනුමත කරන්නේ නැහැ හොදේ. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 13 August 2012 12:55 PM

මුදලාලිටත් හොද වාසිය.

:       0       0

සුරංග Monday, 13 August 2012 07:18 PM

අද කාලේ දෙන්නෙක් බලාගන්නවා කියන එක ලෙහෙසි නැහැ. (අ)

:       0       0

යටියන ගුණේ Tuesday, 14 August 2012 09:26 AM

බාස් වැඩේ ගැහැණුකෙනාට දීලා මෙයා ගෝලයා උනානම් හරි..!!(නු)

:       0       0

දයා Monday, 13 August 2012 01:17 PM

පුදුම මිනිහෙක්නේ. ගැහැණු කට්ටියට පුලුවන්ද අත් උදව් දෙන්න (දී)

:       0       0

ජිවා Wednesday, 15 August 2012 01:14 PM

හාපෝ. කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

අරුණ Monday, 13 August 2012 07:50 PM

මේවගේ ප්‍රවෘත්ති දාන්න එපා. (අ)

:       0       0

ලියනගේ Tuesday, 14 August 2012 10:23 AM

අනේ ඇත්තට, මෙයාලත් හොයා ගන්න කතා? (නි)

:       0       0

නාවලගේ ජූඩ් යොහාන් Monday, 13 August 2012 02:06 PM

අනේ වාසනාවන් (දී)

:       0       0

බාලසුරිය Monday, 13 August 2012 02:11 PM

ඔන්න ආදර්ශයට ගන්නවානම් වැඩේ. ගැහැණු පෙදරේරුවන්ට හොද අවස්ථාවක් (දී)

:       0       0

සමන්ත Monday, 13 August 2012 08:57 PM

කිසිම වැඩක් නැති ප්‍රවෘත්තියක් ලියපු කෙනාට වැඩකුත් නෑ. (අ)

:       0       0

මනෝජ් Wednesday, 15 August 2012 08:05 AM

තවත් ගෝලයෙක් වුවමනා කර තිබේ. (නි)

:       0       0

කවීෂා Monday, 13 August 2012 02:43 PM

අනේ කලේ වනේ වසේ (දී)

:       0       0

සජී Monday, 13 August 2012 03:01 PM

අනේ අපොයි මෙහෙමත් කෝලන් ඇත්තට (දී)

:       0       0

කුරේ නාවලගේ Monday, 13 August 2012 10:20 PM

'මේසන් බාසුන්නැහැලාට නුපුහුණු කාන්තා අත් උදවුකාරියන් වුවමනා කර තිබේ.' (නි)

:       0       0

හේමචන්ද්‍ර Monday, 13 August 2012 10:39 PM

මිල මුදල් තියෙන අයට බිරින්ඳෑවරු යන එන හැම තැනම.මගේ කාර්මිකයා කර ඇත්තේ ඇය තරණ නිසා දිවා කාලයත් ප්‍රවේසම් කිරිම නොවේද? (ස)

:       0       0

අමිල Monday, 13 August 2012 11:12 PM

අන්න නියමයි

:       0       0

කුමාර Monday, 13 August 2012 03:48 PM

මේවා වගේ වටිනාකමක් නැති පුවත් දාන්න එපා, ලංකාදීප වටිනාකම නැතිවෙනවා.මේවා පලකෙරීමෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site