කොළඹ සිට තංගල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී බස් රථයක් වෙරළබඩ ආපන ශාලාවක නවතා යළි ගමන් අරඹත්ම එහි වූ මගියකු කෑ ගැසුවේ තම ආසනය අසල වූ මගියකු පැමිණ නැති බවය. ඔහු තංගල්ල දක්වාම ටිකට් ගත් අයකු බවද කියැවිණි.
රියැදුරා නැවත වහා බසය පාර අයිනේ නවතා කොන්දොස්තර ආපන ශාලාව වෙත යැවුවේ මගියා ගැන තොරතුරක් සෙවීමටය.
ඔහු එහි යනවිට එම මගියාත් ආපනශාලා හිමිකරුත් අතර ගැටුමක් නිර්මාණය වී ඇති බව පෙනිණ.
“අන්තිම මොහොතේ දාහෙ කොළේ දීල කලබලේට මාරු කරගන්න හැදුවම මම මේක හිතුවා.” මහ හඬින් කී ආපනශාලා හිමිකරු “මෙයා හොර දාහෙ කොළයක් මාරු කරන්න ආවා. මම පොලිසියට කෝල් කළා. මහත්තයල යන්න.” කොන්දොස්තරට කීවේ ස්ථීර හඬිනි.
මේ සඳහා මගියාගේ කැමැත්ත ගෙන ඔහු ආපසු දිව විත් මේ ගැන රියැදුරුට සහ මගීන්ට කී විට එක් මගියකු කීවේ ඔහු බස්රථයට දී ඇති මුදල ද පරීක්ෂා කරන ලෙසට ය. වහා තම මුදල් පරීක්ෂා කළ කොස්දොස්තරට තරු පෙනුණේ හොර රුපියල් දහසේ කොළයක් එහි ද ඇති බව හැඟුණ හෙයිනි.
(තිහගොඩ උපසේන ලියනගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 5000 කොළ මිටියක්ම පසුගිය කාලේ ප්‍රසිද්ධ කාන්තාවක් බැංකුවට දාල අහුවුණාලු නේද? මොකද වුණේ? (නි)
අභය, පුත්තලම තියෙන්නේ ලංකාවේ බව ඇත්ත. එ්ත් පුත්තලම ප්‍රසිද්ධ මොනවාටද කියලා අමතක වුණාද ඔයාට? (නි)
පිටබැද්දර ජයා, ඒවාට ඉතින් නිසි දඬුවම් දීමට ක්‍රියානොකළ එක පසුගිය රජයේම වැරදි තමයි. (නි)
ජයරත්නගේ ගම් පළාත කොහෙද? පුත්තලම පැත්තේද? අැයි දැන් මේ යහපාලනය අාවේ ඕවා අල්ලන්න නේද? කලින් ආණ්ඩුව හොඳ නැති හින්දනේ මේගොල්ලෝ අාවේ. එහෙම නැතුව කලින් කරපුවා කියලා ඇඟ බේරගන්න නෙමෙයිනේ. ජයරත්නල වගේ අය ඉන්නකම් ඉතින් ලංකාවේ දේශපාලකයන්ට රජ මඟුල් (නි)
ආ! ඔය අර සිල්ලර කාසි ටෙලිනාට්‍ය බලපු කෙනෙක් වෙන්න ඇති (නි)
මහේෂ්, පුත්තලම තියෙන්නෙත් ලංකාවේ. ඔයා ඉන්නෙත් ලංකාවේ.ඔයා පුත්තලම වගේ ගම් වලට කැමති නැත්නම් මේ රටින් පිට ගිහින් ජීවත්වෙන්න. ඒ පුත්තලම මේ රටින් පිටකරන්න බැරි නිසා.මේ පුංචි රටේ කොතනත් සමාන විදියට හිතන්න පුරුදු වෙන්න. (නි)
මේ කොලේ ගහල තියෙන්නේ පහුගිය අාණ්ඩුවෙන්ද ඔක්කොම පහුගිය රජයට දාන්නේ ඇයි දාහේ කොලේ ගහල තියෙන්නේ මේ ආණ්ඩුව කාලේ (බ)
අභයට පුත්තලම ගැන මතක් කරනකොට තද වෙන්නෙ මොකද හැබැටම. මහේෂ් කිව්වේ ඔයාල අකමැති වුනාට අද පාලකයෝ රටකරවන විදිය තමයි. (බ)
පුදුම හොරුනේ දැන් කාලේ ඉන්නේ (නි)
පිටබැද්දර ජයා,මේ ගැන මොකුත් නොකියා හෙමිහිට ලිස්සලා ගිහින්. මම නම් කියන්නේ කොන්දොස්තර මහත්වරුන්ටත් අර හොර සල්ලි හඳුනාගන්නා උපකරණයක් දියයුතුයි. (නි)
බොරුවට ආයුෂ කෙටියි (නි)
මහේෂ්, මෝඩකම තිබුනට ඒවා ඔප්පු කරන්න හදන්න එපා. (නි)
ජයරත්න හරි.(හේ)
උදය පුත්තලම ප්‍රසිද්ධ බුරුවන්ට නමුත් අපේම කකුල් දෙකේ බුරුවන් මේ සත්තු මරන් කාල දැන් බොහොම අල්පයක් තමයි ඉතුරු වෙලා ඉන්නේ (බ)
කවුරුහරි හොරෙක්, වංචාකාරයෙක් රුපියල් දාහේ හොර නෝට්ටු බෙදාහැරියත්, ඒකට බනින්නෙත් යහපාලන රජයට. මෙහෙමත් රටක්. මෙහෙම මිනිස්සු අල්ලලා යවන්න ඕනෑ නාසා ආයතනය සොයාගත් ආලෝක වර්ෂ 4.2ක් දුරින් තියෙන අලුත් ග්‍රහලෝකයටම තමා (නි)