බස් රථයේදී මිතුරු වූ කාන්තාවකට සිය බස් ටිකට්පතේ දුරකථන අංකය ලියා දී රුපියල් 500ක් අහිමි කර ගැනීමේ පුවතක් ලංකාදීපයට වාර්තා වෙයි.
මහනුවරට නුදුරු එක්තරා කුඩා නගරයක් ආසන්නයේ සිදු වූ මෙම සිද්ධිය සැකෙවින් මෙසේය.
ඔහු සාමාන්‍ය රැකියාවක් කරන මැදි වියේ පුද්ගලයෙකි. දිනපතා සේවය අවසන් කර මෙම බසයෙන් ගමන් කිරීම ඔහුගේ සිරිතයි. එම බසයෙන්ම දිනපතා සේවය අවසන් කර ගමන් කරන තරුණ කාන්තාවක කෙරෙහි මොහු සිය අවධානය දින කිහිපයක්ම යොමු කළේය. එහෙත් ඔහුට ඇය සමඟ දොඩමළුවීමට අවස්ථාවක් නොලැබිණි.
එසේ සිටියදී එක් දිනක් ඔහුට ඒ අවස්ථාව උදා විය. එදා ඇය ඔහුගේ අසුනට යාබද අසුනේ අසුන් ගත්තාය. ඔහුගේ සතුට නිම්හිම් නැති විය. ටික දුරක් යද්දී ඔහු ඇය සමඟ කතා කරන්නට පටන් ගත්තේය. මුලදී කරදරයක් සේ සැලකූ නමුත් ඇයද ටික දුරක් යද්දී ඔහු සමඟ කතා කරන්නට පටන් ගත්තාය. ඔවුන්ට කතා කරන්නට හැකි වූයේ ටික වේලාවකි. ඇය බසින ස්ථානය ලංවිය. ඒ බව ඇය ඔහුට කීවාය. දෙවරක් නොසිතූ ඔහු වහාම අතේ තිබූ ටිකට්පතේ ඔහුගේ දුරකථන අංකය ලියා ඇයට දුන්නේය. එයත් ලබාගෙන ඇය බැස ගියාය.
බසය වේගයෙන් ගමන් කර ඔහු ද බසින තැන ළංවත්ම කොන්දොස්තර මහතාට තමන් රුපියල් පන්සීයක් දුන් බවත් බසින විට ඉතිරි මුදල් ඉල්ලා ගන්නා ලෙසත් පවසා ටිකට් පතේ ඒ බව සඳහන් කර දුන් බව ඔහුට සිහි විය. දැන් බස් ටිකට්පත ඇය අරන් ගිහින්ය. ටිකට්පත නැතිව ඔහුට ඉතිරි මුදල් ඉල්ලිය නොහැකිය. ඒ නිසාම ඔහු ඒ රුපියල් පන්සීයේ අලාභය දරා ගෙන බසයෙන් බැස ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද අප්පේ ඔය කතාව පත්තරේට කිවුවේ ? මම නම් හිතන්නේ නැහැ මැදිවියේ මහත්තයා නම් කවදාවත් ඔය කතාව කිසි කෙනෙකුට කියයි කියලා. (නි)
මදැයි කරගත්ත දේ? (නි)
රන්දික, හිනා යන්නේ දෙකොනින්ද? (ස)
චන්දි ඔයාද ඒ කඩවතින් බැහැලා ගියේ. මට පන්සීයෙන් වැඩක් නැහැ කෝල් එකක් එනකල් මා මග බලාගෙන ඉන්නවා. (ස)
ඔයාට ඔය වයසට මොන ලව්ද මෙයා? අපරාදේ රුපියල් පන්සිය අද එනවකො ගෙදර ! (ස)
කොන්දොස්තර මහත්තරු ලඟ සල්ලි මාරු කරන්න නැත්තම් චුටි ටිකට් කැල්ලක් පරිස්සන් කරන්න කොන්දොස්තර මහතයටම දෙන්න ඔනේ (අ)
රුපියල් 500 වගේද ආදරේ.(නදී)
චන්දි, ඔයාගේ අදහස් වලට මම කැමතියි. (නි)
මොහොමෙඩ් කෙල්ල ඔයාට කෝල් කරොත්නම් හරි නැත්නම් ඉතින් පාඩුයි වැඩේ. (අ)
අනේ බලන්න මේක කොච්චර සුන්දර අවස්ථාවක්ද කියලා. (ස)
සමහරුන්ගේ අදහස් කියවද්දි හිනා යනවා. (නි)
ඇමතුමක් ආවොත් ඊට වඩා වටිනවා. (ස)
ආදරය කරන්න වයස් සීමා නැහැ. නමුත් අසම්මත නම් ටිකක් හිතන්න වෙනවා.... (ස)
මම නම් අංකය ලියලා දුන්නේ 5000 කොළේක. (නි)
මම නම් මෙහෙම මෝඩ වැඩ කරන්නෙ නැහැ කවදාවත්. (නි)
ගිය සතියේ මටත් ඔය වගේ දෙයක් වුණා කොළඹ එන විට.මම හෙමිහිට කඩවතින් බැහැ ගත්තා.දැන් හැදෙන ඉලන්දාරි අපි වගේ ඇහැට කනට පේන කෙල්ලන්ට පාරේ බැහැල යන්න දෙන්නේ නැහැ. (ස)
නාකි විසේ ගෙටත් උසේ.(නදී)
තහනම් ආදරේ සුන්දරද මෙතරම්? (නදී)
කොහොම උනත් කොන්දොස්තර ළමයට ජයයි.(නදී)
අනේ ඇත්තට,මෙහෙමත් දේවල්? (නි)
ආදරයට වයස සීමාවක් නැහැනේ... (ස)
අනේ බලන්න චන්දි නම් කොහොම හරි කඩවතින් බස්සගෙන චන්දිගේ වෙලාව හොඳයි.(නදී)
එම්.සි. බොහොම ස්තුතියි. ඔයා බැඳලද? බබාලා ඉන්නවද? මමත් හොයා හොයා හිටියේ ඔය වර්ගයේ කෙනෙක්. මොකද ලණුව තවම ගෙදර. (ස)
හොඳ වැඩේ ඔය වගේ ගොන් මිනිස්සුන්ට. තියෙන අසනීප හොඳ වෙන්න. (ස)