IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බස් රියේ වැලන්ටයින් පෙම බීඩියකින් බ්‍රේක්වෙලා

රජ්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන 
තරුණයකු වැලන්ටයින්දා ඉතා අමාරුවෙන් යාළුකරගත් තරුණියක බීඩියක් නිසා අහිමි වූ අපූරු පුවතක් දකුණේ පිටිසරබද ප්‍රදේශයකින් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
දකුණු පළාතේ හද්දා පිටිසර ගමක විසූ ඔහු කඩවසම් තරුණයෙකි. තමාට පෙම්වතියක නොමැතිවීම ගැන ඔහු කනස්සල්ලෙන් පසුවිය.
එතරම් අධ්‍යාපනයක් නොලැබූ ඔහු කුලියක් මලියක් කරගෙන ගමේ අහිංසක ලෙස ජීවත් වූ අතර ගමේ ළඳුන් කිහිප දෙනකුටම යෝජනා දැම්මත් මොහුගේ කයිවාරුවෙන් හා මෝඩකමින් අඩුවක් නොවූ බැවින් ගමේ කිසිදු තරුණියක් මොහුට කැමැත්ත ප්‍රකාශ නොකළාය. ඔහු මත්පැන් පානය නොකළ ද දුම්පානයට ඇබ්බැහි වූ අයෙකි.
පසුගිය වැලන්ටයින්දා ගමේ කඩේ මුදලාලි කිසියම් කටයුත්තක් සඳහා කොළඹ යාමට ඔහුට කතා කළේ තනිවම යාමට තිබූ කම්මැලිකම නිසාය. මෙම තරුණයාද ඊට එක පයින් කැමැති වූයේ මෑතකදී කොළඹ නොගිය බැවිනි. ගමනට ඉතාම කැමැත්තෙන් සිටි ඔහු ඊ‍ට සූදානම් වූයේ පෙර දින සිටමය.
ජැන්ඩියට හැඳ පැළඳ ගත් ඔහු උදේ පාන්දරම මුදලාලිද සමග කොළඹ බලා යාමට බස් රථයට ගොඩ වූයේ මහත් සතුටිනි.


බස් රථයේ එතරම් මගීන් පිරිසක් නොසිටි අතර අතරමගදී නාඹර වියේ තරුණියක බස් රථයට නැග මුකුලු‍ පාමින් ඔහු සිටි අසුනට බර වූයෙන් ඔහුගේ සතුට නිම්හිම් නැති විය.
 ටික දුරක් යන විට තරුණිය සමග මිත්‍ර වී තොරතුරු පවා හුවමාරු කරගත් අතර එම තරුණිය ඇඟළුම් කම්හල් සේවිකාවක බවත් ඇය අවිවාහක බවත් කීවාය.
ඇයට ඔහු පැවැසුවේ ගමේ කඩයක් පවත්වාගෙන යන බවත් ඒ සඳහා අවශ්‍ය බඩු මුට්ටු ටිකක් ඕඩර් කිරීමට කොළඹ යන බවත්ය. වැලන්ටයින් දිනයදා ලැබුණු මේ තෑග්ග පිළිබඳ මෙම තරුණයා මහත් සේ සතුටට පත්විය.
 පසුව අතරමගදී බස් රථය තේ පානය සඳහා නතර කළ අතර සිසිල් බීම රස කැවිලි ඇතුළු කෑම බීමවලින් ඇයට සංග්‍රහ කිරීමට ද අත දිග හැර වියදම් කළේය.
මෙසේ පෙම්වතුන් සේ හැසිරී තරුණිය බස් රියෙන් බැසීමට ආසන්න වෙද්දී මොහුගෙන් ලිපිනය හා දුරකථන අංකය ඉල්ලා සිටියේ උතුරා යන ප්‍රේමයෙන් මුසපත් වෙමිනි. ඇගේ ඉල්ලීම ඉටු කිරීමට කඩිමුඩියේ සාක්කුවේ තිබූ ලියුම් කවරය එළියට ගන්නාවිටම කවරයේ තිබූ බීඩියක් මෙම තරුණියගේ උකුල මතට වැටිණ.
තරුණයාට හීන් දාඩිය වැටුණු අතර තරුණිය ද මහත් කලකිරීමෙන් ඔහු දෙස බැලු‍වේ ඔයා බීඩි උරනවාදැයි අසන්නාක් මෙනි.
සියල්ල කනපිට පෙරළී තරුණියගේ මුහුණ අඳුරු විය. එතැන් සිට වචනයක් හෝ කතා නොකළ තරුණිය මොරටුවෙන් බැස ගියේ මම යන්නම් අයියේ යැයි පවසමිනි. වැලන්ටයින්දා ඇති වූ මෙම ප්‍රේමය ලත් කැනම ලොප් වූ බීඩියට දොස් කියමින් ගමට ගියේ දිවි එපා වූවකු ලෙසිනි.
 ගමට පැමිණි ඔහු මිතුරන්ටද මෙම තොරතුරු පැවැසුවේ මහත් කනස්සල්ලෙනි. සිද්ධියට ඔහු කොතරම් කම්පාවට පත්වූයේ ද කියතොත් එදින සිට දුම්බීම අත්හැර දැමීමට ද තීරණය කළේය. එසේ වුවත් ඔහුගේ මිතුරන් බොමුද බීඩියක් යැයි පවසන විට නහුතයටම යකා නගිනවාලු‍.



අදහස් (0)

බස් රියේ වැලන්ටයින් පෙම බීඩියකින් බ්‍රේක්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site