(කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය)
උතුරු මැද පළාතේ පිටිසරබද ගමක පිරිසක් කොළඹට පැමිණ ගොඩනැගිලි ඉදිකිරීම් වැඩබිමක සේවය කළහ. පිරිස අතර සිටි අමරදාස, කපිල බාස් උන්නැහේගේ අත්උදව්කරුවා ය. ඔහු කුකුල් කේන්ති කාරයකු මෙන්ම මෝඩ පහේ ගැමියෙකි. කපිල බාස් ඇතුළු පිරිස තේ වෙලාවේදී නොයෙකුත් විහිලු තහලු කර ගනිති. එහෙත්, අමරදාස කිසි විටෙක එම අල්ලාප සල්ලාපවලට එකතු වූයේ නැත. එදින කපිල බාස් ඔහු දුටු සිහිනයක් විස්තර කළේය.

“මම ඊයේ රෑ මරු හීනයක් දැක්කනේ. අපේ ගමේ වැව පිරිලා වාං දමනවා. අමරෙ අයියගෙ නෝනා, කමනි නංගි දිය රෙද්ද ඇඳගෙන මාත් එක්ක හරි හරියට නෙලුම් මල් කැඩුවා ගෝනියක්. මේ ඇත්තමයි. අම්මපල්ලා. ෂහ්! නියම හීනේ බං.”
එවිට සියල්ලෝම හඬනගා සිනාසෙමින් අමරදාස දෙස බැලූහ. ඔහු තරහින් බිම බලාගෙන සිටියේය.
තේ වෙලාවෙන් පසු පිරිස යළි වැඩ පටන් ගත්හ. පසුව කෑම වේලාවට යළි එකතු වූ පිරිසට අමරදාස දැක ගැනීමට නොහැකි විය.
පසුදා උදෑසන කපිල බාස් අමරදාසගේ අල්ලපු ගෙදර සිටින දිසා මල්ලීට දුරකතනයෙන් කතාකර අමරදාස ගෙදර ආවාදැයි ඇසීය. එවිට දිසා මල්ලී දුන්නේ අපූරු පිළිතුරකි.
“අමරෙ මාමා පාන්දර ගෙදර ආවාලු. ආව ගමන්ම ගෑනිගෙ කෙස් වැටියෙන් අල්ලාගෙන, “උඹ මොකටද අර කපිල බාසට හීනෙන් පෙනුනේ. ඒ මදිවට දිය රෙද්දකුත් ඇඳගෙන විලි සංගේ නැතුව කතා කර කර මලුත් කඩලා. මං අහන්නේ උඹ මොකටද ඌට හීනෙන් පෙනුනේ” යැයි අසමින් බිරිඳට ඉදිමෙනතුරු ගුටි පූජාවක් දුන් බව දිසා මල්ලීගෙන් දැනගැනීමට හැකිවිය.
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
බාස්ට හීනෙන් පෙනුනාට ගෝලයා බිරියට ඉදිමෙන්න ගහලා
Saman Sunday, 09 February 2020 07:54 AM
හිනාවෙන්න දෙයක් නෙවෙයි නේද මේ?