බස් නැවතුම්පලේදී හමුවූ හදිසි ප්‍රේමවන්තයකු නිසා තමන් පැළඳ සිටි රන් අබරණ මෙන්ම මුදල් පසුම්බියද අහිමි කරගත් මැදිවියේ කාන්තාවක පසුගියදා කුරුණෑගලදී දැකගත හැකි විය.
කොළඹ කොටුවෙන් අනුරාධපුරය බලා ගමන් ආරම්භ කළ බස් රථයේ පිටුපස අසුනට බර වූ මැදිවියේ යුවළකි. කාන්තාව අත කර රනින් සැරසී සිටියාය.
මේ යුවළ කතාබහ කරමින්, විනෝදයෙන් කල්ගත කරනු දුටු සෙසු මගීන් සිතුවේ විවාහක යුවළක් හෝ පෙම්යුවළක් බවය.
සිනහවෙන් කතාවෙන් පසුවූ යුවළ ආහාරපාන ගනිමින් සිටිනු ද දක්නට ලැබිණි. බිස්කට් කා බීම බෝතලයක රස බැලූ කාන්තාව පිරිමියාගේ උරට හේත්තු වී නින්දට වැටුණේ බසය වරකාපොළ නගරයට ළංවෙද්දීය.
කුරුණෑගලදී පිරිමියා බසයෙන් බැස ගියත් කාන්තාව ආසනයට හේත්තුවී නින්දේ සිටියාය. ටික වේලාවකින් නින්දෙන් ඇහැරුණු ඇය කළබලයට පත්ව තමන් පැළඳ සිටි පවුම් දෙකක රන් දම්වැල, වළලු ජෝඩුව හා මුදල් පසුම්බිය නැති බව පැවසුවාය.
ඔයාගේ මහත්තයා කෝ මගියෙක් ඇගෙන් විමසද්දී නැහැ එයා හමුවුණේ කොළඹදී ඇය පැවැසුවාය.
සිදුවූ සියල්ල සියලුදෙනා තේරුම් ගත්තත් මත්බවින් පෙලුණු කාන්තාව යළිත් නින්දට වැටී සිටිද්දී බසය යළි අනුරාධපුරය බලා ගමන් ආරම්භ කරනු ලැබුයේ වෙනින් කළ හැකි දෙයක් නැති නිසාය.
(වැල්ලව ශිවා බණ්ඩාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණුගේ හැටහතර මායම් ඔක්කොම යටයි මිනිහෙක්ගේ එක බැල්මට. ඉතින් ගැහැණු අහුවෙනවා ඕනෑම හොරෙකුට. අනුකම්පා කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද මේ අසරණ ගැහැණියට? (නි)
පිටබැද්දර ජයා, ඊට ටිකක් එහායින් කියන්නේ පොඩි දුරයිනෙ.... ගිහිල්ල බලල ඇවිල්ල විස්තර ටිකක් ලියන්න. (ර)
පිටබැද්දර කිවුවට පිටබැද්දරම නොවෙයි අකිල මහත්තයෝ, ඊට ටිකක් එහායින් (නි)
\"පිටබැද්දරත් හෙණ ගහන අපරාධයක්\" කියල නිව්ස් එකක් තියෙනවා පිටබැද්දර ජයා මහත්තය දැක්කේම නැද්ද? තමන්ගේ පැත්තේ වෙන දේවල් වලට මුකුත්ම කියන්නේ නැතුව දෙයියෝ සාක්කි වලට පිළිතුරු දෙන්න යනවා මහා ලොකුවට. (අ)
අනේ මන්දා මෙහෙමත් මෝඩ කාන්තාවන් තවමත් මේ රටේ ඉන්නවද? (නි)
සෑම මගී බස් රථයකම ක්ෂණික හැඳුනුම්කම් දක්වන පුදගලයින්ගේ ප්‍රවේශම් වන ලෙස දැන්වීම් අලවා තිබිය යුතුයි. (නි)
ආලය අන්දයි. අන්ද අයට උදව් කරන්න ඕනේ. ඉස්කෝලේ ඉදල හදන්න ඕනේ. (අ)